ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Sira...!!!

Sira...!!!

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 9, 2015

දේශපාළුවන්ගේ බොරු පොරොන්දු තුළට සීමාවූ ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරය....!!!

ලෙස්ටර් ජේම්ස් පීරිස් විසිනි



තවමත් මෙරට විධිමත් සිනමා සංරක්ෂණාගාරයක් ස්ථාපිත වී නොමැත. පෞද්ගලික සිනමා සංරක්ෂකයන් කිහිප දෙනකුගේ මැදහත්වීම නොවන්නට මේ තරමින් හෝ පැරැණි අගනා චිත්‍රපට අනාගත පරපුරට දැකගැනීමට ඉඩ නොලැබෙනු ඇත. අග්‍රගණ්‍ය සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ උසස් චිත්‍රපට රැසක ම මුල් පිටපත් දැන් විනාශ වී ගොස් හමාර ය.  සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව අවධාරණය කරමින් 1957 දී ලෙස්ටර් ඉංගී‍්‍රසියෙන් ලියූ ඓතිහාසික හා පුරෝගාමී ලිපියෙහි සිංහල පරිවර්තනයයි මේ.




සිංහල චිත්‍රපටයේ සුබසාධනය හා සංවර්ධනය පිළිබඳ සැලකිලිමත් වූවෝ පවා ජාතික චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවීමට පමා වූවා වැඩි යැයි සිතති. චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවීමෙන් රැකගත යුතු තරමේ දෙයක් පසුගිය දස වසරෙහි (1947 - 1957) බිහි විණිදැයි යන සාධාරණ පැනය නැඟීමට ද ඇතැමුන්ට බැරිකමක් නොමැත. ප්‍රත්‍යක්ෂ කොටගත් සහජාසයෙන් මඩනා ලද අනාගත පරපුරක් මේවායෙහි තිබෙන මතුපිට ඔපය බැහැර කොට මේ සියල්ල රැක ගැනීමට පෙලඹේ යැයි කොහෙත්ම සිතිය හැකි ද?
මේවා සත්‍ය වශයෙන් ම එම විෂයට අදාළව මතු විය හැකි පැනයන්ය. චිත්‍රපට සංරක්ෂණාගාරයක සැබෑ වැදගත්කම මෑතකදී මා හට පසක් වන තෙක් මවිසින් ද මේ ප්‍රශ්න බොහෝ විට නඟන ලදී. ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි “සිනමැතකේ ප්‍රාන්කේ” (Cinematheque Francaise) නම් වූ සිනමා සංරක්ෂණාගාරය අද ලොව තිබෙන හොඳම සිනමා කෞතුකාගාරවලින් එකකි. එහි සිටි නිලධාරියකු මා කැඳවාගෙන ගොස් ඔවුන්ගේ කුඩා සිනමාහලකදී පෙන් වූ ඉතා පෞරාණික නිහඬ චිත්‍රපට පෙළ නැරැඹීමෙන් පසුව මෙතෙක් මා සිතු දේහී වරද අවබෝධ විය.
මෙම චිත්‍රපට බිහිවූයේ විවිධ අත්හදා බැලීම් ඔස්සේ චලන චිත්‍රයේ නව බස සොයා ගිය සමයකදීය. මේ ක්ෂේත්‍රයේ නව නිපදවීම් අනාවරණය වූයේ සමච්චලයෙන් හා අවමානයෙන් යුක්තවය. අවශේෂ කලාවන්හි රැකවලුන් විසින් සිනමාව අවර ගණයේ විනෝදාස්වාදය සපයන උපක්‍රමයක් ලෙස පෙන්වා දෙන ලදී. එහෙත් අරුමය නම් මෙකී රළු පරළු පැරැණි චිත්‍රපටවලට ලොව ශ්‍රේෂ්ඨ සිනමා සංරක්ෂණාගාරයන්හි උසස් තැනක වැජඹීමට හැකි වීමය.
ඉතිහාසඥයන්ට, සමාජ විද්‍යාඥයන්ට හා විචාරකයන්ට මෙමඟින් සපුරාම අධ්‍යාපනික ආස්වාදයක් ලද හැකි වූ අතර වැදගත් දෙය නම් මේවා සංරක්ෂණය කිරීමේ වටිනාකම ඔවුන් වටහා ගැනීමය. මෙමඟින් අප උගත යුතු දේ පැහැදිලිය.
සත්‍ය වශයෙන්ම චිත්‍රපට සංරක්ෂණය කිරීමේ වගකීම අනාගත පරපුරට පවරා අපට නිහඬව සිටිය හැකි ද? අනෙක් අතට අනාගත පරපුරෙන් එය ඉටු වනු ඇතැයි අපට ස්ථිර ලෙස කිව නොහැකිය. පසුගිය දස වසරෙහි සිංහල චිත්‍රපට නිෂ්පාදනය දෙස ආපසු හැරී බැලුවහොත් චිත්‍රපට නාමයෙන් මෙරට බිහි වී ඇත්තේ අවර ගණයේ වල්පල් සමුදායකැයි ඒත්තු යනවා ඇත.
මැදහත්ව විමසා බැලුවොත් අපගේ චිත්‍රපට රඟපෑම් කෙතරම් පැරණි පන්නයෙන් හා අස්වාභාවික ගාඪ ස්වරූපයෙන් යුක්ත ද? මෙරට චිත්‍රපටවල කථා කෙතරම් ළාමක ද? එහි ඇතුළත් සංගීතය මොන තරම් මනසට පීඩා ගෙන දෙන කඨෝර බවකින් යුක්ත ද? එසේම හාස්‍යය කෙතරම් අසභ්‍යය ද? කොටින්ම කිවහොත් මෙරට සිනමාවේ සමස්ත ව්‍යුහය කෙතරම් අප්‍රසන්න දැයි සිතීමෙහි වරදක් නැත. එහෙත් දේශීය සිනමාව පියවරක් හෝ ඉදිරියට තබන්නා වූද හරවත් දෙයකට මඟ සකස් කරන්නා වූද දර්ශනයක්, රඟපෑමෙන් කොටසක්, එය වඩාත් ඔපලන ශිල්ප ක්‍රමයක් එහි තිබේදැයි කවුරු දනිත් ද? අවර ගණයේ නාට්‍යාතිශය දර්ශන තිබිය හැකි මුත් කිසිදු ප්‍රවෘත්ති චිත්‍රපටයක නොදක්නා ලැබෙන සත්‍යය අනාවරණය කෙරෙන, ජන ජීවිතයේ සිතුවිලි හා ආකල්ප රැගත් වාර්තාවක් එහි තිබිය හැකිය. එසේම මේවා චිත්‍රපට සංරක්ෂණාගාරයක නිත්‍ය ස්ථානයක් අත්පත්කොට ගන්නා අනර්ඝ දේවල් වීමට පිළිවන.
මෙතැන් සිට වසර පනහක් ගත වූ කල්හි මේ යුගයේ චිත්‍රපට ප්‍රාථමිකයන්ගේ කාර්යවන් සේ සැලකෙතත් ඒවා අතරින් ඇතැම් චිත්‍රපට විද්‍යාර්ථීන්ට සප්‍රයෝජනවත් විය හැකි අතරම ඉතිහාසඥයන්ට හා සමාජ විද්‍යාඥයන්ට අත්‍යවශ්‍ය සේවාවක් සලසා දෙන බැව් නිසැකය. අනෙක් අතට හුදෙක් ඓතිහාසික අගය පමණක් සලකා හෝ චිත්‍රපටයක් සංරක්ෂණයට ක්‍රියා නොකිරීම අතිශයින් සංවේගජනක තත්ත්වයකි. අපි මෑතකාලීන දෘෂ්ටාන්තයක් ගනිමු.
යම් කලකට ඉහත ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය විසින් ඔවුන්ගේ කථානාද සිනමාවේ රිදී ජුබිලය (25 වසර) සමරනු පිණිස උත්සවයක් සංවිධානය කරන ලදි. නමුත් ඔවුන්ගේ ප්‍රථම චිත්‍රපටයේ කිසිදු පිටපතක් කොතැනකින්වත් සොයා ගත නොහැකි විය. මුළු රටෙහිම සෙවීමෙන් ද ඵලක් නොවූ හෙයින් අවසාන මොහොතේදී මුල් පිටපතෙහි දිරා පත් වූ පැරණි කොටස් කිහිපයක් මෙකී උත්සවය උදෙසා ඉදිරිපත් කිරීමෙන් සෑහීමට පත් වීමට සිදුවිය.
සිංහල වෘත්තාන්ත චිත්‍රපටයෙහි සංරක්ෂණය කිරීමට තරම් වටිනා කිසිම දෙයක් නැතැයි අපි මොහොතකට සිතමු. එසේ නම් විත්ති කථා හා වාර්තා චිත්‍රපට පිළිබඳ කවර කථා ද? සෑම දෙයක් පිළිබඳ සැක උපදවන සංශයවාදීන් පවා මේවා අතරින් ඇතැම් චිත්‍රපටවල පවතින අනගි වටිනාකම පිළිගන්නා බව මට සහතික කළ හැකිය.
නිදර්ශනයක් ගෙන බැලුවහොත් ජාතියේ පියා වූ ඩී. එස්. සේනානායකයන්ගේ අවමංගල්‍යය, නව සමාජ යුගයක් කරා මෙහෙය වූ මහජන එක්සත් පෙරමුණෙහි මැතිවරණ ජයග්‍රහණය, බස් සේවාව ජන සතු කිරීම ආදි සුවිශේෂී අවස්ථාවන් විශ්වසනීය ලෙසින් වාර්තා කරනු ලැබුවේ රජයෙහිම කැමරා ශිල්පියෙකි. විධිමත් වූද, විද්‍යානුකූල වූද වැඩ පිළිවෙළක් අනුව මෙහෙය වනු ලබන චිත්‍රපට කෞතුකාගාරයක් පිහිටුවාලීමට කටයුතු යෙදුවහොත් එමඟින් මේවා සියවස් ගණනාවක් සුරක්ෂිතව තබා ගත හැකි වේ.
චිත්‍රපට සංරක්ෂණාගාරයක් අරභයා අතිශය වැදගත් එක් අංගයක් පිළිබඳ මෙතෙක් මම කරුණු ගෙන හැර පෑවෙමි. එනම් දේශීය චිත්‍රපට පිළිබඳ සප්‍රයෝජනවත් වූද, වටිනා වූද අංගය වන සංරක්ෂණ කාර්යය වේ. කෙසේ නමුත් ඒ හා සමානව වැදගත් වන්නා වූ ලංකාව බඳු රටකට අත්‍යවශ්‍ය වූ තවත් අංගයක් තිබේ. සංරක්ෂිත චිත්‍රපට වනාහී ජාතික වස්තුවක් මතු නොව ජාත්‍යන්තර වස්තුවක් ද වේ. කිසියම් රටකට සීමා වන චිත්‍රපට සේම ලෝකයේ ශ්‍රේෂ්ඨ සිනමා අධි කෘතීන් ද (Masterpieces) මෙමඟින් සුරක්ෂිත කෙරේ.
අතක් දිගු කිරීමෙන් වුවත් ප්‍රකට පුස්තකාලයකින් ඕනෑම ජගත් සම්භාව්‍ය සාහිත්‍ය කෘතියක් ලබා ගත හැකිය. එහෙත් අභාග්‍යයකට ලොව ශ්‍රේෂ්ඨ අධ්‍යක්ෂවරුන්ගේ සිනමා කෘතීන්හි පිටපත් එතරම් පහසුවෙන් ලබා ගත හැකි නොහේ. චිත්‍රපට ණයට ලබා දීම හා චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම යන කාර්යයන් ද්වයම චිත්‍රපට කෞතුකාගාරයකින් ඉටු වන මෙහෙවරක් ලෙස සැලකෙන්නේ එහෙයිනි.
අවශේෂ රාජ්‍යයන්හි පවතින වඩාත් සම්පත්වලින් ආඪ්‍ය වූද, විද්‍යාර්ථින්ට හා මේ අරභයා උනන්දුවක් දක්වන මහජනයාට සප්‍රයෝජනවත් වූද සිනමා කෞතුකාගාරවල ස්වරූපය අපි දැන් විමසා බලමු. සිනමා කර්මාන්තයෙහි නියැළෙන සෑම නිර්මාණ ශිල්පියකුටම තමන් සිදුකරන කාර්ය භාරය පිළිබඳ උනන්දුවක් තිබේ. ලන්ඩනය දෘෂ්ටාන්ත කොට දැක්වුවහොත් එහි බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනයේ සිනමා සංරක්ෂණාගාරයෙහි චිත්‍රපට 7000 ක්ද, 1895 තරම් ඈත වකවානුවක බිහිවූ නිශ්චල ඡායාරූප 150,000 ක්ද තැන්පත් කොට තිබේ. නිව්යෝක්හි පිහිටා තිබෙන නවීන කලා කෞතුකාගාරයෙහි චිත්‍රපට අඩි මිලියන දහයක්ද, සිනමා පුස්තකවලින් සුසැදි සුවිසල් පුස්තකාලයක්ද, නිසල රූ 500,000 ක්ද මේ හැරුණු කොට පෝස්ටර්, තිර රචනා හා සංගීත ඛණ්ඩයන් ද එහි තිබේ.
පැරීසියේ සිනමැතකේ ප්‍රාන්කේ නමැති චිත්‍රපට සංරක්ෂණාගාරයේ චිත්‍රපට 28,700 ක්ද පොත් 5000 ක්ද නිශ්චල ඡායාරූප 200,000 ක්ද හැරුණු විට අද්විතීය දර්ශන පසුතල එකතුවක් ද විවිධ ආකෘතීන් ද වස්ත්‍රාභරණ ද මුල් කාලීන චිත්‍රපට සඳහා භාවිත කළ විශේෂිත උපකරණවල දෘෂ්ටාන්ත ද දක්නට ලැබිණ. තවද ලිස්බන්, පීකිං, සැවෝ පොලෝ, ස්ටොක්හෝම්, බුඩාපේස්ට්, බුවෙනෝස් අයර්ස්, කැන්බරා සහ කෝපන්හේගන් යනාදී නගරවල ද සිනමා සංරක්ෂණාගාර පිහිටුවා තිබේ.
මෙකී සකලවිධ චිත්‍රපට සංරක්ෂණාගාර අද්‍යතනයෙහි රාජ්‍ය 30 ක සාමාජිකත්වයෙන් යුත් ජාත්‍යන්තර චිත්‍රපට සංරක්ෂණාගාර ඒකාබද්ධ මණ්ඩලයකට සම්බන්ධ කොට තිබේ. මෙකී සාමාජික රටවලට විවෘතව තිබෙන ප්‍රයෝජන හා පහසුකම් බොහොමයකි. මෙමඟින් සම්භාව්‍ය චිත්‍රපටවල සමහර පිටපත් ඉතා සුළු මුදලකට ලබා ගත හැකි අතර දේශීය චිත්‍රපට හුවමාරු කළ හැකි වේ. එසේම සියලු දේශීය හා ඓතිහාසික වැඩසටහන් ණයට ලබා ගැනීමට ද එහි කටයුතු යොදා තිබේ.
සිනමාවේ උපත, නිහඬ සිනමාවේ මුල් යුගය, හාස්‍යෝත්පාදක ප්‍රහසන, ගි‍්‍රෆිත්ගේ සහ ස්ට්‍රෝහයිම්ගේ අධි කෘතීන් (Masterpieces), රුසියානු මහා සිනමාකරුවන් වූ අයිසන්ස්ටයින්, පුඩොව්කින්, දෝහෙන්කෝ, ප්‍රංශ නව රැල්ල සහ පැබ්ස්ට්, මුර්නෝ, ලෑන්ග් වැන්නන්ගේ කෘති ආදිය පිළිබඳ වැඩසටහන් මෙහි දක්නට තිබේ.
මෙවැනි සම්භාව්‍ය, සාහිත්යික ගුණයෙන් පෝෂණය වූ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම කරුණු දෙකක් හේතු කොට වැදගත් වන්නේ යැයි මම සිතමි. පළමුවෙන් මහජනතාවගේ රසඥතාව වර්ධනය කිරීමෙහිලා මේවා මාහැඟි දායකත්වයක් ලබා දේ. දෙවනුව මේවා ලොව පුරා සිටින සිනමාකරුවන්ට තම නිර්මාණ උදෙසා අනුප්‍රාණය ලබා දෙන නිශ්චිත මූලාශ්‍රයෝ වෙත්. මෙහිදී මා අදහස් කළේ හුදෙක් චිත්‍රපට නිෂ්පාදකවරුන් හා අධ්‍යක්ෂවරුන් පමණක් නොව සැබවින්ම කැමරා ශිල්පීන්, තිරනාටක රචකයන්, සංගීත සංයෝජකයන්, පසුතල නිර්මාණ ශිල්පීන් ආදි වශයෙන් සිනමා කර්මාන්තයේ නියැළෙමින් සියලු නිර්මාණශීලී ප්‍රතිභාවන් ඊට ලබා දෙන්නන්ය.
සිංහල සිනමාවේ මෙන්ම මහජන රසඥතාවෙහි ප්‍රමිතීන් වර්ධනය කිරීම වැදගැම්මකට නැති දේ යැයි කියනු බොහෝ විට අසන්නට දකින්නට ලැබේ. සිනමා කලාවේ අතීත අගනා කෘතිවලින් හාත්පසින් වෙන් වී මහජන රසාස්වාදය ඉහළ නැංවිය හැක්කේ කෙසේ ද? චිත්‍රපට බෙදා හරින්නෝ සම්භාව්‍ය චිත්‍රපට නොපෙන්වති. මන්ද එම චිත්‍රපටවලින් ඔවුන්ට මුදල් ගරා ගත නොහැකිය. මෙබඳු වපසරියක කිසිදු ආකාරයේ රජයේ සහයෝගයක් නොමැතිව ඇතැම් සිනමා සමාජ පුරෝගාමි කාර්ය භාරයක් ඉටු කර තිබේ. එසේම කොළඹ හතේ වාසය කරන, සංස්කෘතිය ව්‍යාජ ලෙස ආරූඪ කරගත් ඇතැම් සැලසුම් සම්පාදකයන්ට වඩා සිනමා සමාජ අනපේක්ෂිත වේගයකින් වර්ධනය විය.
දේශීය සිනමාවේ අනාගතය සකස් වනුයේ කුරුඳුවත්තේ වාසය කරන නෝනා මහත්වරුන් අතරෙහි නොවේ. එහිදී වඩාත් බලපාන්නේ විනෝදයට වඩා ඇබ්බැහිකමක් වශයෙන් චිත්‍රපට නරඹන ග්‍රාමීය ජනතාවය. වෙසෙසින්ම තවමත් මනස දූෂිත නොවූ අපගේ ළමා පරපුරෙහි රසාස්වාදය විධිමත් ලෙස සකස් කර ගත හැකි වීම ද මෙහිලා වැදගත් වේ.
මෙහිලා සිනමා සමාජ සංකල්පය නගරවලට පමණක් සීමා නොකොට පාඨශාලා අතරෙහිද ව්‍යාප්ත කළ යුතුය. අන් කවර දෙයටත් වඩා ළමා පරපුරෙහි රසඥතාව වර්ධනය කරනු පිණිස ක්‍රියා කරන පාසල්වලට හා සිනමා සමාජවලට මි. මී. 16 චිත්‍රපට ණයට ලබා දිය හැකි වන මධ්‍යම චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවීම වැදගත් වේ. මේ වූ කලී උසස් වර්ගයේ චිත්‍රපට ලබා ගත හැකි වූද ඒවා ලංකාවෙහි බෙදා හැරිය හැකි වූද චිත්‍රපට සංරක්ෂණාගාරයක් විය යුතුය.
අපගේ ඇතැම් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අරභයා කිව යුත්තේ කුමක් ද? ඔවුන්ගේ රසඥතාවයේ ස්වභාවය ගැන සිතීම ඉතා කනගාටුදායකය. අපගේ සිනමාකරුවන්ගෙන් 90% කට පමණ ඔවුන්ගේ කාර්යයන්ගෙන් පරිබාහිර චිත්‍රපට පිළිබඳ කිසිදු වැටහීමක් නොමැත. ඔවුහු මහත් අභිරුචියෙන් දකුණු ඉන්දියානු සිනමාව අනුගමනය කරති. තම රටෙහි පවතින්නේ ඉතා අවර ගණයේ සිනමාවක් බැව් ඉන්දියානු අපක්ෂපාතී විචාරකයෝ පවා පිළිගත්හ.
දකුණු ඉන්දියානු සිරිත් විරිත්, සම්ප්‍රදායන් අනුව මිස අවශේෂ කිසිදු සිනමා ආයතනයක් පිළිබඳ හැඟීමකින් වියුක්තව වැඩුණු අපගේ සිනමාකරුවන්ගෙන් කවර දෙයක් අපේක්ෂා කළ හැකි ද? එම නිසා චිත්‍රපට කලාව හදාරන සියල්ලන්ගේ අධ්‍යයනය හා අනුප්‍රාණය උදෙසා විවෘතව පවතින්නා වූද සම්භාව්‍ය චිත්‍රපටවලින් සජ්ජිත වූද සිනමා සංරක්ෂණාගාරයක අවශ්‍යතාව ඉඳුරාම වටහා ගත යුතුය.
ප්‍රකට ඉන්දියානු අධ්‍යක්ෂවරයකු වූ බිමල් රෝයි විසින් “දෝ බිඝා සමීන්” (‘Do Bigha Zameen’ - Two Acres of Land) නම් වූ අනර්ඝ චිත්‍රපටය නිර්මාණය කරන ලද්දේ ඔහු ඉතාලි නව තාත්විකවාදී චිත්‍රපට නැරඹු සමයේදීය. එමෙන්ම ඉන්දියානු සිනමාවේ ශ්‍රේෂ්ඨ සිනමා කෘතියක් වූ “පොථෙර් පංචාලි” (‘Pather Panchali’) බිහි කළ සත්‍යජිත් රේ, සම්භාව්‍ය සාහිත්‍ය හා සිනමාව පිළිබඳ මනා පරිචයක් ලැබූ කලාකරුවෙකි.
සිනමා සංරක්ෂණාගාරයක් පිහිටුවීමේ කාර්යය උදෙසා අධික පිරිවැයක් දැරීමට සිදුවන බවට කිසිදු සැකයක් නොමැත. මේ අරභයා සුරක්ෂිත ස්ථාන ඉදි කළ යුතු සේම චිත්‍රපට අසුරා තැබීමේදී විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වේ. එබඳු බැරෑරුම් කර්තව්‍යයක් සඳහා පෞද්ගලික ව්‍යාපාරිකයන්ට හා පෞද්ගලික ආයතනවලට මිල මුදල් හා උපක්‍රම නොමැති විය හැකිය. එහෙයින් රජයේ ආධාර මෙහිලා අත්‍යවශ්‍ය වේ.
ඇතැම් විට කලා මණ්ඩලය හෝ යුනෙස්කෝව වැනි ආයතනයකට මෙහිලා මුල පිරිය හැකි යැයි මම සිතමි. සිනමා සංරක්ෂණය පිළිබඳ ඇල්මක් ඇති පුද්ගලයන් දැනටමත් සිනමාව පිළිබඳ නිශ්චල ඡායාරූප සහිත පුස්තකාල, ලේඛන ගත දත්ත හා තොරතුරු එක් රැස් කිරීම ආරම්භ කොට තිබේ. මේවා සිනමා සංරක්ෂණාගාරයක කාර්යයන් අතර වැදගත් කොටසක් වන මුත් එපමණක් ප්‍රමාණවත් නැත.
වායු සමනය කළ සුරක්ෂිත ස්ථානවල විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව චිත්‍රපට සංරක්ෂණය කර තැබීම ද, චිත්‍රපට ණය ලබා දෙන මධ්‍යම පුස්තකාලයක් ද, මුදල් ඉපැයීම සඳහා නොවන චිත්‍රපට ප්‍රදර්ශනාගාරයක් ද, දේශීය සිනමා කෞතුකාගාරයක අත්‍යවශ්‍ය අංගෝපාංග වේ. හොඳට හෝ නරකට හෝ මෙකල තිබෙන ඉතාම බලසම්පන්න මාධ්‍යය සිනමාව බැව් කවුරුත් අවිවාදයෙන් පිළි ගනිති. ඊට අදාළ මතිමතාන්තර පහළ කර ගැනීමෙන් ද ජන කලාවක ස්වභාවය ආරූඪ කර ගැනීමෙන් ද අවශේෂ සියලු විනෝදාස්වාද ක්‍රම අබිබවා නැඟී සිටින ලංකාවේ එකම විනෝදාස්වාද මාධ්‍යය (මෙම ලිපිය ලියැවුණු 1957 වසර අනුව) චිත්‍රපටය බැව් නිරනුමානය.
යොවුන් පරපුරෙහි මනෝභාවයන්, රුචි අරුචිකම් හා ආකල්ප හැඩ ගැස්වීමෙහිලා විශාල ශක්තියක් සිංහල සිනමාවට තිබෙන බවට කිසිවකුගේ සැකයක් නොමැත. මෙය මෙසේ සලකත් නම් චිත්‍රපට පේ‍්‍රක්ෂකයන්ගේ රසඥතාව දියුණු කිරීමටත් සිංහල චිත්‍රපටවල හා සිනමාකරුවන්ගේ ප්‍රමිතිය ඉහළ නැංවීමටත් මෙරට ඉතිහාසයේ චමත්කාරජනක වාර්තාවක් මතු පරපුරෙහි ප්‍රයෝජනය උදෙසා දායාද කිරීමටත් අවංක චේතනාවෙන් පසුවන සියල්ලන්ම අඩු තරමෙන් ලංකාවේ දේශීය සිනමා සංරක්ෂණාගාරයක් පිහිටුවීමේ ශක්‍යතාව විමර්ශනය කළ යුතුවේ.

The Need for a National Film Archive” යන හිසින් ලෙස්ටර් ලියූ මේ සුවිශේෂ ලිපිය 1957 පළ වූ ”Arts Magazine” සඟරාවට ඇතුළත් වූවකි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.