ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

හතර විලිලැජ්ජාවේ බෑ.. මේකද අපි ගෙනා යහපාලනයේ.. – පුරවැසි බලයේ ධර්මසිරි බණ්ඩාරනායක..

අනාගත පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළ තමා ඇතුළු පිරිසට නව රජය දී ඇති පිළිතුරින් ලැජ්ජාවට පත් වෙන බව ප්‍රවීණ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.
ඇමති මණ්ඩලය පත් කිරීම ඇතුළු නව රජයේ ක්‍රියාකලාපය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ධර්මසිරි බණ්ඩාරනායක කියා සිටියේ මෙතරම් විශාල අමාත්‍ය මණ්ඩලයක් පත් කරනු ලැබීම මහජන උවමනාවක් නොවූ බවයි.

‘මේ තත්වය දෙස බලන කොට විශාල ලැජ්ජාවක් ඇති වෙනවා. ශීලාචාර ශිෂ්ඨසම්පන්න සමාජයක් ගොඩනැගීමයි අපේ අරමුණ. ඒ අරමුණෙන් තමයි අපි ජනවාරි අට වෙනිදා දේශපාලන වෙනසට සහ ඊළඟට අගෝස්තු දාහත්වෙනිදා තීන්දුවට මැදිහත් වුනේ. මම හිතන්නෙ දැන් ආණ්ඩුව මේ උත්තරය දීලා තියෙන්නෙ අපට කියලයි’ අද පවතින රජය බලයට ගෙන ඒම වෙනුවෙන් ප්‍රබල මතවාදී දායකත්වයක් දුන් ධර්මසිරි බණ්ඩාරනායක පවසයි.
ජනාධිපතිවරණයට පෙර පැවති දේශපාලන වටපිටාව තුළ පැවති අපරාධ, හොරකම් සහ වංචා වලට එරෙහිව ජනතාව ඉදිරියට ගියේ කිසිවකු පිටුපසින් සිට තල්ලු කළ නිසා නොවන බව පෙන්වා දෙන ප්‍රවීණ කලාකරුවා කියා සිටින්නේ ‘ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කලින් සිටි පිරිසම නැවත තනතුරු වල මුදුනට පැමිණීම වෙනසක් ලෙස පිළිගන්නට තරම් තමා ඇතුළු කණ්ඩායම මෝඩයන් නොවන බවයි.
‘යහපාලන රජය’පත් කිරීම පිණිස මැතිවරණ ක්‍රියාවලියට හවුල් වීම පිළිබඳව කලකිරීමක පසු වන්නේ දැයි බීබීසිය විමසූ විට ඔහු කියා සිටියේ, දැන් සිදු වෙමින් පවතින දේවල් ගැන ජනතාව ප්‍රශ්න කරන්නේ මැති ඇමතිවරුන්ගෙන් හෝ ජනාධිපතිගෙන් නොව නිතර මුණ ගැසෙන තමන් ඇතුළු පිරිස ගෙන් බවයි.
එසේම නැවත බලය ලැබූ පිරිස් වෙතින් පීඩාවට පත්වීමේ හැකියාවක් පැවතීම පිලිබඳවත් සිතන්නට සිදු වී ඇති බවයි ධර්මසිරි බණ්ඩාරනායක පවසන්නේ.
‘පරාජයට පත් කරන්න බැහැයි කියල හිතපු පාලනයක් පරාජය කල හැකිය කියන ආස්තානයට ජනතාව ගොනු කිරීම එක රැයකින් සිදු වෙච්ච දෙයක් නොවෙයි. එම ජයග්‍රහණය විශාල මිනිස් කණ්ඩායමක පරිශ්‍රමයක්. මම හිතන්නේ දැන් උදාවෙලා තියෙන්නේ ලංකාවේ දේශපාලනයේ අවසානම අදියර කියලයි මට හිතෙන්නෙ, මේ විදියට ගියොත්’ඔහු සිය අපේක්ෂා භංගත්වය විස්තර කළේ එවැනි වචන මාලවකිනි.
‘විසිරවිය යුත්තේ මේ ආණ්ඩු නොව මේ ජනතාව විසුරුවා හැර අළුත් ජනතාවක් පත් කර ගැනීමට කාලය පැමිණ ඇති බවක්’ බර්ටෝල් බ්‍රෙස්ට් සිය නාට්‍යයක දක්වන බව පවසන ධර්මසිරි බණ්ඩාරනායක සංවාදය අවසන් කරමින් පෙන්වා දුන්නේ බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයකවත් මෙතරම් සාහසික තත්වයක් ගොඩ නැගුන අවස්ථාවක් හමු වන්නේ නැති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.