ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 15, 2015

මෙවර ඔබේ ඡන්දය මැට්ටන්ට නොදෙන්න....

අපේ රට තවත් මහ මැතිවරණයක මුවවිටට පැමිණ සිටී. රටේ අනාගතයටත් ජනතා සුබසිද්ධියටත් හේතුවන ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගැනීම ඔබත් මමත් ඇතුළු මේ රටේ සමස්‌ත ජනතාව සතු වගකීමයි. මේ වගකීම ග්‍රීක මහා දාර්ශනික ප්ලේටෝගේ ප්‍රකාශයකට අනුව සඳහන් කළ හොත් දේශපාලන ක්‍රියාදාමයට බුද්ධිමත්ව මැදිහත් නොවීමේ වරදට ජනතාවට ගෙවන්නට සිදුවන එක්‌ වන්දියක්‌ වන්නේ නොගැලපෙන පුද්ගලයන් යටතේ පාලනය වීමට සිදුවීමයි. අපේ රටේ දේශපාලන ක්‍රියාදාමයට ජනතාව බුද්ධිමත්ව මැදිහත් වියයුත්තේ කෙසේද?


තම තමුන් රට හදන විදිය ප්‍රධාන පක්‌ෂ තුනම මේ දිනවල ජනතාවට පැහැදිලි කරමිනුයි ඉන්නෙ. අපේ රටේ ප්‍රධාන පක්‌ෂ කරන මේ පොරොන්දු දේශපාලනය පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

මැතිවරණයකදී පක්‌ෂයකට සිදුවෙනව ඒ අය බලය ලබාගත්තොත් ඉදිරියේදී කටයුතු කරන්නෙ කොහොමද කියන විදිහ කියන්න. ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ හෝ වැඩපිළිවෙළක්‌ ජනතාවට ඉදිරිපත් කරන්න වෙනව. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ වැඩපිළිවෙළ දිහා බලල ජනතාවට පුළුවන් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න. ඒ අර්ථයෙන් ගත්තොත් හැම පක්‌ෂයකටම එහෙම වැඩපිළිවෙළක්‌, ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ අවශ්‍යයි.

නමුත් ප්‍රශ්නය තියෙන්නේ අපේ රටේ පක්‌ෂ ඉදිරිපත් කරන මේ ප්‍රතිපත්ති ප්‍රකාශ හෝ වැඩපිළිවෙළ ජනතාවට කොතෙක්‌ දුරට විශ්වාස කළ හැකිද යන කාරණයයි. ඒ විශ්වාසය ගොඩනගාගැනීමට හෝ දෙන පොරොන්දු පිළිබඳ කිසියම් මැනබැලීමක්‌ කරන්න වෙන්නෙ ඒ ඒ පක්‌ෂවල අතීත ක්‍රියාකාරකම් අනුවයි. දැන් බලයේ ඉන්න කණ්‌ඩායම හෝ බලයේ සිටි කණ්‌ඩායම බලය අතැතිව සිටියදී කටයුතු කළේ කොහොමද යන්න ජනතාව කල්පනාකාරීව මෙනෙහි කළ යුතුයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මේ වනවිට පොරොන්දු ගණනාවක්‌ ඉදිරිපත් කරල තියෙනව. තමුන් බලය ලැබුණොත් පඩි වැඩිකරන හැටි, ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන හැටි, ජනතාවට සුබසෙත සලසන හැටි ප්‍රකාශ කරල තියෙනව. අවුරුදු විස්‌සක්‌ මේ රටේ බලයේ හිටපු පක්‌ෂයක්‌ ඒ විසි අවුරුද්ද තුළ නොකළ දේවල් ඉදිරි අවුරුදු පහ තුළ කරයිද කියල ජනතාව කල්පනා කරන්න ඕන.

එක්‌සත් ජාතික පක්‌ෂය ජනතාවට දෙන ප්‍රධාන පොරොන්දුව තමයි දූෂණය භීෂණය නැති යහ පාලන ආණ්‌ඩුවක්‌ ඉදිරි අවුරුදු පහ තුළ මේ රටේ ස්‌ථාපිත කරනවයි කියන එක. නමුත් ඒ අය බලයේ ඉන්න කාලේ ඒ අයටත් දූෂණය, භීෂණය, මර්දනය පිළිබඳ චෝදනා එල්ල වුණා. ඉදිරි අවුරුදු පහ තුළ ඒ අයත් මේ කියන විදිහේ යහ පාලනයක්‌ මේ රට තුළ පවත්වාගෙන යයිද කියන කාරණයත් ජනතාව කල්පනා කරන්න ඕන. ජනතාව තමුන්ගේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ ප්‍රධාන පක්‌ෂ දෙක කියන මේ කාරණා පිළිබඳ බුද්ධිමත්ව කල්පනා කරලයි. ජනතා විමුක්‌ති පෙරමුණට තවමත් මේ රටේ පාලන බලයක්‌ ලැබිල නැති නිසා ජනතාව විශේෂයෙන් ප්‍රධාන පක්‌ෂ දෙක දෙන මේ පොරොන්දු පිළිබඳව විශ්වාසය තැබිය යුත්තේ ඔවුනොවුන්ගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ අවධානයක්‌ යොමු කරලයි.

දූෂිතයො, වංචාකාරයෝ පාර්ලිමේන්තුවට නොයෑවිය යුතුයි කියල හැම මැතිවරණයකදීම ජනතාව තුළ මතයක්‌ තිබුණත් ඕනැම හොරෙකුට වංචාකාරයකුට ඡන්දෙන් පාර්ලිමේන්තුවට යන්න අපේ රටේ හැකියාව තියෙනව. මේ වරද නිවැරදි වෙන්නෙ නැත්තෙ ඇයි?

ඔබ කියන කාරණය සමග මම එකඟයි. කොහොම බැලුවත් හැම මැතිවරණයකටම පස්‌සේ රටේ ඉන්න කුඩුකාරයො, වංචාකාරයෝ, හොරු, ස්‌ත්‍රී දූෂකයො, ටෙන්ඩර් හොරු ඉන්නෙ පාර්ලිමේන්තුව ඇතුළෙ. මම හිතන්නෙ ඔය තත්ත්වය මේ මැතිවරණයෙදි සෑහෙන දුරට වෙනස්‌ වෙයි කියලයි. අපි කවුරුත් හිතපු නැති විදිහේ තීන්දුවක්‌ ජනවාරි 8 වැනිදා ජනතාව අරගත්ත. මේ මැතිවරණයට පෙර අපි රට පුරා කළ විමර්ශනයකදී අපට පැහැදිලි වුණේ මේ මැතිවරණයේදී තවදුරටත් හොරුන්ට මංකොල්ලකාරයින්ට ස්‌ත්‍රී දූෂකයන්ට කුඩු කාරයින්ට ජන්දය දීමෙන් වැළකී ඉන්න ජනතාව තීරණය කර ඇති බවයි. රටට වැඩක්‌ කළ හැකි, නිර්මාණශීලී බුද්ධිමත් පිරිසක්‌ පාර්ලිමේන්තුවට යෑවිය යුතුයි කියන අදහස මේ මැතිවරණයේදී ජනතාව තුළ දැඩි ලෙස තිබෙන බව අපට පෙනුණා.

ජනතාව යම් පුද්ගලයෙක්‌ පාර්ලිමේන්තුවට පත්කරල යවන්නෙ තමුන් නියෝජනය කරන්නයි. ඒ පුද්ගලයා දූෂිතයෙක්‌ වංචාකාරයෙක්‌ නොවිය යුතුයි කියන අදහස අද ජනතාව තුළ දැඩිව තිබෙනව. පුද්ගලයෙක්‌ දූෂිතයෙක්‌ද නැද්ද කියල තීන්දු කරන්න උසාවි තීන්දුවක්‌ම අවශ්‍ය නෑ. ජනතාව අතර ජීවත් වෙන පුද්ගලයො ගැන ජනතාව තුළ තීන්දුවක්‌ තියෙනව. තමන්ගෙ ප්‍රදේශයේ ජීවත්වන දේශපාලකයකුගේ ඇත්ත ජීවිතය ජනතාව දන්නව. ඔහු හිටපු හැටි සහ අද ඉන්න හැටි දැක්‌කම ඔහු මහජන මුදල් හොරකම් කරලද නැද්ද කියල බොහොම පහසුවෙන් හිතාගන්න පුළුවන්. ජනතාවගෙ හෘද සාක්‌ෂිය කියන්නෙ ඕක. ඒකට උසාවි තීන්දුවක්‌ම ඕන නෑ. මේ මැතිවරණයෙදි මාව නියෝජනය කරන්න මම පාර්ලිමේන්තුවට යවන්නෙ හොරෙක්‌ද කුඩුකාරයෙක්‌ද ස්‌ත්‍රී දූෂකයෙක්‌ද ටෙන්ඩර් හොරෙක්‌ද පාර්ලිමේන්තුව තුළ වචනයක්‌ කතාකරන්න බැරි කෙනෙක්‌ද කියල ජනතාව තීරණය කරන්න ඕන. තාත්ත-අම්ම දේශපාලන කළා කියල නැත්නම් තමුන්ගෙ පරම්පරාව හැමදාම ජන්දෙ දුන්නෙ මේ පක්‌ෂෙට ඒ හින්ද ඒ පක්‌ෂයෙන් පඹයෙක්‌ ඉල්ලුවත් ඡන්දෙ දෙනව කියල තමුන්ගෙ වටිනා ඡන්දෙ දීම වැරදියි.

සංවර්ධනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, විදේශ ප්‍රතිපත්තිය ආදී සියලු ක්‌ෂේත්‍ර පිළිබඳ ප්‍රතිපත්ති සකස්‌ කිරීමේ කේන්ද්‍රස්‌ථානය පාර්ලිමේන්තුවයි. අපේ රටේ මූලික නීතිය සකස්‌ කරන්නෙ පාර්ලිමේන්තුව. අපි ඡන්දෙ දීල පාර්ලිමේන්තුවට නියෝජිතයන් යවන්නෙ මේ රට දියුණු කිරීමට අවශ්‍ය මේ ක්‌ෂේත්‍රවලට උවමනා ප්‍රතිපත්ති සකස්‌ කරන්නයි. ඒ නිසා පාර්ලිමේන්තුවට අපි යෑවිය යුත්තේ එය කළ හැකි දැනුමක්‌ අවබෝධයක්‌ හා හැකියාවක්‌ ඇති පිරිසකුයි. රටේ සංවර්ධනය, ප්‍රජාතන්ත්‍රවාදය, පරිසරය, විදේශ ප්‍රතිපත්තිය ගැන තීන්දු ගන්න පාර්ලිමේන්තුවට යවන්න ඕන උගත් බුද්ධිමත් පිරිසක්‌ මිස සල්ලි ටිකක්‌ හොයාගත්තු ව්‍යාපාරිකයො වත් මැරයොවත් පගාකාරයොවත් දූෂකයොවත් නෙමෙයි. මේ කාරණය ජනතාව කල්පනා කරන්න ඕන.

අලුතින් හිතන්න පුළුවන් පිරිසක්‌, කොටින්ම අලුත් මූණු ටිකක්‌ මෙවර පාර්ලිමේන්තුවට යෑවිය යුතුයි කියල මම කල්පනා කරනව. මේ පක්‌ෂ දෙකේම ලැයිස්‌තුවල ඉන්න අය පහුගිය කාලෙ පාර්ලිමේන්තුවට ගිහින් ජනතාව වෙනුවෙන් මොනවද කළේ? තමුන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ නියෝජිතයා පාර්ලිමේන්තුවේ විවාද කීයකට සම්බන්ධ වෙලා තියෙනවද? පාර්ලිමේන්තු තේරීම් කාරක සභා නියෝජනය කරල තියෙනවද? ඒවායේදී මොනවද ඉදිරිපත් කරපු කරුණු? සමහරු ජීවිතේට පාර්ලිමේන්තුවේ කතාකරනව අපි දැකල නෑ. ඒ වගේ අය ආපහු පාර්ලිමේන්තුවට යවන්නෙ ඇයි? ඒ නිසා හැම මැතිවරණයකදිම කළා වගේ මේ සාම්ප්‍රදායික ඔළුගෙඩි ටික නම් මේ සැරේ පාර්ලිමේන්තුවට යවන්න එපා, තමුන් පාර්ලිමේන්තුවට යවන පුද්ගලය ගැන හොඳට හිතල බුද්ධිමත් තීරණයක්‌ ගන්න. විශේෂයෙන් මේ රටේ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාවට එකට සහයෝගයෙන් ජීවත් විය හැකි පරිසරයක්‌ හදන්න පුළුවන් රට ගැන හිතන පිරිසක්‌ පාර්ලිමේන්තුවට යවන්න. 

නමුත් අපේ රටේ ආර්ථික තත්ත්වය ගැන නොදන්නව වගේ මේ රටේ දේශපාලකයො ඡන්දයක්‌ ළංවෙන කොට ජනතාවට දැවැන්ත සහන දෙන බව කියන්නෙ ඔවුන් කිසිම බුද්ධියක්‌ නැති පිරිසක්‌ කියල හිතාගෙනද?

අපේ රටේ දේශපාලකයො කිසිම ලඡ්ජාවක්‌ නැතිව මහජන මුදල්වලින් හදන පාසල්වලට, පාරවල්වලට තමුන්ගෙ නම දාගන්නව. ක්‍රීඩාංගණවලට තමුන්ගෙ නම දාගන්නව. හරියට ඒව තමුන්ගෙ පෞද්ගලික මුදල්වලින් හැදුව වගේ. නමුත් අපේ රටේ එවැනි දේවල් තමුන්ගෙ මුදල්වලින් හදපු දානපතියො හිටිය. නමුත් ඒව හදල තමන්ගෙ නම ගහගත්තෙ නෑ. උදාහරණයක්‌ විදිහට විශාඛා විද්‍යාලය හදපු දානපතිනිය ඇගේ නම ඒ පාසලට දැම්මෙ නෑ. මෙවැනි උදාහරණ ඕනතරම් තියෙනව. අපේ රටේ දේශපාලකයො අද කරන්නෙ අපේම බදු මුදලින් හෝ අපට ත් අපේ දරුවන්ටත් අනාගතයේ ගෙවන්න ඔවුන් දැන් පිටරටවලින් ගන්න ණයවලින් හරි කරන මේ වැඩවලට ඔවුන්ගෙ නම දාගෙන හරියට ඔවුන්ගෙ සල්ලිවලින් කළා වගේ රටට පෙන්නනව. ජනතාවගෙ ඡන්දෙ ගන්න ඔවුන් ඔය සහන පොරොන්දු දෙනව කියන්නෙ හරියට ඔවුන්ගෙ සල්ලිවලින් දෙනව වගෙයි. මේ මහා මුලාවට ජනතාව රැවටිය යුතු නෑ. ඔවුන් දෙන සහන පොරොන්දු ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියල ටිකක්‌ හිතල බලන්න. ලක්‌ෂ ගණනින් එකපාරට අපේ රටේ රස්‌සාවල් මවන්න පුළුවන්ද? දාස්‌ ගණනින් එකපාරට පඩි වැඩිකරන්න පුළුවන්ද? විවාහ වෙන මැරෙන අයට ලක්‌ෂ ගණනින් නිකම් සල්ලි දෙන්න පුළුවන්ද? මේවා ගැන හිතල බලන්න. සෙවිලි තහඩුවකට, ටොයිලට්‌ කටකට ඡන්දෙ දෙන්න එපා. ජන්දෙ කියන්නෙ රට ගැන හිතල, තමුන්ගෙත් තම දරුවන්ගෙත් අනාගතය ගැන හිතල බොහොම කල්පනාකාරීව බුද්ධිමත්ව ප්‍රකාශ කළ යුතු දෙයක්‌.

කුමන පක්‌ෂයකින් ආවත් මේ රටට ආදරය කරන, ජනතාවගේ සල්ලි හොරකම් කරන්නෙ නැති මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ජාතීන් අතර සමගිය තහවුරු කරන ඒ සමගිය පිළිගන්නා නීතියේ පාලනයට ගරු කරන පුද්ගලයින්ට ජන්දය දෙන්න. අධිකරණයෙන් වරදකරුවන් නොවුණත් දූෂිතයන්ට, වංචාකාරයින්ට, හොරුන්ට, ස්‌ත්‍රී දූෂකයන්ට මොන පක්‌ෂයෙන් ආවත් ඡන්දය දෙන්න එපා.


කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ ප්‍රධානි ඡේ්‍යෂ්ඨ කථිකාචාර්ය මහේෂ් සේනානායක

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.