ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 16, 2015

පුත්තලමේ පුවත්

මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙකු ගමන් කරමින් තිබූ ජීප් රථයක යතුරු පැදියක් ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 14 වැනිදා සවස හලාවත - කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන අපේක්ෂකයෙකු වන අරුන්දික ප්‍රනාන්දු  ගමන් කරමින් තිබූ ජීප් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ වීරකොඩියාව - දිගන්වෙල පදිංචිකරුවන් වන එම්.පී.ගංගා සුභාෂිණී (අවු:38),වනසිංහ ආරච්චිලාගේ දීපිකා දමයන්ති (අවු:30) සහ පෝරුතොටගේ පහන් ආලෝක (අවු:4 ½ ) නම් තිදෙනෙකි.තුවාලකරුවන් තිදෙනාම යතුරු පැදියේ ගමන් කරමින් සිටි අයවළුන් වේ.(ඔවුන් ගමන් කරමින් තිබී ඇත්තේ අංක PAX 6137  දරන යතුරු පැදියේය.)
අනතුරට පත්ව ඇති ජීප් රථය හලාවත දෙස සිට කුරුණෑගල දෙසට ගමන් කරමින් තිබී ඇත.යතුරු පැදියද එම දිශාවටම ගමන් කරමින් තිබී ඇති බව පොලීසිය කියයි.ඉදිරියෙන් ගමන්කළ යතුරු පැදියේ පිටුපස ජීප් රථය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.අනතුර සිදුවන විට මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකායද ජීප් රථයේ සිට ඇත. ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.


අනතුර සම්බන්ධ ජීප් රථය පැදවූ රියදුරු වන දිනේෂ් කැළුම් සමරතුංග,158.කිදොල්පිටිය,බණ්ඩාරගම යන අයව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අංක WP KJ 2702 දරන ජීප් රථය පොලිස් බාරයට ගෙන ඇත..
හලාවත පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 
 .................................................................................................................................................
මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයා නොමැතිව ඔහුගේ රුව සහිත ඡායාරූප,ඡන්ද සළකුණ සහ අංකය ප්‍රදර්ශණය කරමින් එම අපේක්ෂකයාට අයත් පෝස්ටර් සහ අත් පත්‍රිකා ප්‍රවාහනය කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් සැකකරුවන් දෙදෙනෙකුද සමග ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 14 වැනිදා සවස ආණමඩුව - නවගත්තේගම මාර්ගයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තර කරන සනත් නිශාන්ත පෙරෙරා මහතාට අයත් අංක 65 – 3965 දරණ මොන්ටරෝ වර්ග‍යට අයත් ජීප් රථයකි.එහි තිබී අදාල අපේක්ෂකයාට අයත් පෝස්ටර් 300 ක්,අත් පත්‍රිකා 1250 ක්,සහ කුඩා ප්‍රමාණයේ දින දර්ශණ 209 ක් තිබී පොලිස් බාරයට ගෙන ඇත.
ජීප් රථයේ සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව පදිංචිකරුවෙකු වන ජී.එච්.නිශාන්ත උදය කුමාර සහ මාදම්පේ - තඹගල්ල පදිංචිකරුවකු වන එච්.ඩී.සමිත් මධුශාන් නම් දෙදෙනෙකුවය.
සැකකරුවන්  පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
 පුත්තලම - ජුඩ් සමන්ත
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.