මෙම ගැටළුවට හේතු වී ඇත්තේ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් තීන්දු කරන නව ගැසට් නිවේදනය අනුව ශ්‍රී-ලංකා මහ බැංකුව අයත්වන්නේ කරුපයියා යටතේ පවතින මුදල් අමාත්‍යංශයට නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වීමයි.

ඒ අනුව මුදල් නෝට්ටු වලට අත්සන් තබන්නේ රටේ මුදල් සංචිත පවත්වා ගන්නා බැංකුවේ ප්‍රධානියා සහ මුදල් පිලිබඳ ව්‍යවස්ථාදායකයට වග කියන පුද්ගලයා විසිනි. විශේෂ තැන්හිදී පමණක් එක් අයෙකුගේ අත්සන පමණක් තැබෙන අවස්ථාද නැත්තේ නොවේ.
ලංකාවේ මෙතෙක් කාලයක් මුදල් නෝට්ටු නිකුත් කරන මහ බැංකුව අයත් වූයේ මුදල් අමාත්‍යවරයා යටතේ බැවින් මහ බැංකුවේ ප්‍රධානී වන මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යවරයා මුදල් නෝට්ටු වල අත්සන් තැබුනු නමුත් වර්ථමානයේ මහ බැංකුව අයත් වන්නේ අගමැතිවරයාට ය. මහ බැංකු අධිපතිගේ අත්සන ගැන ගැටලුවක් නැත. ගැටළුව ඇත්තේ අනෙක් අත්සන පිලිබඳවය. රටේ මුදල් පිලිබඳව පාර්ලිමේන්තුවට වගකියන්නේ මුදල් අමාත්‍යවරයාය. නමුත් තමන්ගේ වගකීමක් නැති ආයතනයකින් නිකුත් කරන නෝට්ටුවකට මුදල් අමාත්‍යවරයාට අත්සන් තැබිය හැකිද..? අත්සන් කළද එම නෝට්ටුව වලංගුද? යන්න මේ අනුව ගැටළුවක්ව පවතී.
අප ස්තූතිය නිව්ස්වෙබ් ටුඩේ වෙතට