ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, September 13, 2015

සීපා ගිවිසුම රටට මර උගුලක් ....!!!

දේශීය ව්‍යාපාරික ප‍්‍රජාවගේ බලවත් විරෝධය මැද මහින්ද රාජපක්‍ෂ ජනාධිපති විසින් අත්හිටවූ ‘‘සීපා’’ ගිවිසුම කෙසේ හෝ අත්සන් කිරීම සඳහා මෝඩි ආණ්ඩුව විසින් රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුවට බලකරමින් ඇත. ඒ පිළිබඳව මෛත‍්‍රීපාල සිරිසේන ගේ මතය මේ වනතුරු රටට හෙළිකොට නැත. එහෙත් ලෝක වෙළඳ සංවිධානයේ බලපෑම මත ‘‘ටි‍්‍රප්ස්’’ වැනි ගිවිසුම්වලට කන අත්සන් ගැසූ පුද්ගලයකු මුදල් ඇමති වී සිටින තත්ත්වයක් තුළ වික‍්‍රමසිංහ ආණ්ඩුව මෝඩි ඉදිරියේ දණ ගැසීමට වැඩි ඉඩක් ඇත. එම ප‍්‍රවණතාවය නැවැත්විය හැක්කේ දේශීය ව්‍යාපාරික ප‍්‍රජාව සහ රටට ආදරය කරන පොදු ජනතාව ඊට එරෙහිව නැගී සිටියහොත් පමණි. ඒ සඳහා ජනතාව දැනුම්වත් කරමින් විශාල මෙහෙවරක් ඉටු කරන මව්බිම ලංකා පදනම විසින් ප‍්‍රකාශයට පත් කළ මෙම ලියවිල්ල මගින් සීපා ගිවිසුම පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කොට ඇත. එහි කාලීන වැදගත්කම සළකා ලංකා නිව්ස් පාඨක ඔබ සදහා සඳහා එම ලිපිය මෙසේ පළ කරමු.
සීපා ගිවිසුම යනු කුමක්ද ?

‘සීපා’ ගිවිසුම හෙවත් ඉන්දියාව විසින් යෝජනා කොට ඇති පූර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීමේ හරි වැරදි පිළිබඳ නැවත විවිධ මට්ටම් වලින් සමාජ කතිකාවක් ආරම්භ වී ඇත. එසේ වන්නේ ඉන්දියාව විසින් එම ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට නැවත වටයකින් බලපෑම් කිරීම ආරම්භකොට ඇති නිසාය. ඉන්දියාවේ යෝජනාවට පක්‍ෂව අදහස් පළ කරන පිරිස් පවසන්නේ නිදහස් වෙළඳ ගිවිසුම ක‍්‍රියාත්මක වී වසර 17ක් ගතවී ඇති බැවින් එහි කුමන ගැටළු තිබුණත් ඒවා විසඳීම සහ වෙළඳාම තවදුරටත් සේවා අංශවලටද පුළුල් කිරීම සඳහා අළුත් ගිවිසුමක් අවශ්‍ය බවයි. ඒ සඳහා එම ‘ඉන්දියානු පිළ’ යෝජනා කරන අළුත් ගිවිසුම ‘සීපා’ ගිවිසුමයි. දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම මූලිකව ආවරණය කරනුයේ භාණ්ඩ වෙළඳාම යම් පමණකට නිදහස් කිරීමයි. නමුත්, සීපා ගිවිසුම තුළ භාණ්ඩවලට අමතරව සේවා වෙළඳාම සහ ආයෝජන නිදහසේ ගලා යාම සේම මිනිසුන් රැුකියා සඳහා දේශසීමා හරහා නිදහසේ ගමන් කිරීමද ඇතුළත් කොට ඇත.
සීපා ගිවිසුමට විරුද්ධව අදහස් පළ කරන ‘‘ලංකා පිල’’ හෙවත් දේශීය ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තිකයන් සහ ජාතික හැඟීමෙන් යුත් සංවිධාන පවසන්නේ වෙනත් කථාවකි. ඔවුන්ට අනුව තිබෙන ගිවිසුමේ ගැටළු විසඳා විශ්වාසය තහවුරු කරගන්නේ නැතිව අප වැනි රටකට විශාල වශයෙන් අවාසි විය හැකි ආකාරයට සේවා වෙළඳාම පවා ඇතුළුකර වඩාත් පුළුල් ගිවිසුමකට යාම අනතුරුදායකය. වෙනත් වචන වලින් කියන්නේ නම්, සන්නාලියකු විසින් මසා දුන් කමිසයක අත් කොට වී, කොලරය පළල් වී, උරහිස් හිරවී ඇතිනම් කළ යුත්තේ කුමක්ද? ඉන්දියානු පිලේ පිරිස පවසන්නේ ‘‘ඒකට කමක් නැහැ. ඊට උඩින් අඳින්න කෝට් එකක් මහලා දෙන්නම්. ඒක ටිකක් වියදම් සහිතයි. ඒත් වැඬේ ලස්සනයි නේද?’’ කියාය. ‘‘ලංකා පිල’’ කල්පනා කරන්නේ කමිසයක් හරියට මැසීමට නොහැකි අය ‘‘කෝට් එකක්’’හොඳට මසා දෙනු ඇතැයි පිළිගත නොහැකි බවයි. ඒ නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ පළමුව කමිසයේ අඩුපාඩු සාදා දෙන ලෙසයි. ඒ විශ්වාසය මත පදනම්ව‘‘ කෝට්’’ එක ගැන පසුව කථා කිරීමට හැකි බව ඔවුන්ගේ මතයයි.
මහින්ද රාජපක්‍ෂ ජනාධිපති  2008 වසරේදී ‘සීපා’ ගිවිසුම අත්සන් කිරීමට එකඟ වූයේ නැත
2008 වසරේදී දේශීය ව්‍යාපාරිකයන්ගේ සහ ජාතික සංවිධානවල ඉල්ලීම මත මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් ‘සීපා’ ගිවිසුම අත්සන් කිරීම කල් දැම්මේ ඉහත සඳහන් කළ තර්කය එතුමා පිළිගත් නිසාය. එදා පටන් අද වනතෙක් එදා සිටි ජනාධිපතිතුමාගේ තීන්දුව වෙනස් කිරීමට තරම් ප‍්‍රබල සාධක කිසිවක් හමුවී නැත. ඉන්දියානු පිලට සේවය කරන ශ‍්‍රී ලාංකේය විද්වතුන්ට අනුව දැන් පවතින නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කළේ භාණ්ඩ වෙළඳාම යම් ප‍්‍රමාණයකට නිදහස් කිරීමට වුවත් ඒ මඟින් සේවා වෙළඳාම සහ ආයෝජනද යම් ප‍්‍රමාණයකට වර්ධනය වී ඇත. එසේ නම් අලූත් ප‍්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව ඒ තිබෙන තත්වය තවදුරටත් දියුණු කල හැකි නොවේද? එපමණක් නොවේ. ඒ කියන ආකාරයට දැනටමත් එම ක්‍ෂේත‍්‍රවල විශාල දියුණුවක් තිබේ නම් විරෝධතා මැද කලබලයේ ‘සීපා’ ගිවිසුම අත්සන් කිරීමේ හේතුවක්ද නැත. මේ විද්වතුන් එළුවා පසුපසින් යන නරියා මෙන් සීපා ගිවිසුම මත්තේ හැපෙමින් නාස්ති කරන කාලය නිදහස් වෙළඳ ගිවිසුමේ බරපතල ගැටළු විසඳීමට යොදවන්නේ නම් කොපමණ අගනේද? යම් ගිවිසුමක ගැටළු විසඳිය යුත්තේ ඒ ගිවිසුම තුළම මිස අලූත් ගිවිසුමක් තුළින් නොවේ. ශ‍්‍රී ලංකාවේ වානිජ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජෙනරල් පී. ඞී. ප‍්‍රනාන්දු මහතා පවසන්නේ එදා 1998 දී නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කරුණු සොයා බැලූවේ මාස 04ක් තරම් ඉතා කෙටි කාලයකදී බවය. තම ආයතනයේ පිරිස් සහ අනෙකුත් සම්පත්වල ගැටළු නිසා එවැනි කෙටි කාලයකදී ගැඹුරු අධ්‍යයනයක් කිරීමට හැකියාවක් නැති බව ඔහු පවසයි. සීපා ගිවිසුම වැනි ඉතා සංකීර්ණ ගිවිසුමක් අධ්‍යයනය කිරීමට වානිජ දෙපාර්තමේන්තුවට පමණක් කළ නොහැකි බව ඔහුගේ මතය වේ.
ඉන්දියානු ආයෝජනවල බොරුව සහ ඇත්ත
ඇත්ත වශයෙන්ම ඉන්දියාවෙන් ලැබනවා යයි කියන මේ ආයෝජන බොහෝමයක් සිදුවූයේ ඉතා අඩු ප‍්‍රාග්ධනය, ඉතා අඩු රැුකියා අවස්ථා සහ ඉතා අඩු තාක්‍ෂණය යන මූලධර්ම තුන යටතේය. ඉන් ප‍්‍රධාන වන්නේ වනස්පති ගිතෙල් කර්මාන්තය සහ පරණ තඹ කැබලි උණුකර කුට්ටි සාදා ඉන්දියාවට පටවන කර්මාන්තයයි. මේ ඊනියා ආයෝජකයින් වනස්පති ගිතෙල් හදන්නට පැනගෙන ලංකාවට ආවේ නිදහස් වෙළඳ ගිවිසුමට අනුව ඒවා ඉන්දියාවට අපනයනය කිරීමේදී තීරුබදු සහන ලැබුණු නිසාය. එම කර්මාන්තයේ ඇති තාක්‍ෂණයක් නැත. වනස්පති හදන්නේ ආනයනය කරන ෆාම් තෙල්වලට (කොටසක් තීරුබදු නැතිව හොරපාරෙන් දේශීය වෙළඳපලටත් දමා ඉතිරියට) හයිඩ‍්‍රජන් වායුව ගැසීමෙනි. මේවා මහා විශාල ආයෝජන ලෙස හඳුන්වන්නේ ආර්ථික විද්වතුන්ද එසේ නැතහොත් ආර්ථික ඝාතකයන්ද කියා රටේ ජනතාව ප‍්‍රශ්න කළ යුතුව ඇත.
අනෙක් පැත්තෙන් සේවා අංශවල අයෝජන සිදුවූයේ එයාටෙල්, ඇපලෝ රෝහල සහ අයි. ඕ.සී. ඛණිජ තෙල් සමාගම වැනි සමාගම් ආශ‍්‍රිතවය. මේවායින් සැබෑ ලෙසම අයෝජනයකින් ලැබිය යුතු විදේශීය ප‍්‍රාග්ධනය, උසස් තාක්‍ෂණය සහ කාර්මික ක්‍ෂේත‍්‍රයේ නව රැුකියා උද්පාදනය ආදී ප‍්‍රතිලාභ අපේක්‍ෂිත මට්ටමට ආසන්නයෙන්වත් ලැබුණේ නැත. ඒ වෙනුවට එම ආයතන දේශීය වශයෙන් ණය ලබාගෙන දේශීය ණය වෙළඳපළට බර පැටවීම නම් දක්නට ලැබුණි. සීපා ගිවිසුමට අත්සන් කළ පසුව සේවා අංශයේ මෙවැනි ආයෝජකයින්ට වඩා වෙනස් ආකාරයේ ආයෝජකයින් එන බව පවසන්නේ කෙසේද? එසේ එනවා යයි තරයේ පවසනවා නම් එය සීපා ගිවිසුමෙන් ඉන්දියානු ආයෝජකයින්ට තව තවත් සහන ලබා දීමට යෝජනා කරන බව පිළිගැනීමකි. දැනටමත් ආයෝජන මණ්ඩල පනත හරහා ලෝකයේ කිසිදු රටක නැති ආකාරයට දේශීය කර්මාන්තකරුවන්ට වඩා ඊනියා විදේශ ආයෝජකයන්ට අපේ රටේ සහන ලබා දෙයි. ඒ සහන මදි නිසා ඉහත සඳහන් කළ ආකාරයේ ආයෝජකයන්ට තවත් සහන දිය යුතු යයි කෙනෙකු පවසන්නේ නම් ඔහු මේ රටට අබමල් රේණුවක තරමේ ආදරයක් ඇති අයෙකු විය නොහැක.
පක්‍ෂග‍්‍රාහීත්වය සහ විද්වත්භාවය අතර වෙනස
ඉන්දියාවට පක්‍ෂග‍්‍රාහී ශ‍්‍රී ලංකේය විද්වතුන්ට අනුව අපේ කොළඹ වරායේ ආදායමෙන් 70%ක් ලැබෙන්නේ ඉන්දියාවට සපයන සේවා වලිනි. ඒ මහතා වක‍්‍රව පවසන්නේ ‘‘සීපා’’ අත්සන් නොකළහොත් ඉන්දියාව තරහ වී ඒ ආදායම අපට නැතිවී යා හැකි බවයි. අපේ කොළඹ වරායට ඒ වාසිය ලැබී ඇත්තේ එහි භූගෝලීය පිහිටීම සහ එයින් සපයන සේවාවල ගුණාත්මක භාවය නිසාය. ඊට වඩා අඩු මිලට හොඳ සේවාවක් ලබා දිය හැකි වරායක් අහළ පහළ තිබුණා නම් අපට ඒ ආදායම ලැබෙන්නේ නැත. ඒ ආදායම රැුකගන්න අපේ වරායේ හෝ නාවික අංශයේ විවිධ ආයතන වලට ඉන්දියානු කාර්මිකයන්ට පැමිණීමට ඉඩ දිය යුතු නැත. සීපා ගිවිසුම නැතිවත් අපේ රටේ නාවික යාත‍්‍රා ඉදිකරන සමාගම්වලට ඉන්දියාව විසින් කොන්ත‍්‍රාත් ලබා දී ඇත. අප කළ යුත්තේ වඩා හොඳ සහ තරඟකාරී සේවා ලබා දී ඒ ව්‍යාපාර අවස්ථා රැුකගැනීමයි. ඊට අමතරව ඒ ක්‍ෂේත‍්‍රවල රැුකියාවලට අපේ මිනිසුන් පුහුණු කර ගත යුතුය. ඒ කිසිවකට සීපා ගිවිසුම අවශ්‍ය නැත.
ඉන්දියාව සහ ලංකාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුමේ සැබෑ ප‍්‍රතිලාභ ලංකාවට ලැබෙන්නේ නැත්තේ එය සීපා ගිවිසුම තරම් පුළුල් නැති නිසා යයි තර්ක කිරීම විහිළුවකි. නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළුවලට එක් හේතුවක් වන්නේ එය අත්සන් කිරීමේදී අපට අපනයනය කිරීමට වැඩි හැකියාව ඇති බොහෝ භාණ්ඩ වලට වැඩි සහන නොලැබීමයි. අනෙක් හේතුව ඉන්දියාව කියන දේ සහ කරන දේ අතර තබා ගන්නා බරපතල වෙනසයි. දෙරටටම අවංකව සහ සාධාරණව ප‍්‍රතිලාභ ලැබෙන ලෙස වෙළඳාම් කිරීමට ඉන්දියාව සූදානම් නම් ඉහත කී ඒ වෙනස අඩු කොට පෙන්විය යුතුය. එය කළ යුත්තේ අලූත් ගිවිසුමකින් නොව තිබෙන ගිවිසුම හරියට පිළිපැදීමෙනි. ඒ වෙනස දැන් පෙන්වන්නේ නැතිව අලූත් ගිවිසුමකට පසුව පෙන්වනු ඇතැයි සහතික දිය හැක්කේ කාටද?
ඉන්දියානු පිලේ විද්වතුන් පවසන්නේ නිදහස් වෙළඳ ගිවිසුම නිසා අපේ අපනයන ප‍්‍රතිශතයක් ලෙස ආනයනවලට වඩා වැඩිවූ බවයි. ප‍්‍රතිශතවලින් බොරු පින්තූර මැවිය හැක. ඇත්ත දැකිය හැක්කේ පවතින ප‍්‍රමාණයන් දෙස බැලූ විටයි. ගිවිසුමට පසුව අපේ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 40 පමණ සිට මිලියන 325 පමණ දක්වා වැඩිවී ඇත. (බොහෝ දුරට එසේ වැඩි වන්නේ වනස්පති ගිතෙල් ලංකාවේ සාදා ආපසු ඉන්දියාවට අපනයනය කිරීම සහ පරණ තඹ පැටවීම නිසා බව පැහැදිලිය.* නමුත් ඉන්දියාවෙන් අපට අපනයනය කරන ප‍්‍රමාණය ගිවිසුමට පසුව ඩොලර් මිලියන 500 සිට මිලියන 5000 දක්වා පමණ වැඩි වී ඇත. බොරු ප‍්‍රතිශත කතා නැතිව බැලූවහොත් ඒ වෙළඳ පරතරය අසාධාරණ බව බැලූ බැල්මට පෙනේ.
ඉන්දියාව පවතින නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු විසඳා තම සද්භාවය පෙන්විය යුතුය
ඒ වෙළඳ පරතරය අඩු කිරීම සඳහා ඉන්දියාව පැත්තෙන් සාධාරණ සහන අපට ලබා දී නැත. අවසානයේ සොච්චම් ප‍්‍රතිලාභයක් හෝ ලැබුණු වනස්පති අපනයනය පවා අධෛර්යය කිරීමට කටයුතු සැලසීය. ඔවුන් අපේ ප‍්‍රධාන අපනයන වන ඇඟළුම් සහ තේ වැනි දේට අදාලව තීරු බදු සහනවලට ප‍්‍රමාණාත්මක සීමා පනවනවාට අමතරව තීරු බදු නොවන සීමාද පනවා ඇත. ඉන්දියාව ඉතා දක්‍ෂ සහ සූක්‍ෂම ලෙස බදු නොවන බාධක පනවන රටකි. වෙළඳාම සඳහා ඔවුන්ගේ ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට විවිධ බලපත‍්‍ර සහ අවසර ගත යුතුය. එමෙන්ම වෙනමම ප‍්‍රාන්ත බදු ගෙවිය යුතු අතර ඔවුන් අපේ සමහර අපනයන සඳහා වරායන් පවා නියම කර ඇත. වෙනත් වරායකයට එම අපනයන ගොඩබෑම තහනම් වේ. ඊට අමතරව උසාවි නියෝග ආදියද ඒ සඳහා භාවිතා කෙරේ. ඉන්දියානු නිලධාරීවාදයේ රතු පටියෙන් පැනීමට අපේ බොහෝ දැවැන්ත ව්‍යාපාරිකයන්ට පවා ඉඩ ලැබුණේ නැත. ඉතින් අහිංසක කුඩා අපනයන කරුවන් පිළිබඳ කවර කථාද?
ජාත්‍යන්තර මට්ටමේ ඉතා ඉහළ ගුණාත්මකභාවය සහිත නිෂ්පාදන සන්නාම වලට පවා ඉන්දියාවේ නිලධාරීවාදය ඉතා සූක්‍ෂම ලෙස බාධා පැනවීය. ඇල්පිටිය වතුයායෙන් ඉන්දියාවට යැවූ තේ කන්ටේනරයක් වසර 3කට පසු ආපසු එවීමට ඉන්දියාව ක‍්‍රියා  කලේය. කෘෂිකර්ම අමාත්‍යාංශය අභිජනන ව්‍යාපෘතියක් සඳහා කිරි දෙනුන් සහ වස්සන් 200ක් ඉල්ලූ විට එකකුවත් දුන්නේ නැත. නමුත් කිරිපිටි නම් බදු සහන යටතේ අපට අපනයනය කිරීමට ඔවුන් සූදානම්ය. ඉන්දියාව, තමාගේ මෙම හැසිරීම පවතින නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ම වෙනස් කර පෙන්විය යුතුය. එවිට සැබෑ ලෙසම අපේ විශ්වාසය තහවුරු වනවා ඇත. එසේ නැතිව ඉන්දියාව යෝජනා කරන ‘සීපා’ ගිවිසුමට පක්‍ෂ, ඒ පිලේම සිටින ඊනියා විද්වතුන්ගේ් සහතික වලින් අපේ විශ්වාසය තහවුරු වන්නේ නැත. නිදහස් වෙළඳ ගිවිසුමට උඩින් සීපා නමැති බැටළු හම පොරවාගත් පමණින් අපට ඉන්දියාව විශ්වාස කළ හැකිද? යටත්වන්නාගේ භූමිකාවෙන් සහෝදරයාගේ සහ මිතුරාගේ භූමිකාවට යා යුතුය

ඉන්දියානු පිලට සේවය කරන ශ‍්‍රී ලාංකේය විද්වතුන් පවසන ආකාරයට ඉන්දියාව තර්ජනයක් ලෙස නොව අවස්ථාවක් ලෙස දැකිය යුතුය. එය ඉතා වටිනා ප‍්‍රකාශයකි. ඉන්දියාව අපට ආර්ථික හවුල්කරුවකුට වඩා සංස්කෘතික මිතුරෙකි. සහෝදරයෙකි. එහෙත් ආර්ථික වශයෙන් අවස්ථාව අපට ලැබෙන්නේ ඉන්දියාව එය දෙන්න සූදානම් නම් පමණි. අප අහිංසක ලෙස අපේක්‍ෂා කළ පමණින් අපට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත. මෙතෙක් අප රඟපා ඇත්තේ ඒ අහිංසකයාගේ භූමිකාවය. දැන් සහෝදරයාගේ සහ මිතුරාගේ භූමිකාවට අවතීර්ණ වීමට කාලය පැමිණ ඇත. මිතුරා සමානව සිට ඉල්ලා සිටිය යුතුය.
ඉන්දියානු නිලධාරීවාදය සෑමවිටම තම මවුබිමට ගැඹුරින්ම සේවය කරයි. ඒ වාසනාව අපට නැත. අපේ නිළධාරීන් (සහ ඇතැම්විට ඇමතිවරුන් පවා) ලෝක වෙළඳ සංවිධානයේ සමුළුවලට ගොස් ඔවුන් කියන සියල්ලට එකඟ වී, අත්සන් කිරීමට ඇඟිල්ල තබා පෙන්වූ සෑම තැනම අත්සන් කර ආපසු පැමිණේ. ඉන්දියානු නිලධාරීන් සමඟ සාකච්ඡුාවට යන්නේද එවැනි දුර්වල නිලධාරීන්මය. එනිසා ඉන්දු-ශ‍්‍රී ලංකා සීපා ගිවිසුමේ සාකච්ඡාවලදී ලංකාව වෙනුවෙන් පෙනී සිට කේවල් කිරීමේ හැකියාව ඔවුන්ට තිබේද, යන්න සැක කිරීමේ අයිතිය මහජනයාට ඇත. විශේෂයෙන්ම නිදහස් ගිවිසුමට වඩා ඉතා සංකීර්ණ ගිවිසුමක් වන සීපා ගිවිසුමේ අපේක්‍ෂිත ගැටළුවලට පිළිතුරු ඉදිරිපත් කිරීමේ තාක්‍ෂණික හැකියාව සහ මානසික ශක්තිය ඔවුන්ට තිබේද? එසේ ප‍්‍රශ්න කිරීමට සිදුවන්නේ මේ නිලධාරීන් පසුපස සිට ඔවුන්ව ඉදිරියට තල්ලූ කරන්නේ, මධ්‍යස්ථව රටට ආදරයෙන් උපදෙස් දෙන විද්වතුන් පිරිසකට වඩා ඉන්දියානු හිතවාදී පිරිසක්ම වන හෙයිනි.
‘‘සීපා ගිවිසුම’’ ලෝක වෙළඳ සංවිධානයේ සහ ඉන්දියාවේ ඒකාබද්ධ කුමන්ත‍්‍රණයකි
අවාසනාවකට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කරන ප‍්‍රධානතම විද්වතෙකු රජයේ ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයක විධායක අධ්‍යක්‍ෂවරයෙකි. ඔහු ඉන්දියාවේ පැත්තේ සිට ලංකාව දෙස බලන්නේ ශ‍්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගෙන්   වැටුප් ලබා ගන්නා අතරය. ජාතික ආර්ථිකය පිළිබඳ ඔහුගේ මතවාද ශ්‍රේෂ්ඨ විද්වතකු වූ ඔහුගේම පියාගේ මතවාදවලට හාත්පසින්ම වෙනස්ය. ඔහු තම මූලික උපාධිය ලබා ගත්තේ ඉන්දියාවෙන් ලැබුණු සංස්කෘතික ශිෂ්‍යත්වයක් මඟිනි. ඒ පිළිබඳව ඔහු ඉන්දියාවට කෙළෙහිගුණ දැක්වූවාට අපට කමක් නැත. ඒත් ශ‍්‍රී ලාංකේය ජාතිය ඒ නමින් වන්දි ගෙවිය යුතුද? සීපා ගිවිසුම වෙනුවෙන් අසීමිතව පෙනී සිටින තවත් ප‍්‍රධාන පෙලේ මහාචාර්යවරයෙකු 2003 සිට සීපා ගිවිසුම කුමන ආකාරයකට අලෙවි කළ යුතුදැයි අපේ වාණිජ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් කෙනෙකි. එපමණක් නොව ඔහු සමස්ත ලෝකයේම විරෝධයට ලක්වූ ලෝක වෙළඳ සංවිධානයේ සේවා වෙළඳාම පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුම (ගැට්ස් ගිවිසුම* පිළිබඳව ලංකාවට උපදෙස් දෙන කෙනෙකි. ඔහු දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන රාශියක ප‍්‍රධානත්වය හෝ උපදේශකත්වය දරනා කෙනෙකි. බහුපාර්ශවීය ගිවිසුමක් ලෙස ලෝකයේ ප‍්‍රතික්‍ෂේප වූ ‘ගැට්ස්’ ගිවිසුම ද්විපාර්ශවීය ගිවිසුම් ලෙස ක‍්‍රියාත්මක කරවීම සඳහා රටවල් ජෝඩු කිරීමේ කොන්ත‍්‍රාත් ලැබෙන්නේ එවැනි පුද්ගලයන්ටය. සීපා ගිවිසුමේ සේවා වෙළඳාමට අයත් කොටස ඒ අසාර්ථක වූ ‘‘ගැට්ස්’’ ගිවිසුමේ කාබන් පිටපතකි. ඒ ආකාරයට ලෝකයේ පළමු වතාවට බහු පාර්ශ්වීයව බැරි වූ දේ ද්විපාර්ශවීය ලෙස ලංකාව සහ ඉන්දියාව අතර ඇති කිරීමට මැදිහත්වීමේ ‘ගෞරවය’ මේ විද්වතුන්ට හිමිවේ. ගැට්ස් ගිවිසුමේ මූලික අරමුණ සේවා වෙළඳාම ලෝකය පුරා නිදහස්ව පැතිරවීම තුළින් අප වැනි කුඩා රටවල සේවා වෙළඳපළ අත්පත් කර ගැනීමයි. ගැට්ස් ගිවිසුමේ සේවා වෙළඳපළ අත්පත් කර ගැනීම සඳහා යෝජිත ක‍්‍රමවේද 4ම සීපා ගිවිසුමේද අඩංගු වේ. මේ බව ක‍්‍රමයෙන් හෙළිදරව් වෙද්දී ඉහත කී විද්වතුන් අපේ බිය පහකිරීම සඳහා විවිධ සුරංගනා කථා කීමට පටන් ගත් බව රහසක් නොවේ. ඔවුන් මුලින්ම කියා සිටියේ සේවා වෙළඳාමේ ක‍්‍රමවේද හතරම ඉතා හොඳ බවත් ඒවා සියල්ල සීපා ගිවිසුමට ඇතුළුවිය යුතු බවත්ය. පසුව විරෝධය මතු වෙද්දී ඔවුන් කියා සිටියේ අපට අහිතකර යමක් වේ නම් ඒවා සියල්ල ඉවත්කළ හැකි බවයි. ඒ මඟින් ඔවුන් වක‍්‍රව පිළිගන්නේ ශ‍්‍රී ලංකාවට අහිතකර දේ ගිවිසුමේ අඩංගුව තිබූ බවයි. ශී‍්‍ර ලංකාවේ වානිජ දෙපාර්තමේන්තුව ඉන්දියානු සමාගමක්ද?
සීපා ගිවිසුම පිළිබඳව නිලධාරී මට්ටමින් පැවති සාකච්ඡුාවලදී ඉන්දියානු පිල ඉන්දියාව වෙනුවෙන් ඉතා ප‍්‍රබලව මැදිහත් වුවත් අපේ වානිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් රට වෙනුවෙන් තම යුතුකම ඉටු නොකරන බවට චෝදනා එල්ල වේ. විවිධ මට්ටමේ දේශීය ව්‍යාපාරිකයන් සමඟ වානිජ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් හුවමාරු කරගත් අදහස් දෙස බලන විට මොවුන් ඉන්දියාවේ නියෝජිතයන්දැයි කෙනෙකුට සැක පහල විය හැක.
තම අඹු දරුවන් ඇමරිකාවේ රඳවා පැමිණ ‘‘ සීපා පාවා දීමෙන්’’පසුව පිට රට පදිංචියට යාමට සූදානම් වන සමහර නිළධාරීන්ට රට ගැන ආදරයක් ඇති නොවන බවට විවාදයක් නැත. ලංකාවේ රස්සාව නැති වූ පසුව පිට රට හොඳ රැුකියාවක් කිරීම සඳහා හොඳම සුදුසුකම වන්නේ රට පාවාදීම බවටද විවාදයක් නැත. එහෙත් රටේ අහිංසක බදු ගෙවන ජනතාවගේ මුදලින් වැටුප් ලබා ගන්නා අතර තම මව්බිමට හතුරු ලෙස ඒ අකාරයට හැසිරීම කණගාටුදායක තත්වයකි.
ලංකාවට වාසිදායක නම් සත්‍ය ගිවිසුම සඟවන්නේ ඇයි?
අද වනතුරු මේ ගිවිසුමේ අඩංගු සියලූ දේ රටට නිල වශයෙන් හෙළිකර නැත. මේ සංවාදය ඇති වන්නේ මේ ගිවිසුම පිළිබඳ අවධානය සහිත පිරිස් විවිධ මූලාශ‍්‍ර මඟින් සොයා ගන්නා කරුණු සහ ලේඛන පදනම්කර ගනිමිනි. ි නමුත් ඇත්ත ගිවිසුම තුළ දැන් නැත කියන බොහෝ දේ අඩංගු වී තිබිය හැක. එසේ සැක පහළ කරන අයට ඔවුන් කියන්නේ ගිවිසුමේ කුමක් තිබුණත් අකමැති නම් මාස 06ක්් ඇතුළත අවලංගු කළ හැකි වගන්ති ගිවිසුමේ අංගුවන බවයි. මහජනයා රැුවටීම සඳහා ඇතුල් කරන මෙවැනි වගන්ති පෙන්වා විද්වත් තර්ක හැදීම මොනතරම් අසරණ ක‍්‍රියාවක්ද? නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු පිළිබඳ වසර 14ක් ගතවීමෙන් පසුවත් කටක් ඇර කථා නොකරන අප රටේ නිලධාරීන් සහ විද්වතුන් මාස 06කදී කරන දේ ගැන මේ රටේ ජනතාවට සිතා ගත හැක. අනෙක් ප‍්‍රශ්නය රටවල් දෙකක් අතර පෙරුම් පුරා අත්සන් කරන එවැනි ගිවිසුමක් ඒක පාර්ශ්වීයව අවලංගු කිරීම සරලව කල හැකිද යන්නයි. ඒවා දේශපාලන සුරංගනා කතා බව සැගවිය නොහැක. පවතින තත්වය තුළ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව මතුවන ගැටළු නිරාකරණය කිරීම සඳහා ලෝක වෙළඳ සංවිධානයට විශාල බලයක් ලැබී ඇත. ඒ අනුව අප ගිවිසුම ඒක පාර්ශවීයව අවලංගු කරන්නේ නම් ඉතා විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇත. ඒ තත්වය තුළ අත්සන් කිරීමට යෝජිත සත්‍ය ගිවිසුම රටට ඉදිරිපත් කොට ඒ පිළිබඳ විවෘත සංවාදයකට එළැඹෙන ලෙස මේ ඊනියා විද්වතුන්ට මහජනයා විසින් අභියෝග කළ යුතුය. ඉහත කී විද්වතුන් දෙපලට අමතරව සීපා ගිවිසුමේ හොඳ පැත්ත ගැන කථා කරන ව්‍යාපාරිකයෝ් කිහිප දෙනෙක්ද සිටිති. ඔවුන්ගෙන් සමහරෙක් පරම්පරා දෙක-තුනකට පෙර ඉන්දියාවෙන් පැමිණි අයයි. ඉන් එක් අයෙකු ඉන්දියාවේ විශාඛා පට්නම්හි ආරම්භ කොට ඇති අක්කර 1000ක් පැතිරී යන රෙදිපිළි අපනයන ගම්මානය ලංකාවේ ඇගළුම් අපනයන ව්‍යාපාරයට මරු පහරක් වී ඇත. ඔවුන්ගේ ඉච්ඡුා බස් උපදින්නේ ප‍්‍රධාන වශයෙන් රුපියල් ශත තුළින් බැවින් ඒ ගැන අපට ඒ තරම් දුකක් නැත. නමුත් විද්වතුන් යයි කියාගන්නා පිරිස් වරප‍්‍රසාද සඳහා තම මවුබිමට එරෙහිව කටයුතු කිරීම නම් දුක් වීමට කාරණාවකි. බාල කේවල් කිරීමේ උපාංගවලින් සත්‍ය වසන් කළ හැකිද ?
මෙම ගිවිසුමට අදාළ සාකච්ඡුාවල නියැලී සිටින විද්වතුන් සහ නිලධාරීන් රටේ මහජනතාව සමඟ ‘හොරා – පොලිස්’ ක‍්‍රීඩාවේ යෙදී සිටින බව පැහැදිලිව පෙනෙන්නට ඇත. ඔවුහු සමස්ත ගිවිසුමේ අඩංගුව සඟවා තබා ගන්නා අතර මහජනයා නොමඟ යැවීමට සහ සමාජයේ පැන නඟින සංවාදයට අනුකූල වන ලෙස ගිවිසුම කොටස් වශයෙන් හෙළිදරව් කරති. 2008දී ගිවිසුමට විරෝධය එල්ලවන විට ඔවුන් කියා සිටියේ ගිවිසුමේ අඩංගු වන ඉන්දියානු වෘත්තිකයන්ගේ (විශේෂයෙන්ම වෛද්‍ය සහ නීති වෘත්තිකය) නිදහස් ආගමනයට ඉඩ සලසන වගන්ති ඉවත් කළ බවයි. දැන් පැන නඟින විරෝධයේදී ඔවුනට ඉවත් කර ගන්නා බව ඇඟවීමට කොටසක් නැත. එම තත්වය තුළ මෙවර ඔවුන් ඉහත ඉවත් කළා යයි සඳහන් කළ කොටස නැවත ඇතුළු කොට ඇති බව පවසති. එසේ කරන්නේ විරෝධය මතු වන විට නැවත ඒ කොටසක් ඉවත් කොට ගෙන දැන් හානියක් නැතැයි පැවසීමට ඉඩක් ඉතිරි කර ගැනීම සඳහාය. එය ඉතා පැරණි කේවල් කිරීමේ උපාංගයක් වුවත් ඔවුහු එය ඉතා දක්‍ෂ ලෙස හසුරුවති. එක් විද්වතකු පුවත්පත්වලට පවසා තිබුනේ ඉන්දියානු වෛද්‍ය වෘත්තිකයන් සහ නීතීඥයන් ලංකාවට පැමිණ රැුකියා කිරීම මහජනයා අනුමත කරන බවකි. නමුත් ඇත්ත වශයෙන්ම එම වෘත්තිකයන්ගේ ආගමනය ගිවිසුමට ඇතුළු කොට නැති බවද කියවේ. එහෙත් ඒ සඳහා ඉන්දියාවෙන් විශාල බලපෑමක් එල්ලවන බව රහසක් නොවේ. ඉහත ප‍්‍රකාශය සමඟ මේ බලවත් වෘත්තිකයන් මහා විරෝධයක් පල කරනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. එසේ විරෝධය පළ කරන විට නැති දේ ඉවත් කරගන්නා බව පවසා සාධාරණත්වය ඉටු කරන බවත්, ගිවිසුමෙන් අහිතකර දේ ඉවත් කරන බවත් පැවසීමේ හැකියාව ඔවුන්ට ලැබේ. මේ ආකාරයේ බාල උපක‍්‍රම මහජනයා ඉතා හොඳින් හඳුනාගත යුතුය. කෙසේ වෙතත් එසේ වෘත්තිකයන් දේශසීමා හරහා රැුකියා සඳහා පැමිණීමට අප රටේ විද්වතුන් විරුද්ධ නොවුනහොත් ඉන්දියාවේ බලපෑම මත එම ප‍්‍රතිපාදන නැවත ඇතුළු කරන බවට කිසිදු සැකයක් නැත.
සීපා ගිවිසුම නැතිවත් ඉන්දියානුවෝ ලංකාවේ රැකියා කරති
ඇත්තවශයෙන්ම දැනටමත් ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල (ඉන්දියානු සහ ශ‍්‍රී ලංකාවේ අයිතිය ඇති රෝහල් වල)සේවය කිරීම සඳහා ඉන්දියානු වෛද්‍යවරුන්ට කෙටිකාලීන ලියාපදිංචිය සහ අවසරය ලැබේ. ඒ අනුව ඒ පිළිබඳව විශේෂයෙන් සීපා ගිවිසුමේ සඳහන් කොට නැති ලෙඩක් දමා ගන්නේ කුමටද? අනෙක් අතට රෝහල් පිහිටුවීමට සහ තිබෙන රෝහල් අත්පත් කර ගැනීමට සීපා යටතේ අවසරය ලැබේ. ඊට අමතරව සේවා වෙළඳාමේ දෙවන ක‍්‍රමය වන පාරිභෝගිකයා දේශ සීමා හරහා යමින් සේවා ලබා ගැනීමේ ක‍්‍රමයත් දැනට හොඳින් ක‍්‍රියාත්මක වේ. මේ වන විටත් ශ‍්‍රී ලාංකික රෝගීන් විශේෂඥ වද්‍යසේවා ලබා ගැනීම සඳහා විශාල වශයෙන් ඉන්දියාවට යන ප‍්‍රවණතාවයක් ඇත. එසේම සේවා වෙළඳාමේ පළමු ක‍්‍රමය වන පාරිභෝගිකයා දේශසීමා හරහා නොගොස් සේවා දේශසීමා හරහා ලබා ගැනීමද අනාගතයේ ඉතා හොඳින් සිදු වනු ඇත. (අන්තර්ජාලය හරහා ෙ‍ෙවද්‍යසේවා ලබා ගැනීම දැනටමත් සිදුවේ.)මේ සියල්ලටම වඩා බරපතල කාරණයක් ඇත. මේ වන විට ඉන්දියානු කම්කරුවන් රාශියක් කොළඹ නගරයේ ඉදිකිරීම් ආශ‍්‍රිතව කම්බි නැමීම ආදී රක්‍ෂාවල නිරත වන අතර නැෙඟනහිර පළාතේ ගොයම් කැපීම වැනි රක්‍ෂාවලද නිරත වේ. සීපා ගිවිසුම අත්සන් කළ පසු එම තත්ත්වය සිය දහස් ගුණයකින් වැඩි වනු ඇත. සේවා අංශ සීමා කිරීම බොරු වචන හරඹයක්
ඉන්දියානු පිලේ සිටින ශ‍්‍රී ලාංකික විද්වතුන් මොනතරම් සුරංගනා කථා කීවත් ඇත්ත වශයෙන්ම ගිවිසුමේ ඇති දේ කියන්නේ නැත. නමුත් රටට ආදරය කරන විවිධ නිලධාරීන් ඔවුන්ගේ හැකියාව අනුව රහසිගතව ලබාගන්නා ලේඛන අප වෙත ලැබෙමින් ඇත. ඒවාට අනුව සේවා වෙළඳාමේ හතරවන ආකාරය වන වෘත්තිකයන්ගේ නිදහස් ආගමනය සහ තුන්වන ආකාරය වන විදේශීය සමාගම් වාණිජ වශයෙන් රට තුළ ක‍්‍රියාත්මක වීම යන ආකාර දෙක ඉතා ප‍්‍රබල ලෙස ගිවිසුමට ඇතුළු කොට ඇත. මහජනයාට ඉන්දියාවේ සාධාරණත්වය පෙන්නුම් කිරීම සඳහා ඔවුන් කියන්නේ ඉන්දියාව සේවා අංශ 40ක් ශ‍්‍රී ලංකාවට විවෘත කරන විට ලංකාව ඉන්දියාවට විවෘත කරන්නේ සේවා අංශ 9ක් පමණක් බවයි. නමුත් ඇත්ත වශයෙන්ම ඉන්දියාව විවෘත කරන අංශවල රැුකියා කිරීම සඳහා ලංකාවේ අතිරික්ත වෘත්තිකයන් නොමැත. උදාහරණ ලෙස වෛද්‍ය, පශු ද්‍ය, පරිගණක, ස්වාභාවික වෛද්‍ය, බලශක්ති, සන්නිවේදන, උසස් අධ්‍යාපන, සංචාරක ආදී අංශ රාශියකින් ඉන්දියාවට යාම සඳහා පිරිස් ලංකාවෙන් සොයාගත නොහැක. නමුත් ලංකාව විවෘත කොට ඇති අංශ අපේ ආර්ථිකයේ ඒකාධිකාරයක් ලෙස රැුකගතයුතු අංශ බව ඉතා පැහැදිලිය. එම අංශවල අපේ මිනිසුන් පුහුණු කර ගැනීම ඉතා වැදගත් වේ. නමුත් එම අංශ විවෘත කළ පසුව ඉන්දියානුවන්ගෙන් ඒ සියලූ අංශ පිරී යනු ඇත. උදාහරණයක් ලෙස නාවික ශිල්පීන්, පුහුුණු වෑද්දුම්කරුවන්, මෝටර් කාර්මිකයන්, ඉංජිනේරුවන්, නැව්ගතකරන්නන්, සියලූම ආකාරයේ පරිගණක තාක්‍ෂණික ශිල්පීන් ආදී වෘත්තීය ක්‍ෂේත‍්‍රවල ශ‍්‍රී ලාංකේය ලකුණ අහිමි වී යනු ඇත. ඊට අමතරව තවමත් එළිදරවු නොවූ සේවා අංශ රාශියක් විවෘත කිරීම මෙම ගිවිසුමට ඇතුළත්ව තිබිය හැක. ඉන්දියානුවන්ට සේවා ස්ථානවල වැඩි අවස්ථා හිමිවේ
ඉහත අංශවල සේවය කිරීම සඳහා ඉන්දියානුවන් විසින් අප රටේ අලූතින් පිහිටුවනු ලබන සමාගම්වල හෝ ඉන්දියාවේ පිහිටුවා ලංකාවේද ශාඛාවක් ලෙස පවත්වාගෙන යන සමාගම්වල ඉන්දියානු වෘත්තිකයන්ට රැුකියා ලබා දිය හැකි වනු ඇත. ඊට අමතරව ලංකාවේ සමාගම් හෝ පුද්ගලික ආයෝජකයින් සමඟ එක්ව හෝ ස්වාධීනව රැුකියා කිරීමටද ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙයි. මේ විවිධ ක‍්‍රමවේද සඳහා ගිවිසුම තුළ විවිධ ආකාරයේ වීසා ලබාදීමේ ක‍්‍රමවේද සහ කාල රාමු හඳුන්වා දී ඇත. බැලූ බැල්මට ඒවා ඉන්දියානුවන්ට එරෙහිව පනවන ලද සීමා බාධක ලෙස පෙනේ. නමුත් එම වගන්ති තුළ ඉතා සූක්‍ෂම ලෙස වීසා ප‍්‍රතික්‍ෂේප කිරීමේ ඉඩකඩ අහුරා ඇත. අප කැමති වුවත්, අකමැති වුවත් දිගින් දිගටම වීසා දික්කරමින් ඉන්දියානුවන් රට තුළ තබා ගැනීමට දැඩි බලපෑමක් එම වගන්ති තුළින් එල්ල වේ. ඉන්දියානු සේවා වෘත්තිකයන්ගේ යැපෙන්නන්ටද වීසා දීමට සිදුවේ
ඊට අමතරව එම වෘත්තිකයන්ගේ යැපෙන්නන්ටද නේවාසික වීසා දීමට පමණක් නොව රැුකියා කිරීමට වීසා නිකුත් කිරීමටද අපට බල කෙරේ. ඒ අනුව ඉහත සඳහන් වෘත්තික ක්‍ෂේත‍්‍රවලට අයත් නොවන යැපෙන්නකුට අප විවෘත කොට නොමැති ක්‍ෂේත‍්‍රයක වුවද රැුකියා කිරීම සඳහා ඉඩ ලබා දීමට අප බැඳී සිටී. මෙම සංකීර්ණ ගිවිසුමේ ඇති කොන්දේසි අනුව මෙහි පැමිණෙන, සුළු ආයෝජනයක් කරන, ඉන්දියානු වෘත්තිකයකුට (උදා : ටේලර්වරයකුට පවා* දීර්ඝ කාලීන වීසා ලබා දීමටත් ඔහුගේ සියලූම යැපෙන්නන්ට වීසා ලබා දීමටත් ශ‍්‍රී ලංකාව බැඳී සිටියි. එම වීසා මගින් ඔවුන් හට ඉහත කී සුළු ව්‍යාපාරයේ විධායක නිලධාරීන් හෝ කළමනාකරුවන් ලෙස රැකියා කිරීමටත් හැකි වනු ඇත.
ඉන් නොනවතින මෙම භයානක ගිවිසුම ඉහත කී යැපෙන්නන් හට එකී ව්‍යාපාරයෙහි සේවය කිරීමට ලබා ගත් වීසා බලපත‍්‍රය මත වෙනත් ඕනෑම ආයතනයක ඕනෑම පහළ මට්ටමේ රැකියාවක් කිරීමට පවා අවකාශ සලසා දෙයි. දාම ප‍්‍රතික‍්‍රියාවක් ලෙස පැතිරී යා හැකි ඉහත ක‍්‍රියාවලිය මගින් විරැුකියාවෙන් පෙළෙන මිලියන 50ක් පමණ ඉන්දියානුවන්ගෙන් ශ‍්‍රී ලංකාව පිරී ඉතිරී යාමට වැඩි කාලයක් ගත නොවනු ඇත. (සීපා ගිවිසුමේ මුලින් එකග වූ රාමුවේ 4 වන පරිච්ඡේදයiii (4වගන්තිය සහ ivවගන්තිය අනුව)
උදාහරණයක් ලෙස බාබර්වරියක් විවාහ කරගත් ඉන්දියානු මෝටර් කාර්මික ශිල්පියකු ලංකාවට පැමිණීමේදී ඔහුට රැුකියාවක් සඳහා වීසා ලබා දෙනවාට අමතරව බාබර් රැකියාව සඳහාද වීසා ලබා දීමට අප බැඳී සිටියි. ඉන්දියාවේ ජනගහනයට සහ එම රටේ රැකියා වියුක්තියට සාපේක්‍ෂව බලන විට මේ තත්වය විසින් අද අප මුහුණ දෙන ඉන්දියානු වතු කම්කරු ප‍්‍රශ්නයට වඩා බරපතල තත්වයක් අනාගතයේදී ඇති කරනු ඇත.
සීපා ගිවිසුම ‘ගැට්ස්’ ගිවිසුමේ ම කාබන් කොපියකි
ඉහත සදහන් කල ආකාරයට සීපා ගිවිසුමේ සේවා වෙළඳාම පරිච්ෙඡ්දය ලෝක වෙළඳ සංවිධානයේ අපකීර්තිමත් ‘ගැට්ස්’ ගිවිසුමේ කාබන් කොපියක් බව ඉතා පැහැදිලිය. ගැට්ස් ගිවිසුමට අදාල සේවා සැපයුම් ක‍්‍රමවේද 4 ම සීපා ගිවිසුමට ඇතුල් කොට ඇති අතර ‘‘ජාතික සැලකිල්ල’’ නැමැති ප‍්‍රතිපත්තියද ඇතුල් කොට ඇත. එම ප‍්‍රතිපත්තිය අනුව ශ‍්‍රී ලංකාව තුළදී ඉන්දියානු සහ දේශිය සේවා සපයන්නන්ට එක හා සමානව සැලකිය යුතුය.
තවද ‘‘ඉදිරිගාමී නිදහස් කිරීම’’ නැමැති ප‍්‍රතිපත්තිය යටතේ දිගින් දිගටම සේවා අංශ තව තවත් විවෘත කිරීමට අප බැඳී සිටියි. එසේම එම බැඳීම් අඩු කිරීම පිලිබඳව ගැටුම් ඇති වූ විට අවසානයේ එය බේරුම් කිරීමටද සිදුවන්නේ ලෝක වෙළඳ සංවිධානයේ බේරුම්කාර මණ්ඩලයේදීය. සේවා වෙළඳාම ආශ‍්‍රිතව ඇති නරකම වගන්තියක් වන්නේ නිදහස් කර ඇති සේවාවක් සඳහා ඉන්දියානු සමාගමක් රට තුලට පැමිණියාට පසුව වෙනත් සේවා සමාගමක් ආරම්භ කලහොත් ඒවාට ආදාල වන්නේ ආයා්ජන පිළිබඳ කොන්දේසි පමණි. එයින් සිදුවන්නේ ශ‍්‍රී ලංකාව නිදහස් කොට නැති සේවා අංශයක වුවද ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගම් වලට අවස්ථාව ලැබීමයි.
මේ ආකාරයට නංගි පෙන්නා අක්කා දෙන වගන්ති රාශියක් ඉන්දියානුවන් විසින් ඉතා සූක්‍ෂමව සීපා ගිවිසුමට ඇතුළු කොට ඇත. මෙම ගිවිසුම සකස් කරන නිළධාරීන් ඉතා සූක්‍ෂම ලෙස වගන්ති ඉදිරිපත් කිරීම සංකීර්ණ කොට ඇත. එක් වගන්තියක් තව වගන්තියකට යොමු කිරීම මෙන්ම ඉතා වැදගත් දේ ඇමිණුම් ලෙස ඉදිරිපත් කිරීමද සිදු කොට ඇත. ඒ මඟින් සාමාන්‍ය ජනයා අතට ගිවිසුම ලැබෙන විට එය තේරුම් ගැනීමට අපහසු සංකීර්ණ ලේඛණයක් බවට පත් වනු ඇත.
සීපා ගිවිසුම මගින් ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ප‍්‍රමිතීන් ඉන්දියානුකරණය වනු ඇත
සීපා ගිවිසුම අප රටේ සමස්ථ ආර්ථිකය වසාගත් විට අපට සිදුවන්නේ ඉන්දියානු ප‍්‍රමිතීන් අපේ ප‍්‍රමිතීන් බවට පත් කර ගැනීමටය. ඒ අනුව අප රටට ඉන්දියාව විසින් නියම කරන ප‍්‍රමිතීන් අනුව අපේ නිෂ්පාදන වල ගුණාත්මක මට්ටම පවත්වාගෙන යාමට සිදුවනු ඇත. අප සමහර විට යුරෝපීය ප‍්‍රමිතීන් අනුව නිෂ්පාදනය කළ භාණ්ඩයක් වුවද විවිධ නිර්ණායක මඟින් ප‍්‍රතික්‍ෂේප කිරීමේ ඉඩකඩ ඔවුන්ට ලැබේ. අනෙක් පැත්තෙන් අප රටේ ප‍්‍රමිතීන් ක‍්‍රියාත්මක කිරීමේ දුර්වල අවස්ථා භාවිතා කොට ඔවුන් ඔවුන්ගේ බාල නිෂ්පාදන අප රටට ‘ප‍්‍රතාපනය’ කරනු ඇත.
ආයෝජනවලට ඉඩ දෙන ආකාරය භයානකය
සීපා ගිවිසුම යටතේ ඉන්දියානු ආයෝජනවලට ඉඩ ලබා දෙන ආකාරයද ඉතා භයානකය. ගිවිසුම ක‍්‍රියාත්මක වුවහොත් අප රටේ කිසිම අංශයක දේශීය ව්‍යාපාරිකයකුට හිස එසවීමට නොහැකි ලෙස ඉන්දියානු සමාගම් විවිධ සහන ලබමින්් ලංකාව පුරා පැතිරී යනු ඇත. එම තත්වය විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල දක්නට ලැබෙනු ඇත.
ගිවිසුමේ හෙළිදරව් වී ඇති කොටස්වලට අනුව කුඩා පරිමාණ උකස් සේවා, වෙරළ ආසන්න කුඩාපන්න ධීවර කර්මාන්තය සහ කුඩා පරිමාණ සිල්ලර වෙළඳාම හැර අන් සියළු අංශ ඉන්දියානුවන්ට විවෘත වනු ඇත. සුපර් මාකට් සංකල්පය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1කට වැඩි ආයෝජනයක් නම් සිල්ලර වෙළඳාමද ඉන්දියානුවන් අතට පත්වනු ඇත. බදු සහන යටතේ ඉන්දියාවෙන් ගෙන්වනු ලබන පරිභෝජන භාණ්ඩ සහ කෘෂිකාර්මික නිෂ්පාදන ඉන්දියානු සිල්ලර වෙළෙන්ඳන් මඟින්ම රට පුරා අලෙවි කරන විට අපේ නිෂ්පාදකයාට සහ ගොවියාට තොග වශයෙන් වස පානය කිරීමට නම් ඉඩ හොඳින් ලැබෙනු ඇත. එසේම ශ‍්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොලේ අලෙවිකරණ සමාගම්වල කොටස් 40% දක්වා මිලදී ගැනීමේ හැකියාවද ඉන්දියානුවන්ට ලැබේ. එම ඉඩකඩ සන්නිවේදන, අධ්‍යාපන, නැව්ගත කිරීම්, සෞඛ්‍ය සේවා, සංචාරක සේවා, නාවික සේවා ආදී ඉතා වැදගත් සේවා අංශවලට ලබා දී ඇත.
ඊට අමතරව 100%ක් ඉන්දියානු අයිතිය ඇති සමාගම්වලට පවා ආයෝජන කලාප වලින් පිටතද රටේ ඕනෑම ස්ථානයක ඉඩම් මිලදීගෙන සමාගම් ස්ථාපිත කිරීමේ අයිතිය ලැබේ. එවන් ඉඩම් මිලදී ගැනීම්වලදී 100%ක ප‍්‍රාග්ධන බද්දෙන්ද නිදහස් වේ. ඒ අනුව දැනටමත් නිවාස ව්‍යාපෘති ආදී විවිධ ආයෝජන සඳහා යයි පවසමින් රජයේ ඉඩම් අත්පත් කරගෙන ඇති ඉන්දියානුවන් එම ඉඩම් මේ ඉන්දියානු සමාගම්වලට විකුණා දමනු ඇත. එපමණක් නොවේ. ඉන්දියානුවෝ දැනටමත් ප‍්‍රාග්ධන බද්දෙන් නිදහස් වීම සඳහා සමාගම් නීතියේ දුර්වල තැන් පාවිච්චි කරමින් සිටිති. ඔවුහු ලංකාවේ සමාගමක් පිහිටුවා ඉඩමක් ප‍්‍රාග්ධන බද්දෙන් බැහැරව මිලදී ගැනීමෙන් පසුව කොටස්කරුවන් වෙනස් කිරීමෙන් අයිතිය පවරා ගැනීමේ කූඨ ක‍්‍රියාවේ නිරත වෙති. එම තත්වය තුළ ශ‍්‍රී ලංකාවේ වටිනා ඉඩම් විශාල වශයෙන් ඉන්දියානුවන් අතට පත්වීමේ අනතුරක්ද මතුවේ.
ඉන්දියානු සිනමා ශාලා සහ පුද්ගලික විශ්ව විද්‍යාලද ආයෝජන ලෙස ලංකාවට පැමිණේ
සීපා ගිවිසුම යටතේ ඉන්දියානු පුද්ගලික විශ්ව වද්‍යෛාලවලට ශ‍්‍රී ලංකාවේ ශාඛා විවෘත කිරීමටද අවසරය ලැබෙන අතර පරිගණක ක්‍ෂේත‍්‍රවල අධ්‍යාපන සහ සේවා සැපයීම යන අංශ දෙකම ඉතා පුළුල් ලෙස ඉන්දියානුවන්ට විවෘත වේ. ඒ මඟින් ලංකාවට අධ්‍යාපන ඉඩ ප‍්‍රස්ථා විවර වන බවට තර්කයක් ගොඩනැගිය හැක. එහෙත් එය සිදුවන්නේ ඉන්දියානු අයිතියට සහ ආධිපත්‍යයට යටත්ව දැඩි වාණිජ සීමාකම් තුළ බව අප අමතක නොකළ යුතුය. එම යැපීම් ක‍්‍රියාවලිය දීර්ඝකාලීනව දේශපාලනිකවද අප රටට ඉතා අහිතකර ආකාරයට බලපානු ඇත.
හාස්‍යජනකම කාරණය වන්නේ ඉන්දියානු සිනමා ශාලා පිහිටුවීමට සීමා පනවා ඇති බව පැවසීමයි. එම සීමාව භෞතික වශයෙන් 25කි. තමිල්නාඩුවේ චිත‍්‍රපට පෙන්වාදෙන ආකාරයට ඉන්දියානු චිත‍්‍රපට 7ක් එකවර තට්ටු 7ක පෙන්වන චිත‍්‍රපට ශාලා 25ක් ඔවුන් පිහිටුවනු ඇත. එය ලංකාව වැනි කුඩා රටක එම ක්‍ෂේත‍්‍රයේ ආර්ථිකයට පමණක් නොව සමස්ත රටේම අධ්‍යාපනයට සහ සංස්කෘතියට කුමන බලපෑමක් ඇතිකරනු ඇතිද? එම හාස්‍යය දෙගුණයක් වන්නේ සිනමා කාලයෙන් 40%ක් ආනයනික ඉන්දියානු චිත‍්‍රපටවලට වෙන් කර ඇතැයි තවත් සීමා පැනවීම නිසායි. මේවා සැබවින්ම සීමා නොවන බවත් සීමා වෙසින් එන බලපත‍්‍ර බවත් තේරුම් යන විට සිදුවිය යුතු නරකම දේත් සිදුව පවතිනු ඇත.
සීපා ගිවිසුමේ යම් බොරු සීමා පනවා තිබුණත් නිදහස් වෙළඳ ගිවිසුමේ මෙන් ප‍්‍රබල ‘නිශේධ ලයිස්තුවක්’ හෙවත් භාණ්ඩ, සේවා හෝ ආයෝජන වාරණය කිරීමේ කොන්දේසි ලයිස්තුවක් නැත. එම තත්වය තුළ ‘සීපා ගිවිසුමේ ගංවතුර ගේට්ටු’ විවෘත කළ පසු නොහොත් ‘සිපා සුනාමියේ’ ප‍්‍රහාරයට ලක් වූ පසු ලංකාවේ ආර්ථිකයට සිදුවන දේ වෙළඳාම පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති අයකුට වුවත් සිතින් මවා ගත හැක. එය කිසිසේත්ම ඉන්දියානු පිලේ සිටින අප රටේ විද්වතුන් පවසන සුරංගනා කතාවක් නොවන බව ඉතා පැහැදිලිය. මේ පාවාදීම ඔවුන් කරන අවසාන පාවාදීම බවට සැකයක් නැත. ඒ විනාශයෙන් පසුව ඔවුන්ට මේ බිමේ ජීවත් වීමේ සදාචාර අයිිතිය අහිමි වන තත්වය තුළ ඔවුන් අධ්‍යාත්මිකව ඉන්දියාවේම සරණාගතයන් වනු ඇත.

රට පාවා දීමේ ගිවිසුමක්

උඩරට ගිවිසුම වැනි දේශපාලන ගිවිසුම් මඟින් දුර්වල රටවල් බලවත් රටවල් වලට පාවාදීමේ ද්‍රෝහී ක‍්‍රියා පිළිබඳ උදාහරණ රාශියක් විවිධ රටවලින් සොයාගත හැක. එහෙත් ආර්ථික ගිවිසුමක් මඟින් රටක් පාවා දෙන පළමු අවස්ථාව සීපා ගිවිසුම බවට සැකයක් නැත. එබැවින් මේ ගිවිසුම අත්සන් කිරීම සඳහා ශ‍්‍රී ලංකා රජය පෙළඹවීම අරමුණු කරගෙන ඉන්දියානුවෝ විවිධ අත කරකැවීමේ උපක‍්‍රම සහ රාජ්‍යතාන්ත‍්‍රික මෙහෙයුම් මෙන්ම අධ්‍යාපනික අවස්ථාද නිර්මාණය කරමින් සිටිති. ඉන් ප‍්‍රධානතම අධ්‍යාපන ව්‍යාපෘතිය වන්නේ ‘‘සෆ්ට්ස්’’ ගිවිසුම හෙවත් සේවා ආශ‍්‍රිත වෙළඳාම පිළිබඳ දකණු ආසියානු ගිවිසුමයි. එම ගිවිසුම 2012 සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණි. ඒ මඟින් සේවා වෙළඳාම පිළිබඳව පවතින මානසික බාධක ඉවත් කිරීම අපේක්‍ෂා කෙරේ.
නමුත් ඇත්ත වශයෙන්ම ඉන්දියාවට 2004දී අත්සන් කළ සෆ්ටා (භාණ්ඩ වෙළඳාමට අදාල දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම* හෝ සෆ්ට්ස් ගිවිසුම එතරම් වැදගත් නැත. හේතුව පකිස්ථානය හැර අනෙකුත් කුඩා රටවලින් ඔවුන්ට එතරම් වෙළඳ වාසියක් නොමැති වීමයි. පකිස්ථානය අභ්‍යන්තර දේශපාලන හේතු මත ඉන්දියාවට උවමනා ආකාරයට නටන්නේ නැත. සෆ්ටා යටතේ කලාපයේ දුප්පත් රටවල් තම තීරුබදු මට්ටම් සියල්ල 0 සිට 5 දක්වා වන පරාසයකට අඩු කළ යුතුය. නමුත් ඉන්දියාව එසේ කිරීමට සූදානම් නැත. ඉන්දියාව ‘බදු සීමා සහ බදු නොවන සීමා’ පැනවීමේ දක්‍ෂතාවය අනුව ලෝකයේ සියලූම රටවල් අතුරින් ඉහළින්ම සිටියි. ඒ නිසා ‘සෆ්ටා’ හෝ ‘සෆ්ට්ස්’ කලාපයේ වෙළඳ යථාර්ථය බවට පත්වනු ඇතැයි ඉන්දියාව කල්පනා කරන්නේ නැත.
ඉන්දියාවට අවශ්‍ය වන්නේ ආර්ථික වශයෙන් බලවත් විභවයක් සහිත ශ‍්‍රී ලංකාව සීපා යටතේ කොටුකර ගැනීමටය. අනෙක් දුප්පත් කුඩා රටවල වෙළඳපල ඉන්දියාවට වැදගත් නැත. ඒවා කොහොමටත් අර්ධ වශයෙන් යටත් වූ වෙළඳපොළවල්ය. ඉන්දියාවට වැදගත් වන්නේ මහා ඛණිජතෙල් පටියක් මත පිහිටා ඇති ගොඩබිම මෙන් 23 ගුණයක් මුහුද අයත් වන සහ අනාගතයේදී ලෝකයේම ප‍්‍රබල නාවුක මූලස්ථානයක් බවට පත්වන ශ‍්‍රී ලංකාව ආර්ථික වශයෙන් යටත් කර ගැනීමයි. එ තුළින් දේශපාලන වශයෙන් යටත් කිරීම සඳහා ම`ග පාදා ගැනීමද ඉන්දියාවේ අපේක්‍ෂාවයි.
විරෝධය හමුවේ ඉන්දියානුවන් උපක‍්‍රමශීලී විය හැක
දැනට ලැබෙමින් ඇති තොරතුරුවලට අනුව වෙළඳ අමාත්‍යාංශයට සම්බන්ධ ආර්ථික ඝාතක නිලධාරීන් පිරිසක් සහ ඉන්දියානු දේශපේ‍්‍රමී නිලධාරීන් පිරිසක් අතර පැවැත්වූ සාකච්ඡුා වට කිහිපයකට පසුව වඩාත් උපක‍්‍රමශීලී වීමට ඔවුන් තීරණය කොට ඇත. ඒ අනුව ඔවුන් යෝජනා කරන්නේ මුල් වටයේදී නිශ්චිත යෝජනා අඩංගු නොවන සංකල්පීය රාමුවකට පමණක් අත්සන් කොට විරෝධය සමනය වූ පසුව විස්තරාත්මකව වගන්ති එකින් එක ඇතුළු කිරීමය. එම කූඨ ක‍්‍රමවේදය රටවල් මත ගිවිසුම් බලෙන් පැටවීමේදී මහජන විරෝධය සමනය කිරිම සදහා යොදාගන්නා පොදු උපක‍්‍රමයකි’ මේ තත්වය මහජනතාව ගැඹුරින් තේරුම් ගත යුතුය.
ඒ අනුව අදාල පරිච්ෙඡ්දවල අඩංගු වන්නේ සාමාන්‍ය පොදු සරල කරුණු සහ පැහැදිලි කිරීම්ය. නමුත් ගිවිසුම අත්සන් කලාට පසුව ක‍්‍රියාකාරී කණ්ඩායම් හෝ උප කමිටු මඟින් අවශ්‍යවන සුවිශේෂී වගන්ති ඇතුලත් කිරිම හරහා විශාල වෙනස්කම් කිරීමට අවශ්‍ය ඉඩ සලසා ගැනේ. එවැනි එක් වගන්තියක් අනුව ගිවිසුම අත්සන් කොට වසරක් ඇතුළත රැුස්වී විස්තරාත්මක නිර්දේශ, ක‍්‍රමවේද සහ පටිපාටි පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුය. බළලා මල්ලෙන් එළියට පනින්නේ එතැනදීය. වෙනත් වචන වලින් කියන්නේ නම් රටට අහිතකර එකඟතාවයන් එන්නේ ගිවිසුම අත්සන්කොට වසරක් ඇතළතදීය. අපේ මිනිසුන් දිනාගැනීමට ඉන්දියානුවන්ට ඇති දක්‍ෂතාවය සහ අපේ නිළධාරීන්ගේ දුර්වලතාවයන් දෙස බලන විට මෙම වගන්තිය මගින් ඇති කරන බලපෑම හිස් චෙක් පත්වලට අත්සන් ගැනීමකට පසුව ඇතිවන තත්වයට සමාන කළ හැක.
ඉන්දියානුවන්ගේ ආක‍්‍රමණශීලී හැසිරීමේ පෙරනිමිති හඳුනාගනිමු
ඉන්දියානුවන් එක් පැත්තකින් ඉන්දියාව තුළදී විවිධ බදු නොවන බාධක පමුණුවමින් ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයන් අධෛර්යයට පත් කරන අතර අනෙක් පැත්තෙන් අප රට තුළදී රාජ්‍යතාන්ත‍්‍රික පීඩනයක් ඇති කරමින් තම ආර්ථික උපායමාර්ගික අවශ්‍යතා ඉටුකර ගනියි. පසුගිය කාලයේදී ඉන්දියානු ධීවරයන් ශ‍්‍රී ලාංකික මුහුදු සීමාවේ සම්පත් සූරාකෑමට එරෙහිව ශ‍්‍රී ලංකා රජය ක‍්‍රියාත්මක වූ අවස්ථාවේ ඉන්දියානු ආණ්ඩුව හැසිරුණු ආකාරය මීට හොඳම නිදසුනකි. ඔවුහු එහිදී අධිකරණයට පවා බලපෑම් කරන තත්වයට ආක‍්‍රමණශීලී වූහ. ඔවුන් කොතෙක් දුරට රාජතාන්ත‍්‍රික බලය තම රටේ ව්‍යාපාරික ආයතන වෙනුවෙන් යොදවනවාද යන්න තේරුම් ගැනීම සඳහා තවත් ඉතා හොඳ උදාහරණයක් සැපයිය හැක. ඉන්දියානු බැංකුවකින් මධ්‍යම පළාතේ ගුරුවරුන් පිරිසක් ලබාගත් ණය මුදල් වලින් තවමත් නොගෙවා ඇති ලක්‍ෂ 14ක පමණ මුදල ආපසු එම ආයතනයට ලබාගැනීම සඳහා පවා ඉන්දියානු තානාපති අංශ මැදිහත් විය. මේ වන විට ඉන්දියානු ධීවරයන් ශ‍්‍රී ලංකාවේ සාගර සම්පත් කොල්ලකෑමේ ජාත්‍යන්තර අවනඩුව ඉන්දියාවට වාසි සහගත වන ආකාරයට විසදා ගැනීම සදහා බෙදුම්වාදය පෝෂණය කිරිම සදහා යොදාගන්නා දේශපාලන උපාංග ද විවිධ මට්ටම් වලින් යොදා ගැනේ්’. අගමැති මෝඩි ඊට සෘජුව මැදිහත්වේ.
ශ‍්‍රී ලංකාව ආරක්‍ෂණවාදී වීමේ වැදගත්කම
ඵවතින තත්වය තුළ සීපා ගිවිසුමේ කුඩා වගන්ති රටට හානිකරද නැද්ද යන්න පසුව සොයාබලා ඒවා පසුව වෙනස් කිරීමේ හෝ පසුව ඉවත් කිරීමේ බලාපොරොත්තුව මත තීන්දු ගැනීමේ ප‍්‍රවේශයකට යාම යනු කැමැත්තෙන් උගුලට බෙල්ල තැබීමකි. නමුත් අප ඉන්දියාව අමනාප කර ගත යුතුද නැත. කළ යුත්තේ නිර්භයව යථාර්ථය පෙන්වා දී එයට මුහුණ දීමය. සීපා වැනි ගිවිසුමක් අත්සන් තැබීම ශ‍්‍රී ලංකාවට වාසිදායකයයි සද්භාවයෙන් සරල තර්කයක් හෝ ගොඩ නැඟීමට තවත් වසර 20ක්වත් ගතවනු ඇත. එම කාලය නිදහස් වෙළඳ ගිවිසුමේ ගැටළු විසඳා ගැනීමට හොඳටම සෑහේ. අප ශක්තිමත් වූ පසුව (උදාහරණයක් ලෙස කොරියාව මෙන්* නැතහොත් සමානව සිට වාණිජ තරඟකාරීත්වයට මුහුණ දීමට හැකි වූවාට පසුව යම් අනතුරුදායක ගිවිසුමකට ඔරොත්තු දීමේ හැකියාව අප සතු වනු ඇත.
මීට වසර 50කට පෙර බටහිර රටවල තීරු බදු සීමා විමසා බැලූවහොත් ඒවා 50% දක්වා ඉහළ මට්ටම්වල පැවති බව පෙනේ. එක්තරා බැරි අමාරු කාලයක ඔවුන්ද ඉතා ආරක්‍ෂණවාදීව හැසිරී ඇත. ඉන්දියාව තවමත් සෆ්ටා ගිවිසුම යටතේ බදු මට්ටම් පහළට ගෙන ඒමට අදි මදි කරයි.
අද බටහිරයන් නිදහස් වෙළඳාම පිළිබඳව ලොකුවට කතා කරන්නේ එසේ ආරක්‍ෂණවාදී වීමෙන් ශක්තිමත් වූවාට පසුවය. එම තත්වය තේරුම් ගැනීම සඳහා හොඳම ව්‍යායාමය ලෝක වෙළඳ සංවිධානය පිහිටුවීමට ඔවුන් කොතෙක් කාලයක් පසු බසිමින් සිටියාද යන්න අධ්‍යයනය කිරීමයි. බටහිර බලවත් ජාතීන් ලෝක බැංකුව හදන්නේ දෙවන ලෝක යුද්ධය අවසන් වූ ගමන්මය. ඒහෙත් නිදහස් වෙළඳාම ප‍්‍රවර්ධනය කරන ලෝක වෙළඳ සංවිධානය බිහිවන්නේ 90 දශකයේය. එයට හේතුව තමා ශක්තිමත් වනතුරු නිදහස් වෙළඳාම ගැන කථා නොකිරීමට බටහිර ජාතීන් වගබලා ගැනීමයි. බටහිරින් සියල්ල ඉගෙන ගත යුතු යයි අපට බණ කියන ආර්ථික විද්වත් බැටළු හම් පොරවාගෙන සිටින ආර්ථික ඝාතක වෘකයින්ට එම යථාර්ථය පැහැදිලි කරන ලෙස රටේ මහජනතාව විසින් අභියෝග කළ යුතුය.
සීපා ගිවිසුම නිසා නැති විය හැකි තවත් බොහෝ දේ ඇත
මේ සියළු කාරණාවලට අමතරව සීපා ගිවිසුම නිසා තවත් අනතුරුදායක තත්වයක් මතුවීමේ ඉඩකඩ ඇත. එනම් අපේ රටේ කර්මාන්ත ශාලා පවත්වාගෙන යන ඉන්දියුනු නොවන විදේශීය සමාගම් විසින් ඉන්දියාවේ පිහිටුවා ඇති තම මව් සමාගම් පුළුල් කොට අපේ රටේ තිබෙන කර්මාන්තශාලා වසා දැමීමේ තර්ජනයයි. එසේ වන්නේ අප රටේ භාණ්ඩ නිපදවනවාට වඩා ඉන්දියාවේදී නිපදවා සීපා බදු සහන යටතේ ඒවා ලංකාවට ආනයනය කිරීම ලාභදායක වන බැවිනි. ඒ අතර සීපා ගිවිසුම යටතේ ලැබෙන ආයෝජන සහන භාවිතා කරමින් උපායමාර්ගික වශයෙන් වැදගත් ශ‍්‍රී ලාංකේය සමාගම් සියල්ල මිලදී ගැනීමට ඉන්දියානු සමාගම් උත්සාහ කරනු ඇත.
සීපා එපා !….සීපා එපා !….සීපා එපා !….සීපා එපා !….සීපා එපා !….සීපා එපා !….සීපා එපා !….
2008 දී නැවැත් වූ ‘‘සීපා කතා’’ 2010 දී නැවත ආරම්භ කිරීම සඳහා ඉන්දියානු රජය උත්සාහ කළත් පසුගිය රජය ඊට යටත් වූයේ නැත. දැන් එදා නැවැත් වූ ‘‘සීපා කතා’’ නැවත ආරම්භ කිරීම සඳහා වර්තමාන ආණ්ඩුවට ඉන්දියානු බලපෑම් එල්ල වෙමින් ඇත. නමුත් පුද්ගලික අරමුණු මත ක‍්‍රියාකරන අතලොස්සක් පිරිසකට මුළු රටකට බලපාන තීන්දු හොර රහසේ ගැනීමට ඉඩදී ජාතියක් ලෙස අප නිවටුන් සේ බලා සිටිය යුතු නැත. අනාගතයේදී ඇමිණුම් ලෙස එකතු කිරීමට නියමිත සමස්ථය ඇතුලත සැබෑ සීපා ගිවිසුම රටට හෙළි කරන ලෙස මහජනයා රජයෙන් සහ මීට සම්බන්ධ පාර්ශ්ව වලින් ඉල්ලා සිටිය යුතුය. ඒ සමඟම සීපා ගැන කතා කිරීමට පෙර ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුමේ උද්ගතව ඇති ගැටළු විසඳන ලෙසටද ශ‍්‍රී ලංකා සහ ඉන්දියානු රජයන්ට මහජනයා විසින් බලකළ යුතුය.
කෙසේවෙතත් දැන් නව වටයකින් ඉන්දියානු පිලේ සිටින ශ‍්‍රී ලාංකේය විද්වතුන් අපට අතිශයෝක්තියෙන් පෙන්වා දෙන්නේ සීපා ගිවිසුම මඟින් ලංකාවට ලැබෙන වාසි ගැන පමණි. හාස්‍යයට කාරණය වන්නේ ඔවුන් ඉන්දියාවට ලැබෙන වාසි ගැන හෝ අවාසි ගැන කිසිවක් නොකියා සිටීමේ විද්වත්භාවයක්ද පෙන්නුම් කිරීමයි. අවසාන වශයෙන් ඉන්දියානු බලපෑම්වලට යටත්ව සීපා ගිවිසුම අත්සන් කිරීම යනු වසර 30කට අධික කාලයක් යුද්ධ කොට නිදහස් කොටගත් භූමිය බන්දේසියක තබා ඉන්දියාවට පූජා කිරීමක් මිස වෙනත් යමක් නොවේ.දැන් තත්වයන් පෙළ ගැසෙන ආකාරය අනුව වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සදහා තමා ඉටුකළ භූමිකාවට සංකේතාත්මකව කළ ගුණ දැක්වීම සදහා ශ‍්‍රී ලංකාව විසින් සීපා ගිවිසුම අත්සන් කළ යුතු බවට ඉන්දියාව කල්පනා කරන බව පෙනේ එහෙත් අප ජාතියක් ලෙස යටත්විය යුතු නැත’ බාගෙට යටත් වීමද අවසානයේදී සම්පූර්ණයෙන්ම යටත්වීමෙන් කෙළවර වනු ඇත
වෛද්‍ය වසන්ත බණ්ඩාර
මව්බිම ලංකා පදනම

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.