හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින්
ලිස්සා යැවීමටත්,ඇවන්ගාඩ් නඩුවෙන් නිස්සංක සේනාධිපති නිදහස් කිරීමටත්
මහාධිකරණ විනිසුරුවන් පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර
ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකු සහ තුප්පහි චිවරධාරියෙකුද සිටින බව මේ වනවිට
අනාවරණය වී තිබේ.
එනම් අගමැතිගේ නම විකුණා තම දේශපාලන බලය පෙන්වීමට තැත්කරනා වරක්
මහමැතිවරණයෙන් අන්ත පාරාජ වී ආතක් පාතක් නැතිව සිට යහපාලනයට පිං සිද්ද
වෙන්න ඇමති කෙනෙකු ලෙස දිවුරුම්දුන් ඇමති තොත්ත බබා වජිර අබේවර්ධනයි. මොහු
විසින් දින සියේ ආණ්ඩුව පැවති අවධියේදීද රාජපක්ෂ හෙන්චයියන්ගෙන් ඔහුගේ
“වජිර අබේවර්ධන පදනමට” නොයෙක් ආකාරයෙන් මුදල් ලබාගෙන රාජපක්ෂ හෙන්චයියන්
රැකීමට පොලිස් නිලධාරින්ට පවා බලපෑම් කල පුද්ගලයෙකි.පොලිස් ප්‍රධානීන්ට
දුරකතන ඇමතුම් දෙමින් තමා කතා කරන්නේ අගමැතිවරයා වෙනුවෙන් යයි ඔහු පවසා
තිබේ.
මෙහි ඇති විශේෂම කාරණය වන්නේ ඔහුගේ පසුගිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා
ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් මිලියන ගණනනින් මොහුගේ පදනමට ලබාදී තිබීමයි.
එම
මැතිවරණ ජයග්රහණයෙන් පසුව ඇවන්ගඩ් නඩුව නීතිපති උපදෙස් පරිදි ඉවත් කර
ඇත.වජිර අබේවර්ධනගේ ඡන්ද සටනේ අනෙක් ප්‍රධාන ධානපතියා වී සිටියේ හිටපු
රෙජීමයේ පට්ට දූෂිතයෙක් වන මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී
සෙනරත් මහතා ය. ගාමිණී සෙනරත් අද වන විට කිසිදු චෝදනාවක් නොමැතිව
නිරුපද්‍රිතව සිටින්නේ වජිර අබේවර්ධන නැමති ඇමති බබාගේ අනුහසිනි.
මෙම දුෂිත ඇවන්ගාඩ් ආයතනය සහ එහි ප්‍රධානි රාජපක්ෂගේ බත්බැලයෙකු වන
නිශ්ශංක සේනාධිපති නැමති දුෂිත නිලදාරියා සහ එම සමාගම වෙනුවෙන් නඩු කටයුතු
වලට පෙනීසිටියේ මහරගම ප්‍රදේශයේ බෞද්ධයන් විශාල ප්රමාණයකගේ චන්දයෙන් තේරී
පත් වූ විජේදාස රාජපක්ෂ නැමති වර්තමාන රජයේ අධිකරණ ඇමතිවරයායි. මොහු සබැ
සුපිරිසිදු චරිතයක් ලෙස පෙනී සිටියද මොහු ආදායම් බදු නොගෙවා පැහැරහැරි සිට ඒ
වෙනුවෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් ඩිල් දමනා වටපිටාවක
සාදාරන අධිකරණ පද්දතියක් රට තුල ක්‍රියාත්මක වේද ?
කෝටි 60 ක මහජන මුදල් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත්
අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමට මහාධිකරණ විනිසුරු කුසලා සරොජිනී
වීරවර්ධන පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර ප්‍රධාන තැනක්
ගන්නා අනෙක් චාරිතය තිනියාවල පාලිත නමින් පෙනීසිටින චීවරධාරියයි.මොහුද
අගමැති වරයා වෙනුවෙන් පෙනීසිටින බව පවසා රජයේ නිලධාරීන්ට බලපෑම් කර නොයෙක්
පුද්ගලයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයෙකි. සිල් රෙදි පොරවා
බෞද්ධයන් මුලා කර තම මඩිය තරකර ගෙන සුරසැප විදිනා මෙවන් චරිත සාසනයෙන් ද
නෙරපා දැමිය යුතු වේ.
ජනවාරි 8 මේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වූ වෙනස ලගාකර ගැනීමටනම්
මෙවැනි ඩිල් කරුවන් වෙනුවෙන්ද නිතිය ක්‍රියාත්මක කල යුතු නොවේද ? රටේ
අගමැතිගේ නම විකුණන මොවුන් පිලිබදව අගමැතිවරයා ගන්නා පියවර පිළිබද ජනතාව
අවදියෙන් යන්න අප මෙහිදී සිහිඅපත් කල යුතු වෙ. නැත හොත් ජනතාව මීලග
මැතිවරණයකදී මේවාට චන්දයෙන් පිළිතුරු ලබා දෙනු ඇත.
……..ජනවාරි 8 විප්ලවය සුරකිමු සංවිධානය…….
අප ස්තූතිය නිව්ස්වෙබ් ටුඩේ වෙතට
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, September 30, 2015
අගමැති විකුණන මෙගා ඩිල් කාරයෝ මෙන්න....!!!
Posted by
lankanews
at
September 30, 2015
Labels: avengard, Genève, lankanews, meithree, ranil, unp, wajira abewardena, yahapalanaya
අගමැති විකුණන මෙගා ඩිල් කාරයෝ මෙන්න....!!!
2015-09-30T21:33:00+02:00
lankanews
avengard|Genève|lankanews|meithree|ranil|unp|wajira abewardena|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
