ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 16, 2015

අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂත් යුධ අධිකරණය හමුවට පමුණුවනවා..!!!

යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අධිකරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න පවසයි.
හිටපු ජනාධිපති සහ ඔහුගේ සගයන් එවැනි අධිඅකරණයක් ඉදිරියේ පිළිතුරු දිය යුතුව තිබේදැයි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එම ප්‍රකාශය කළේය.

හිටපු ජනාධිපතිවරයා, අණදෙන නිලධාරීන් සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු කවරකු හෝ වරදක් කර තිබේනම් ඔවුන් සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය පියවර ගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.
‘මගේ දැක්ම අනුව යුද්ධය අපරාධයක්. ඒ අනුව යුද අපරාධ සඳහා යම්කිසිවකු නියෝග කර තිබේනම් ඔවුන්ගෙන් විමසිය යුතු අතර අපේ ආණ්ඩුව එවැනි ක්‍රියාවන් වී ඇත්නම් ඒවා සම්බන්ධයෙන් පියවර ගන්නවා’ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස්වරයා විසින් ජිනීවා නගරයේ දී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව පාර්ශ්වයෙන් ප්‍රතිචාරය පළ වෙමින් පවතින අතර වාර්තාව ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කොමිසමේ නිර්දේශ අනුව යුක්තිය ඉටු කරන බවට ප්‍රතිඥාවක් දෙන ලද බව වාර්තා වෙයි.
එහෙත් විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් කෙරුණ නිර්දේශය සම්බන්ධයෙන් සහයෝගය දීමක් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුණේ නැත.
සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න බීබීසි ය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවේදී කියා සිටියේ,ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රමිතිය මට්ටමින් දේශීය යාන්ත්‍රණයක් අනුව අදාළ විභාගය සිදු කිරීම වන බව කියා සිටියේය.
‘රටක් හැටියට අපි ජාත්‍යන්තර විභාගයක් සඳහා එකඟ වීමට සූදානම් නැහැ.ඒත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත දේශීය විභාගයකට අපි සූදානම්’ සෞඛ්‍යය ඇමතිවරයා කියා සිටියේය.
ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයකදී විදේශීය විශේෂඥයන්ට සහභාගී වීමට ඇති ඉඩකඩ සෞඛ්‍යය ඇමති දොස්තර රාජිත සේනාරත්න ප්‍රතික්ෂේප නොකරයි.
‘පසුගිය ආණ්ඩුවත් ජාත්‍යන්තර නියෝජිතයන් සහභාගී කර ගත්තා.ඒ නිසා එය ප්‍රශ්නයක් නොවෙයි’ ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.