ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 9, 2015

වෙලේ සුදාට උපරිම දඬුවම් දෙන්න - පැමිණිල්ලේ අවසන් දේශනය...!!!

නඩුවේ සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්කි ඉදිරිපත්ව ඇති නිසා හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වැරදිකරු ලෙස සමන්ත කුමාර නැමැත්තාට (වෙලේ සුදාට) ජීවිතාන්තය දක්වා සිරදඬුවම හෝ මරණීය දණ්ඩනය නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය නීතිපතිවරයා වෙනුවෙන්  ඊයේ (08) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා සිටියා.
වෙලේ සුදාට එරෙහි නඩුවේ පැමිණිල්ලේ අවසන් දේශනය කළ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත්  කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන  ඉදිරියේ මෙම ඉල්ලීම කරනු ලැබුවා.
2008 දෙසැම්බර් 04 දින හෝ ඊට ආසන්න දිනක ගල්කිස්ස විද්‍යාල මාවතේ දී හෙරොයින් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම යන අධි චෝදනා 02 යටතේ මෙම නඩුව පවරා තිබුණා.
නඩුවේ සාක්කි විභාග කර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි හේරත්  විසින් කරන ලද පැමිණිල්ලේ අවසන් සමාලෝචන දේශනය පහතින් දැක්වෙනවා.

"2008 දෙසැම්බර් 04 දින ගල්කිස්ස අධිකරණය ආසන්නයේ විද්‍යාල මාවතේදී විත්තිකරුව අත්අඩංගුවට ගත්තා. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රංගජීව කියන මේ නඩුවේ පළමු සාක්ෂිකරු මොහුව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ දකුණු අතේ හෙරොයින් ග්‍රෑම් 84 යි මිලිග්‍රෑම් 200 ක පාර්සලයක් තිබුණා. එය හෙරොයින් බවට විත්තිකරු හොඳාකාරව දැන සිටියා. එම පාර්සලය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් රජයේ රස පරීක්ෂකට යොමු කළ විට ශුද්ධ හෙරොයින් ග්‍රෑම් 7.05 ක් තිබෙන බව ඔප්පු කර තිබෙනවා.
මේ අත්අඩංගුවට ගැනීම හා රජයේ රස පරීක්ෂකට යොමුකරන ක්‍රියාදාමය තෙක් නිවැරැදිව, නීත්‍යානුකූලව, කිසිදු සැකයකින් තොරව සාක්ෂි සනාථ කිරීම මේ නඩුවේදී කර තිබෙනවා. විත්තිය මඟින් කිසිදු හබ කිරීමක් කර නෑ. සාක්ෂි බිඳීමක් කර නෑ.


රංගජීව නිලධාරියාට සහාය වූ විජේසිංහ නිලධාරියාගේ හෝ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සමරකෝන් නිලධාරියාගේ සාක්ෂි බිඳින්න හෝ එම සාක්ෂි බොරු කරන්න විත්තියට හැකි වී නෑ.
මෙම විත්තිකරුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කොටුකර ගත්තේ පුළුල් මෙහෙයුමකින් පසුවයි.
එහෙත් විත්ති වාචිකය ඉදිරිපත් කළ විත්තිකරු කියා සිටියේ තමන් කැමැත්තෙන් රංගජීවගේ වාහනයට නැග්ගා කියලා.
හෙරොයින් ගැන දන්න, ‍මීට පෙර හෙරොයින් සම්බන්ධයෙන් නඩුවලට පෙනී සිටි විත්තිකරු ‍නාකොටික් වාහනේකට නැගල යන්න ඔහු බබෙක් නෙවෙයි. නාශක කාර්යාංශය ඉදිරිපත් කරන කුඩු පාර්සලයකට අත්සන් කරන්න තරම් ඔහු ලාමකයෙක් නොවෙයි. අත්අඩංගුවට ගත් නිලධාරීන් බඩෝවිට ප්‍රදේශයේදී නි‍වසක වහලයට නැගලා කුඩු පාර්සලයක් අරගෙන ඇවිල්ලා විත්තිකරුට එම චෝදනාව ඉදිරිපත් කළා කියන වි‍ත්තිවාචිකය පිළිගන්න බෑ ස්වාමිනි.
රංගජීව නිලධාරියා මහ දවල් බඩෝවිට නිවසක වහලයට නැග්ගද.....? ඒ ‍ගෙදර මිනිස්සු ඉඳිද්දි විත්තිකරුට එම කුඩු පාර්සලය දාන්න උවමනාව මොකක්ද? කුඩු පාර්සලය ගේනකම් වෙලේ සුදා වෑන් එකේ හිටියද...? මේවා විශ්වාසනීයත්වයෙන් තොර විත්තිවාචික ස්වාමිනි.මොහු මුල පටන් බොරු සාක්ෂි දුන් පුද්ගලයෙක් බව පැමිණිල්ල මඟින් සනාථ කරලා තියෙනවා.
අකුරු ලියන්න, කියන්න බැරි විත්තිකරුගේ කුඩා කල ජීවිතය සාක්ෂි මඟින් අනාවරණය වුණා. සහෝදර සහෝදරියන් සිව්දෙනෙක් කුඩා කාලයේ මොහු සමඟ එක කාරයේ පාසල් ගියා. කුඩාම නංගිගේ වයස අවුරුදු අටයි. එසේ නම් ඇය පළමු වසරේ. එතකොට විත්තිකරු අට පාස් කරලා තිබිය යුතුයි. අට පාස් පුද්ගලයෙකුට අකුරු බැරිද...? අන්න එතකොට විත්තිකරුගේ බොරුව හෙළිවෙනවා.
මොහු මුදල් උපයා ගත්තේ රුපියල් අට ගානේ පොල් ලොරි බාගයක් විකුණලද...? එයත් මාස තුනකට සැරයක්, බිත්තර 200 ක් විකුණලද....? නැතහොත් අන්නාසි ගෙඩි 100 ක් විකුණලද...? ඔහු කියන මේ බොරුව පැමිණිල්ල මගින් සනාථ කළාට පසුව විත්තිකරු මොකක්ද කියන්නේ. සල්ලි පොලියට දුන්නලු. පොලියට දෙන ආයතනයක් තමන්ට තිබුණලු. මේ පොලියට දුන් ආයතනය 2003 පටන් අරන් 2008 වසා දැම්මා කියලා කිව්වාම ගෙදර ඉඳන් පොලියට දුන්නලු.
පොලියට දීම කොහොමද කියලා අපි ඔහුගේ බැංකු පොත් නඩු භාණ්ඩයක් හැටියට ඉදිරිපත් කරමින් සනාථ කළා. 2002 වසරේ සිට 2003 වසරවල මාසයට රුපියල් බිලියනය බැගින් බැර වෙලා තියෙනවා. සමහර මාසවල බිලියනය, දෙක, තුන වෙලා. මේ අනුව විත්තියේ සාක්ෂි අභව්‍ය සාක්ෂි බව පැහැදිලියි.
විත්තිකරු ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් භාවිතා කළ බව මේ අධිකරණයේදී පිළිගත්තා. සුනිමල් සංජීව හා සමන් ප්‍රදීප් යන ව්‍යාජ නම් ඔහු භාවිතා කළා.
විත්තිකරු හෙරොයින් ජාවාරම්කරු යැයි ප්‍රකට “සිද්ධීක්” ළඟින් ඇසුරු කළා. ඔහු සමඟ ඉන්දියාවටත්, පකිස්ථානයටත්, ඩුබායිවලටත් ගියා. සිද්ධික්ගේ හෙරොයින් සහිත හයිබ්‍රිඩ් රථයක් පොලිසියට කොටුකර දුන්නා.
හොර පාස්පෝට් හදලා රටින් පැනගත්ත වෙලේසුදාව ලෝකේ වටේ අරන් යන්න සිද්ධික්ට තියෙන උවමනාව කුමක් ද? සිද්දික්ගේ දරුවෙක් සැත්කමක් කරලා තිබියදීත් පිටස්තරයකු මාස ගණන් ගෙදර තියාගන්න සිද්දීක්ට තියෙන උවමනාව කුමක්ද?
රටින් පැන්නේ එක්තරා ඇමැතිවරයකුට බයේ පණ බේරාගන්නලු. ඔහු රටින් පැන්නේ මේ නඩුවට බයේ කියලා පැමිණිල්ල සනාථ කළා. මොකද විත්තිකරු දන්නවා. කුඩු ග්‍රෑම් 7.05 ක් සන්තකයේ තිබුණම මොකක්ද දඬුවම කියලා. ඔහු රට පැන්නා. පැන්නේ ඇමැතිට බයේ කියලා බොරු කිව්වා. ඇමැතිට බයේ පැන්න විත්තිකරු ඒ ඇමැති අසනීපයෙන් රෝහලේ ඉන්නකොටත් ලංකාවට ආවා. විත්තිකරු එය දැන දැනම නැවතත් රටින් පැන්නා. එහෙනම් ඒ ඇමැතිට බයේද? ඇප ලබාගැනීමේදී විත්තිකරුට කොන්දේසියක් දැම්මා. මොකක්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පෙනී ඉන්න කියලා. නීතිගරුක යැයි කියූ විත්තිකරු කිසිදු අවස්ථාවක ලංකාවට ඇවිල්ල එම ඇප කොන්දේසි‍ය සපුරාලීමට ඉදිරිපත් වුණේ නෑ.
විත්තිකරුගේ දේපළ ඉපැයීම් පිළිබඳවද පැමිණිල්ල සාක්ෂි ඉදිරිපත් කළා.
කොළඹ 07 ගෙවල් 02 යි. රෝයල් පාක්වල ගෙවල් මේ ගෙවල්වල වටිනාකම මිලියන 150 යි, 180 යි මාදිවල, කොට්ටාව, මහරගම, පිළියන්දල, දෙහිවල ගෙවල්, දේපළ ඔහු සතුයි.
මේ ගෙවල් ගත්තේ තාත්තගේ සල්ලිවලින් කිව්වා කුලියට හිටියයි කිව්වා. එය බොරු බව පැමිණිල්ල සාක්ෂි සහිතව ඔප්පු කළා. පැමිණිල්ල බොරු යැයි ඔප්පු කරන විට විත්තිකරු තව තවත් බොරු කිව්වා. ඔහුගේ සාක්ෂි අභව්‍යයයි. විශ්වාසනීයත්වයෙන් තොරයි. ඔහු තමන්ට වාසි යැයි සිතන දේ ගැන ඇත්ත කියනවා. අවාසි යැයි සිතන දේ ගැන බොරු කියනවා. තමන් කුලියට ඉන්නවා කියලා තාත්තාට බොරු කිව්වේ මොකද කියලා ඇහුවම ඔහු කිව්වේ “මට හිතුණා, මම කිව්වා” යැයි කියලා. කිව්වා. මෙය තමයි ඔහුගේ සැබෑව ඔහු මේ අධිකරණයෙත් දිවුරලා බොරු කිව්වා.
විත්තිකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති චෝදනා නිසි පරිදි සනාථ කර තියෙනවා. විත්තිය එය කිසිදු අයුරකින් බිඳ හෙළීමක් හෝ හබ කිරීමක් කර නොමැති බැවින් උපරිම දඬුවම් නියම කිරීමට අධිකරණයට හැකියි. "
පැමිණිල්ලේ දේශනය අවසන් නිසා  විත්තියේ දේශන ලබන 15 දින ආරම්භ කිරීමට නියමිතයි.
 වෙලේ සුදා දුමින්දගේ කුඩු සම්බන්ධකම් හෙළි කරයි
 හෙරොයින් ජාවාරමේ 'ගෝඩ් ෆාදර්' ලෙස හඳුන්වන්නේ කොළඹ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ එක්‌තරා තරුණ දේශපාලනඥයකු (දුමින්ද සිල්වා)බවත් හෙරොයින් ජාවාරම්කාරයන් මාසිකව ඔහුට රුපියල් ලක්‍ෂ ගණනින් කප්පම් මුදල් ගෙවිය යුතු බවත් අත්අඩංගුවේ සිටින වෙලේ සුදා හෙළි කර ඇත.

මෙම තරුණ දේශපාලනඥයා මාසිකව තමාගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක්‌ කප්පම් වශයෙන් ලබාගන්නා බව ද පසුගියදා අත්අඩංගුවට ගත් වෙලේ සුදා අනාවරණය කර තිබේ. මෙම මුදල් දේශපාලනඥයා වෙත (
දුමින්ද සිල්වා) ලබාදුන්නේ තම බිරිඳ විසින් බව ද ඔහු හෙළි කර ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන වෙලේ සුදාගෙන් රහස්‌ පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර ඔහු මෙම ජාවාරමට සම්බන්ධ විවිධ පුද්ගලයන් ගැන වැදගත් තොරතුරු රැසක්‌ හෙළිකර ඇත.

තමන්ට මාසිකව කප්පම් මුදල් ලබාදෙන හෙරොයින් ජාවාරම්කාරයන්ට රැකවරණය ලබාදෙන මෙම තරුණ දේශපාලනඥයා ඔවුන් වෙනුවෙන් ඕනෑම අවස්‌ථාවක පෙනී සිටීමට ඉදිරිපත් වන බව ද වෙලේ සුදා පවසා ඇත.

මෙම තරුණ දේශපාලනඥයා පසුගිය රජය සමයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලයක්‌ ද දැරූ අතර හෙරොයින් ජාවාරම්කාරයන් ආරක්‍ෂා කිරීමට මොහු ඒ නිලතල ප්‍රයෝජනයට ගත් බව ද වාර්තා වෙයි.

මේ අතර පාතාල ලෝකයේ සන්නද්ධ කණ්‌ඩායම් කීපයක්‌ම මෙම දේශපාලනඥයා යටතේ පවතින අතර තමන්ට එරෙහි වන හෙරොයින් ජාවාරම්කාරයන් මර්දනයට මොහු මෙම පාතාල කණ්‌ඩායම් යෙදවූ බව ද වෙලේ සුදා අනාවරණය කරයි.

මෙම තරුණ දේශපාලනඥයා මහජනතාව වෙනුවෙන් අත දිගහැර මුදල් සහ වෙනත් භාණ්‌ඩ බෙදාහැරියේ හෙරොයින් ජාවාරම්කාරයන්ගෙන් ලබාගන්නා මුදල්වලින් බව ද වෙලේ සුදාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත.

හෙරොයින් ජාවාරමේ යෙදෙමින් පාකිස්‌තානයේ සැඟවී සිටි වෙලේ සුදා පාකිස්‌තාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රහස්‌ පොලිසිය භාරයට ගන්නා ලදී.

සැකකරු මාස තුනක රැඳවුම් නියෝග මත තබා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මේ වන විට වෙලේ සුදාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී තරුණ දේශපාලනඥයාට අමතරව පොලිසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිසියේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ පුද්ගලයන් රැසකගේ තොරතුරු හෙළිකර ඇතැයි ද හෙතෙම කීය.

සැකකරු විවිධ පුද්ගලයන්ගේ නම් ප්‍රකාශ කළ ද ඒවා සනාථ කර ගැනීම සඳහා මුදල් ලබාදුන්නේ කාටද? එම ගිණුම් පරීක්‍ෂා කිරීම, සී. සී. ටී. වී. දර්ශන ලබාගෙන ඒවා විමර්ශනය කිරීම, විදේශ රටක සිට මුදල් එවා ඇතිනම් එම රටවල තානාපතිවරුන් මාර්ගයෙන් බැංකු වාර්තා ලබාගැනීම ඇතුළු කාර්යන් රැසක්‌ සිදුකෙරෙමින් පවතින බව ද හෙතෙම කීය.

මෙම සියලු තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු මත්කුඩු ජාවාරම පිටුපස සිටින ඕනෑම පුද්ගලයකුට එරෙහිව පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.