ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 19, 2015

එක වතාවක් හෝ බලන්න...!!! මතක තබාගන්න....!!!

video
මේ කියන්නේ 2001 දී...අපේ කාලේ යතිවරයාණෝ, අති පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි......


1948 අප්‍රේල් 24 වැනිදා දොන් ධර්මදාස මහතා, චාලට්‌ වීරතුංග මාතාව පිය මවු ලෙසින් සෝමරත්න දරුවා ගංගොඩවිලදී උපත ලැබුවේය. බෞද්ධ දහම් පාසලේ, පන්සලේ සෙවණ නොමඳව ලබමින් සෝමරත්න තරුණයා ජීවිත්විය. අවබෝධයෙන් යුක්‌තව හේ ගංගොඩවිල සෝම හිමි නමින් බුදු සසුනට එක්‌වූයේ වයස අවරුදුරු 26දී මඩිහේ පඤ්ඤාසීහ, අම්පිටියේ රාහුල යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් යටතේ ය. 

පුජ්‍ය ගංගොඩවිල සෝම තෙර උපත ලැබුවේ ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹ නගරයට අවට ප්‍රදේශයක පිහිටි අර්ධ නගරයක් වන ගංගොඩවිලදීය. වයස අවුරුදු 26ක් වු සෝම තෙරුණුවන්ගේ භාරකරත්වය 1974දී ලංකාවේ සම්මානීත්වයට ප්‍රාත්ත්‍ර වු භික්ෂු දෙනමක් වන පුජ්‍ය මදිහෙ පන්ඥාසීහ මහා නා හිමි තෙර හා පුජ්‍ය අම්පිටියේ රාහුල මහ තෙර වෙත හිමිවිය.සාමණේර නමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත භික්ෂුන් වහන්සේලා දෙනමගෙන් මහා සංගයන් වහන්සෙලාගේ ක්‍රියා පටිපටිය ඉගෙන ගනු ලැබුහ. වර්ෂ 1976 දී උපසම්පදාව ලද සෝම තෙරුන් වහන්සේ වැඩි දුරටත් නියම පාලි බසින් බුදු දහම පිලිබදව ලියවුනු පාඨ ග්‍රන්ථයන් අධ්යපනය කරන ලද අතර බුදු දහමේ ඉගැන්වීම් පිලිබදව සොයා බැලිමට මෙන්ම නොයෙකුත් සොය ගැනීම් පාදක කර ගනිමින් ග්‍රන්ථ රචනා කිරීමටත් වැඩි රුචිකත්වයක් දැක්විය.තරුණ පරම්පරාව ජීවිත ධර්මය අනුව හැඩගැස්වීම සෝම තෙරුන්ගේ ප්‍රධාන පරමාර්ථය විය.මේ සදහා හොද ප්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටවා ගනු ලැබු "තරුණ සවිය" නැමැති සංවිධානය සදහන් කළ හැකිය.හුදකලා ප්‍රදේශයන් තෝරා ගනිමින් භාවනාවේ නිරත වුනු සෝම තෙරුණුවෝ භාවනාවෙ දක්ෂ සිසුවෙක් වූහ. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්විය උන්වහන්සේ භාවනව පිලිබද වැදගත් කරුණු එක් කර "බුද්ධාස්ථුප" මගින් ප්‍රකාශයට පත් කරන ලදී.වික්ටෝරියව සමග පැවති සම්බන්ධතා මත ආරාධනාවක් අනුව 1986 දී ධර්ම දේශනාවක් සදහා එහි වැඩම කළ උන්වහන්සේ මාස හයකට පසු නැවත ලංකාව බලා වැඩම කිරීමෙන් අනතුර 1989 දී වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීම සදහා පදනම දමන ලදී.අවසාන කාලය තුල උන්වහන්සේට අවශ්‍යම වුයේ බෞද්ධාගමේ අගයන් පිලිබද මිනිස් සිත් තුලට කා වැද්දීමයි. එපමනක් නොව ගංගොඩවිල සෝම හිමියෝ දහස් ගණන් රටවල් වල සංචාරය කරමින් බුදු රජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ශික්ශාපද පහ සාමාන්‍ය සරල දිවි පෙවතකට අදාල කර ගන්නේ කෙසේද යන්න පිලිබදව ධර්මය පැතිර වීමට කටයුතු කළහ. එමෙන්ම දහස් ගණන් ක්‍රිස්තියානි ජනයා උන්වහන්සේගෙ ධර්ම දේශනා ශ්‍රවණය කළ අතර මෙසේ ධර්මය දේශනා ශ්‍රවණය කිරිමට ප්‍රධාන හේතුව වුයේ උන්වහන්සේ විසින් යොදා ගත් සරළ අදහස් දැක්වීමේ ක්‍රියා පටිපටියයි.මෙය ධර්ම දේශනා සාර්ථක විමට ඉතා වැදගත් කරුණක් වූ අතර බොහෝ අවස්ථා වල උන්වහන්සේගේ ධර්ම ශාවක පිරිස වුයේ තරුණ තරුණියන්ය.

ධර්ම - විනය දෙකෙහිම මනාව පෝෂණය වූ ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කෙටි කලකින් ම මහරගම කේන්ද්‍ර කොට ගනිමින් තම ශාසනික සේවා සාර්ථකව ව්‍යාප්ත කරන්නට විය. අරන්තලාව මහ ඔයේදී සෝම හිමි ආධ්‍යාත්මික ශක්‌තියෙන් පන්නරය ලබා මහරගම සිරිවජිරඥාණ ධර්මායතනයට වැඩම කොට, ජාතියට නායකත්වය සැපයීමේ මහඟු මෙහෙවර ඇරඹුහ.

කෙසේ වෙතත් කාලීන අවශ්‍යතා අනුව හැඩ නොගැසෙන සංඝ සමාජය වෙත ද උන්වහන්සේගේ ඇඟිල්ල දිගු විය.

ශ්‍රී ලංකාව තුල පැතිරෙමින් තිබූ අන්‍යාගම්කරණය ගැන විශේෂ උනන්දුවක් දැක්වූ උන්වහන්සේ, එය වලකාලීමට හැකි සෑම උත්සාහයක්ම ගත් සේක.අන්‍යාගම්කරණය අප රටෙහි යම් තාක් දුරකට හෝ අඩු වී තිබෙන්නේ උන් වහන්සේ ගත් අපමණ උත්සාහයේ ප්‍රතිපලයක් ලෙසිනි.එමෙන්ම අප රටෙහි පන්සල් තුල පැතිරෙමින් තිබූ දේවාල වන්දනා කිරීමේ සංස්කෘතියට එරෙහිව දහම් දෙසනු ලැබුවේ ද උන්වහන්සේ විසිනි. බෞද්ධයන් සරණ යා යුත්තේ තෙරුවන් සරණ බවත්, දෙවියන් යැදීමෙන් කිසි දෙයක් අපට නොලැබෙන බවත් උන්වහන්සේ ප්‍රසිද්ධයේ දේශනා කල සේක.

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් විසින් ලියන ලද ධර්ම ශාස්තී‍්‍රය ග්‍රන්ථ රැසක් ඇත. එවැනි ග්‍රන්ථයක් වුණු ‘බුද්ධස්ථූප’ ග්‍රන්ථය සඳහා පිරිනම ලද ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා රුසියාව බලා ගිය ගමනේ දී උන්වහන්සේ අපවත් වූහ. ඒ 2003 වසරේ දෙසැම්බර් 12වනදාය.  ඒ වන විට උන්වහන්සේ 55වන වියෙහි පසු වූහ.

තවදුරටත් දුකින් බර වුනු අප හදවත් දහමින් සන්තර්පණය කරන්නට, අප නෙත් අග රැදි කදුලු අමා දහමින් පිස දමන්නට ඔබ හිමි තව දුරටත් අප අතර නැත. එනමුත් අප හදවත් තුල රනින් කැටයම් කළා සේ ඔබ නාමයත්, ඔබ දෙසූ අමා දහමත් සදා පවතිනු ඇත.

සෝම හාමුදුරුවනේ, නිවන් දකින්නට පෙර තවත් එක් වරක් අප අතර ඉපදී නැවතත් අප හදවත් අමා දහමින් නහවනු මැන.



දිගත සැරිසර වදහල බුද බණ.....
සුවද පතුරව සේම සදුන් හැර .....
සසු අඹරට පෑයූ පෝදා හඳ,අවරගිරග සැගවේ.....
දිවමතුරක් සේ දොරින් දොර ඇසේ.....
පින්බර සෝම හිමිගේ නාමේ.....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.