වයඹ පළාතේ සේවය කරන ඇතැම් ගුරුවරුන් සතියටම පාසල් වල දරුවන්ට අධ්‍යාපනය ලබා දී ඇත්තේ කාලචේද 05 කදී පමණක් බවට මේ වන විට තොරතුරු හෙලිවී ඇතැයි වයඹ පළාත් අධ්‍යාපන ඇමති සන්ධ්‍යා කුමාර රාජපක්ෂ පැවසීය.
තව දුරටත්
කරුණු දැක්වූ පළාත් අමාත්‍ය සන්ධ්‍යා කුමාර රාජපක්ෂ මෙසේද පැවසීය.
සාමාන්‍යයෙන්
ගුරුවරයෙකුට පාසලක් තුළ සේවය කරන්න දවසකට කාලචේද 08 ක් තියනවා.නමුත් ඉන් එක් කාල
චේදයක් විවේකය සදහා වෙන් කිරීම සිරිතක්.ඒ අනුව ගුරුවරයෙක් සතියකට අවම වශයෙන් කාලචේද
35 ක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු වනවා.නමුත් පසුගිය දිනක මා විසින්
කරන ලද සොයා බැලීමකදී අනාවරණය වුණා ඇතැම් ගුරුවරුන් සතියකටම වැඩ කරලා තියෙන්නේ
කාලචේද 05 යි.සාමාන්‍යයෙන් ගුරුවරයෙකුට සතියට ලැබෙන්නේ විවේක කාලචේද 05 වුනාට මේ
අය වැඩ කරලා තියෙන්නේ කාලචේද 05 ක පමණයි.ඉතිරි කාලචේද 35 ම විවේක අරගෙන.
මෙම තත්ත්වය
නිසා වයඹ පළාත් සභාවට විශාල පාඩුවක් සිදුවී තිබෙනවා.මම දැන් සුදානම් වන්නේ එම
ගුරුවරුන් සම්බන්ධයෙන් සොයා බලා විගනන වාර්තාවක් සකස් කරන්නයි.යම් ගුරුවරයෙක් හෝ
ගුරුවරියක් පාසල් වේලාව තුළ සේවය නොකර විවේකව සිටිමින් වැටුප් ලබා ගෙන ඇත්නම් ඔහු
හෝ ඇය කර ඇති සේවාව ගණනය කර ඉතිරි මුදල් ආපසු අය කරගැනීමේ හැකියාව සම්බන්දයෙන් මේ
වන විට සොයා බලමින් සිටිනවා.
මෙවැනි කටයුත්තක් කරන්නේ ගුරුවරුන්ට දඩුවම් කරන්න
නෙමෙයි.සෑම ගුරුවරයෙකුගෙන්ම දරුවන්ට නිසි පරිදි අධ්‍යාපනය ලැබෙන වැඩ පිළිවෙලක් අපි
සකස් කළ යුතු නිසයි.එමෙන්ම කාලචේද වැඩි ගනනක් විවේකීව ඉන්න යම් ගුරුවරයෙකුට
හැකියාව ලැබෙනවා කියන්නේ එම ගුරුවරයා සේවය කරන පාසලේ ගුරු අතිරික්තයක් තිබෙනවා
කියන එකයි.ඇතැම් පාසල් වලට ගුරුවරුන් අතිරික්තව තබා ගන්නයි,තවත් පාසල් වලට ගුරු
හිගයක් ඇති වෙන්නයි ඉඩ තැබීමට හැකියාවක් නැහැ.
ඒ වාගේම ගුරු
හිගයක් ඇති පාසල් වල ගුරුවරුන් කිසිදු විවේකයක් නොමැතිව වැඩ කිරීමත් තවත්
ගුරුවරුන් රාජකාරියක් නොමැතිව විවේකයෙන් සිටිමින් වැටුප් ලැබීමත් අසාධාරණ නිසයි මා
මෙම තීරණය ගැනීමට අදහස් කළේ.
අපේ අය ගුරු පත්වීමක්
ගත්ත ගමන් හදන්නේ පහසුකම් ඇති ප්‍රදේශ වල පාසලක් තෝරා ගෙන යන්න හදන එකයි.අවම
වශයෙන් වසර 05 ක් වත් පත්වීම ලැබුණු පාසලේ සේවය කරන්න සුදානමක් නැහැ.ඒ නිසා
ඉදිරියේදී පාසල් ගුරුවරුන් බදවා ගැනීමේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පාදක කරගෙන ඒ ඒ
ප්‍රදේශ වල ඇති පුරප්පාඩු අනුව අයදුම්පත්‍ර කැදවීමට මා සුදානම් වනවා.එසේ කරන්න
අපිට හැකියාවක් නොවුවහොත් ගමේ ඉන්න දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා ගන්නට හැකියාවක්
ලැබෙන්නේ නැහැ.වර්තමානයේ වයඹ පළාත තුළ පැන නැගී ඇති ගුරු හිගය සහ අතිරික්තය කියන
ගැටළුවට විසදුම් සෙවිය හැක්කේ ඒ ආකාරයෙන් බවයි මා විශ්වාස කරන්නේ.
ජුඩ් සමන්ත.