ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 10, 2015

කුඩු ලන්සාගේ තවත් ගෝලයෙක් මාරවිලදී මාට්ටු...!!!

මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට හෙරෝයින් තොග වශයෙන් ගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර සිටි බව කියන ව්‍යාපාරිකයෙකුව මාරවිල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙ ඇත.

මාරවිල - හොරගොල්ල ප්‍රදේශයේ නිවසක සැවී සිටින විට සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඔහු තොඩුවාව - කුඩාමඩුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකරුට අයත් බව කියන මධුවන්තිනම් ධීවර යාත්‍රාවේ තිබී පසුගිය 2005 වසරේදී සැප්තැම්බර් මාසයේදී හෙරෝයින් කිලෝ ග්‍රෑම් 05 ක් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකුව මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූණි.ඔවුන් එම ධීවර යාත්‍රාවේ සේවය කළ ධීවරයින් බව හෙලිවී ඇත.අත්අඩංගුවට ගත් එම හෙරෝයින් මත් කුඩු ධීවර යාත්‍රාවේ හිමිකරුට අයත් බව ඔවුන් පවසා ඇත.නමුත් අත්අඩංගුවට ගෙන සිටි එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.එම නඩුව මීගමුව මහාධිකරණයේ අංක 410/7 යටතේ මේ වන විට විභාග වෙමින් පවතී.



මෙම නඩුවට අදාලව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා මීගමුව මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබී ඇති  බව පැවසේ.

2005 වසරේ අග භාගයේ සිට සැකකරු ප්‍රදේශයෙන් අතුරුදහන්වී සිට ඇත.ඔහු මුහුදු මාර්ගය ඔස්සේ විදෙස් රටකට පලා ගොස් සැවී සිටියේද යන්න අනාවරණය කර ගැනීම සදහා පරීක්ෂණ මෙහෙයවන බව මාරවිල පොලීසියේ නිලධාරීයෙකු පැවසීය.

මාරවිලපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සම්බන්යෙන් මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන්ද තොරතුරු විමසා ඇත.

මාරවිල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ආර්.ප්‍රියන්ත, අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ.එම්.එස්.ජයනථ, පොලිස් සැරයන්වරුන් වන 16823 කුමාරසිරි, 27765 සරත්,පොලිස් කොස්තාපල් 32799 ග්‍රේටන් යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

 ජුඩ් සමන්ත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.