එක අතකට එසේ
සාකච්ඡා නොවීමත් හොදයි.මන්ද කවියාත් ඔහුගේ කවියත්, තවමත් ආරක්ෂා වී
තිබෙන්නට එය හේතු වන්නට ඇතැයි මට සිතේ. කවියට හිතැති කවිය ඇසුරු කරන පිරිස්
සැප්තැම්බරයේ ගැනීමට පොත් ලකුණු කර තබා ගන්නවා නම් මේත් එසේ ලකුණු කරගත
යුතු තව පොතක්.
------------------------------------------- --------------
ඉහත දක්වා ඇත්තේ මා සැප් 01 දා දැමු සටහනක්. දවස් 21කටපසු අද සැප් 22 සමිතගේ කෘතිය වීද්යෝදය සම්මාන උළලේ දී ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. එහිදී මෙවර හොදම කාව්‍ය සංග්‍රහයට සම සම්මාන හිමිවූ අතර එහිදී සම්මාන ලැබූ අනෙක් කවියා වන්නේ( Manjula Wediwardena )මංජුල වෙඩිවර්ධනයි. මංජුලත් නිසර්ග ප්‍රතිභාවක් ඇති දක්ෂ කවියෙක්. එහෙත් ඔහුට ඇත්තේ ඔහු විසින්ම සීමා ලකුණු කරගත් දෘෂ්ටිමය පටුත්වයක්. මා නම් හිතන්නේ සැබෑ කවියකුට එබදු සීමා තිබිය නොහැකි බවයි. සිංහල-දෙමළ වෙනසක් නැහැ කවියකුට මේ කොයි කළුත් කදුළුයි. නමුත් අනෙක් කෘතිවලට සාපේක්ෂව කතුවරයා මෙම කෘතියේ දී එම පටු සීමාව වෙනත් අනුභූතීන් ද ස්පර්ශ කරමින් මදක් තුනී කරගෙන තිබෙන බව පෙනේ. සුනිලා ගැන ලියු කවිය ඔහුගේ නිසර්ග සිද්ධි ප්රතිභානට එක් නිදසුනක් පමණි..
-ඔවුන්ට අපගේ සුබ පැතුම් -
Medhananda Himi
(රතනදෙණියේ මේධානන්ද හිමි.)
(සැ.යු. සම්මාන උළෙල හා තේරීම් ක්‍රියාවලිය පිලිබඳ මේ සමස්ත අදහස නොවන බව කරුණාවෙන් සලකන්න )