ආරක්ෂිත කැමරා පද්ධතියක ආරක්ෂාව ලබමින් සුවිසල් නිවසක් තුළ පවත්වා ගෙන ගිය
මහා පරිමාන කසිප්පු ජාවාරමක් වැටලීමට මාරවිල පොලීසියේ නිලධාරීන් සමත්වී ඇත.
කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගිය බව කියන ජාවාරම්කරුවාවද පොලීසිය විසින්
අත්අඩංගුවට ගෙන ඇත.ඔහු හිටපු නාවුක හමුදා සෙබළෙකි.
ඉකුත් 26 වැනිදා මෙම වැටලීම සිදු කර ඇත.
මාරවිල - කුරුස පල්ලිය ජාතික සිද්ධස්ථානය ආසන්නයේ මෙම කසිප්පු
නිෂ්පාදනාගාරය පවත්වා ගොස් තිබුණි.
නිවස තුළ සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශණ කසිප්පු නිෂ්පාදනාගාරයේ සිට
නැරඹීමට හැකි වන ආකාරයට උපකරණ සවි කර තිබී ඇත.ඒ තුළින් යම් අයෙකු එම ස්ථානයට
පැමිනෙනවාද යන්න සැකකරු නිරීක්ෂණය කර ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.ආරක්ෂිත
කැමරා පද්ධතියට හොර රහසේ පොලිස් නිලධාරීන් කසිප්පු නිෂ්පාදනාගාරයට කඩා වැදී ඇත.ඒ
වනවිටත් සැකකරු කසිප්පු නිෂ්පාදනය කරමින් සිට ඇත.
කසිප්පු
නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු නිපදවීමට ගන්නා ගෝඩා ඩ්රෑම්ස් 25920 ක්,නිපදවන ලද කසිප්පු
ඩ්රෑම්ස් 160 ක්,තඹ දඟර 02 ක්,බැරල් 20 ක් ඇතුළු උපකරණ කට්ටලයක්ද පොලිස් බාරයට
ගෙන ඇත.
මෙම ස්ථානයේ
නිපදවන කසිප්පු අවට ධීවර ගම්මාන වලට බෙදා හැර ඇති බවට ඔහු සතුව තිබූ ලේඛණ වලින්
සනාථ වී ඇතැයි වැටලීම කළ නිලධාරීන් කියයි.
සැකකරු සහ ඔහු
විසින් පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගරයේ තිබී පොලිස් බාරයට ගෙන ඇති කසිප්පු
සහ උපකරණ මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මාරවිල
මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්රියන්තගේ උපදෙස් මත මාරවිල පොලීසියේ
දුෂණ මර්ධන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එච්.එම්.වී.දිසානායක,දර්ශණ,පොලි ස් සැරයන්
57615 නිමල්,පොලිස් කොස්තාපල්වරුන් වන 86095 නන්දික,59799 මංජුල,68416
ඒකනායක,පොලිස සහායක 137 රූපසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
ජූඩ් සමන්ත