ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 11, 2015

සාගරිකාගේ වියෝවේ අණුස්මරණය සමගින් අළුත්වන මතකය....!!!

වසර 1989 දිනය සිකුරාදා හෝ සෙනසුරාදාය.ඵදින රාත්‍රියේ ස්වාධීන  රූපවාහිණියේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශණයේ නිවේදිකාව සාගරිකාය.ඵම දිනවලදී පැවති භීෂණය නිසා.ස්වාධීන රූපවාහිණියේ කාර්‍ර්‍‍ය මණ්ඩලය සේවයට පැමිණෙන්නේ ඉඳහිට හෝ පැමිණෙන්නේම නැත.සිටියේද සීමිත පිරිසකී .ඵහෙයින් ස්වාධීන ස්වාධීන රූපවාහිණිය ආසන්නව පදිංචිව සිටි සුළු පිරිසක් ආයතන පරිශ්‍රයේම නැවතී සේවය කරන්නට විය.ඒ අතර ඵක් අයෙකි මා.ඵම දිනවල කෝපිකඩේ නාට්‍යය පවා ආයතන පරිශ්‍රයේම රූ ගත කෙරුණී.ආයතනයට කෙසේ හෝ ළඟාවන නළුනිළියන් කිහිප දෙනෙකු යොදාගෙන අප  රූගත කිරීම් අරඹයි.ඒ ඵන අයද රැගෙන එන්නේද ඵකල ආයතනයේ ආරක්‍ෂාව භාරව සිටියේ  හමුදාවෙනී.
අධ‍යක්‍ෂණය ,කැමරාකරණය ,ආලෝකකරණය ,පමණක් නොව ඵන ඵන නළුනිළියන් අනුව පිටපත ලිවීමද මාහටම පැවරී තිබුණී.
ඵසේ මා කළ ඵක් කථාංගයකි " නිමිත්ත'' කෙසේ හෝ අතරමග නතර නොවී අඛණ්ඩව පවත්වාගෙන යාමට මාද දායකවූ බව අද මතක ඇත්තේ කාටද...?


පුරා පැය 24 ම   මා මෙන්ම ආයතනයේ රැඳී සේවය කළ අය අතර  ,සුනිල් ජයසිරි,බුද්ධදාස ,ඉන්ඳ්‍රජිත් වන්නිඅච්චි ,ජයන්ත කරුණාරත්න,පී.ජී.ආර් ,සිරිවර්ධන,නන්දන ඩයස්,අජිත් ජයවර්ධන,පුෂ්පකුමාර අතුකෝරළ ,විපුල ලියනපටබැඳි ,ෂෙල්ටන් ,කේ.ඩී.සිරිපාල,  ,ලලිත් සමරවීර , ලෝරන්ස් හාඩි, ජයන්ත ගුණවර්ධනද වූ බැව් මට මතකය.ඵකළ අද මෙන් නොව සියළු දෙනාම සෑම අංශයකම සේවය කළ යුතුය.ඵකළ ග්‍රැෆික් අංශය භාරව සිටියේ ජයන්ත ගුණවර්ධනය .ඔහු යටතේ මාද ඵම අංශයේ සේවය කර ඇත.අද මෙන් පරිගණක සිරස්තල නොවූ ඵකළ  සියළුම සිරස්තළ කළු කඩදාසි වල සුදු පැහැයෙන් ඇඳිය යුතුය.

කැමරාකරණය,පටිගත කිරීම ,සංස්කරණය,නිෂ්පාදනය,ආලෝකකරණය,පිටපත් රචනය මේ සියල්ලෙහි දැනුම අප සතු නිසා ඵම දිනවල පංගු පේරු නොමැතිව මා සෑම අංශයකින්ම දායක විය.වැඩසටහන් රූගත කිරීම් ඵකළදී සියයට 95 ම සිදුවුයේ ආයතන පරිශ්‍රයේදීයී .ඵම නිසා පටිගත කිරීම ,සංස්කරණය,විකාශය ඇතුළුව සියල්ලක්ම වික්‍රමසිංහපුර  ස්වාධීන රූපවාහිණියේදී. සිදුකළේය.

අගනුවරින් බැහැරව තිබූ නිසාම ආයතනය සහ විකාශණාගාරය ජේ.වී.පී කැරළිකරුවනට අසුවේයැයි ඵකළ යූ.ඵන්.පී රජය බියවූ නිසාම ස්වාධීන රූපවාහිණියට විශාල ආරක්‍ෂාවක් සළසා තිබුණී.
ඵම දිනවලදී ස්වාධීන රූපවාහිණියට මහත්සේ ආදරය කළ අපටද පියෙකු වන් නිසිබළධාරි තේවිස් ගුරුගේ

මහතා සිය බිරිඳත් සමගින්  ආයතනයටම වී සේවය කරන අපට රාත්‍රියේදී පවා කෑමබීම රැගෙන විත් අපගේ දුකසැප විමසා යනු දැනුඳු මා මතකයට නැගේ.
වරක් අප ඵතුමාගෙන් ඵසේ අනාරක්‍ෂිතව නොපැමිණෙන මෙන් ඉල්ලා සිටි විටෙක පැවසුවේ 'බුලත් විටක් තරමට නොවටිනා මගේ ජීවිතයට බුලට් ඵකක් වියදම් කරන්නේ කවුද'  යන්නය.නමුත් ඵතුමාගේ ජීවිතය මිළ කළ නොහැකි සම්පතක්ව තිබුණි. ඊට කිහිප දිනකට පසුව පාහරයෙකුගේ උණ්ඩයකට උදෑසණකදී එතුමාගේ වටිනා ජීවිතය උදුරා ගැන්මට හැකිවිය.
සෑම වසරකම සාගරිකාගේ අණුස්මරණය ගැන පළවන පුවත් දුටු විගස අතීතය මා හට මෙනෙහිවේ.
ඇගේ අවසන් ප්‍රවෘත්ති  විකාශය නිමවී ඈ ඵදින රාත්‍රියේදීද සුපුරුදු ලෙන්ගතු බවින් සමුගත්තේ යළි හෙට දින 'ඉරිදා' කළා රසාංග පටිගත කිරීම සඳහා පැමිණෙන බැව් කියමිණී.පසුදා අපට ආරංචි වූයේ ඵදා රාත්‍රියේ කිසියම් අයෙකු ඈ මරා දමා ඇති බවයි....

 සුමිත් ජයන්ත ඩයස්
ලංකානිව්ස් ප්‍රධාන සංස්කාරක

සාගරිකා වියෝවී අවුරුදු විසිහයයි


ටවර්හෝල් යුගයේ ගීත ගායනයට විශේෂ දක්‍ෂතාවක්‌ දැක්‌වූ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක රූපවාහිනී නිවේදිකාවක ලෙස ජනාදරයට පත් සාගරිකා ගෝමස්‌ කලා ශිල්පිනිය භීෂණ සමයේදී ඝාතනය කර මෙම ඉරිදාට (13 දාට) වසර 26 ක්‌ සපිරේ.

වයස අවුරුදු පහේ සිට සෝමා කිරිඇල්ල මහත්මියගේ ළමා නාට්‍යවල රඟපෑමෙන් හා ගායනයෙන් දක්‍ෂතා දැක්‌වූ සාගරිකා පාසල් ශිෂ්‍යාවක ලෙස දෙහිවල - ගල්කිස්‌ස තරුණ බෞද්ධ සංගමය මගින් පැවැත්වූ ජන ගී හා නෘත්‍ය ගී ගායනා තරගවලින් ප්‍රථම ස්‌ථානය ලබා රන් පදක්‌කම් හිමිකරගත්තාය.

1979 වසරේදී ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍ය පුහුණු පාඨමාලාවක්‌ හැදෑරූ සාගරිකා 1983 දී එහි ශිෂ්‍යත්වයක්‌ ලබා කල්කටාවේ ජාත්‍යන්තර නාට්‍ය ශිල්පායතනයෙන් ද නාට්‍ය පුහුණුව ලබා ගත්තාය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.