ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 24, 2015

වසර පහක්‌ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර 15158 ක්‌ ...!!!

සේයා වෙනුවෙන් ගයේෂා පෙරේරා සටනේ, 😀 හැබැයි ...ගයේෂා  කරන ඒවා  බලලා තමයි කරලා තියෙන්නේ.....


වසර පහක්‌ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර 15158 ක්‌ සිදුවී ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව 2015 මැයි මස 10 වැනිදා ජාතික පුවත්පතක පළවී තිබුණි. මෙම සංඛ්‍යාලේඛන ලිතව වාර්තා වූ ඒවා පමණි. මීට අමතරව වාර්තා නොවන අපරාධ තවත් කොතරම් ඇද්ද.
දිවා රෑ බණ පිරිත් අහන බෞද්ධයෝ සිටින නිර්මල ථෙරවාදී බුදුදහම සුරැකෙන "බුදුන්ගේ දේශයයි" කියා බෝඩ් ගසා ගත් අය සිටින අප රටේ සිදුවන අපරාධවලින් ස්‌වල්පයකි ඉහතින් පළවුණේ. එම අපරාධ දෙස බලන විට අපට ඇතිවන්නේ තදබල වේදනාවකි. රටේ මෙතරම් අපරාධ සිදුවන යුගයක්‌ අප මතකයෙහි නැත. ඉහතින් දැක්‌වූයේ කාන්තා දූෂණ හා ළමා අපචාර පමණි. මීට අමතරව කාන්තා ඝාතන, ළමා ඝාතන, මංකොල්ල, කප්පන් ගැනීම්, ආදී අපරාධ එකතු වන විට මෙය බුදුන්ගේ දේශයයි කිව හැකිද...?

තවත් අපරාධ තිබේ. දියණියන් ජාතක කළ පියා තම දියණිය දූෂණය කරයි. එක කුසේ උපන් සහෝදරයා සිය සහෝදරිය දූෂණය කරයි. එපමණක්‌ නොව ගෙදර බුදුන් සහ උත්තරීතර පදවියෙන් පිදුම් ලබන තම මව දූෂණය කරන පුතුන් ගැන පසුගිය දිනක තොරතුරක්‌ අපි දුටුවෙමු. ඒ එක පැත්තකි. දස මසක්‌ තම කුසයේ තබාගෙන සිටින බිලි¹ බදාගත් ගමන් ගඟක, මුහුදක වැසිකිළි වළක දමන අම්මලාට ගෙදර බුදුන් යන පූජනීය නාමයෙන් ඇමතිය හැකිද? මෙම සියලු වැරදිවලට චෝදනා ලබන්නේ සිංහල බෞද්ධයන් වීම කණගාටුවට කරුණකි. මෙතෙක්‌ කලක්‌ මහා සංඝයා වහන්සේ ඝාතනය අපට අසන්නට ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඉකුත්දා රුපියල් ලක්‍ෂ පහක්‌ ගැනීමට යතිවරයන් දෙපලක්‌ ඝාතනය කළහ. ලංකාවේ මිනිසුන් භයානක අපරාධ කිරීමට දැන් බියක්‌ නැත. ඒ තරමට බුදුදහම හෑල්ලුවී ඇත, නීතිය හෑල්ලුවී ඇත. යන්තම් සැනසීමට ඇත්තේ අධිකරණය විශ්වසනීයව පැවතීමයි. එහෙත් මංකොල්ලකරුවන් බලවතුන්ගේ හයිය තම ඇඟට හිතට අරගෙන උසාවි මංකොල්ලකෑමට යති. අපරාධවලට පොලිස්‌ අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන්ට දේශපාලන බලවතුන්ගේ ආරක්‍ෂාව නොඅඩුව ලැබෙයි. යට කී අපරාධ රැල්ල එක්‌ අතකින් වර්ධනය වෙද්දී සිංහල රටේ සිංහල ජාතියේ උරුමය, සංස්‌කෘතිය ඉතිහාසය පුරාවිද්‍යාත්මක වස්‌තූන් වසර දහස්‌ ගණනක්‌ තිසෙaස්‌ සුරක්‍ෂිතව තිබිණ. ඒ අනාගත පරපුරට අපේ අතීත නරපතියන් කළ කී දැ දැක ඉදිරියටත් එබඳු නිර්මාණයන් කිරීමට උනන්දුව ඇති කිරීමටයි.
මෙතෙක්‌ නිරුපද්‍රිතව රැකුණු ජාතික උරුමයන්ද අද විනාශයට යමින් තිබේ. පිළිම හා විහාර මන්දිර කොල්ල කෑමට පියවර ගෙන තිබේ. ඒවාට නීතිමය ආරක්‍ෂාවක්‌ නැත. කෞතුකාගාරයට කළ වින්නැහිය හොඳම සාධකය වෙයි. වසර තිස්‌ දහසකට වැඩි සංස්‌කෘතිමය උරුමයන් අකාමකා දමන්නට මේ අපරාධකරුවන් ඒවා විනාශ කරති.
මෙම නිහීන නින්දිත වසල ක්‍රියා නොදකින්නට අපේ අනාගත පරපුර කර ඇති පාපකර්මයන් කොතරම් ෙ€දවාචකද? රටට ජාතියට ආගමට ආදරය කරන වත්මන් පරපුරෙහි වගකීම හා යුතුකම වන්නේ එම උරුමයන් ආරක්‍ෂා කර සංවර්ධනය කර සංරක්‍ෂණය කර තැබීමයි.
බුදු හිමියන්ගේ ප්‍රතිමාවල සිරස සිඳ දමා තිබේ. මොවුන්ගේ අභිප්‍රාය වන්නේ බුද්ධ ශාසනය මෙරටින් මකා දැමීම දැයි අපට සිතේ. තිස්‌තුන්කෝටියක්‌ දෙවිවරු මේ අපරාධ දෙස බලා සිටින බව අපට විශ්වාසය. එබැවින් සුදුසු වෙලාව එළැඹුණවිට දෙවියෝ නිසි දඬුවම් ලබාදෙති. අපි එදෙස බලා සිටිමු.
මෑත යුගයේ සිදුවන මෙම අපරාධ රැල්ලට හේතුවක්‌ ලෙස ජනමාධ්‍ය මගින් දෙන ප්‍රචාරයත් හේතුවක්‌ බව පසුගිය දිනවල මේ රටේ සංඝනායක මහා තෙරනමක්‌ පවසා තිබෙනු ජනමාධ්‍යවලින් අපි දුටිමු. අද මිනීමැරුම්වලට විශාල ප්‍රචාරයක්‌ දීම ඇතැම් මාධ්‍යවල සිරිතක්‌ වී ඇත. අපරාධකාරයන්ට කුඩුරජා ගෞරව නාම පිළිගන්වති. එපමණක්‌ නොව මහ මොලකාර පාතාලයින් වශයෙනි. ඒ අනුව බලන විට අපරාධකාරයන්ද රටේ ප්‍රභූවරු ලෙස ඉදිරියෙන් සිටින සමාජ විරෝධීන් ගැන කථා කරන විට අප අමතක නොකළ යුතු කරුණකි. දරුවන් ගැන කථා කිරීමට අපේ ගුරුවරු තමාගේ දරුවන් කුඩා කල අරගෙන දෙන සෙල්ලම් බඩු දෙස බලමු. කුඩා ප්ලාස්‌ටික්‌ පිස්‌තෝල අරගෙන දෙනු මා දැක ඇත. එම සංකේතය මගින් දරුවා මරුවෙක්‌ කිරීම නේද එම පියාගේ අපේක්‍ෂාව. දරුවෙකුට අරගෙන දෙන සෙල්ලම් බඩුවෙන් යමක්‌ උගෙනීමට හැකිවිය යුතු වේ. දරුවන් අපරාධකරුවන් වන්නේ දෙමව්පියන්ගේ වරදින් මයි.
අද බොහෝ ටෙලි නාට්‍ය හරසුන් බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රකෘති ජීවිතයේ යථාර්ථය වෙනුවට මායාව හා හොල්මන් පසු පස දිවීම ටෙලිනාට්‍යවල පොදු දුබලතාවයයි. භූතයන්ටද පිශාචයන්ටද දෙවියන්ට මෙන් මිනිස්‌ වෙසින් පෙනී සිටිය හැකි බව සමහර ටෙලි නාට්‍යවලින් පෙන්වයි. මේවා මෝඩයන් ආකර්ෂණය කරන උපාය මාර්ග විය හැක. එදා අප දුටු වෙදහාමිනේ දඬුබස්‌නා මානය, දූ දරුවෝ, නිසල විල, පලිඟු මැණිකේ වැනි අගනා ටෙලිනාට්‍ය අද නැත. ඇතැම් ටෙලිනාට්‍යවලින් සමාජය දූෂණය කෙරේ. ආදරය යන අකුරු හතර උත්තරීතර වදනකි. ලෝකයේ පැවැත්මට එය අනිවාර්ය අවශ්‍යතාවකි. එහෙත් රූපවාහිනි ටෙලි නාට්‍යවල ආදරය මංකොල්ල කන්නේ පිස්‌තෝල එල්ල කරමිනි. ආදරය සුන්දරය. එය ඇතිවන්නේ දෙදෙනෙක්‌ගේ හිතේ ඇති වන භක්‌තිය ළෙන්ගතු කම හා විශ්වාසය අනුවය. එසේ නැතිව කෙල්ලෙකුට පිස්‌තෝලය අල්ලා ආදරයක්‌ ලබාගත හැකිද? තිස්‌ අවුරුදු යුද්ධයක්‌ තිබුණු රටක ඒ අත්දැකීම කියන්නට කෙනෙක්‌ නැද්ද? ජීවිතයෙන් බින්දු මාත්‍රයක්‌ පෙන්වා දෙන්නට ඇයි බැරි? මාධ්‍යවලට බණින අය වුවද මේ පරිහානි ලක්‍ෂණ නොකියති. අද තිබෙන්නේ ජාම බේරා ගැනීමේ ප්‍රවණතාවකි. මේ ආකල්ප වෙනස්‌ නොකර අපට පෙරට යැමට බැරි බව පමණක්‌ ලියා තබමි.
 Lanka True News

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.