ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

සොඳුරැ සිතැත්තනී මොහොතකට කන් දෙන්න.......


" ඉරි තැළුණු වලා උඩු වියන් යටින්
මුදු තාර ඇතිරිල්ලේ
යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
සෙනග රවටමිනේ........"

මා ගමන් කරමින් වුන් වෑන් රථයේ රේඩියෝ යන්ත්‍රයෙන් ඇසෙන්නේ අමරසිරි පීරිස් නම්වූ ඒ සොඳුරැ ගායකයාගේ හඬයි. ඒ කන්කලු හඬ පරයා නැගෙන ගාලු පාරේ අතෝරක් නැතිව දිවෙන වාහන කන්දරාවේ කරච්චලයෙන් මගේ දෙසවන් දුෂිත වූ ඒ මොහොතේ, මම තවත් එක්තරා සොඳුරැ ගාන්ධර්වයෙකුගේ නිවස සොයමින් සිටියෙමි.

මම නම කියා ඇසූ පමණින්ම එතුමා පිළිබඳව හොඳින් දැනසිටි ප්‍රදේශවාසීන්ගේ මගපෙන්වීමෙන් ගාලු පාරට මුහුණලා පානදුරේ උයන් කැලේ පිහිටි එතුමා දැන් නැවතී සිටින නිවස ඉතාමත්ම පහසුවෙන් සොයා ගැනීමට මට හැකි විය.
නිවසේ ඉදිරිපස දොර වසා තිබිණි. සිළුමිණ පුවත්පතේ රසඳුනින් උපුටාගත් එතුමාගේ ජංගම දුරකථන අංකය මගේ පිහිටට පැමිණියේ එවිටය. අංකය ඔබා දුරකථනය කනේ තබාගත් මට අනෙක් පසෙන් ඇසුණේ හොඳින් පැහැදිලි නැති ඉතා අපහසුවෙන් වචන ගළපාගන්නා හඬකි.
මම එතුමාගේ නම කියා ඇමතීමි. අනෙක් පසින් " කතාකරනවා" යැයි පැවසුණේ ඉතාමත්ම දුබල හඬකිනි. අප සිටින්නේ නිවස ඉදිරිපිට යැයි මා දැන්වූ විට " ඉන්න මම දොර අරින්න කියන්නම්" යැයි පැවසුනේද ඒ ස්වරයෙන්මය.
මැදිවයසේ යැයි සිතිය හැකි තැනැත්තෙකු පැමිණ දොර විවෘත කොට අපට නිවස තුළට ගොස් අසුන් ගන්නා ලෙස පවසා නිවසේ කාමරයක් තුළට නොපෙනී ගියේය. විනාඩි පහක් පමණ ගෙවී ගියේ කිසිදු හැලහොල්මනක් නොමැතිවය. ඉන් මොහොතකට පසු දොර රෙද්දක් මෑත් වී මගේ හදවත සැණෙකින් දවාලූ මා කිසිවිටෙකත් නොපැතූ ඒ දුක්බර දසුන මා නෙතු ඉදිරියේ දෘශ්‍යමාන විය.
ඉදිරිපස දොර විවෘත කළ ඒ පුද්ගලයාට වාරැ වී ඉතාමත්ම අපහසුවෙන් දෙපා ගාටමින් අප දෙසට එන්නේ ඔහුමදැයි මම කෙසේ නම් අදහන්නද? එහෙත් කුරිරැ දෛවය ක්‍රියා කොට තිබුණේ එසේය.
මගේ හද මොහොතක් නතරවූවාසේ මට දැනුණි. එදා සුවහසක් රසික හද තම සුරතේ වූ වයලීනයෙන්, චෙලෝවෙන් හෝ විදුලි ඕර්ගනයෙන් නැළවූ ඔහු තම දෑතේ ඇඟිලි හකුළුවා වකුටුකරගෙන අප දෙසට එමින් සිටියේය.


වරක් ඩී ඩී ගුණසේන හා කලණි පෙරේරා හා එක්ව ලංකාවේ " වයලීන ත්‍රිත්වය" නමින් විරැදාවලි ලත් ඒ ඔහුම බැව් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මට මොහොතක් ගතවිය.
මා මේ ලිපිය ආරම්භයේම සටහන් කළ සමන් අතාවුදහෙට්ටි විසින් රචිත අමරසිරි පීරිස් ගයන " ඉරි තැළුණු වළා" ගීතය, රත්න ශ්‍රී වික්‍රමසිංහයන් ලියූ කරැණාරත්න දිවුල්ගනේ ගයන "ඔබ දන්නව නම් එක කඳුළු බිඳක් හිත යටට වෙලා දුක් විඳින තරම්
ඒ කඳුළ වුණත් නෙතු අගට ඇවිත්
යළි ඔබේ පයට පෑගෙනවා නම්....." ගීතය හා අසංක ප්‍රියමන්ත පීරිස් ගයන " දීපාවලී දාට දීපාවලී සඳ අරන්" ගීතය අතුළු ඩබ් ඩී ආරියසිංහ ගයන " මා ළඟටම තව ලං වෙලා" , ලක්ෂ්මන් විජේසේකරයන් ගයන " නිසල කඳු මුදුන් පිබිදී", " සඳ කඩා වැටී වෙරළේ" හා " දුර ඈත ජීවිතේ" , සෝමතිලක ජයමහ ගයන " මා හද විදුලිය රේඛාවකි" , සුනිල් එදිරිසිංහයන් ගයන " සෙනෙහස ලැබ පිබිදෙන විට" , මායා දමයන්තී හා ලක්ෂ්මන් විජේසේකර ගයන " සිතුම් සඳැල්ලේ මා" , නිරෝෂා විරාජිනී ගයන " අනේ හාන්දුන්නේ" හා " බාල වයසින් මැරැනු ප්‍රේමය" , ජානක වික්‍රමසිංහ ගයන " සිංහල කඳුළට" , අමරසිරි පීරිස් ගයන " මුර දේවතාවී" හා " බාල චන්දනී නළල් තලාවේ" , මාලනී බුලත්සිංහල ගැයූ " දනිමි කියන්නට ඇති" , කරැණාරත්න දිවුල්ගනේ ගයන " සුදු පාට මල් පිපුණු" හා " පිනි පොදක් නැතිව සුසුම් හෙළන" , පණ්ඩිත් අමරදේවයන් ගයන " නුඹ තනියෙන් මල් වැට ළඟ" , ලක්ෂ්මන් හේවාවිතාරණ ගයන " තහනම් සඳක් දෝ නැගුණේ" , විශාරද එඩ්වඩ් ජයකොඩි ගයන " සක්විති වාගේ සැරසීලා" , දමයන්ති ජයසූරිය ගයන " විල්දිය සිඳුනාද කිඳුරියේ" හා අමරසිරි මුණසිංහ ගයන " එල්ලීගෙන තිරික්කලේ" යන ගීත ඇතුළු තවත් සුභාවිත ගීත රාශියකට මනරම් ගී තනු සැපයූ ඔහු අද නිහඬය. ඒ කන්කලු තනු වැයූ දෑගිලි අප්‍රාණිකය. ඉතාමත්ම දැකුම්කළු හා පැහැදිලි අකුරින් ස්වර ප්‍රස්ථාර ලියූ ඔහුට අද පෑනක් සුරතේ දැරීමවත් නොහැකිය.

මා හිතාදර සහෘදයිනී ඔහු වෙනකවුරැන් හෝ නොව ඒ වයලීන ත්‍රිත්වයේ තුන්වැනි පුරැක වූ තිස්සසිරි පෙරේරාය.






අද තදබල ස්නායු රෝගයක් නිසා තම ශරීරයේ දකුණු පස පණ නැතිව ඉතා අසරණව පසුවන්නේ එතුමායි.
එතුමාගේ අද තත්වය දැකීමෙන් මොහොතකට ආතුරවූ මා සිහිඑළවාගෙන එතුමා වත්තම්කරගෙන ආ පුද්ගලයාගෙන් ඒ එතුමාගේ පුතාදැයි විමසීමි. මද සිනහවක් නගා මට පිළිතුරැ දුන් ඔහු , තමා එතුමාගේ එකම සොයුරා වන මල්සිරි පෙරේරා බැව් මා සමඟ පැවසීය.
තිස්සසිරි පෙරේරාව දරැවකුසේ බලා ගන්නා ඔහු අද වයසටත් වඩා වයෝවෘධව හා ගිලන්ව පසුවන තම සොයුරාව අසුනක වාඩි කරවා මා සමඟ සංවාදයට එක්විය.
දැනට 63 වැනි වියේ පසුවන තිස්සසිරි පෙරේරා අවුරැදු 3 ක් තිස්සේ මෙම අංශභාග රෝගී තත්වයෙන් පසුවන බවත් දැනට සිංහල බෙහෙත් කරන අතර ඒ පිහිටෙන් වචනයක් හෝ කතා කිරීමට නොහැකිව පසුවූ තිස්සසිරියනට දැන් මදක් කතා කළ හැකි බවත් මා සමඟ පැවසීය.
අසනීපවීමට දිනකිහිපයකට පෙර නෙළුම් පොකුණේ පැවැත්වූ , ගායනවේදී අනුර සේනානායකයන්ගේ සංගීත ප්‍රසංගයකට නව සංගීත සංයෝජනය කළ බවත් මල්සිරි මහතා වැඩිදුරටත් පැවසීය.
අප රටේ සිටින , පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, නන්දා මාලිනී හා නිරෝෂා විරාජිනී වැනි උසස්ම ගායක ගයිකාවන් සමඟ පිටරට සංචාර සඳහා නැතිවම බැරි වාද්‍ය ශිල්පියෙකු වූයේ මෙතුමාය. ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් සමඟ මෙතුමා එංගලන්තය, ඇමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රෙලියාව හා මැදපෙරදිග ඇතුළු රටවල් රාශියකටම සංචරය කොට තිබිණි. රෝහණ වීරසිංහයන්ගේ තනු බොහොමයක් හැඩවැඩ වූයේ , රසවත් වූයේ තම සොයුරාගේ වයලීනයෙන් බැව් මල්සිරි මහතා අප සමඟ පැවසුවේ තම සොයුරා පිළිබඳව ඇතිකරගත් සියුම් ආඩම්බරයකින්ද යුක්තවය.
මෙතරම් ගායක ගයිකාවන් සංඛ්‍යාවකට ගී තනු නිර්මාණය කළ තිස්සසිරි පෙරේරා සූරින් අද අසරණව අඩපණව ලෙඩ ඇඳේ වැතිර සිටින කල එදා එතුමා සමඟ වැඩ කළ හා එතුමාගෙන් වැඩ ගත් සියලුම කලා කරැවන්ට එතුමා සිහිනොවුණත් අසංක ප්‍රියමන්ත පීරිස්, වික්ටර් රත්නායක , ලක්ෂ්මන් විජේසේකර හා දිවුල්ගනේ ඇතුළු කලාකරැවන් කිහිප දෙනෙකු එතුමාගේ දුක සැප සොයා බලා ආධාරකරන බැව් මා සමඟ පවසා සමහර ගායකයන් තම සංගීත සංදර්ශන පාණදුර නගරයේ පවත්වා නගරය අසබඩම වෙසෙන තම සොයුරා බැලීමටවත් නොපැමිණි බැව් මා සමඟ පැවසුවේ මහත්ම වූ කලකිරීමකිනි.
වෙන කිසිදු හව් හරණක් හෝ තමන්ගේ කියා දෙයක් අහිමි මේ ප්‍රතිභාපූර්ණ ගාන්දර්වයාට අද දිනයේ ඇත්තේ තම සොයුරාවූ මල්සිරි පෙරේරාගේම සරණ පමණි.
එතුමාට අවශ්‍ය භෞතචිකිත්සාව( physiotherapy) සඳහා දිනකට රැපියල් 500 ක් පමණ වැයවන බැව් මා සමඟ පැවසූ මල්සිරි පෙරේරා මහතා දැන් කිසිදු ආදායමක් නැති තම සොයුරාගේ සියලුම බර දරන්නේ තමා බව පැවසුවේ කනස්සල්ලෙන් වුවත් සහෝදර ප්‍රේමයෙන් හදවත පුරවාගෙනය.
එමෙන්ම ගුවන් විඳුළි සංස්ථාවෙන් තිස්සසිරි පෙරේරා පිළිබඳව උපහාර උලෙළක් පැවැත්වූ බවත් එයට නන්දා මාලිනී හා සනත් නන්දසිරි ඇතුළු තවත් එතුමා සමඟ වැඩකළ ගායක ගායිකාවන් රාශියක් සහභාගීවූ බවත් තව දුරටත් පැවසීය. එහෙත් එහිදී තම සොයුරාහට ප්‍රදානය කරනබවට පොරොන්දු වූ රැපියල් ලක්ෂයක මුඳල නම් අද වනතුරැත් එතුමන්ට නොලැබුණු බැව් මා සමඟ පැවසුවේ ඉතාමත්ම කලකිරීමෙනි. ගුවන්විදුලියේ මහත්වරැනී , මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු වේවා!
මම මේ සියලු විස්තර සටහන් කරගන්නා අතරතුර තිස්සසිරි පෙරේරා සූරීන් දෙස බැලීමි. එතුමා ඒ සොඳුරැ සිනාවෙන් මුව සරසාගෙන කෘතඥතාපූර්වක බැල්මකින් මා දෙස බලා සිටියේය. ලෙඩ දුක් නිසා වයසටත් වැඩියෙන් වැහැරැනු එතුමාගේ මුහුණේ ඇස්වල තිබුණේ දුකක්ද , තනිකමක්ද එසේත් නැතිනම් මේ සමාජය පිළිබඳ කලකිරීමක්දැයි මට වටහාගත නොහැකි විය.
මල්සිරි මහතා තිස්සසිරි සූරීන් සහභාගී වූ පිටරට සංචාරවලදී ගත් ඡායාරෑප සහිත ඇල්බමයක් මා අත තැබීය. මම ඉන් පිංතූර කිහියක් මගේ කැමරාවේ සටහන් කර ගතිමි.
සමුගන්නා මෙහොත ලං වුණි. මම එතුමාගේ ඒ අප්‍රාණිකව වකුටුවී ඇති දෑත් අල්ලාගෙන එතුමාව අපට අමතකව නැතිබවත් එතුමා සංගීතයෙන් අප වෙනුවෙන් කළාවූ සේවයට අප ණයගැති බවත් පවසා සිටියෙමි. එතුමාගේ මුහුණේ ඇඳුණේ සියුම් සිනහවකි.
ඉතිං ආදරණීය මිතුරනී, මේ සොඳුරැ ගාන්දර්වයාට අපගේ උදව් උපකාර , ආදරය හා කරැනාව අවශ්‍යම අවස්ථාවයි මේ. අප සැවොම දිනෙක මිය යන බැව් සැබෑය. කෙනෙකු මිය යන්නට පෙර හුස්ම ගනිමින් ජීවත්වන කාලයේ අපට ඔහුට හෝ ඇයට අප වෙනුවෙන් කල සේවයට කළගුණ සැලකීමක් කළ හැකිනම් ඊටත් වඩා සතුටක් තවත් ඇතිද? කරන්නට ඇත්තේ ඉතාමත් පහසු කාරියකි.
ඔබට හැකිනම් එතුමාව අමතන්න. ඉඩක් ලදවිට බලන්නට යන්න. එතුමා වෙනුවෙන් එතුමාගේ සොයුරැ මල්සිරි මහතා ගෙනයන අරගලයට සහය වන්න.
එවිට කවුරැන් හෝ තමන්ව බැලීමට එනතුරැ දෑස්දල්වා බලා සිටින එතුමන්ට තමන් තනිවී නැතිබව හැඟේවි. ඒ පිංකම කළහැක්කේ ඔබට පමණි. මදක් සිතන්න. ඔබ සැමටම ජය ශ්‍රී!
එතුමාගේ මලණුවන්ගේ ගිණුම් අංකය:
W P Malsiri Perera
ගිණුම් අංකය: 8189001178
කොමර්ෂල් බැංකුව
පාණදුර
එතුමාගේ ලිපිනය:
310/A, සමුද්‍ර මාවත,
උයන් කැලේ,
ගාලු පාර,
පාණදුර
දුරකථන අංක:
038-2236689
0777748640
එතුමා තනු නිර්මාණය කළ ගීත විස්තරය මා උපුටාගත්තේ sinduano.blogspot.com බ්ලොග් අඩවියෙනි. මේ සඳහා ඔත්තුව සැපයූ Tharurasi Fernando නැගෙණියට හා මෙතුමා පිළිබඳව මා මුලින්ම දැනුවත් කළ Dayani Dassanayake සහෝදරියට මගේ ස්තූතිය.
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය 

 
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.