ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

ධීවර ඇමති ධූරය මෙන්ම ධීවර රාජ්‍ය ඇමති ධූරය ලබා දීමේදී ධීවරයා වෙනුවට පුද්ගලියන් පමණක් සතුටු කර ඇත....!!!

රජය විසින් ධීවර ඇමති ධූරය මෙන්ම ධීවර රාජ්‍ය ඇමති ධූරය ලබා දීමේදී ධීවරයා වෙනුවට පුද්ගලියන් පමණක් සතුටු කර ඇති බව පෙනී යන්නේ යැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත  සදහන් කරයි.
රට පුරා ධීවරයින් ලක්ෂ 26 ක් පමණ සිටින බවත්,ඉන් ලක්ෂ 13 කට වැඩි පිරිසක් ජීවත් වන්නේ මීගමුව සහ හලාවත ප්‍රදේශ වල බවද හෙතෙම කියා සිටී.එමෙන්ම එක් දින ධීවර යාත්‍රා ඇතුළු සුළු පන්න ධීවර යාත්‍රා 21,000 ක් පමණ දිවයින පුරා තිබෙන නමුත් ඉන් යාත්‍රා 11,000 ක් පමණ ඇත්තේද මීගමුව සහ හලාවත අවට බවද ඔහු කියා සිටී.

දැනට විශාල ලෙස විදේශ විනිමය අප රටට ලබා දෙන බහු දින යාත්‍රා 4118 ක් දිවයින පුරා ඇති බවත්,ඉන් බහු දින යාත්‍රා 1000 කට වැඩි ප්‍රමාණයක් ඇත්තේද මීගමුව සහ හලාවත අවට බවද සුජිත් සමන්ත කියා සිටී.
දැනට ස්වාභාවික වරායවල් වන මීගමුව සහ ත්‍රීකුණාමලය ධීවර වරායවල් හැරුණු විට දිවයිනේ වැඩිම ධීවර වරාය ඉදි කර ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බවද හෙතෙම කියා සිටී.කල්පිටියේ ඇත්තේද ධීවර වරායක් නොව භාණ්ඩ ගොඩ බෑම සදහා ලන්දේසි යුගයේ ඉදි කරන ලද නැංගුරම් පොලක් වන නමුත් කළ හැකි දෙයක් නොමැති නිසා එය ධීවර වරායක් බවට පත්වී ඇති බවද ඔහු කියා සිටී.
ඒ අනුව බහුතරයක් ධීවරයින් වෙසෙන ප්‍රදේශ වල ධීවර වරායන් ඉදිකිරීමට පසුගිය කිසිදු රජයක් කටයුතු නොකළ බවටද ඔහු චෝදනා කරයි.
ඒ අනුව පසුගිය කාලය පුරාම වැඩි ධීවරයින් පිරිසක් ජීවත් වන ප්‍රදේශ වෙනුවට 7000 කට අඩු ධීවරයින් ජීවත් වන හම්බන්තොට ප්‍රදේශයට ධීවර ඇමති ධූරය මෙන්ම රාජ්‍ය ධීවර ඇමති ධූරය පිරිනැමීම තුලින් විශාල අසාධාරණයක් සිදුවී ඇති බවද හෙතෙම කියා සිටී.පසුගිය රජයවල් කරන ලද වැරදි නිවැරදි කර ගනිමින් වර්තමාන රජය තමන්ට සහනයක් ලබා දෙණු ඇතැයි තමන් විශ්වාස කළ නමුත් ඇමති ධූර පිරිනැමීම තුලින්ම එම බලාපොරොත්තු බිද වැටී ඇති බවද සුජිත් සමන්ත  කියා සිටී.
කෙසේ වෙතත් රට පුරා ජීවත් වන ධීවරයින් වෙනුවට පුද්ගලයින් සතුටු කිරීමට රජය ගෙන ඇති තීන්දු තීරණ වලට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියා මාර්ග ගැනීමට අදහස් කරන බවද සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත  වැඩි දුරටත් කියා සිටියේය. 
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.