ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 5, 2015

කසිප්පු නිෂ්පාදනාගාරයක්

විදුලිය බලය උපයෝගී කර ගෙන ඉතාමත්ම සුක්ෂම ලෙස පවත්වා ගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට පුත්තලම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.

ඉකුත් 04 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇත.

පුත්තලම - කල්අඩිය ප්‍රදේශයේ සුවිසල් නිවසක් පිටුපස ඇති කුඩා ගොඩනැගිල්ලක මෙම රහසිගත කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබුණි.


එම කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී කසිප්පු මිලි ලීටර් 33,750 ක්, කසිප්පු නපදවීමට ගන්නා ගෝඩා මිලි ලීටර් 3,60,000 ක්,තඹ දර ඇතුළු පෙරීම උපකරණද,ප්ලාස්ටික් බැරල් සහ සීනි තොගයක්ද පොලිස් බාරයට ගෙන ඇත.කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගිය පුද්ගලයාව සහ එහි සේවය කළ අයෙකුවද පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සුවිසල් නිවසක් පිටුපස ඇති ගොඩනැගිල්ල තුළ කාලයක සිට මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.කසිප්පු නිෂ්පාදනය කරන විට දුමක් හෝ දුගක් වහනය නොවන ආකාරයට සියළුම උපකරණ විදුලියෙන් ක්‍රියාත්මක කිරීමට ජාවාරම්කරුවා සමත්වී ඇත.ඒ සදහා විශාල ප්‍රමාණයේ බොයිලේරුවන් සවි කර කාර්මික ශිල්පීය ක්‍රම භාවිතා කර තිබූ ආකාරය දක්නට තිබුණි.

මෙම කසිප්පු නිෂ්පාදනාගාරයේ නිෂ්පාදනය කරන කසිප්පු පුත්තලම ඇතුළු අවට ප්‍රදේශ වලට බෙදා හැර ඇති බව වැටලීම කළ නිලධාරීන් කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ද,තමන් බාරයට ගත් කසිප්පු,කසිප්පු නිදපවීමට ගන්නා ගෝඩා සහ උපකරණද අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා පුත්තලම පොලීසියට බාර දී ඇත.
පුත්තලම කොට්ඨාස දුෂණ මර්ධන ඒක‍කයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අයි.එම්.නෂීම්  ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. 
ජූඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.