ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 25, 2015

අපතයෙකු වන මර්වින්ට නොතීසි...!!!

මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු අතුරුදන් වීමේ සිද්ධියකට අදාළව පවත්වනු ලබන මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණයක්‌ සඳහා සාක්‍ෂි ලබා ගැනීමට හිටපු මහජන උපයෝගිතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වාට නොවැම්බර් 11 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යළි නොතීසි නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය  ඊයේ (25 දා) නියෝග කළේය.
2011 ඔක්‌තෝබර් 18 දා හෝ ඊට ආසන්න දිනකදී මට්‌ටක්‌කුලියේදී ගයාන් ප්‍රේමරත්න, එච්. ඒ. ප්‍රේමරත්න හා කැලුම් පෙරේරා යන තරුණයන් තිදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් මහාධිකරණය වෙත ඉදිරිපත් වූ හබයාස්‌ කෝප් පෙත්සමකට අදාළව මෙහි මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණ පැවැත්වේ.

මහාධිකරණය වෙත ඉදිරිපත් වූ පෙත්සම මගින් මෝදර හා මට්‌ටක්‌කුලිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ස්‌ථානාධිපතිවරයා, පොලිස්‌පති-වරයා හා නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ඒ අනුව පෙත්සමට අදාළව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයක්‌ පවත්වා වාර්තාවක්‌ ගොනු කරන ලෙසට මහාධිකරණය මගින් කළ නියෝගයක්‌ අනුව මෙහි සාක්‍ෂි විභාගය පැවැත්වේ.

අධිකරණය වෙත ඉදිරිපත් වූ සංශෝධිත සාක්‍ෂි ලැයිස්‌තුවක්‌ මගින් හිටපු ඇමැති මර්වින් සිල්වා, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, නීතිඥ උදුල් ප්‍රේමරත්න හා ලංකාදීප ඩේලි මිරර් හා දි අයිලන්ඩ් කතුවරුන් සාක්‍ෂිකරුවන් ලෙස නම් කර ඇත.

මෙහි මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය නොවැම්බර් 11 දා යළි කැඳවීමට නියමිතය.
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.