ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 20, 2015

සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිවසට ප්‍රහාරයක්....!!!




මහවැව - තොඩුවාව සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිවසට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාරවිල පොලීසිය කියයි.

පසුගිය 17 වැනිදා සවස 6.00 ට පමණ මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

ප්‍රහාරයට ලක්වී ඇත්තේ දිවයිනටම සාමවිනිසුරු,සීමාසහිත තොඩුවාව ධීවර සමුපාකාර සමිතියේ විගනන නිලධාරී සහ හිටපු සභාපතිවරයා මෙන්ම තොඩුවාව සිවිල් ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාද වන එස්.ඇන්ටනි ප්‍රනාන්දු ගේ නිවසටය.
17 වැනිදා සවස 6.00 ට පමණ තමන් පමණක් නිවසේ රැදී සිටින විට පැමිණි පුද්ගලයෙකු තමන්ට පහර දුන් බවත්,ජීවිත ආරක්ෂාව සදහා නිවසේ දොර ජනෙල් වසා දමා අසල නිවසකට පලා යාමට තමන් කටයුතු කළ බවද හෙතෙම කියා සිටියේය.පසුව එම පුද්ගලයා තම නිවසේ ජනෙල් වලට මෙන්ම ගරාජයටද,ඉදිරිපස ගේට්ටුවටද පහර දී තමන්ට අයත් සාම විනිසුරු නිල මුද්‍රාව ඇතුළු ලියකියවිලි කීපයක් රැගෙන ගොස් ඇති බවද ඇන්ටනි ප්‍රනාන්දු  පැවසීය.


තමන්ට සහ නිවසට පහර දුන් පුද්ගලයා ඕස්ට්‍රේලියාවට පුද්ගලයින් මුහුදු මාර්ගය ඔස්සේ පැටවීමේ ජාවාරමක් සිදු කරන අයෙකු බවත්, පසුගිය කාලයේ තමන් ඇතුළු ප්‍රදේශයේ ඇතැම් පිරිස් මොහුගේ මෙම ක්‍රියාවට විරෝධය පල කරමින් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගත් බවද ඇන්ටනි  සදහන් කර සිටී.
සිද්ධිය වන විට ඔහු අධික ලෙස බීමතින් සිටි බවද හෙතෙම සදහන් කළේය.
සිදුවී ඇති අලාභය තක්සෙරු කර නැත.
අධික ලෙස බීමතින් පැමිණි අයෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්,ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මාරවිල පොලීසයේ නිලධාරියෙකු පැවසීය.
මාරවිල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත  ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කර ගෙන යයි.
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.