වයස අවුරුදු 14
ක් වන පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් දුෂණය කළ බව කියන 19
හැවිරිදි පෙදරේරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.
අතවරයට ලක්ව ඇත්තේ
ආරච්චිකට්ටුව - ඉහල අත්තංගනය ප්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවියකි.
ඇය ප්‍රදේශයේ
පාසලක 09 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටින බව හෙලිවී ඇතැයි පොලීසිය කියයි.
අතවරයට පත්ව
ඇති දැරිවිය ආරච්චිකට්ටුව - අඹකැලේ ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙකු සමග ප්‍රේම
සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇත.දැරිවියගේ මව්පියන් මෙම සම්බන්ධතාවයට තදින්
විරෝධය පල කර ඇත.සම්බන්ධතාවය නවත්වා ඇති බව මව්පියන්ට හඟවා ඇති නමුත් දුරකථන
මාර්ගයෙන් දෙදෙනා කථා බහ කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් හෙලිවී ඇත.
පසුගිය ජුලි මස
20 වැනිදා දැරිවියගේ මව්පියන්ට හොර රහසේ ඇයව වෙන්නප්පුව - බෝලවත්ත ප්‍රදේශයේ
පදිංචිවී සිටින තම ඥාතියෙකුගේ නිවසට කැදවාගෙන යාමට සැකකරු කටයුතු කර ඇත. එම නිවස
තුළදී සැකකරු දැරිවියට අතවර කර ඇති බවට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට තොරතුරු ලැබී
ඇත.
එම තොරතුරු වලට
අනුව හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය විසින් සිදු කරන ලද විමර්ශණයකින්
අනතුර සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
අතවරයට පත්ව
ඇති බව කියන දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු හලාවත
දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
වැඩිදුර
පරීක්ෂණ පැවැත්වේ.
ජුඩ් සමන්ත.