ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 26, 2015

හලාවත ධීවර අනතුරක්....


මසුන් මැරීම සදහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් පෙරළී යාමෙන් එක් ධීවරයෙකු අතුරුදහන්වී ඇති අතර එහි සිටි
තවත් ධීවරයෙක් ජීවිතය බේරා ගෙන ඇත.
අතුරුදහන්වී ඇත්තේ හලාවත - වට්ටක්කල්ලිය පදිංචිව සිටි සංජීව ලෝව් (අවු:43)නම් විවාහකයෙකි.
අනතුරට පත්වූ බෝට්ටුවේ සිටි සුජීව තමෙල් යන ධීවරයා ජීවිතය ගලවා ගෙන ඇත.
පසුගිය 25 වැනිදා සවස මසුන් මැරීම සදහා එක් දින යාත්‍රාවකින් මෙම ධීවරයින් දෙදෙනා මුහුදු ගොස් ඇත.මසුන් මැරීමෙන් අනතුරුව ඔවුන් ආපසු එමින් සිටින විට රාත්‍රී 9.15 ට හලාවත මෝය කට ආසන්නයේදී බෝට්ටුව පෙරලී ගොස් අනතුර සිදුවී ඇත.අනතුරට පත් බෝට්ටුවේ සිටි එක් ධීවරයෙකු ජීවිතය බේරා ගෙන ඇති නමුත් අනෙක් ධීවරයා අතුරුදහන්වී ඇත.
අතුරුදහන්වූ ධීවරයා සොයා ප්‍රදේශයේ ධීවරයින් මෙහෙයුමක් ආරම්භ කර ඇතත් ඔහුව සොයා ගැනීමට හැකියාව ලැබී නැත.

හලාවත ප්‍රදේශයේ ධීවරයින් මසුන් මැරීම සදහා කලපුව ඔස්සේ තම යාත්‍රාවන් පදවා ගෙන ගොස් මුහුදට පිවිසෙන්නේ දැදුරුඔය මෝය කටිනි.මෙම ස්ථානයේ නිරන්තර වැලි සිරවී යාම හේතුවෙන් අනතුරු බහුලව සිදු වේ.තමන් මුහුණ පා ඇති තත්ත්වය වගකිව යුත්න්නට පැවසීම නිසා විටින් විට පත්ව ආ ධීවර ඇමතිවරුන් මෙම ස්ථානයට ගෙන්වා කරුණු දැක්වීමට ප්‍රදේශයේ  කටයුතු කළේය.නමුත් මේ වන තුරු සාර්ථක පිළියමක් කිසිවෙකු විසින් යොදා නැත.
පසුගිය මාර්තු මස 12 වැනිදා හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීරද මෙම ස්ථානයට පැමිණි අතර ප්‍රදේශයේ ධීවරයින් පවතින අනතුරුදායක තත්ත්වය එහිදී පෙන්වා දුන්නේය.
එම අවස්ථාවේදී ඇමතිවරයා කියා සිටියේ සති දෙකක් ඇතුළත පවතින අනතුරු දායක තත්ත්වයට තාවකාලික පිළියමක් යොදන බවත්,අනතුරුව ස්ථීර විසදුමක් ලබා දෙන බවත්ය.නමුත් මේ වන තුරු පවතින අනතුරුදායක තත්ත්වය ඉවත් නොකිරීම නිසා මෙසේ ධීවර ජීවිත අහිමවන බව ප්‍රදේශයේ ධීවරයින් කියා සිටී.  
 ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.