ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 20, 2015

හයිබ්‍රිඩ් අධිකරණයෙන් හොයන්නෙ යුද අපරාධ කරන්න අණ දුන්නු අයයි...!!! මෝංගල කියයි

ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් සෙයිඩ් කුමරු විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය 16 දා ප්‍රකාශයට පත් කළ වාර්තාව මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක්‌ බවට පත්වී තිබේ. ඒ පිළිබඳවත් කතාබහට ලක්‌වී ඇති “සීපා” ගිවිසුම් සම්බන්ධයෙනුත්, චීන ශ්‍රී ලංකා සබඳතාවල අලුත් තත්ත්වය විමසීම සඳහාත් අප විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවුණෙමු.
ප්‍ර. – එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාව පිළිබඳව ආණ්‌ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද...?
පි. – ඇත්ත වශයෙන්ම, සැප්තැම්බර් 16 දා බදාදා එක්‌සත් ජාතීන්ගේ මානව අයිතීන් පිළිබඳ කවුන්සිලය විසින් කරන ලද පරීක්‍ෂණයේ වාර්තාව සභාගත වුණා. මේ වාර්තාව සම්බන්ධයෙන් මාස ගණනක්‌ තිස්‌සේ මත ප්‍රකාශ වුණා. මේ වාර්තා හමුදාවට විරුද්ධව, තිබෙන බවත් සොල්දාදුවන්ගේ නම් පවා ලැයිස්‌තු පිටින් තියෙන බවත් සමහරු ප්‍රකාශ කොට තිබුණා. අවසානයේදී ඒ එළිදැකපු වාර්තාව ඇත්ත වශයෙන් ම පසුගිය යුද්ධය පැවැති අවසන් කාලයේ සිදුවූ මානව අයිතීන් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් කෙනකුගේ නම් නැති, එක්‌ එක්‌ පුද්ගලයන්ට ඇඟිලි දික්‌ නොකරන වාර්තාවක්‌. මේ වාර්තාව තුළින් එක්‌ පැත්තකින් ජනවාරි මස 08 දා සිදුවූ පරිවර්තනයෙන් පසු රට තුළ ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්‌කම් විශාල වශයෙන් අගය කිරීමකට ලක්‌ කරල තියෙනවා. අනික්‌ පැත්තෙන් ශ්‍රී ලංකාවේ හමුදාවෙන් පමණක්‌ නොවෙයි එල්. ටී. ටී. ඊ. සංවිධානයෙනුත් ඇතිවුණ බරපතළ මානව අයිතීන් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබෙනවා.

ඇත්තෙන්ම මේ වාර්තාව අපරාධ පරීක්‍ෂණ වාර්තාවක්‌ නොව මානව අයිතීන් උල්ලංඝනය වීම පිළිබඳ කෙරෙන පරීක්‍ෂණයක්‌ මිසක්‌ අපරාධ ගැන සිදු කළ පරීක්‍ෂණයක්‌ නොවෙයි කියන එකත් එහි පැහැදිලිවම සඳහන් වෙනවා.

අපට මතකයි 2009 මැයි 23 දා යුද්ධය අවසන් වීමත් සමගම එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මහතා ලංකාවට ඇවිල්ල එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාත් සමග ඒකාබද්ධ නිවේදනයක්‌ මැයි 23 දා නිකුත් කළා. ඒ නිවේදනය හරහා විශේෂයෙන්ම කියෑවෙනවා, රජය යුද්ධයේදී ඇතිවුණ යම් යම් ජාත්‍යන්තර මානව අයිතීන් උල්ලංඝනය වීම් සම්බන්ධයෙනුත් මානව අයිතීන් උල්ලංඝනය වීම් සම්බන්ධයෙනුත් යම් ක්‍රියාමාර්ග ගැනීමට, එහෙම නැතිනම් දේශීය පරීක්‍ෂණයක්‌ කරන්නට එකඟත්වය පළ කළ බව.

පසුව 2009 මැයි මාසෙ 27 දා ජිනීවා නුවරදීත් එවකට හිටපු ශ්‍රී ලංකාවේ තානාපතිවරයා රජය වෙනුවෙන් යෝජනාවක්‌ ගෙනැල්ලා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නට ඒ වගේම දේශපාලන විසඳුමක්‌ සම්බන්ධයෙන් දේශපාලන සාකච්ඡා යළිත් වතාවක්‌ ආරම්භ කරන්නට. සිදුවී ඇති මානව අයිතීන් පිළිබඳව පරීක්‍ෂණ පවත්වන්නට කියල පොරොන්දු රැසක්‌ ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදීල තමයි එදා ඒ යෝජනාව ජයග්‍රහණය කළේ.

ඒ වගේම දරුස්‌මාන් වාර්තාව ලියපු අයටත්, ජී. එල්. පීරිස්‌  ස්‌තුති කරලා ලියුම් යෑව්වා. මෙන්න මේ විධියට දිගින් දිගටම ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ජාත්‍යන්තරයට ලබාදුන් එකඟත්වයත් අල්ප මාත්‍රයකින්වත් ඉටු කරන්නට කටයුතු නොකිරීම නිසා ඇත්ත වශයෙන්ම කියපුදේට වඩා හාත්පසින්ම විරුද්ධ දේවල් බිම් මට්‌ටමෙන් ක්‍රියාත්මක වීම නිසා අවසානයේදී එක්‌සත් ජාතීන්ගේ මානව අයිතීන් පිළිsබඳ කවුන්සිලය තීන්දු කළා ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ සිදු කළ යුතුය කියා. ඇත්තෙන්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පවා එවැනි තැනකට තල්ලු කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ඒකාධිපති වියරුව නිසා සහ අපේ විදේaශ ප්‍රතිපත්තියේ තිබෙන අවුල් සහගත තත්ත්වය නිසාය කියන එක අද සියලුදෙනාම පිළිගන්නවා.

අන්න ඒ තත්ත්වය යටතේ තමයි මුළු ලංකාවට, විරුද්ධව යුද අපරාධ පරීක්‍ෂණයක්‌ ආරම්භ කරල තියෙන මොහොතක, මෑත ඉතිහාසය පුරාම උදව් කරපු බලවත් රටවල් සියල්ලම අපි තරහ කරගෙන ජාත්‍යන්තරව හුදකලා වූ දේශයක්‌ බවට පත් වී තිබෙන මොහොතක තමයි පසුගිය ජනවාරි 8 දා මෙරට තුළ බොහෝ දෙනා නොසිතූ මොහොතක ඒ බල පෙරළිය ඇති වුණේ. ඒ බල පෙරළියත් සමගම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටේ බලයට පත්වෙලා, ඒ වගේම එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත්වෙලා, අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ප්‍රථම වතාවට මේ රටට හඳුන්වල දීල, ඊට පස්‌සෙ මෙරට ඒකාධිපති වාදයෙන් බේරාගෙන ප්‍රජාතන්ත්‍රවාදය කරා යන ගමනක්‌ ආරම්භ කළා.

දින 100 ඇතුළතදීම නොසිතු මහා වෙනස්‌කම් ඇති වුණා. 19 වැනි සංශෝධනයෙන් තමන්ගේ බලතල කප්පාදු කර ගත්තා විතරක්‌ නොවෙයි යළිත් වතාවක්‌ මහින්ද රාජපක්‍ෂ උදුරා ගත්ත ස්‌වාධීන කොමිෂන්වල බලතල නැවත ලබාදුන්නා. ඒවගේම උතුර නැඟෙනහිර ප්‍රදේශවල හමුදා පාලනය වෙනුවට අපි බොහොම ප්‍රබුද්ධ පිළිගත් ආණ්‌ඩුකාරවරුන් පත් කරා. ඒ වගේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, මාධ්‍ය නිදහස, ජීවත්වීමේ අයිතිය, කතා කිරීමේ අයිතිය ලබාදුන්නා. ඒවගේම අපේ ළිංමැඩි විදේශ ප්‍රතිපත්තිය වෙනුවට යළිත් වතාවක්‌ මුළු ලෝකය ම අපි ලංකාවේ සුබසෙත වෙනුවෙන් අප වෙත යොමු කරගත්තා මේ කාලය තුළදී.
මෙන්න මේ පසුබිම තුළ තමයි මම පසුගිය මාර්තු මාසේ 2 දා ජිනීවා නුවරට ගිහිල්ල මානව අයිතීන් කවුන්සලයේ මහ කොමසාරිස්‌ සෙයිඩ් කුමාරයා හමුවෙලා සාකච්ඡා කරලා දුරකථනයෙන් බොහොම සමීප සම්බන්ධකම් හදාගෙන ඒ ගත්තා වූ ක්‍රියා මාර්ගයේ ප්‍රතිඵලයක්‌ හැටියට තමයි අපිට මාර්තු සැසිවාරයේදී සභා ගත කරන්නට තිබුණ වාර්තාව සැප්තැම්බර් මාසය දක්‌වා කල් දැම්මේ.

ප්‍ර. – කොහොමද එහෙම කල් දැම්මේ?

පි. – අපි කිව්වා මේ කෙටි කාලය තුළ මහ මැතිවරණයක්‌ තියල, ස්‌ථාවර රජයක්‌, ජාතික රජයක්‌ පිහිටුවලා විශේෂයෙන්ම දේශීය යාන්ත්‍රණයක්‌ මේ කරුණු සඳහා අපි ඉදිරිපත් කරනවා. අපේ සැලැස්‌ම ඒ නිසා ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්වීම වෙනුවට මේ අපේ දේශීය වැඩපිළිවෙළ පිළිගන්න කියලා.

ප්‍ර- ඉතින් ඔවුන් ඒක පිළිගත්තද?

පි – ඇමරිකාව, යුරෝපා සංගමය වැනි රටවල් එක්‌කත් අපි සාකච්ඡා කළා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රජය ගැන තියෙන විශ්වාසය හා එමෙන්ම කියපු දේ කරන රජයක්‌ හැටියට ජාත්‍යන්තරය අපේ ආණ්‌ඩුව පිළිගත්ත නිසා ඒ වාර්තාව කල් දාන්නට මේ අය එකඟවෙලා. ඒ අනුව තමයි 16 දා ඒ වාර්තාව නිකුත් වුණේ.

මුලින් අපට ආරංචි වුණා මේ වාර්තාවේ හමුදාවල අයගේ නම් තිබෙනවා කියලා. ඒත් ඒ මොකුත් නැතුව අපි ලංකා රජයේ යෝජනාවලට සමාන යෝජනා තියෙන වාර්තාවක්‌ තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ.

පසුගිය කාලෙ මම මහ මැතිවරණයට යන්න ඉස්‌සෙල්ලත් දේශීය යාන්ත්‍රණයක සැකිල්ල කොයි ආකාරයටද ක්‍රියාත්මක විය යුත්තේ කියල සාකච්ඡා කරලා මුල් සැලැස්‌මක්‌ හදන්න කමිටුවක්‌ පත් කළා හිටපු ආරක්‍ෂක ලේකම්වරයකු වන ඔස්‌ටින් ප්‍රනාන්දු  යටතේ.


ඒ අය දිගින් දිගටම රැස්‌වෙලා යුද්ධය කාලේ සිදුවූවා යෑයි කියන අපරාධ ගැන සොයා බැලීමට ශ්‍රී ලාංකීය වැඩපිළිවෙළක්‌ අපි සකස්‌ කරල තියෙන්නේ. ඇත්ත වශයෙන්ම ඒ වැඩපිළිවෙළ කාරණා 4 ක්‌ උඩ ඒක සකස්‌ කරලා තියෙන්නේ.

ප්‍ර. – මොනවාද ඒ කාරණා?

පි. – එක පැත්තකින් සත්‍යය දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමට අපි දකුණු අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ කොමිසම වැනි ආයතන සැලකිල්ලට අරගෙන එවැනි කොමිසමක්‌ යෝජනා කරල තියෙනවා.

ඒ වගේම අතුරුදන් වූවන් ගැන සොයා බැලීම සඳහා ස්‌ථාවර කාර්යාලයක්‌ අපි යෝජනා කරල තියෙනවා. එසේම බරපතළ අපරාධ හෝ මානව අයිතීන් උල්ලංඝනය වී ඇත්නම් ඒවා විභාග කිරීමට විශේෂ අධිකරණ සැලැස්‌මක්‌ පිහිටුවීමටද අපි යෝජනා කරල තියෙනවා.

තුන්වෙනුව අපි යෝජනා කරනවා මේ කාලයේ මානව අයිතීන් උල්ලංඝනය වූ පුද්ගලයන්ට වන්දි හා වෙනත් සහන සැලසීම සඳහා විශේෂ ඒකකයක්‌ තිබිය යුතුයි කියල.

හතරවැනි යෝජනාව තමයි යළිත් වතාවක්‌ පසුගිය කාලයේ ඇති වූ සිද්ධීන් යළි ඇති නොවීම සඳහා වග බලා ගන්නට යම් යම් අලුත් නීතිරීති සහ ආයතන ස්‌ථාපිත කළ යුතු බව. මොකද විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා නැවත වතාවක්‌ මේ රට තුළ ත්‍රස්‌තවාදය හිස එසවීම වැළැක්‌වීමට නම් මේ රටේ සියලු දෙනාටම නොබෙදුණු ශ්‍රී ලංකාවක්‌ තුළ ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක්‌ හදන්න ඕන. ඒ වගේම සුළු ජාතීන්ගේ ප්‍රශ්නවලට යම් දේශපාලන විසඳුමක්‌ ලබා දෙන්නටත් ඕනය කියල. මෙන්න මේ කාරණා 4 උඩ තමයි අපි අපේ දේශීය යාන්ත්‍රණය සකස්‌ කරල තියෙන්නෙ.

ඒ දේශීය යාන්ත්‍රණය ගැන මේ වතාවේ සාකච්ඡා කළාමත් අපිට මහා වෙනස්‌කම් පෙනුණෙ නැහැ. නමුත් තාක්‍ෂණික වෙනස්‌කම් තියෙන්න පුළුවන්.

ප්‍ර. – ඒ කියන්නේ මිශ්‍ර අධිකරණයක්‌ හෙවත් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පිහිටුවීම ගැන ද?

පි.- අපි යෝජනා කරනවා අධිකරණ පද්ධතිය ගැනත් මේ සියල්ල ගැනත් අවසාන තීන්දුවක්‌ ගන්නේ පුළුල් ජාතික කතිකාවතකින් පසුවයි කියලා.

මේ අපි මූලික සැලැස්‌ම ඉදිරිපත් කළත් මේ සැලැස්‌ම නිශ්චිත වැඩපිළිවෙළක්‌ බවට පත් කර ගන්න පුළුවන් වෙන්නේ මෙහි මේ සියලුම කොටස්‌කරුවන් සමග සාකච්ඡා කළාට පසුවයි.

අපි ඔක්‌තෝබර් මාසයේ සිට මේ ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ගේ අදහස්‌ ලබා ගන්නවා දේශපාලන පක්‍ෂ වෙන්න පුළුවන් ඒ වගේම සිවිල් සංවිධාන වෙන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රශ්නයට ඉලක්‌ක වී දුක්‌විඳපු ජනතාව වෙන්න පුළුවන්. ඒ අයත් එක්‌ක සාකච්ඡා කරල තමයි අපි අපේ අවසාන සැලැස්‌ම ඉදිරිපත් කරන්නේ.

ඒ ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ඒ අධිකරණ පද්ධතියේ ස්‌වභාවය පිළිබඳව විවිධ මත තියෙනවා. නමුත් ප්‍රධානම දේ තමයි මේ කාර්යය නිවැරැදිව කරන්නට නම් අපි කිහිපදෙනෙක්‌ සතුටු කරන්න කරන දෙයක්‌ නෙවෙයි. මෙයට අදාළ සියලු පාර්ශ්වකරුවන්ට ජාත්‍යන්තර පිළිගැනීමක්‌ ඇති ආයතනයක්‌ හදන්න ඕන. ඒ නිසා අපි මේ සාකච්ඡාවෙන් පස්‌සේ සුදුසුම අධිකරණ පද්ධතිය කුමක්‌ද කියල අපට තීන්දු කරන්න පුළුවන්. මේ අය හයිබ්‍රිඩ් ක්‍රමයක්‌ ගැන කතා කරනවා. මෙතැනදීත් අපි යෝජනා කරන්නේ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක්‌ ඇති ශ්‍රී ලාංකිකයන් ඉන්නවා නම් ඒ ගැන මූලික සැලකිල්ල දක්‌වන්න ඕන. නමුත් හයිබ්‍රිඩ් ක්‍රමයක්‌ තුළ බොහෝ රටවල මේ ක්‍රමයත් ඉදිරිපත් වෙලා තියෙනවා. ජාත්‍යන්තර පිළිගැනීමත් ජාත්‍යන්තරය සම්බන්ධවීමත් මෙහි වලංගුභාවයට ලොකු ශක්‌තියක්‌ වෙන්න පුළුවන්.

ප්‍ර- එම අධිකරණයට විනිසුරුවරුන් පත් කරන්නේ අපේ ආණ්‌ඩුව ද එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලය ද?

පි. – අපෝ නැහැ. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට විනිසුරුවරු පත් කිරීමේ කිසිම අයිතියක්‌ නැහැ. අපේ ආණ්‌ඩුවෙන් තමයි පත් කරන්නේ.

අපේ ආණ්‌ඩුවෙන් පත් කළත් ඒ අය පිළිගත හැකි පුද්ගලයන් වෙන්න ඕන. අපි මහින්ද රාජපක්‍ෂ යුගයේදී වගේ ඉත්තො ටිකක්‌ පත් කරගෙන මේ ගමන යන්න බෑ. එහෙයියන් ටිකක්‌ පත් කර ගෙන මේ ගමන යන්න බෑ. අනිත් අයටත් පිළිගන්න පුළුවන් අධිකරණ යාන්ත්‍රණයක්‌ අපි ඇති කරන්න ඕන. අනික්‌ එක අපි යම් යම් බරපතළ සිද්ධීන් වුණාම අධිකරණය හරහා ඒවාට විසඳුම් සෙවීම අලුත් දෙයක්‌ නෙවෙයි. විශේෂ අධිකරණය ක්‍රම ඉදිරිපත් කිරීමත් අලුත් දෙයක්‌ නෙවෙයි. 1970 ගණන්වල ප්‍රේමවතී මනම්පේරි ඝාතනයෙන් පස්‌සෙ සිරිමාවෝ බණ්‌ඩාරනායක  විශේෂ අධිකරණ යාන්ත්‍රණයක්‌ ඇති කළා.

ප්‍ර.- දැන් මේ පරීක්‍ෂණවලදී විනිශ්චයකාරවරුන් විසින් යුද සමයේ සිටි හමුදා නිලධාරීන් වගේ ඉහළ අය ගෙන්වලා ප්‍රශ්න කරයිද?

පි. – ඇත්ත වශයෙන්ම ඒ පරීක්‍ෂණ පටන් ගත්තායින් පස්‌සෙ පරීක්‍ෂණ පටන් ගන්නා වූ යාන්ත්‍රණය සම්බන්ධයෙන් අවසාන තීන්දුවක්‌ නැති වුණත්, ඒ සිද්ධීන්වලට සම්බන්ධ අවංකවම විධිමත් පරීක්‍ෂණ කරන්න සිද්ධ වෙනවා එතැනදී, මේ වාර්තාවෙන් කියෑවෙනවා, වඩාත් වැදගත් වෙන්නේ උදාහරණක්‌ හැටියට තුවක්‌කුව පාවිච්චි කරපු හමුදාවේ සොල්දාදුවාට වඩා, ඒකට නියෝග දුන්න කට්‌ටි ගැනයි අපට වැඩිපුර සොයන්න වෙන්නේ මොකද? වින්‍යානුකූල හමුදාවක අපි දන්නවා ඒ අය ඉහළින් නියෝගයක්‌ නැතුව තමන්ගේ තෘප්තියට හෝ තමමන්ගේ වාසියට කවදාවත් මේවා කරන්නේ නෑ.

අපි උතුරේ යුද්ධය කෙසේ වෙතත්, එක්‌නැලිගොඩ උස්‌සන් ගියේ. ලසන්ත වික්‍රමතුංගව මැරුවේ එහෙම නැතිනම් අර වැල්ලවත්තේ හිටපු ශිෂ්‍යයන් සුදු වෑන්වලින් ගෙනිහිල්ලා ඝාතනය කළේ ඒ සොල්දාදුවන්ගේ වුවමනාවටය කියල කියන්න බැහැ. මෙහිදී ඉහළින් ආපු නියෝග ක්‍රියාත්මක කිරීමක්‌ සිදුවුණා නම් මෙතෙන්දී අපට වැදගත් වෙන්නේ ඕනෑම පරීක්‍ෂණයකදී ඒ අපරාධය කරන්න අණ දුන්නේ කවුද කියන එකයි අපට සොයන්න තියෙන්නේ. ඒ අණ දෙන්නෙ ලංකාව වගේ රටක, ඕනම රටක අණ දෙන්නේ දේශපාන අණදීමක්‌ තමයි හමුදාව කරන්නේ ඒ අණ ක්‍රියාත්මක කිරීම් විතරයි. මං දන්නවා දැනට එංගලන්තයේ ඉරාකයේ යුද්ධය සම්බන්ධයෙන් චිල්aaකොට්‌ කියන පුද්ගලයා යටතේ කොමිසමක්‌ පත් කරල තියෙනවා. එහි වාර්තාව තවම නිකුත් වෙලා නැතත් චිල්කොට්‌ පසුගියදා පුවත්පත්වලට කියා තිබුණා යම් අපරාධයකදී වැදගත් වෙන්නේ එය සිදු කළ තැනැත්තාට වඩා නියෝග දීපු දේශපාලන නායකත්වය කුමක්‌ද කියා සොයා බැලිය යුතු බවය.

ප්‍ර- විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය කාලේ අන්තයටම පිරිහී තිබුණා. ඔබ විදේශ ඇමැතිවරයා වශයෙන් යළි මෙය ගොඩනැඟීම සඳහා මොන විදියේ ප්‍රතිසංස්‌කරණ ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

පි.- ප්‍රථමයෙන්ම මම කියන්න ඕන විදේශ ඇමැතිවරයා හැටියට මට හා මගේ නිලධාරීන්ට මෙවැනි විශාල පරිවර්තනයක්‌ සිදු කිරීමට පුළුවන් වුණේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රතිපත්ති නිසාය කියන එක මං පැහැදිලිවම කියන්න ඕන. මේ පුටුවේ කොයිතරම් දක්‍ෂයෙක්‌ සිටියත් පසුගිය කාලේදී වගේ රජයේ ප්‍රතිපත්ති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ඒකාධිපති වියරුවෙන් පසුවෙමින් ක්‍රියාත්මක කරන්න ගියානම් මේ එකක්‌වත් කරගන්න ලැබෙන්නේ නැහැ.

රටක්‌ හැටියට, දේශයක්‌ හැටියට, ජාතියක්‌ හැටියට අප සියලුදෙනාම පිංදෙන්න ඕන ස්‌තුති කරන්න ඕන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිත් අගමැතිටත්.

මොකද මේ පරිවර්තනය ජනවාරි 8 දා සිදු නොවුණා නම් පරණ ක්‍රමයට ඉදිරියට ගෙන ගියා නම් ගිය මාර්තු මාසෙ වෙනකොට මේ වාර්තාව නොවෙයි. අර කියපු විධියට හමුදාවේ නම් ගම් සහ ඉහළ අයගේ නම් ගම් සහිත මහා බරපතළ වාර්තාවක්‌ නිකුත් වෙන්නට ඉඩ තිබුණා.

ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ නොවෙයි, එවැනි පරීක්‍ෂණයකට විරුද්ධව, මැදමුලන සිට සරම් උස්‌සාගෙන කෑගැහුවත්, ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පවත්වලා ඒ තුළින් අපේ රටේ විශාල පිරිසකට දඬුවම් ලැබෙන්නට තිබුණා.

ලංකාවට එන්න බැරි වුණත් සුඩානයේ ජනාධිපතිට වගේ මහින්ද රාජපක්‍ෂටත් රටින් එහාට යන්න බැරි තත්ත්වයක්‌ ඇති වෙන්න තිබුණා. පිටරට ගියොත් ජාත්‍යන්තරය අත්අඩංගුවට ගැනීමේ නියෝගයක්‌ නිකුත් වෙනවා. ඒ විතරක්‌ නෙවෙයි මේ වෙනකොට ලංකාවට විරුද්ධව, විශේෂයෙන් ඇමරිකා එක්‌සත් ජනපදයත් යුරෝපයත් සම්බාධක පනවනවා.

මොකද යුරෝපීය සංගමයයි එක්‌සත් ජනපදයයි ගත්තොත් අපේ අපනයනවලින් 50% කට වඩා යවන්නේ ඒ රටවලටයි. අපේ මුළු අපනයන කර්මාන්තයම  පවතින්නේ යුරෝපයයි ඇමරිකාවයි මත.

ප්‍ර.- පසුගිය කාලේ ශ්‍රී ලංකාව වැඩියෙන්ම කිට්‌ටුවෙලා හිටියෙ චීනයට ? දැන් කොහොමද චීනය සමග පවතින සම්බන්ධකම්?

පි. – බොහොම හොඳයි. ඇත්ත වශයෙන්ම අපි චීනයත් එක්‌ක අපේ සම්බන්ධකම් හැමදාම ඉතාමත්ම යහපත් අන්දමින් කරගෙන යනවා. මොකද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයයි එක්‌සත් ජාතික පක්‍ෂයයි කියන පක්‍ෂ දෙකම චීනයත් සමග සම්බන්ධකම් ඇති කර ගැනීමට මුල්වූ පක්‍ෂ චීන විප්ලවයෙන් පස්‌සෙ නව චීන රජය එදා පිළිගත්ත මුල්ම රටවලින් එකක්‌ තමයි ශ්‍රී ලංකාව. ඩී. එස්‌. සේනානායක අගමැතිවරයගෙ කාලේ.

ඊට පස්‌සේ 1956 දී බණ්‌ඩාරනායක අගමැති  චීනයත් සමග තානාපති සබඳතා ආරම්භ කළා. එදා සිට අද දක්‌වාම මේ පක්‍ෂ දෙකම චීනයත් එක්‌ක බොහොම හොඳටම ගනුදෙනු කරගෙන ගියා. නමුත් පසුගිය කාලේ තිබුණ වෙනස තමයි අපි චීනය ගැන විතරක්‌ම විශ්වාසය පළ කරමින් අනිත් ලෝකයා අපි තරහ කරගත්තා. අන්න ඒකයි තිබුණ වෙනස. අපි චීනය සමග තිබෙන සම්බන්ධකම් එ සේම පවත්වාගෙන යන අතර අනික්‌ රටවල් සමගත් හොඳ මිත්‍ර සබඳතා ඇති කරගෙන තියෙනවා.

ප්‍ර. – අගමැති ඉන්දියාවේදී ප්‍රකාශ කරල තිබුණ සීපා ගිවිසුම ඉන්දියාවත් සමග ලබන අවුරුද්දේ අත්සන් කරනවාය කියල මොකක්‌ද ඒකෙ තත්ත්වය?

පි. – ඇත්ත වශයෙන්ම අපි සීපා ගිවිසුම ගැන වෙනම සාකච්ඡාවක්‌ කෙරේ නැහැ. පොදුවේ ඉන්දියාවත් සමග අලුත් ගිවිසුමක්‌ අත්සන් කළ යුතුයි කියන මතයේ දෙපාර්ශ්වයම සිටියේ ඒ ගිවිසුම කුමක්‌ද කියන එක ගැන අපි සාකච්ඡා කළේ නෑ.

ප්‍ර. – දෙවැනි වතාවටත් විදේශ ඇමැති ධුරයට පත් වූ ඔබ පළපුරුදු විදේශ ඇමැතිවරයෙක්‌ ඉදිරියේදී මේ අමාත්‍යාංශය මෙහෙ යවන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද?

පි. – ඇත්තෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශය එක පැත්තකින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්‌කරණය කරන්න ඕන. මොකද මා මීට පෙර සිටි සෑම අමාත්‍යාංශයක්‌ම කණපිට හරවලා තමයි ආවේ. විශේෂයෙන්ම මට මතකයි විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සංස්‌ථාවක්‌ බවට පත් කිරීමට පෙර ටැලිෙෆෝන් එකක්‌ ගන්න අවුරුදු ගණන් බලාගෙන ඉන්න සිදුවී තිබුණා. අපි එහි අලුත් නීතිරීති හඳුන්වාදීලා අලුත් පරිපාලනයක්‌ ඇති කරලා ඒ ආයතන කණපිට හරවපු නිසා තමයි අද ඒ ආයතන ශීඝ්‍ර දියුණුවක්‌ ලබාගෙන තියෙන්නේ.

ඒ ආකාරයටම මං හිතනවා විදේශ අමාත්‍යාංශයේ ව්‍යqහය සම්බන්ධයෙන් එවැනි ලොකු වෙනස්‌කම් කරගන්න ඕන. 21 වැනි සියවසට අදාළ වන ආකාරයට අපි මේ අමාත්‍යාංශය පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොටත් නවීන විදේශ සේවයක්‌ ස්‌ථාපිත කිරීම සඳහා සිංගප්පූරුව වගේ රටවල උපදෙස්‌ හා ආධාර ලබාගන්නත් අපි සාකච්ඡා කරගෙන යනවා. ඒ සඳහා කමිටුවක්‌ ද පත් කොට තිබෙනවා. එය දැන් කටයුතු කරගෙන යනවා.

විදේශ අමාත්‍යාංශ දේශපාලන අතකොළුවක්‌ බවට පසුගිය කාලේ පත්වෙලා තිබුණා. රාජපක්‍ෂ පවුලේ ඥාති හිතවතුන්ට මිත්‍රයන්ට ගෝලයන්ට වෙනත් රැකියාවක්‌ කරන්නවත් සුදුසුකම් නැති අයට රැකීරක්‍ෂා සැපයීමේ ආයතනයක්‌ බවට මේ අමාත්‍යාංශය පත්වෙලා තිබුණා.

අපේ විදේශ තානාපති කාර්යාල ඒ පත් කරපු අයගේ ව්‍යාපාර මධ්‍යස්‌ථාන බවට පත් කරගෙන තිබුණා.

ඒ වගේම ඒවායේ තියෙන ඉඩ කඩම් පවා විකුණාගෙන ඒවායින් ලාභ ලබපු හැටි දැන් අපි සොයාගෙන යනවා. ඒ වගේම ලක්‍ෂ ගණන් කෝටි ගණන් මේ අමාත්‍යාංශය හරහා නාස්‌ති කරල තිබුණා. උදාහරණයක්‌ හැටියට මෙතන විදේශ අමාත්‍යාංශයේ අය මට පෙන්නුවා 2014 ජනවාරි සිට ජුලි දක්‌වා වූ මාස 6 ට පමණක්‌ රුපියල් බිලියනයක්‌ වියදම් කොට තිබුණා. නමුත් මේ අවුරුද්දේ ඒ කාලය තුළ වැය වී තිබුණේ මිලියන 400 ක්‌ පමණයි. අපි තිබුණ වියදම් එකකට එකක්‌ අඩු කරගෙන තිබෙනවා. දැනට අපි කරගෙන යන්නේ මේ මූලික රාමුව හදන එක. නමුත් ඊළඟ වසරේදී විදේශ අමාත්‍යාංශය තුළ වෙනස්‌කම් රාශියක්‌ බලා ගන්නට පුළුවන් වේවි.

සාකච්ඡා කළේ – දයා ලංකාපුර


 මංගලගේ සමලිංගික චර්‍ර්‍යාවන් ගැන ලියැවී තිබු ලිපියක්...!!!  
 http://www.gaystarnews.com/article/sri-lankan-mp-outed-wikileaks-says-government-out-get-him240114/
Sri Lankan MP outed by Wikileaks says government is out to get him

Sri Lankan MP Mangala Samaraweera, outed by Wikileaks, says President Mahinda Rajapaksa is out to get him and that the government is using a man accused of stealing from his house to frame him for breaking the country’s sodomy law  Sri Lankan MP Mangala Samaraweera says the ruling party is out to get him for splitting from the Sri Lankan Freedom Party (SLFP) and says they are using false accusations of sodomy by a thief who robbed his home to try to destroy him.

The man accused of burglarizing Samaraweera’s home was arrested last week but was soon out on bail and President’s Counsel Hemantha Warnakulasuriya, a former ambassador and political appointee of President Mahinda Rajapaksa, has been hired to defend him.

The thief and the thief’s wife are both claiming that he has been in a long term relationship with Samaraweera and police have reportedly opened an investigation.

Sri Lanka has a colonial era law making homosexuality a crime punishable with up to 12 years in prison but it is rarely enforced and Samaraweera says the investigation is to punish him for creating his own breakaway wing of the SLFP.

‘Having failed in successive witch hunts to discredit me since I parted company with the President in 2007, the Rajapaka regime seems to have embarked on yet another attempt to incarcerate and silence me by preparing to invoke an archaic Victorian law of the Sri Lankan penal code against me,’ Samaraweera wrote in the Colombo Telegraph earlier this week.

‘The cat burglar who was caught red handed by the police on New Year’s Eve with some alcohol stolen from my house and confessed in the Police statement to breaking into my house forcibly has now been turned into a ‘star’ by the state media and the state sponsored private media.

‘This young man, an occasional casual hand in my household until he was admitted to a drug rehabilitation center some time ago by his family has now been brought in front of the cameras to hurl obnoxious and baseless allegations against me in keeping with the conspiracy to invoke Section 365A of the penal code which has never been utilized in recent times.

‘My private life, though private has never been a secret. My mother, my family and friends as well as most of my Parliamentary colleagues including my constituents whom I have represented with love and dedication for the last 25 years have appreciated my honesty and for never allowing my private life to get in the way of public service. However, today the Rajapaksa regime, in preparation for provincial elections to be followed by Presidential elections seems to be hell bent on destroying me using the confused hallucinations of a misguided youth.’

Sections of the Sri Lankan media recently discovered a leaked US consular report published on the Wikileaks website from 2004 which claims he is gay.

‘Mangala SAMARAWEERA, , is the new Minister of Ports and Aviation,’ the cable reads.

‘A former academic, Samaraweera attended the University of London and is openly homosexual. He is Sinhalese Buddhist.’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.