ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

Puttalam NEWS


යකැදුරෙකු විසින් ලබා දුන් තැඹිලි පානය කිරීමෙන්  අනතුරුව රෝගී වූ පියෙකු සහ දියණියක්  මිය යාමේ සිද්ධියක් පුත්තලම - කොට්ටුකච්චියෙන් වාර්තා වේ.

මිය ගොස් ඇත්තේ සීදුව - බණ්ඩාරවත්ත පදිංචිව සිටි එම්.ලයනල් ප්‍රනාන්දු (අවු:60) සහ එම්.තුෂාරි ප්‍රනාන්දු (අවු:36) නම් වූ දෙදෙනෙකි.


මිය ගොස් ඇති  දෙදෙනාට තිබූ බව කියන අසනීපයකට ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඔවුන් පුත්තලම - කොට්ටුකච්චිය ප්‍රදේශයේ පිහිටි දේවාලයකට පැමිණ ඇත.එම දේවාලයේ කපුවා හෙවත් යකදුරා විසින් දෙදෙනාටම තැඹිලි පානය කිරීම සදහා ලබා දී ඇත.ඒ ඔවුන්ගේ කුසේ තිබෙන බව කියන විෂක් ඉවත් කිරීම සදහාය.

තැඹිලි පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තතත්වයට පත්වූ දියණිය පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා මිය ගොස් ඇත‍.ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිවී ඇත්තේ ‍අධික ලෙස සීත දියර පානය කිරීම හේතුවෙන් සෙම ඉහල යාම නිසා මරණය සිදුවී ඇති බවය‍.

පුත්තලම මූලික රෝහ‍ලේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවු පියා හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව 22 වැනිදා මිය ගොස් ඇත.ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහා රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

ජුඩ් සමන්ත


මතුරන ලද අන්නාසි මිශ්‍ර දියරයක් පානය කිරීමෙන් අනතුරුව මිය ගිය අයගේ මරණයට වගකිව යුතු රජයේ ලියාපදිංචි දේශීය හෝ බටහිර වෛද්‍යවරයෙකු නොවන අය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස හලාවත නාගරික හදිසි මරණ පරීක්ෂක වසන්ත කුමාර ගීකියනගේ  පුත්තලම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට 23 වැනිදා දහවල් නියෝග කළේය.
මිය ගොස් ඇත්තේ සීදුව - බණ්ඩාරවත්ත පදිංචිකරුවන් වන එම්.ලයනල් ප්‍රනාන්දු (60) නම් අයෙකි.මිය ගොස් ඇති අයගේ දියණිය වන එම්.තුෂාරි ප්‍රනාන්දු (අවු:36) යන අයද මෙම යකැදුරාගෙන් ලබා ගත් බව කියන ප්‍රතිකාරයකින් අනතුරුව පුත්තලම මූලික රෝහලේදී පසුගිය 18 වැනිදා මිය ගොස් ඇත.
මිය ගොස් ඇති ලයනල් ප්‍රනාන්දු යන අය තිදරු පියෙකි.ඔහු තමන් පදිංචි නිවස සම්බන්ධයෙන් යම් කිසි අයෙකුගෙන් විමසූ විට දැන ගෙන ඇත්තේ එම නිවසට හූනියමක් කර ඇති බවය.ඒ අනුව ආණමඩුව - සේරුකැලේ පදිංචි තම ඥාතියෙකු මගින් ලයනල් ප්‍රනාන්දු මහතා ඇතුළු පවුලේ අය ආණමඩුව - කොට්ටුකච්චියේ පවත්වා ගෙන යන දේවාලයකට පසුගිය 15 වැනිදා ගොස් ඇත.


එම දේවාලය පවත්වාගෙන යන අය විසින් දියණිය වන තුෂාරි ප්‍රනාන්දුට තැඹිලි මතුරා පානය කිරීමට ලබා දී ඇති අතර,ලයනල් ට අන්නාසි මිරිකා එහි යුෂ පානය කිරීමට ලබා දී ඇත.ඒවා පානය කිරීමෙන් අනතුරුව දෙදෙනාම රෝගී තත්ත්වයට පත්ව ඇත.
පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ තුෂාරි ප්‍රනාන්දු 18 වැනිදා මිය ගොස් ඇත.ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණයට හේතුව සෙම රෝගය උත්සන්න වීම බවයි.
රෝගී තත්ත්වයෙන් පසුවු පියා වන ලයනල් ප්‍රනාන්දු ව හලාවත මහා රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඔහු 20 වැනිදා රාත්‍රීයේ මිය ගොස් ඇත.
එම අයගේ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය 23 වැනිදා හලාවත මහා රෝහලේදී පැවැත්වුණි.පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ හලාවත මහා රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.ඩබ්ලිව්.වයි.කාරියප්ප  සදහන් කළේ මිය ගිය අයගේ අමාශයේ තිබූ අන්නාසි යුෂ ඉන් පිටතට පැමිණ පෙනහළු වල සිරවී ඇති නමුත් මරණයට හේතුව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවය.ඒ අනුව මිය ගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු කරන බවත් සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා සදහන් කළේය.
ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාව අනුව ලයනල් ප්‍රනාන්දු යන අයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත් කළ හදිසි මරණ පරීක්ෂක වසන්ත කුමාර ගීකියනගේ  මෙම මරණයට වගකිව යුතු යකැදුරා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස පුත්තලම පොලීසියට නියෝග කළේය.
මේ අතර මිය ගොස් ඇති දෙදෙනාට ප්‍රතිකාර කළ බව කියන යකැදුරා වන ආණමඩුව - කොට්ටුකච්චියේ දේවාලයක් පවත්වා ගෙන යන කපිල කුමාර අය අය මාධ්‍යන් වෙත ප්‍රකාශ කර සිටියේ තමන්ට ලැබී ඇති වරමක් අනුව මෙම ප්‍රතිකාර කටයුතු සිදු කරන බවත්,මිය ගොස් ඇති දෙදෙනා ඔවුන්ගේ රෝග නිධාන සැවීම මරණයට හේතුව වී ඇති බවත්.‍
පුත්තලම පොලීසියේ පොලිස් කොස්තාපල් 52234 හේරත් විසින් සාක්ෂි මෙහෙය වන ලදි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.