ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 7, 2015

අපගේ පුවතට අවධානය ලැබේ...!!!

 හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැබිණි මව්වරුන්ට බෙදා දෙන පෝෂණ මළු සකස් කිරීමේ වගකීම හලාවත ප්‍රාදේශීය ලේකම් වරයා විසින් මාදම්පේ විවිධ සේවා සමුපාකාරය වෙත පවරා ඇත.
හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගැබිණි මව්වරුන් 650 ක් සදහා අවශ්‍ය පෝෂණ මළු සකස් කිරීම සහ බෙදා හැරීම මෙතෙක් සිදු කරන ලද්දේ සීමාසහිත හලාවත විවිධ සෙවා සමුපාකාර සමිතිය විසිනි.මේ සිදුවීම් පිළිබඳ පුවත මුලින්ම ඇතුළත් කරන ලද්දේ අප ලංකානිව්ස් වෙබ් අවකාශයයි

නමුත් හලාවත විවිධ සේවා සමුපාකාර සමිතිය විසින් ගැබිණි මව්වරුන් වෙත ලබා දීම සදහා අසුරා නිකුත් කර තිබූ පෝෂණ මළු  ගුල්ලන් සහ පණුවන් සහිත බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.ඒ අනුව සිදු කරන ලද වැටලීමකදී හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් කන්ජික්කුලිය සමුපාකාර ප්‍රාදේශීයකයේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු පණුවන් සහ ගුල්ලන් සහිත මෙන්ම කුණුවී ගිය බිත්තර සහිත පෝෂණ මළු 06 ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
රුපියල් 2000 ක වටිනාකමක් ඇති එක් පෝෂණ මල්ලක් තුළ රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 03 ක්,හාල්මැස්සන් ග්‍රෑම් 896 ක්,කඩල ග්‍රෑම් 250 ක්,පරිප්පු කිලෝ ග්‍රෑම් 1 ½ ක්,කුරක්කන් පිටි ග්‍රෑම් 200 ක පැකට්ටුවක් සහ බිත්තර 10 ක්ද අඩංගු වී තිබුණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැටලීම සිදු කරන විට ගැබිණි මව්වරුන් විශාල පිරිසකට පෝෂණ මළු බෙදා හැර තිබුණි.ඒ අනුව එම ගැබිණි මව්වරුන්ගේ නිවෙස් වලට ගොස් කරුනු සොයා බැලීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු  කර තිබුණි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර බෙදා හැරීමෙ චෝදනාව යටතේ සීමාසහිත හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරියට එරෙහිව සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩා කර තබා ගැනීමේ චෝදනාව යටතේ හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියේ කන්ජික්කුලිය සමුපාකාර ප්‍රාදේශීකයේ කළමණාකරුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නඩු පවරා ඇත.ඒ අනුව දෙදෙනාටම රුපියල් 10,000 ක දඩ මුදලක් හලාවත අතිරේක දිසා විනිසුරු හේෂාන්ත ම මෙල් මහතා විසින් නියම කර ඇත.
මෙම සිද්ධිය අනාවරණය වීමත් සමගම තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි ගැබිණි මව්වරුන්ට බෙදා දෙන පෝෂණ මළු සකස් කිරීම සහ බෙදා හැරීම හලාවත විවිධ සේවා සමුපාකාර සමිතියෙන් ඉවත් කර මාදම්පේ විවිධ සේවා සමුපාකාර සමිතිය වෙත පැවරීමට හලාවත ප්‍රාදේශීය ලේකම්වරයා කටයුතු කර ඇත.
 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.