ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 10, 2015

සත්‍යයවූ අත්දැකීමක්....!!!


බිරිඳ මිය ගොස් දින හතකි. දරුවෝ සහ ඔවුන්ගේ මිතුරෝ නිවස අස් පරස් කරති. හැන්දෑවේ පන්සලේ නායක
හාමුදුරුවන් බණට වැඩීමට නියමිතය.

තාමත් මගේ සිත පාළුවෙන් පිරී තිබේ

“ මා යන්නේ සැහැල්ලු සිතිනි. ඔබ දන්නවා නේ මා සියල්ල අත් හැරීමට වෑයම් කළ කෙනෙක්. ඔබේ මුහුණ දුකෙන් පිරී ඇති සැටි පෙනෙනවා. දුක්වෙන්න එපා. මා යනවා ඔබත් දවසක අර දරු මුණුපුරන්ද ගෙදරද අත්හැර යාවි. සැනසිල්ලෙන් ඒ ගමන යන්නට හැකිවන අයුරෙන් සිත හදාගත්තා. ස
ියල්ල අනියත බව අනිත්‍ය බව අවබෝධ කරගත්තා......

ඇය මගේ අත මුදාහරිමින් කිවාය. දෑස පියා ගත්තාය.

මම ඇගේ අවවාදයට කන් දුන්නත් මොහොතකට පසු ඒ සිහින් සිරුර ළඟ වැටී හඬන්නට වුයෙමි.

දැන් ඒ සිදුවීමට සතියක් ගෙවිලා.

මම ඇගේ කුටියට ගියෙමි. ඇගේ මේසය මත ඇගේ කන්නාඩිය ,පනාව, මම පනාව අතට ගනිමි.

තාමත් එහි රැඳී තිබේ ඇගේ කෙස් ගස් කීපයක්. මගේ දයාබර බිරිඳගේ කෙස් ගස්. පනාව ගෙන මම ඇඳෙ වැතිරගොස් දෑස පියාගතිමි. මම තිස් පස් වසරකට එහා ඈත අතීතයට යාමි. අපේ විවාහයට මාසයකට පමණ පෙර දවසක් ඇය ගඟ අද්දර ළිඳට ගොස් වතුර කළයක් ගෙන නිවසට එයි. මම ඇය පසුපසින් යයි. දණහිස ළඟට දිගට ගොතා තිබුණු කොණ්ඩය පැද්දෙයි. වරක් දකුණු නිතඹ හා ගැටෙයි. වරක් වම් නිතඹ හා ගැටෙයි. මම ඒ පැද්දෙන ලතාව නරඹමින් පසුපසින් ගියෙමි. තවත් දිනෙක මා ඇගේ නිවසට යනවිට ඇය ගඟට ගොස් නාගෙන ඇවිත් සිටියාය. කොණ්ඩයෙන් මුළු පිටම වැසී දන දක්වා දිගට වැටී තිබිණ. කැරලි සහිත දෑස පිනවන ඒ පැහැයටම මගේ සිත ඇදින.

ඒ කෙසේ කළඹෙන් මගේ මුහුණ වසා ගැනීමට තරම් මම ඇගේ කෙස් වැටියට ආසා කළෙමි. ඊට ම ආවේණික වූ සුවඳක් ද එහි ඇතියි මම සිතීමි.ඇතැම් රැයෙක ඇයට ද හොරා මම ඒ මුදු සුමුදු ඒ කෙස් සිප ගතිමි.

කලක් ගෙවිණි.

මා කාර්යාලයේ වැඩ ඇරී හැන්දෑවේ ගෙදරට ගොඩවන විට ඇය සිටියේ ස්තෝප්පුවේ පඩියක හිඳගෙනය.

ඇගේ හිස මුදුනට පනාව තබාගෙන නැගී ඇය පසුපස හිඳගෙන සිටියාය. “ඔළුවට උකුණො බෝවෙලා ඇය කීවාය.

“ ඔව්, අයියේ මේ බලන්නකො ලේඩි විමානෙ. උකුණෝ බිත්තර දාලා අක්කට මෙච්චර දෙයක් වෙනකල් දැනිලා නැහැ. නංගීද කීවාය.

“ මම දැක්ක පසුගිය දවස්වල ඔයා ඔළුව කසනවා. මම කීවෙමි.

“ ඒක තමයි අනේ. මේ බලන්නකො නංගි තඩි උකුණො දෙන්නෙක් ඔළුවෙන් ගත්තා. අප කීවේ දුකෙනි.

“උකුණො නැති කරන්න බේත් තියෙනවා නේ.” මම කීවෙමි

ඇය පිළිතුරක් දුන්නේ නැත. ඉන් පසු ඇගේ හිසෙන් දුගඳක්ද මට දැනිය. උකුණන් මළ පහ කරන්නෙ ඔය කෙස් ගස් අතර ඇගේ කොණ්ඩය උකුණන්ගේ වැසිකිළිය. මට ආ සිතිවිලි මම වචනවලට ගොඩනැඟුවෙමි.

උකුණන් නැති කරන සබන් වර්ගයක්ද,බේත් දියරයක් ද නාන කාමරයේ තිබෙනු මට පෙනින.

තවත් කලක් ගතවිය.

“ බලන්නකෝ කොණ්ඩෙ පීරන වාරයක්, වාරයක් ගානේ කෙස් ගස් ගැළවී ගැළවී යනවා “

ඇගේ මුහුණ ශෝකයෙන් පිරී තිබිණ.

“ මොනව කරන්නද කෙස් ගස් ගැළවී යන්නට එපා කීවාට වැඩක් නැහැනෙ..” මම කීවෙමි.

“ මම දැක්කා ගේ අතුගාන කොස්සෙත් කෙස් ගුළියක් ඇලිලා තිබුණා.” මම පසු දිනෙක කීවෙමි.

“ ඔන්න බලන්නකෝ හිස් හොරිත් හැදිලා. සමහර තැන්වලට පනාව තියන්නත් බැහැ. මගේ කොණ්ඩෙට මොකක්ද වුණේ..” ඇගේ ඇස්වල කඳුළු නැගිණ.

“ඕවට බේත් තියෙනවානේ..

”බේත් දැම්මා. ඒවට වෙනම සබන් වර්ග තියෙනවා. ඒවාත් පාවිච්චි කළා..වැඩක් නැහැ.”

මට ද දුකක් ඇති විය. දිගට දිගේ පිට හරහා වැටුණු ලස්සන කෙස් වැටිය. දැන් හීන්වෙලා යම්තම් බෙල්ලෙන් ටිකක් පහළට විතරයි”

මම සුසුමක් හෙළීමි.

“ඊ ළඟට මෙන්න නරක ලෙඩත් හැදිලා..” “මොකක්ද?”

“උඳුගොව්වා, ඔයාට පේනවාද සමහර තැන්වල කෙස් ඇත්තෙම නැහැ. උඳුගොව්වා කනවා කියලයි කියන්නෙ...”

“කෝ උඳුගොව්වා “

ඇය සිනාසුනාය.

“ එහෙම එකෙක් නැහැ. ඔන්න බලන්න මෙතන...”

ඇය කෙස් ටිකක් එහාට මෙහාට කොට පෙන්නුවාය. ඒ තැන්වල කෙස් නෑ. තට්යය පෑදී තිබිණි. සුදු කෙස්ද පෙනිණ දිනක් මම කෑ ගැසුවෙමි.

“මේ බලනවා. මගේ බත් පිඟානෙ කෙස් මේ ඔයාගෙ සුදු කෙස්. මං මේ පිඟාන විසි කරනවා “

මගේ සිත කෝපයෙන් පිරී තිබිණි. ඇය ඒ කෙස් ගස් කීපයට ඉවත් කළාය.

“ මම දැන් ඕක කන්න බැහැ. කැතයි....මම කීවෙමි. කලකට පෙර ආදරයෙන් සිද ගත් ඒ මුදු සුමුදු කෙස් වලින් දෙකක් වගේ බත් පිඟානයට වැටිලා. මට පිළිකුළයි. මට ඇය ගැන දුකක් ඇතිවිය.

“ ඔහොම ඉන්න පොඩ්ඩක් ඔය බත් පිගාන විසි කරන්න එපා”

ඇය ආපසු බත් පිඟාන ගෙන මා ළඟට ආවාය. මම බත් පිඟාන අතට ගතිමි. කෙස් අමතක කොට බත් කෑවෙමි.

දිනක් මම අපේ වත්තේ එහා කෙළවරට ගියෙමි. එතැන කුණු ගොඩ පවා තිබිණ. එහි කෙස් ගස්ද දක්නට ලැබිණ. දිග සුදු කෙස් ගස් පවා පඬු පැහැයට හැරෙමින් ඇත. තව ටික දවසකින් කෙස් පස්වනු ඇත. මම ඇයට එය කීවෙමි.

“කෙස් පස්වෙනවා....” ඇය කළේ මගේ අතින්ගෙන සාලයට ගොස් හිඳ ගැනීමයි.

“මගේ පමණක් නෙවෙයි ඔබේ කෙස් ද පස්වෙනවා..කෙස් ආවේ පස්වලින් කෙස් ආපසු පස්වලට ම යනවා.”

මම ඇගේ කට දෙස බලා සිටියෙමි. භාවනා මධ්‍යස්ථානයක සති කීපයක් නතරවී භාවනා කළ ඇයට ඒ පිළිබඳව මා සමග යමක් කීමට අවස්ථාවක් ලැබිණ.

“ ඔයා දන්නවා නේ මේ ලෝකයේ සෑම දෙයක්ම නිර්මාණය වී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතරෙන්. අපේ ශරීරයත් එහෙමයි. මහ පොළොව ගස් වැල්, පර්වත මුහුද මේ ඇඳ පුටු, මේස සියල්ලම හැදුනේ ඒ ධාතු හතරෙනි. ඔබ දුටුවා කෙස්ගසට සිදුවූ දේ.

කෙස් ගස මගේ හිසට අලංකාරයක් දෙමින්, හිතට ආඩම්බරයක් දෙමින් සිටියා. එය මුලදී සතුට ඇතිවුණා පසුව උකුණන් පිරුණු උකුණන් බිත්තර දමන තැනක් උන්ගේ වැසිකිළියක් හිස්හොරි ඇතිවී ඕජස ගලා උඳුගොව්වා කෑ ගඳගහන තැනක් බවට පත්වුණා. කෙස් සුදු වී වැටෙන්න පටන් ගන්නා ඒ කෙස් ගසේ මොහොතක් මොහොතක් එහා අනිත්‍යයට යන හැටි අය පෙන්නුවා. කෙස් ගසේ වැඩිපුර තිබුණේ පඨවි ධාතුව එය තැනුයේ අප ගන්නා ආහාරවල ඇති පඨවි ධාතුවෙනි. ආහාර ලැබුණේ බාහිර ගුණයෙන් ශාකවලින්, සතුන්ගෙන්, ඒ කෙස් ගස පොළොවට වැටුණු පසු දිරාපත්වී පස් බවට පත්වේ නම් නැත්නම් පිළිස්සී අළු බවට පත්වී මහ පොළොවේ පසට පඨවි ධාතුවට එකතුවෙනවා එපමණයි.

මේ දිරාපත්වීම, අනිත්‍යයට යාම වැළැක්වීම අපට බැහැ. කෙස්ගස සුදු වෙන්න එපා. ඉගිලෙන්න එපා ගැලවෙන්න එවා කීවාට සිතුවාට පලක් නැහැ. ඒවා සුදුවෙනවා ඉගිළෙනවා ගැළවේනම් දිරාපත්වෙනවා කෙස්ගස මගේය කියන්න. මමය කියා සිත මේ මගේ ආත්මය කියන්න ඉඩක් නැහැ. මගේ නම් මට ඕනෑ විධියට කෙස්ගස් පවතින්න ඕන. එහෙම පවතින්නේ නැහැ. ඒ නිසා ඒ අනිත්‍ය වූ කෙස් ගස අනාත්ම ද වෙනත් කෙස්ගස් අනිත්‍යයි. අනාත්මය එපමණයි.

ඇය මට කෙස් ගස අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් හැදුණා දුන් නිසා. ඇගේ හඬ මට යළි යළි ඇසෙනු මෙනි.

මම මඳවේලාවකට පසු ඇස් හැර බැලුවෙමි. මගේ අපේ පනාව එහි සුදු කෙස් ගස් කීපයක් ඇගේ කෙස් ඇය ඒවා මගේ කෙස් යයි නොකීවාය. කෙස් මගේ නෙවෙයි. මම නොවෙයි මගේ ආත්මය නොවෙයි. මම පනාව මේසය මත තබා පුටුවක හිද ගතිමි. දෑස පියා ගතිමි. ඇගේ වචන මෙනෙහි කළෙමි.

කෙස් ගස සොඳුරු කෙස් කළඹක රැඳී සිට සුදු කෙස්ගසක වනතුරු බිමට වැටී පොළොවට පස්වනතුරු පඨවි ධාතුවට එක්වන තුරු ඒ අවස්ථා සියල්ල මගේ සිතේ මැවෙන්නට විය.

කෙස් ගස පසට එක් වී අතුරුදන්වී ගිය පසු කිසිවක් නැති හිස් බවකට, ශූන්‍ය බවකට හිත පත්විය. මම දිගටම ඒ ශුන්‍යතාවය තුළ රැඳී සිටියෙමි. සිතිවිලි වලින් තොර ඒ මිනිත්තු කීපය මා මහා ශාන්න නිවී ගිය ස්වභාවයක රැඳවීය.

තෙරුවන් සරණයි!

ක්‍ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.