ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 16, 2015

රෝගීන්ට දෙන කෑම ගැන සැකයක්‌.....!!! ආහාර වැඩිපුරම ලබාගනුයේ බෞද්ධාගමිකයන් ....!!!

කොළඹ මහ රෝහලේ හා කළුබෝවිල මහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන් හට කිසියම් සංවිධානයක්‌ විසින් ටිකට්‌ ක්‍රමයකට ලබාදෙන ආහාරවල සෞඛ්‍ය ආරක්‌ෂිත තත්ත්වය ගැන වහා පරීක්‌ෂා කර බලන්නැයි එම රෝගීහු සෞඛ්‍ය අංශය විසින් ඉල්ලා සිටිති.
දැනට වසරක පමණ කාලයක සිට මෙම සංවිධානය විසින් මෙම රෝහල් වල සායනයන්ට පැමිණෙන රෝගීන් හට ආහාර නොමිලේ ලබාදෙන බව වාර්තා වේ.

එම සායනවල සිටින රෝහල් සේවකයන් හරහා ලබාදෙන ටිකට්‌ පතට රෝහල් ආසන්නයේ ඇති ස්‌ථානයකින් ආහාර ගැනීමට අවස්‌ථාව සලසා ඇතැයි ද එම රෝගීහු කියති.

බුෙෆa ක්‍රමයට බත් කුකුළු මස්‌, පරිප්පු ඇතුළු තවත් වෑංජන වලින් යුත් මෙම ආහාරවල තත්ත්වය කුමන මට්‌ටමක පවතීද යන්න සම්බන්ධයෙන් වහා සොයා බලන්නැයිද එම රෝගීහු සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටිති.

සායනවලට පැමිණෙන රෝගීහු එම ආහාරවල තත්ත්වය ගැන කිසිදු අධ්‍යයනයක්‌ නොකරම පැමිණ ආහාර ගැනීම සිදුකරන බවත් වාර්තා වේ.

මෙම ආහාර ලබාදෙන ස්‌ථානවලින් ආහාර පිටතට ගෙන යැමටද රෝගීන්ට අවස්‌ථාව නොලැබේ. මෙම ස්‌ථානවලින් ආහාර වැඩිපුරම ලබාගනුයේ බෞද්ධාගමිකයන් වීමද සැකයට තුඩුදෙන කාරණයක්‌ වේ.

අසරණ රෝගීන් වෙනුවෙන් කරන පුද සත්කාරයක්‌ බව එම සංවිධානය පැවසුවද මේ ගැන සෞඛ්‍ය අංශ මීට වඩා අවධානය යොමු කළ යුතු කාලය එළැඹි ඇත.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි ගෙන් මේ සිද්ධිය ගැන විමසීමේදී ඔහු පැවසුවේ මෙම ආහාර ලබා දෙන ස්‌ථානය ගැන වහා සොයා බලන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.