කිරි ඉබ්බන් තිදෙනෙකුව (03) මස් කිරීම සදහා ළග තබා ගෙන සිටි බව කියන
පුද්ගලයෙකුට පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්රාත් භාරතී විජේරත්න
රුපියල් 30,000 ක දඩ මුදලක් නියම කලාය.
මෙසේ දඩ නියම වුයේ මංගළඑළිය - කට්ටකඩුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන ඩික්සන්
සංජීව ප්රදීප් නිලන්ත නම් අයෙකුටය.
සැකකරු තමන් පදිංචිවී සිටින නිවස තුළ කිරි ඉබ්බන් තිදෙනෙකුව රඳවාගෙන සිටින
බවට මුන්දලම පොලීසියට තොරතුරක් ලැබී ඇත.ඒ අනුව මුන්දලම පොලීසියේ ස්ථානාධිපති
පොලිස් පරීක්ෂක සමන් ඒකනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාල වැටලීම
සිදු කර ඇත.
සැකකරු විසින් රඳවාගෙන සිටි බව කියන කිරි ඉබ්බන් තිදෙනාව වන ජීවී
නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තබ්බෝව රක්ෂිතයට මුදා හරින ලෙසද අතිරේක දිසා
විනිසුරුවරිය මුන්දලම පොලීසියට නියෝග කලාය.
මුන්දලම පොලීසියේ පොලිස් සැරයන් 31609 ජයන්ත විසින් පැමිණිල්ල අධිකරණය
වෙත ඉදිරිපත් කර තිබුණි. ජුඩ් සමන්ත.