ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

අම්මා නොහොත් පීඩිතයන්ගේ සැඟවුන සැඟවුන මානසිකත්වය..!!!

සිංහල සක්විතිගේ මහානර්ඝ සහ සිය බිඳීගිය ආත්මයේ පශ්චාත්තාපය වන, තමන්ගෙන් මගහැරීගිය සහ අමතකවගිය යුතුකමක, වගකිමක වේදනාව සමාජය වෙත බෙදාහල සහ ඒ මගින් තමන්කල වරද පාපොච්චාරණය කිරීම අරඹයා සමාජය දිනාගැනීමේ ශිෂ්ට / අශිෂ්ට ප්‍රයත්නය කියවීමි. ඒ කතාංගය තුලින් මට පසක්කලා වූ සත්‍යයක් විය, එනම් මහත්වූ දුක් කම්කටොලු මැද නිදහස් අධ්‍යාපනය තුලින් ජිවය ලැබූ බොහෝදෙනෙකුගේ සඟවාගත් මානසිකත්වයයි...

ඒ බොහෝදෙනෙකු වර්තමාන සමාජය තුල පිළිගතහැකි ස්ථානවල සිටියත්, ඔවුන් එදා ඔවුන්ගේ අනාගත ජීවිතය ජයගනු වෙනුවෙන් අධ්‍යාපනය තෝරාගැනීමට ඔවුන් පෙළඹ වු සහ ඒ වෙනුවෙන් සිය දාඩිය කඳුළු මව්වරු, පියවරු සහෝදර සහෝදරියෝ බොහෝ දෙනෙකු ඔවුනට මගහැරී ගොස් ඇත.
අප්‍රමාණ දුක් කම්කටොළු මැද මහත් වූ වෙහෙසක් දරා තමන් උන් තැනින් සමාජයේ ඉහලට නැගුනද ඔවුන් තවමත් එදා තමන් විඳි දුක්ගැහැට සිය මනසේ ගැඹුරු තැන්වල රඳවා සඟවා ගනිමින් සමාජයට වෛර කරති. එක එල්ලේම නොවුනත් ඔවුන් සමාජයට වෛරකරති, තමන් පීඩාවට පත්කලා යයි සිතමින් සමස්තයෙන් පලිගැනීමට ප්‍රයත්න දරති. ඔවුන් අමතක කරන බරපතලම දෙයනම් ඔවුනට බලහත්කාරයෙන් එදා ඒ කම්කටොළු, දුක්ගැහැට සමාජය විසින් උරුමකළ දෙයක් නොවන බවයි.
උක්ත පලිගැනීම සඳහා මේ බොහෝදෙනෙකු නොයෙකුත් ආයුද බාවිතා කරති. විශ්වවිද්‍යාල තුලට නවකවදය නම් අභිරූපනය පොම්ප කලේ ඔව්හුය, අතීතයේදී පීඩාවට පත්වූ සිය ජීවිතය වෙනුවෙන් අනෙත් අයද වන්දිගෙවිය යුතුයයි පුර්ව නිගමනයක සිටිමින් පරපීඩක මානසිකත්වයකින් පෙලෙමින් තවත් පරපුරක් සිය විකෘර්ති මානසිකත්වයක ගිල්වුයේ ඔවුන්ය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය අවුල්ජාලාවක්, අධ්‍යාපන සහ පර්යේෂණ මතින් නව දැනුම උත්පාදනය කෙරෙන ස්ථානයක් නොව දේශපාලන මඩගොහුරුවක් බවට පත්කලෝ ඔව්හුය.
උදාහරණයක් ලෙස රාජ්‍ය අංශයේ සේවකයෙකු, නිලධාරියෙකු වශයෙන් සිය වගකීම් හිතාමතා පැහැරහරිමින් උපරිම වශයෙන් පහසුකම් බුක්තිවිදිමින් රාජ්‍යය තන්ත්‍රය හරහා සමාජයෙන් පලිගනීති. අතීතයේ රුදුරු වේදනාවන් තමන්ට උරුමකළ, අද තමා කුමන ස්ථානයක සිටියත් එදා වින්දාවූ දුක් වෙනුවෙන් සමාජය තමන්ට හැකි උපරිම ලෙස පීඩාවට පත් කරති. රාජ්‍ය සේවය තුල මහත්වූ නිලධාරීවාදයක් ගොඩනගා අකාර්යක්ෂමතාවයන්, ප්‍රමාදයන් බිහිකිරීමට පණනල සපයුවෝ ඔව්හුය.
උක්ත කෘතිය ලියු සක්විතිතුමා එක්තරා අවධියක LTTE සංවිදානය බිහිවීමට මුළබිජය සැපයු ෆෙඩරල් වාදීන්ගේ වේදිකාවල දර්ශනය වීමට සහ එම සංවිදානය විනාශවුවාට පසුව උන්ගේ නායකයන්ගේ ශුක්‍රානු සෙවීමට තරම් පහත්, සමාජ විරෝධී සහ සමාජය පිළිකෙව් කළා වු අසම්මතයන් කෘතිගත කිරීමට පෙළඹී ඇත්තේ කලෙකට ඉහත ඔවුන් පෙලූවේ යයි ඔවුන් විශ්වාසකරන්නාවූ ඒ සමාජ අසාධාරනත්වයයි.
අවාසනාවනම් නම් ඔවුන් අද නුතන සමාජය, වර්තමාන සමාජක්‍රමය පිලිබඳ අප්‍රමාණ දැනුමක් ඇත්තවුන් වුවත් අදටත් ඔවුනගේ සිත්තුල සැඟවුණු වෛරයෙන් සහ සමාජපීඩක මානසිකත්වයෙන් ගැලවීමට ඔවුනට නොහැකිවීමය.
අවසානයේ ඔව්න්ගේ සැඟවුණු රුදුරු කුහකත්වය, පරපීඩක මානසිකත්වය සහ සමාජය කෙරේ ඇති වෛරයට ලක්ව තවමත් එකතැන පල්වෙමින් දියුණු සමාජයක් පිලිබඳ සිහින දකිමින් එකතැන පල්වීමට අපට සිදුව ඇත්ද?
ප.ලි. : මෙම ලිපියට දේශපාලනය අදාල නෙවේ, උක්ත කෘතියෙහි කතෘට මෙයින් පහරදීමක් බලාපොරොත්තු නොවන බවද, පොදු කුලකයක් සඳහා ඔහු එක් උදාහරණයක් පමණක් ලෙස බාවිතා කලබව දැනුම් දෙමි.

 තිවංක අමරකෝන්

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.