ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 22, 2015

‘අප්පොච්චි මළා‘ ගේහෙළුව මෙන්න..

මෛත‍්‍රී පාලනයේ කැත
සුදු රෙද්දෙන් වසාගෙන සිටින
‘අප්පොච්චි මළා‘ ගේ
හෙළුව මෙන්න..

දැන් ක‍්‍රියාත්මක වන මෛත‍්‍රී පාලනය සමාන වන්නේ එළවඵ රොටියකට ය. එළවඵ රොටියේ ඇත්තේ ඉතුරු වූ දහජරාව ය. එහෙත් ඊට හොද පිටි ආවරණයක් ඇත‍. පිටි ආවරණය නිසා ඇතුළේ ජරාවට අමුතු රහක් එකතු වේ. එය රස බලන පුද්ගලයා රොටිය අලූත් එකක් යයි සිතයි.

සැමන් ටින් එක හපන බල්ලාට සැමන් රස මෙන් දැනෙන්නේ ටින් එකට කැපුණු තමන් ගේම කටේ ලේ බව නොදැනෙයි. එළවඵ රොටිය කන්නාට ද, රොටිය මෙන් දැනෙන්නේ ඊට පෙර දවසක තමන්ම හෝටලයෙන් කෑ බත්, හොදි බව දැනෙන්නේ නැත.



මෛත‍්‍රී පාලනය, යහපාලනය සමාන වන්නේ මේ උදාහරණවලට ය.

පසුගිය මහමැතිවරණයේදී ‘හොද මිනිසුන් පාර්ලිමේන්තු යවන්න‘ කියමින් රටේ බුද්ධිමත් ඔස්තාර්ලා ඡුන්දදායකයන් ගෙන් ඉල්ලීමක් කළ හ. ඒ අනුව දැනුම් තේරුම් පමණට මිනිස්සු නරක එවුන් ගෙදර යැවූහ. ‘අප්පොච්චි මළා‘ ද එසේ ගෙදර යැවූ අයෙකි.

ඡුන්ද ප‍්‍රතිඵල කී දිනයේ හවස සිරස භැඅි 1ිඑ අපූරු ප‍්‍රවෘත්තියක් ඉදිරිපත් කර තිබිණි. ප‍්‍රවෘත්තිය මොණරාගල නිල්ගල වන රක්ෂිතය ගැන ය. නිල්ගල රක්ෂිතයේ කලක සිට දැව හොරු රජ කරති. ඔවුන් කවුදැයි නොදැන සිටියේ ජනාධිපති, අගමැති, රජය සහ පොලීසිය පමණි. මිනිස්සු දැන සිටියහ.

ප‍්‍රවෘත්තියට අනුව, නිල්ගල වන රක්ෂිතය කාබාසිනියා කරන ඬමහ හොරාඬ පිළිබඳ ව ‍තොරතුරු පොලීසියට ආරංචි වී තිබිණි. ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරය වන අතරේ, මොණරාගල සහකාර පොලිස් අධිකාරී, ඌව පළාත් භාර නියෝජ්‍ය ප‍ොලිස්පතිතුමන්ට දුරකථන ඇමතුමක් දෙන දර්ශනයකි.

‘මේකෙ ඔක්කොම කරන ‘මිනිහා‘ දන්නවා සර්. එයා ගේ ගෝලයොත් දන්නවා. මිනිස්සු කියන කතා ඇහුවම කියලා වැඩක් නෑ සර්. හරියට වැඬේ අල්ලන්න පුඵවන් සර්‘ මේ ‘මිනිහා‘ අනෙකකු නොව ‘අප්පාචේචි මළා‘ ය.

පරිසර යුක්ති කේන්ද‍්‍රයේ සජීව චාමිකරලා සමග, පරිසරය සුරක්ෂිත කරන බවට ගිවිසුම් අත්සන් කළ මෛත‍්‍රී පාලන සමයේදී, ‘අප්පොච්චි මළා‘ නිල්ගල රක්ෂිතය වනසා ඇත. රජය, ආණ්ඩුව, පොලීසිය ඒ ගැන දැන සිට නැත. පොලීසියට ඒ බව දැන ගන්නට ලැබී තිබෙන්නේ, ‘අප්පොච්චි මළා‘ ඡුන්දයෙන් පැරදුණු දා ය. (සබාවේ සිනා*

දැන් මේ, මිනිසුන් විසින් ගෙදර යවන ලද ‘අප්පොච්චි මළා‘ නැවත පාර්ලිමේන්තුවට පැමිණ සිටී. ඒ ජනාධිපතිවරයා ගේ උදව්වෙනි. ජාතික ලැයිස්තුවේ පිහිටෙනි.

ජනාධිපතිවරයා පවසන්නේ යහපාලනය සඳහා ‘අප්පොච්චි මළා‘ අත්‍යාවශ්‍ය බවයි. නිල්ගල රක්ෂිතය වැනසූ ‘අප්පොච්චි මළා‘ යහපාලනයේ ප‍්‍රතිමූර්තියක් බවයි.

විධායක ජනාධිපති යනු ජනතාව ගේ නායකයා ය. ජනතාව බලය දුන්‍ නිසා, ජනාධිපතිට බලය තිබේ. ජනතාව ‘අප්පොච්චි මළා‘ ගෙදර යවා ඇත. මොණරාගල පොලීසිය, ‘අප්පොච්චි මළා‘ සොයමින් නිල්ගල රක්ෂිතය පීරමින් සිටිති‍.

‘අප්පොච්චි මළා‘ පාර්ලිමේන්තුවට ගන්නට ජනාධිපතිට බලය දුන්නේ කවුද?

-කුමාර ලියනගේ-

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.