නිවසින් අතුරුදහන්වී සිටි වයස අවුරුදු 3 ½ ක් වන පුංචි දැරිවියක් මහ වනාන්තරයේ ගල් ගුහාවක් තුළ සිටියදී පැය 12 ක පමණ මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
අතුරුදහන්වී
සිටියදී සොයා ගෙන ඇත්තේ කරුවලගස්වැව - පහරිය පදිංචිකාරයක් වන කිරිහෙට්ටිගේ දිනිති
අහිංසා (අවු 3 ½ ) නම්වූ
දැරිවියකි.
පසුගිය 29
වැනිදා සවස 3 .30 ට පමණ මෙම දැරිවිය එක්වරම අතුරුදහන්වී ඇත.ප්‍රදේශවාසීන් මෙන්ම
කරුවලගස්වැව පොලීසියද එක්ව ඇය සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතත් සවස් වන තුරුම සොයා
ගැනීමට නොහැකිවී ඇත.මේ අතර ප්‍රදේශයේ දේවාලයකට ගොස් දැරිවිය සම්බන්ධයෙන් තොරතුරු
විමසා බැලීමට ඇයගේ වැඩිහිටියන්ට කටයුතු කර ඇත.එම දේවාලයේ සිටි අය පවසා ඇත්තේ මේ වන
විට දැරිවිය මහා වනාන්තරයේ ගල් ගුහාවක් තුළ තනිවම සිටින බවත්,එම ස්ථානයට ගොස්
කාන්තාවක් කථා කළහොත් පමණක් ඇය පිටතට පැමිනෙන බවත්ය.
ඒ අනුව තබ්බෝව
අභය භූමියේ සැතපුම් 10 ක් පමණ වන ඝන වනාත්තයේ ඇති ගල් ගුහාවක් වෙත දැරිවිය සොයන
කණ්ඩායම 30 වැනිදා අළුයම 3.30 ට පමණ ළඟා වී ඇත.කණ්ඩායමේ සිටි කාන්තාවක් විසින්
දැරිවියගේ නම කියා කථා කළ විට ඇය ගල් ගුහාවේ සිට පිටතට පැමිණ ඇති බව පොලීසිය
කියයි.පසුව පොලිස් නිලධාරීන් සහ දැරිවිය සොයා ගිය කණ්ඩායම එක්ව ගල් ගුහාව සෝදිසි
කර බැළුවද වෙනත් කිසිවෙකුත් එහි සිට නැත.වෙනත් කිසිවෙකු සිටි බවට සළකුණක් හෝ තිබී
නැත.
තම නිවසේ සිට
සැතපුම් 25 ක් පමණ දුරකින් මහ වනාන්තරය තුළ පිහිටි ගල් ගුහාවට කෙසේ පැමිණියාද යන්න
හෙලි කිරීමට දැරිවිය සමත්වී නොමැති බව පොලීසිය කියයි. කිසියම් අදෘෂමාන බලෙව්ගයකින්
දැරිවිය ඇය රැදී සිටි ගල් ගුහාව කරා යන්නට
ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.
සොයා ගත්
දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව ඇත.
කරුවලගස්වැව
පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජුඩ් සමන්ත.