එවකට
පැවති රජය විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට
එරෙහිව ගෙන ගිය යුද්ධයේ 2009 අවසන් අදියර තුළ සිදුවූවා
යෑයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව පැවැත්වෙන
ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට පිළිගන්නා ලෙසට බලකරන
නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රසිද්ධ ගත්කරුවෙකු සහ
සාහිත්‍යධරයෙකු වන ආචාර්ය ගුණදාස අමරසේකර ඊයේ (23 දා)
කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
ඔහු එම නියෝගය
නිකුත් කරන්නැයි ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ
සංවිධානයේ ශ්‍රී ලංකා නිල නියෝජිතයා වන සුබිනේ නන්ද මහතාට
එරෙහිවය.එවැනි ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම හේතුවෙන්
තමාට විඳගැනීමට සිදුවූ අවමානය හා නින්දාව වෙනුවෙන් එක්සත්
ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා නියෝජිත
තමාගෙන් සමාව අයෑද සිටිය යුතු බවට වන තීන්දු ප්‍රකාශයක්
නිකුත් කරන ලෙසද ආචාර්ය අමරසේකර සිය පෙත්සමෙන් ඉල්ලා
ඇත.
එකී ජාත්‍යන්තර විමර්ශනය පැවැත්වෙන්නේ 2014 දී එක්සත්
ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් යෝජනාවකට අනුව
බවත් ද්‍රවිඩ කොටි සමඟ පැවැති යුද්ධයේ අවසන් අදියරේ යුද
අපරාධ ගැන සෙවීමට එම යෝජනාවෙන් අනුමැතිය දී ඇති බවත්
පෙත්සමේ සඳහන් කර ඇත.
ජාත්‍යන්තර විමර්ශනය පැවැත්විය යුතු යෑයි මහ
කොමසාරිස්වරයා කළ නිර්දේශයට මූලික වශයෙන් පදනම් වී ඇත්තේ
2011 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ ලේකම් ජනරාල්ගේ විශේෂඥ
මණ්ඩලයේ වාර්තාවයි. එම වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලංකාවට
එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හෝ ඊට
අනුබද්ධ වෙනත් ආයතනයක් විසින් කිසියම් නිල පියවරක් ගැනීම
නීතියට අනුකූල නොවන බවත් පෙත්සම්කරු කියා සිටී.
නීතිඥ කපිල ගමගේ මගින් පෙත්සම ගොනු කර තිබිණි.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, September 23, 2015
පිට කොන්දක් සහිත රටවැසියෙක් ගේ ඉල්ලීමක්....!!! ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට තීන්දු කරන්න....!!!
Posted by
lankanews
at
September 23, 2015
Labels: gunadasa amarasekara, lankanews, srilankan war
පිට කොන්දක් සහිත රටවැසියෙක් ගේ ඉල්ලීමක්....!!! ජාත්‍යන්තර විමර්ශනය නීති විරෝධී බවට තීන්දු කරන්න....!!!
2015-09-23T21:50:00+02:00
lankanews
gunadasa amarasekara|lankanews|srilankan war|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
