ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 22, 2015

මුළු රටේම ඇස් වසා ජිනිවාහි සිදුවන්නේ කුමක්‌ද....?

ජිනිවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය ඊලම්වාදීන් විසින් මුරුගාදාසන් චතුරශ්‍රය ලෙස නම් කර ඇත.


පෙරේදා (21දා) දහවල් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කීපයක සිට එම ස්‌ථානයට පැමිණි ඊලම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක්‌ පැවැත් වූහ.

තමිල්නාඩුවේ මැයි 17 නැමැති බෙදුම්වාදී සංවිධානයේ ක්‍රියාකාරී කල්යාණසුන්දරම් සහ එහි සම්බන්ධීකාරක මුරුගන් මෙන්ම කොටි හිතවාදියකු වූ චිත්‍රපට අධ්‍යක්‍ෂක ගෞවතනම්ද උද්ඝෝෂණයට එක්‌වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික විමර්ශනයක්‌ ආරම්භ කරන ලෙසත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ ඊළම් රාජ්‍යය ස්‌ථාපිත කළ යුතු යෑයි කියමින් ඝෝෂාවක්‌ කළහ.
ස්‌විට්‌සර්ලන්තයෙන් අහුලාගත් විදේශිකයන් කීපදෙනෙක්‌ද මෙකී උද්ඝෝෂනයට සම්බන්ධ විය. මෙම උද්ඝෝෂණයේදී ඊළම් රාජ්‍යය දැක්‌වෙන සිතියමද ප්‍රභාකරන්ගේ කාඩ්බෝඩ් පිලිරුවක්‌ද ගෙන යනු ලැබීය.

ස්‌විට්‌සර්ලන්තය තුළ කොටි සංවිධානය තහනම් නැති නිසා කොටි ධජය ප්‍රදර්ශනය කිරීමට ඉඩලැබී ඇත. ටැමිල් කෝඩිනේටින් කමිටි නමින් හඳුන්වන සංවිධායක්‌ විසින් මෙහෙය වූ මෙකී උද්ඝෝෂණයට වැය කර ඇත්තේ කොටි ජාත්‍යන්තරය සතු මුදල්ය.

ජිනීවා ආරංචි මාර්ග දක්‌වන්නේ කොටි ජාත්‍යන්තරය සතු ඩොලර් බිලියන 9 ක්‌ ස්‌විස්‌ බැංකුවක ඇති බවයි. කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානී කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. විසින් මේ බව අනාවරණය කරනු ලැබීය.

මෙකී කොටි උද්ඝෝෂණයේදී ඇමරිකානු ධජයද ප්‍රදර්ශනය කෙරුණි.

ජිනීවාහි එක්‌සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරියේ මෙම උද්ඝෝෂණය පැවැත් වෙන අවස්‌ථාවේ ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට සාවද්‍ය සාක්‍ෂි සැපයූ වානිකුමාර් නැමැත්තිය මානව හිමිකම් සැසිවාරයට පැමිණ සිටියාය.


ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත ඇයට නිදහස ලැබුණි.

බ්‍රිතාන්‍ය පුරවැසියකු වූ වානිකුමාර් සංචාරක වීසා බලපත්‍රයක්‌ මත මෙරටට පැමිණි කොටි අඩවියට ගොස්‌ කොටි සමග එක්‌ව ක්‍රියා කළාය.

ඇය අසු වූයේ වන්නි මෙහෙයුම අවසන්වීමත් සමගය. කොටි තමාව ප්‍රාණ ඇපයට ගත් බව පවසා ඇය නිදහස්‌ වීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වී තිබුණි. වානිකුමාර් කොටි ආධාරකාරියක්‌ බව විමර්ශනවලින් හෙලි වූවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌වරයා ඇයව මුදා ගැනීමට ඉදිරිපත් විය.

එහි ප්‍රතිපලය වූයේ පසුගිය රජයේ ප්‍රබල දේශපාලකයා මගින් මහ කොමසාරිස්‌ගේ උත්සාහය සාර්ථක වීමයි.

ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නේ මේ වානිකුමාර්ය.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධව ඇමරිකානු යෝජනාව ගැන ඇමරිකානු බලධාරින් හා ශ්‍රී ලංකා නියෝජිතයන් අතර සාකච්ඡාවක්‌ පෙරේදා (21දා) මානව හිමිකම් සැසිවාරයේදී පැවැත්වීය.

මෙම යෝජනාව සැප්තැම්බර් 24 වැනිදා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කෙරෙනු ඇත.

මෙකී ඇමරිකානු යෝජනාව ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවයට බලපාන බව ජිනීවා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ කියා සිටියේය.

එකී ඇමරිකානු යෝජනාවේ සඳහන් වී ඇත්තේ ජාත්‍යන්තර විනිසුරුවන්, විමර්ශකයන් සහ නඩු අධ්‍යක්‍ෂවරුන්ගෙන් සමත්විත දේශීය යාන්ත්‍රණයක්‌ හෙවත් හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු බවයි.

මෙකී ඇමරිකානු යෝජනාව ගැන රටවල් රැසක්‌ ප්‍රතිචාර දැක්‌වීමෙන් වැලකී ඇත.

ශ්‍රී ලංකා නියෝජිතයන් සහ ඇමරිකානු බලධාරීන් අතර පැවැති මෙම සාකච්ඡාව පැවැත්වෙන අවස්‌ථාවේ හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් පලාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන්ද ශාලාවේ අසුන්ගෙන සිටිනු දක්‌නට ලැබුණි.

මානව හිමිකම් කවුන්සිල පරීක්‍ෂණ වාර්තාවෙන් ශ්‍රී ලංකාව මානව හිමිකම් ගැන විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි සඳහන් කර ඇති අතර එහි අපරාධ විමර්ශනයන් ගැන දක්‌වා නැතැයිද ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පළ කළේය. එහෙත් ඇමරිකානු යෝජනාවෙන් අපරාධ විමර්ශනයක්‌ පැවැත්විය යුතු යෑයි දක්‌වා ඇති බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විසින් පිහිටුවීමට ස්‌ථාපිත දේශීය යාන්ත්‍රණයට කරුණු හතරක්‌ ඇතුලත් වන බවද හෙතෙම පල කළේය.

මෙම පසුබිම මැද හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කිරීමේ ඇමරිකානු යෝජනාව ගැන තොරතුරු හෙළි වී ඇත.

මෙයට පෙර හයිබ්‍රිඩ් උසාවි පහක්‌ ස්‌ථාපිත කර තිබුණි. සෙනිගාල්, කටර්රාජ්‍ය, සියරාලියොන්, චිලි සහ ලෙබනන් යන රටවල එකී හයිබ්‍රිඩ් අධිකරණ ස්‌ථාපිත කරන ලද්දේ අපරාධ පිළිබඳ නඩු ගොනු කිරීමටය.

ඒ බව සනාථ වුයේ කාම්බෝජයේ කමරූඡ් ගරිල්ලා කල්ලියේ නායකයාට එරෙහිව පැවැති හයිබ්‍රිඩ් අධිකරණයේදීය.

එම අධිකරණයේ විනිසුරුවරියක්‌ වූයේ සිල්වියා කාට්‌රයිට්‌ය. ඇය ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයේ උපදේශකවරියක්‌ ලෙස කටයුතු කළාය.

කීර්ති වර්ණකුලසූරිය 


 http://www.thesundayleader.lk/2014/10/12/the-ltte-swiss-network/

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.