ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 29, 2015

හොර යහපාලනය සහ ඇත්ත යහපාලනය

ආණ්ඩු බලය ලබා ගැනීමට දීප ව්‍යාප්ත ව දියත් කළ 'අන්න හොරා' - ජාතික ව්‍යාපාරය සහ 'මරං කමු' - විකල්ප බලවේගය, දැන් දියාරු වී ගොසිනි. ඡන්දය අවසන් වීමෙන් පසු, කිසිදු පක්ෂයකට වැඩි බලයක් හිමි නොවුණු අතර, ආණ්ඩු පිහිටුවීම සඳහා තනි පක්ෂයකට ශක්තියක් අත් වී නො තිබිණි.
ජාතික ආණ්ඩු උප්පරවැට්ටිය ආවේ එ් අර්බුදයෙන් ගොඩ ඒමට ය. ජාතික ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගැනීමේ මනාප පොරය ඇරඹුණේ ඉන් පසුව ය. ඇමති ධූර සංඛ්‍යාව 30ක් වන බව දැනගත් විට, රටට හිතැති දේශපාලුවන් ගේ ඉහමොළ රත් වෙන්නට පටන් ගැනිණි. 19වැනි සංශෝධනයේ හරස් පොල්ල වැටී තිබුණු හෙයින් කට්ටියට යහපාලනයේ තිත්ත ද දැනෙන්නට විණි.

දැන් අදහස වී ඇත්තේ පාර්ලිමේන්තු බලයෙන්, 19වැනි සංශෝධනයේ සඳහන් ව තිබෙන 30කට සීමා කෙරෙන ඇමති ධූර සංඛ්‍යාව ඉවත් කර ගැනීම ය.
තනි පක්ෂයක් 113කට වැඩි ආසන දිනා ගත් විට, පත් කර ගත යුතු ඇමති ධූර සංඛ්‍යාව 30ක් විය යුතු බවට දැක්වෙන සීමාවෙන් සැබැවින්ම අදහස් වන්නේ කුමක් ද? ඇමති ධූර 30කින් මේ රට කරවිය හැකි බව ය. එ් අනුව එකී සීමාව ඉක්මවා ඇමතිවරුන් පත් කර ගන්නට උත්සාහ දැරීමෙන් ගම්‍යමාන කුමක්ද? තම තමන් ගේ පාක්ෂිකයන් හැකි තරම් පිනවීම ය. වරදාන දීම ය. ඒ මගින් ජාතික ධනය කාබාසිනියා කිරීම ය.
මැතිවරණයට පෙර, යහපාලනය නමින් හැඳින්වුණේ එය නො වේ. ඇමතිධූර පරිත්‍යාග කර, ජ‍ාතික ධනය ඉතුරු කිරීම රටට ආදර්ශ දීම ය.
දැන් 'මැතිවරණයට පෙර යහපාලනය' සහ 'මැතිවරණයට පසු යහපාලනය' නමින් යහපාලන වර්ග දෙකක් තිබෙන බව පැහැදිලි ය.
මැතිවරණයට පෙර 'කතාවේ' තිබුණේ ඇත්ත යහපාලනය ය. මැතිවරණයට පසු 'ක්‍රියාවේ' තිබෙන්නේ බොරු යහපාලනය ය.
ඒ අනුව දැන් බලයට පත් ව තිබෙන්නේ 'හොර යහපාලන' නඩයකි.
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.