ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 26, 2015

මාරියෝ ජයතුංග වෙනුවෙන් ආයාචනයක්...!!!

මාරියෝ ජයතුංග නමැති අධ්‍යක්ෂකවරයා මට හමු වෙන්නේ ඔහුගේ අවසාන චිත්‍රපටය නිර්මාණය කිරීමට.මම එහෙම කියන්නේ ඔහු පහුගිය සතියේ මිය ගිය නිසා.කලාත්මක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ සුභ ප්‍රාර්ථනාව ඔහු අධ්‍යක්ෂණය කළ සෑම චිත්‍රපටයකම තිබුණා.ඔහු 2009 අවුරුද්දේ තිර නාටකයක් අරගෙන මා ලඟට එනකොට චිත්‍රපට 5ක් අධ්‍යක්ෂණය කරලා තිබුණා.ඒවායේ නම් මම මෙතැන සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.ඒ හැම නමකම සැඟවුණු ලිංගික ප්‍රේරණයක් තිබුණා.ඒ තමයි කලාත්මක චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන්නට අවශ්‍ය සුදුසුකම යැයි ඔහු සිතූ විදිහ.ඇත්තටම සම්භාව්‍ය යැයි හඳුන්වා ගන්නා අධ්‍යක්ෂකවරයකු මරියෝට වඩා හොඳ වෙන්නේ ටිකයි.

 කොහොම නමුත් 2009 අවුරුද්දේ මාරියෝ මාව හමුවෙනකොට චිත්‍රපටකරනයෙනුත් ජීවිතයෙනුත් ඔහු අත්දැකීම් සහිත මෝරා වැඩුණු පුද්ගලයෙක්.ඔහුට අවශ්‍ය වෙලා තිබුණා හොඳ කලාත්මක චිත්‍රපටයක් කරන්න.ඔහු නිහතමානීව මට පිටපත දෙන ගමන් කිව්වා "...අනෝමා මේ Script එක ලියන්න මම බාර දුන්නේ නම ගිය විචාරකයෙකුට...මිනිහා වැඩේ හරියට කරලා නැහැ...ඔයාගේ අදහස් එකතු කරගෙන අපි වැඩේ හොඳට කරමු...."





ඇත්තටම මෙහි තේමාවටයි මුළින්ම මගේ හිත ගියේ. දරුවන් අහිමි අඹු සැමි යුවළක් තමුන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න දරණ උත්සාහය මෙහි තේමාවයි.
සිද්ධි ගැලපීමේදී සහ දෙබස් ලියා තිබෙන අන්දම හරිම ප්‍රථමික ආකාරයකයි තිබුණේ...ඒත් මාරියෝ පුදුමාකාර නම්‍යශීලිත්වයක් දැක්වුවා පිටපත වර්ධනය කරගන්න.ඒත් චිත්‍රපටය නම් කරලා තිබුණේ "කුපාඩියා" කියලායි.මම මේ නමට නම් කොහෙත්ම එකඟ වුණේ නැහැ. ඇත්තටම ඒ නම තේමාවේ සමස්තයම උල්ලංඝණය කරණ නමක්. දෙබස් කවන අවදියේදී මම මේ ගැන ඔහුට කතා කල විට ඔහු කීවේ මම යෝජනා කරණ අලුත් නමකට ඔහු එකඟ වන බවයි. ඒ අනුව මම යෝජනා කළා " වන විල සිත්තම" කියලා.
මාරියෝ මේ චිත්‍රපටය කළේ සිනමා දළ සේයා පටල වලින් (35මි.මී.)සිනමාකරුවකු ලෙස මෝරා වැඩුණු මනසක් සහිතව ක්ෂේත්‍රයේ හිටගන්න දශක ගණනාවක් දඟලපු ඔහුගේ චිත්‍රපටයට මමත් ජීවන් කුමාරතුංගත් සෑහෙන සහයෝගයක් දුන්නා. අවසන් දිනවල ජීවන්ට ඒ බව වැටහුණා. ඔහු පාර්ලිමේන්තුවේ කාර්ය බහුල ජීවිතයක් ඒ දවස් වල ගත කළේ.ඒත් අවසන් දිනවල ඔහු කිව්වේ තව දින අවශ්‍ය නම් කියන්න....මේක හොඳ වැඩක්...අනෝමා නංගිත් මහන්සිවෙලා කරන නිසා මගෙනුත් අවශ්‍ය උපරිම සහයෝගය දෙන්නම්.ලස්සනට වැඩේ කරමු කියලයි.
දැන් මේ චිත්‍රපටයට අවුරුදු 06ක් ගත වෙලා.ඔහු අසනීප වෙලා අවුරුදු ගණනක් ඇඳට වෙලා සනීප වෙන්න බලා උන්නා.ඒත් කලාත්මක අධ්‍යක්ෂක වරයකු ලෙස ඔහුගේ චිත්‍රපටය ප්‍රේක්ෂකයා හමුවට එන්නේ ඔහු නැතිව.මම මේ චිත්‍රපටය තිරගත කරණ කවුරු හෝ නිෂ්පාදකයකු ගෙන් ඉල්ලා හිටින්නේ මේ කතාන්දරය ගොඩ නගා චරිතය ලස්සනට කළේ අපි දෙන්නා.ඒ හින්දා මෙහි තේමාවට පටහැනි "නම" මාරු කරන්න. විශේෂයෙන් ප්‍රචාරණ වැඩ පිළිවෙලේදී මෙහි ගැඹුරු තේමාව උල්ලංඝණය කරණ අවිචාරවත් යෙදුම් යොදන්න එපා. මෙය අඹුසැමි යුවළකගේ ගැඹුරු මානුෂීය ප්‍රශ්ණයක් ගැන කියැවෙන කෘතියක්!

අනෝමා ජනාදරී 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.