ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 14, 2015

කොටින්ට පණ පොවන ජිනීවා ....



එහෙන් මෙහෙන් අහුලාගත් වීඩියෝදර්ශන මගින් ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ චිත්‍රපට තුනක්‌ නිපදවූ මැක්‌රේ වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටියේ නැත. මේ තත්ත්වය මත ඔහු ජිනීවා මානව හිමිකම් සැසිවාරයට එන්නේ වන්නි මෙහෙයුම ගැන අන්තර්ජාතික විමර්ශනයක්‌ ඉල්ලීමට බව ප්‍රකාශ කර ඇත. මේ අන්දමට බ්‍රිතාන්‍ය, ඇමරිකානු හමුදා ඉරාකය, ඇෆ්ගනිස්‌තානය සහ ලිබියාවේ සිදු කළ මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටියේද?

මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන්ගෙන් විදේශ ඇමැති මංගල සමරවීර සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ඇතුළු පිරිස මානව හිමිකම් කොමසාරිස්‌ හමු වී සාකච්ඡා පැවැත්වීම.

රටවල් 47 ක නියෝජිතයන් සහභාගී වන ජිනීවා මානව හිමිකම් සැසිවාරය ඊයේ (14දා) ආරම්භ විය.

මෙම සැසිවාරය ආරම්භ වීමට දෙදිනකට පෙර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාදේ හුසෙන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාව ශ්‍රී ලංකාවට එවනු ලැබීය.

මෙම වාර්තාව සැප්තැම්බර් 30 දා වනතෙක්‌ ප්‍රසිද්ධියට පත් නොවේ. එහෙත් එහි අඩංගු කරණු මේ වන විට විවිධ අතර මැදියන්ට ලැබී ඇත. 

ජිනීවා ආරංචි මාර්ග දක්‌වන අන්දමට එකී වාර්තාව තුළින් ශ්‍රී ලංකාවට බරපතල අභියෝගයක්‌ එල්ල වී තිබේ.

මෙකී වාර්තාවෙන් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය වූ ස්‌ථාන ගැනද ප්‍රකාශයට පත් වී ඇති අතර ඉන් මේජර් ජෙනරාල්වරු කීපදෙනෙකුගේ අනන්‍යතාවය හෙළිදරව් වී ඇත.

එහෙත් වාර්තාව කෙටුම්පත් කර ඇත්තේ ඒකපාක්‍ෂිකව බව හෙළි වී ඇත. ජාත්‍යන්තර මාධ්‍ය ආයතන 10 ක්‌ සැපයූ වාර්තා මානව හිමිකම් පරීක්‍ෂණ මණ්‌ඩලයේ නිරීක්‍ෂණයට ලක්‌ වී ඇත.

සාක්‍ෂිකරුවන්ගෙන් විශාල පිරිසක්‌ කොටි හිතවාදීන් යෑයි හෙළි වී තිබේ. 

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ද මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන්ගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලා ඇත.

ඊට පෙර විදේශ ඇමැති මංගල සමරවීර, අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක්‌ මානව හිමිකම් කොමසාරිස්‌වරයා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

මෙවන් පසුබිමක්‌ මැද ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‍ෂිදුන් චැනල් ෙµda අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සැප්තැම්බර් 16 දා ජිනීවා පැමිණෙයි. ඔහු ජිනීවා පැමිණෙන්නේ මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවකදී ද සර්ච් ෙµda ජස්‌ටිස්‌ චිත්‍රපටය තිරගත කිරීම සඳහායි.

වන්නි මෙහෙයුමේදී මියගිය අය වෙනුවෙන් යුක්‌තිය ලබාගැනීම තම අරමුණ බව පවසන මැක්‌රේ තමා සතු සාක්‍ෂි ජිනීවාහිදී ශ්‍රී ලාංකික නියෝජිත කණ්‌ඩායමට ඉදිරිපත් කිරීමට සූදානම් බවද සඳහන් කර ඇත.

මැක්‌රේ ඉදිරිපත් කරන මේ සාක්‍ෂි කුමක්‌ද?

එහෙන් මෙහෙන් අහුලාගත් වීඩියෝදර්ශන මගින් ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ චිත්‍රපට තුනක්‌ නිපදවූ මැක්‌රේ වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටියේ නැත.

මේ තත්ත්වය මත ඔහු ජිනීවා මානව හිමිකම් සැසිවාරයට එන්නේ වන්නි මෙහෙයුම ගැන අන්තර්ජාතික විමර්ශනයක්‌ ඉල්ලීමට බව ප්‍රකාශ කර ඇත.


මේ අන්දමට බ්‍රිතාන්‍ය, ඇමරිකානු හමුදා ඉරාකය, ඇෆ්ගනිස්‌තානය සහ ලිබියාවේ සිදු කළ මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටියේද?

මෙම තත්ත්වය මැද ජිනීවා පරීක්‍ෂණ වාර්තාව නිත්‍යානුකූලව සිදු කළ පරීක්‍ෂණයක්‌ නොවේ.

මෙවන් ඒකපාක්‍ෂික පරීක්‍ෂණ මෙයට පෙර සිදු වී නැත. මෙහි දැක්‌වෙන්නේ එම පරීක්‍ෂණය ආරම්භ කළ ආකාරයයි.

1. පරීක්‍ෂණයේ පැමිණිලිකරු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්ය. 

2. සාක්‌ෂිකරුවන් හෙළි කරන්නේ නැත.

3 පරීක්‍ෂණ මණ්‌ඩලය ශ්‍රී ලංකා රජයට හෙළි කරන බව හිටපු මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ ප්‍රකාශ කළත් වත්මන් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද්රාද් හුසේන් එම පරීක්‍ෂණ මණ්‌ඩලය හෙළි කළේ නැත.

4. පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‍ෂිදීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ගේ ප්‍රකාශක රූපට්‌ කොල්විල් වෙතින් විදෙස්‌ ගත ශ්‍රී ලාංකිකයන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබී නැත.

5. සාක්‍ෂිකරුවන් බොරුකාරයන්ද නැත්නම් ඇත්ත ප්‍රකාශ කරන්නේද යන්න තීන්දු කළෙත් පරීක්‍ෂණ මණ්‌ඩලය බව සනාථ විය.

6. ස්‌කයිප් තාක්‍ෂණය ඔස්‌සේ සාක්‍ෂි ලබා ගැනීම

7. අලුතින් රජයක්‌ ආරම්භ වීමෙන් පසු සාක්‍ෂිකරුවන්ගේ විශ්වසනීයත්වය ගැන එම රජයෙන් විමසීමට ක්‍රියා නොකිරීම.

8. පරීක්‍ෂණ මණ්‌ඩලයේ උපදේශකවරු තිදෙනාගෙන් දෙදෙනකු ඒක පාක්‍ෂිකව කටයුතු කරන බව වාර්තා වීම.

9 උපදේශක මණ්‌ඩලයේ ප්‍රධානී මරාටි අහිට්‌සාර් බෙදුම්වාදී සංකල්පයට සහය දැක්‌ වූ අයකු බවට සනාථ වීම.

10. සාක්‌කිකරුවන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට ශ්‍රී ලංකාවට අවස්‌ථාවක්‌ නොදීම. 

11. යුද අපරාධ චෝදනා පරීක්‍ෂණයට විදේශ රටවල පුරවැසියන් මැදිහත්වීම සහ ඔවුන්ගේ සාක්‍ෂි බාර ගැනීම

මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා පරීක්‍ෂණ වාර්තාව ස්‌වාධීන විශ්වාසනීයත්වයෙන් යුත් වාර්තාවක්‌ ලෙස පිළිගත හැකිද?

මෙකී පරීක්‍ෂණ සිදුකර ඇත්තේ කිසිදු විනිවිද භාවයකින් තොරවය. 

මින් සනාථ වන්නේ ඒක පාක්‍ෂිකව පැවැත් වූ මෙකී ජිනීවා පරීක්‍ෂණයේ අරමුණ යුද ජයග්‍රාහකයන් වූ ශ්‍රී ලංකා හමුදාව පරාජිතයන් කර පරාජිත කොටි සංවිධානයට වන්දි ගෙවීමට ක්‍රියා කිරීමයි.

මෙම පරීක්‍ෂණය තුළ සිදු වූ විශාල කපටිකම නම් වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදු වු බව කියන ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම ගැන පමණක්‌ පරීක්‍ෂණය කිරීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.