ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, September 25, 2015

හරක් මරණ හරක්...!!!


නීත්‍යාණුකූලව තාවකාලික බලපත්‍රයක් ‍ලබා නොගෙන උත්සව සදහා සතුන් ඝාතනය තහනම් කර තිබියදී හජ්ජි උත්සවය වෙනුවෙන් පැවැත්වෙන “කුරුබාන්” නම් ආගමික කටයුත්ත සදහා හලාවත - සවරාන ප්‍රදේශයේදී ගවයින් 05 දෙනෙකු ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී ඇත.
ස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන හජ්ජි උත්සවයේදී “කුරුබාන්” නම් ආගමික වතාවත් සදහා ගවයින් ඝාතනය කරණු ලබයි.මේ සදහා ස්ලාම් දේවස්ථාන වල අනුමැතිය ඇතිව පළාත් පාලන ආයතන විසින් තාවකාලික සත්ත්ව ඝාතන බලපත්‍ර නිකුත් කරණු ලබයි.එම බලපත්‍රය නිකත් කිරීම සදහා පළාත් පාලන ආයතන විසින් රුපියල් 1200 ක මුදලක් අය කිරීම සිදු කරයි.

මෙම ආගමික වතාවත් සිදු කිරීම සදහා යොදා ගත යුත්තේ වයස අවුරුදු 02 ට වැඩි නිරෝගී පිරිමි ගවයින් පමණක් බවට පළාත් පාලන ආයතන විසින් කොන්දේසියක් පනවා ඇත.එසේ යොදා ගන්නා ගවයින් කිසිදු තුවාලයක් හෝ අඩුම තරමින් “හන”(නිවර) නොගැසූ ගවයින් විය යුතු බවටද ස්ලාම් දේවස්ථාන විසින් කොන්දේසියක් පනවා ඇත.
ඒ අනුව ඝාතනය සදහා තෝරා ගන්නා ගවයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් පූර්ව පරක්ෂණයක් සිදු කර නිර්දේශ කිරීම සිදු කරන අතර,ඝාතනය කිරීමෙන් අනතුරුව නැවත පශ්චාත් පරීක්ෂණයක් පවත්වා එම මස් අනුභව කිරීම සදහා සුදුසු බවට නිර්දේශ කිරීම සිදු කරණු ලබයි.
නමුත් පළාත් පාලන ආයතන සහ දේවස්ථාන විසින් පනවා ඇති  කිසිදු කොන්දේසියකට යටත් නොවී එක්තරා පිරිසක් විසින් හලාවත -සවරාන ප්‍රදේශයේ ගසක් යට ගවයින් 05 දෙනෙකු ඝාතනය කර “කුරුබාන්”නම් ආගමික වතාවත් සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් කියයි.
හලාවත ප්‍රාදේශීය සභා බල සීමාව තුළ “කුරුබාන්”ආගමික වතාවත් වෙනුවෙන් ගවයින් ඝාතනය සදහා ස්ථාන  09 කට පමණක් අවසර ලබා දුන් බව මේ සම්බන්ධයෙන් විමසූ විට හලාවත ප්‍රාදේශීය සභාවේ නිලධාරියෙකු පැවසීය.
මේ අතර සත්ත්ව ඝාතනය සදහා හලාවත ප්‍රාදේශීය සභාව විසින් තාවකාලික බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් හලාවත - මුන්නේෂ්වරම කාලි දේවාලයේ වාර්ෂිකව පවත්වන සත්ත්ව බිලි පූජාව දෙවැනි වරටත් මෙවර නොපවත්වන ලදි.මුන්නේෂ්වර ඊශ්වර දේවාලයේ පැවැත්වෙන නිකිණි මංගල්‍යයේ දිය කැපීමෙන් පසුව එළබෙන පුන් පොහෝ දිනට පසු දින මෙම සත්ත්ව බිලි පූජාව පැවැත්වීම අතීතයේ සිටම පවත්වා ගෙන ආ එකකි.නමුත් තාවකාලික තත්ත්ස ඝාතන බලපත්‍රයක් ලබා නොගෙන සතුන් ඝාතනය තහනම් කරමින් අධිකරණය විසින මුන්නේෂ්වර කාලි දේවාලයේ බාරකරුවන්ට තහනම් නියෝගයක් පනවා ඇත.  

ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.