ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, August 11, 2015

යැයි කියාගන්නා අලූත් පරපුරේ කාලකණ්නි...!!!

යුද්ධය හා ත‍්‍රස්‌තවාදය
නොහඳුනන අලූත් පරපුරේ
කාලකණ්නි..


 සල්ලි වලට රට පාවාදෙන ඩොලර් කාක්කන්ට රියර් අද්මිරාල් සරත් වීරසේකරගෙන් කණේ පහරක්..

ධර්මසිරි බණ්‌ඩාරනායක යනු ප‍්‍රතිභා පූර්ණ දක්‍ෂ කලාකරුවෙකි. කලා නෙත් තුළින් ඔහුට මාගේ භක්‌ති ප‍්‍රණාමය හිමිවේ. නමුත් රට පිළිබඳව, යුද්ධය පිළිබඳව අප දෙදෙනාගේ අදහස්‌ පරස්‌පර විරෝධීය. මෙවන් ලිපියක්‌ ලිවීමට මාහට සිත් දුන්නේ නොබෝදා අලූත් පරපුරල නම් පිරිසක්‌ පැවැත්වූ රැස්‌වීමක සිදුවූ කතාබහ, දේශන සහ ධර්මසිරි යුද්ධය සම්බන්ධයෙන් දැක්‌වූ අදහස්‌ නිසාය.


තවද මේ දිනවල එම අලූත් පරපුරේ තරුණයෝ දෙදෙනෙක්‌ කරන කතාබහ පරිගණක මුහුණ පොතේ නැරඹිය හැක. එකෙක්‌ කියනුයේ මද්දුම බණ්‌ඩාර....? ඌ මොකෙක්‌ද? ඌ හූ.. ජ කොල්ලෙක්‌. අවුරුදු 06 ක කොල්ලෙක්‌ දන්නවද මරණය කියන්නේ මොකක්‌ද කියලා? අයියා අම්මගේ රෙද්ද අස්‌සේ රිංගන කොට මූ ටොපියක්‌ දෙනවා වගේ හිතලා යන්න ඇති. අද ඌ ජාතික වීරයෙක්‌ ආදී වශයෙනි. අනෙකා පවසන්නේ ආමි එකේ ඉන්නේ අට පාස්‌ එවුන්. උන්ට පුළුවන් යුද්ධ කරන්නයි. වැසිකිළි හෝදන්න විතරයි. උන් තමයි මේ යුද්ධය කළේ යනුවෙනි.


ඉහත ප‍්‍රකාශ කළ දෙදෙනා ගැන මා වැඩි යමක්‌ පවසන්නේ නැත. නමුත් උප්පත්තියෙන් සුජාත නොවුණ ද, උන්ගේ පාසල් ගුරුවරුන්ට, දෙමාපියන්ට සහ ළගම හිතවතුන්ට එවන් අයගේ තිරශ්චීන ආකල්පයන් වෙනස්‌ කිරීමට පුළුවන. එය නොකරන තාක්‌ කල් උන්ට ඉගැන්වූ ගුරුවරුන්ගේ සහ උන්ගේ මව්පිය හිතවතුන්ගේ ද සුජාත බව පිළිබඳව අප තුළ සාධාරණ සැකයක්‌ මතුවීම වැළැක්‌විය නොහැක.

ධර්මසිරි කියනුයේ යුද්ධය බිහිසුණුයල කියාය. යුද්ධයෙන් මැරුණේ අපේ අය නිසා යුද්ධයෙන් මැරුණු සියලූදෙනාම අප ගෞරවයෙන් සිහි කළ යුතු බව ඔහු පවසන අතරතුරේ විහාර මහා දේවී උද්‍යානයේදී තරුණ තරුණියන් පිරිසක්‌ එක්‌ව ඒ මැරුණු සියලූදෙනා වෙනුවෙන් පහන් දල්වනු මා දුටුවෙමි.

ධර්මසිරි බණ්‌ඩාරනායකට සහ එලෙස සිතන සියල්ලන්ටම වැරදුණු තැනක්‌ තිබේ. (සත්‍ය වශයෙන්ම වැරදි අවබෝධයෙන් එලෙස ප‍්‍රකාශ කරන්නන්ද, සත්‍ය දැන දැනම රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර්වලට රට පාවා දීමට එසේ කියන්නන්ද, සිටින බව අපි දනිමු.* එනම්, අප මේ හඳුන්වන යුද්ධයල යනු කුමක්‌ද? යන්නයි. සාමාන්‍යයෙන් යුද්ධයල යන්නෙන් අදහස්‌ කරන්නේ රටවල් දෙකක්‌ අතර යුද්ධයකටය. එවන් යුද්ධයක්‌ ශිෂ්ට සම්පන්න සියලූම ජනතාව ප‍්‍රතික්‍ෂේප කරයි. නමුත් අපේ රටේ තිබුණේ එවන් යුද්ධයක්‌ නොවේ. මෙහි තිබුණේ අහිංසකයන් අමු අමුවේ ඝාතනය කරන, ම්ලේච්ඡු ත‍්‍රස්‌තවාදීන්ට විරුද්ධව කළ සටනකි. ත‍්‍රස්‌තවාදීන්ගේ කෲර ග‍්‍රහණයට ලක්‌වී සිටි අහිංසක දෙමළ ජනතාව බේරා ගැනීමට දියත් කරන ලද මානුෂීය මෙහෙයුමකි. ඒ වෙනස නිසිසේ හඳුනා ගත හොත් සම්ප‍්‍රදායි යුද්ධයක්‌ පිළිබඳව ශිෂ්ට මිනිසුන් ලෙස කරනු ලබන ප‍්‍රකාශ ත‍්‍රස්‌තයන්ට එරෙහිව කරන ලද සටනට ආදේශ නොකරනු ඇත.

යුද්ධයෙන් මැරුණු සියල්ල ගෞරවයෙන් සිහිපත් කළ යුතුය යෑයි ප‍්‍රකාශ කරන ධර්මසිරි කලාකරුවා ඇතුළු සියලූදෙනාට එම ප‍්‍රකාශයේ බරපතල කම අවබෝධ කර දීමට එක්‌ ඉතා සරල 5 ශ්‍රේණියේ ළමයකුට වුව තේරෙන, උදාහරණයක්‌ දීමට කැමැත්තෙමි. එනම් එක්‌ සාමකාමී ගමක්‌ ඇත. පිටගමක සිට පැමිණෙන වනචර, මැර කණ්‌ඩායමක්‌ කිසිම හේතුවකින් තොරව වරින්වර ගමට පැමිණ, තමන්ගේ පාඩුවේ සිටින අහිංසක ගොවියන්/ ගැමියන් මරා දමයි. කාන්තාවන් දුෂණය කරයි. ගමේ තරුණ කණ්‌ඩායමක්‌ එම මැරයන්ගෙන් ගම්වැසියන් බේරා ගැනීමට සටනට සූදානම්ව සිටී. දිනක්‌ මේ මිනීමරුවන් ඒ ගමේ සිරිපාල ගේ නිවසට කඩාවැදී ඔහුගේ මව මරා, නැගණිය ද දුෂණය කරයි. එවිට පෙර කී තරුණයෝ උන් හා සටන් වදී. අවසානයේ තරුණයන්ගෙන් කිහිපදෙනෙක්‌ සහ මිනීමරුවන්ගෙන් කිහිදෙනෙක්‌ද සටනේදී මියයයි. අනෙක්‌ මැරයෝ පලා යති. මේ සිද්ධියෙන් වසරකට පසු ගම්වැසියෝ එම සටනේදී මියගිය වීර තරුණයන් සැමරීමට උත්සවයක්‌ සංවිධානය කරයි. ඒ අවස්‌ථාවේදී ගමේ ආරක්‍ෂාවට අංශු මාත‍්‍රයකින් හෝ දායක නොවූ ගමේ ධර්මපාල නමැති පුද්ගලයා පැමිණ මැරයන් කිහිප දෙනෙක්‌ද, සටනේදී මියගිය බැවින්, යුද්ධය බිහිසුණුයි, එදා මැරුණු ඔක්‌කොම රටේ අය, ඒ නිසා ඒ ඔක්‌කොම සිහි කරලා පහන් පත්තු කරමු යෑයි කිවහොත් සිරිපාලට කුමක්‌ සිතේද? සිරිපාලගේ නිවසේ අය බේරා ගැනීමට ගොස්‌ දිවි පි¥ තරුණයන්ගේ මවුපියන්ට කුමක්‌ සිතේද? ඒ සියලූදෙනාගෙන් ඒ මොහොතේදී ධර්මසිරිට අත්වන ඉරණම කෙබඳුදැයි අපට සිතා ගත හැකි නොවන්නේද?

අපේ මාතෘභූමියේද සිදුවූයේ ඒ හා සමානම දෙයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. කොටි ත‍්‍රස්‌තයන් කළේ කුමක්‌ද? හසරක්‌ නොදත් අහිංසක මායිම් ගම්මානවල වැසියන් බුරුතුපිටින් මරා දැමීමයි. බඩදරු අම්මලාගේ බඩ පලා දරුවා එළියට ගෙන මාළු කපනවා සේ පෙති ගැසීමයි. මේ බෞද්ධ රටේ අහිංසක කිරි දරුවන් වැනි සාමනේරවරු කපා කොටා ඝාතනය කිරීමයි. ලෝක බෞද්ධ ජනයාගේ මුදුන් මල්කඩක්‌ වූ ශ‍්‍රී දළදාවට පහරදීමයි. ශ‍්‍රී මහා බෝධිය අභියස අහිංසක උපාසිකාවන් වෙඩි තබා ඝාතනය කිරීමයි. කාතන්කුඩි පල්ලියේ යාඥ කරමින් සිටි මුස්‌ලිම් බැතිමතුන් 300 ක්‌ වෙඩි තබා ඝාතනය කිරීමයි. එවන් වූ සිත් පිත් නැති ම්ලේච්ඡු ත‍්‍රස්‌තයන් සමග සටන් කළේ අපේ රණවිරු සෙබළුන්ය.

ඒ සටන ජයග‍්‍රහණය කරන විට ත‍්‍රස්‌තයන් ද මියගිය අතර අපේ රණවිරුවෝ 20000 ක්‌ දිවි පුදා, 14000 ක්‌ ආබාධිත තත්ත්වයට පත්ව තිබිණ. එසේ දිවි පුදා රටට සාමය උදා කළ රණවිරුවන් සමරණ විට යුද්ධය බිහිසුණුයි. අපි යුද්ධයෙන් මැරුණු සියල්ලන්ම සැමරිය යුතු යෑයි ධර්මසිරි කියන්නේ නම් ත‍්‍රස්‌තවාදීන්ගෙන් මැරුම් කෑ අහිංසක ජනතාවගේ ඥතීන්ට කුමක්‌ සිතේද? උන් හා සටන් කොට දිවිපිදු හා අද ආබාධිත තත්ත්වයට පත්ව සිටින රණවිරුවන්ගේ මව්පිය ඥතීන්ට කුමක්‌ සිතේද? එවැනි ප‍්‍රකාශයන් කරන ධර්මසිරි ඇතුළු පුද්ගලයන් අදත් රටේ යහතින් සිටිනුයේ ඉහත කී ඥතීන්ගේ නිවට කම නිසා නොව එවන්වූ ගුණමකු කුහකයන් ශිෂ්ට සම්පන්න සමාජය විසින් දැනටමත් පිළිකුල් සහගත ලෙසින් ප‍්‍රතික්‍ෂේප කොට ඇති නිසාය.

නමුත් යුද්ධයට ඍජුව දායක වූ, යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සිටි මා වැන්නන්, අපේ රණවිරුවන් පාවා දෙන ත‍්‍රස්‌තයන්ගෙන් ඝාතනය වූ අහිංසකයන් හෑල්ලූවට පත් කරන, එවන් ප‍්‍රකාශන ඉවසා සිටිනුයේ ඉතා අපහසුවෙනි. ධර්මසිරි බණඩාරනායක විසින් දත යුතු තවත් කරුණක්‌ ඇත. ත‍්‍රස්‌තවාදය ඇතිවීමට හේතූන් සාධාරණ, අසාධාරණ වුවත් ත‍්‍රස්‌තවාදය කිසි සේත්ම සාධාරණීය කළ නොහැකි බවයි. මන්ද එයින් මියයන්නේ එම හේතුවට කිසි සේත්ම සම්බන්ධ නැති අහිංසකයන් බැවිනි යන න්‍යායයි.

ත‍්‍රස්‌තවාදීන්ගේ අරමුණ වූයේ වෙනම දෙමළ රාජ්‍යයකි. ඒ සඳහා අහිංසකයන් ඝාතනය කිරීමට ගොස්‌ ජීවිතක්‍ෂයට පත්වූ ත‍්‍රස්‌තයන්ද, සැමරිය යුතු යෑයි යමෙක්‌ පවසන්නේ නම් ඒ උන් ගැන ඇතිවූ අනුකම්පාව හේතුවෙනි. එවන් අනුකම්පාවක්‌ ඇති වන්නේ වෙනම දෙමළ රාජ්‍යයක්‌ උතුරේ ස්‌ථාපිත කිරීමට කැමැති විදේශීීය දෙමළ ඩයස්‌ පෝරාවට සහ දේශීය දේශෙද‍්‍රා්හීන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

රණවිරුවන් දිවිපුදා, අහිංසකයන් ලක්‍ෂ ගණනක්‌ නිකරුණේ ඝාතනය වී මුදාගත් උතුර අද නැවත පෙඩරල් රාජ්‍යයක්‌ කරා යන ගමන ආරම්භ වී තිබේ. අද වෙනම ජාතික ගීයක්‌ උතුරට පමණක්‌ ලබාදී ඇත. වෙනම ජාතික ගීයක්‌ දීම යනු උතුර වෙනම රාජ්‍යයක්‌ කරා යන ගමනේ මූලික පියවරයි. එසේම උතුරේ අධි ආරක්‍ෂිත කලාප සංකෝචනය කරමින් එහි දෙමළ ජනතාව පදිංචි කරවමින් සිටි, බුද්ධි නිලධාරීන් කඳවුරුවලට සීමා කොට ඇත. ටැමිල් නෙට්‌ වෙබ් අඩවියට සහ ත‍්‍රස්‌ත හිතැති රාජ්‍ය නොවන සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත් කොට ඇත. සිංහලයන් සමග ඉපිද, සිංහලයන් සමග ඉගෙන ගෙන, වසර 60 ක්‌ සිංහලයන් සමග කොළඹ ජීවත් වී උතුරට ගොස්‌ සිංහලයාට ඉඩම් අයිතිය නැතැයි වහසි බස්‌ දොඩන විග්නේෂ්වරම් නමැති ගුණමකු පුද්ගලයාට අවශ්‍ය අයුරින් අද උතුර පාලනය වෙමින් පවතී.

අපි අද මේ දෙස විමසිල්ලෙන් බලා සිිටිමු. ලොව පිරිසිදු ථෙරවාද බුදුදහම පවතින සුවිශේෂ පින්බර රටක්‌ වූ අප මාතෘ භූමිය වසර 2500 ක්‌ තිස්‌සේ පරසතුරන්ගෙන් ආරක්‍ෂා කළේ සිංහල බෞද්ධයන් මිස වෙනකෙකු නොවේ. චෝල පාණ්‌ඩය, සොලී, පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසීන් හමුවේ රට බේරා ගැනීමට සිංහලයන් දිවි හිමියෙන් සටන් කරන විට එම වීරයන් සතුරාට පාවා දුන් සිංහල කැනහිළුන්ල එදා ද සිටියහ. ඒ තමාගේ බිරිය, දියණිය හෝ ආක‍්‍රමණිකයාට බිල්ලට දී හෝ තනතුරු තාන්න මාන්න සහ රිදී කාසි ලබා ගැනීමේ අභිප‍්‍රායෙනි. එවන් පේ‍්‍රතයන්ගේ ජාන පරම්පරාවෙන් එන අය අද සමාජයේත් සිටිනු දැකීම පුදුමයක්‌ නොවේ.

නිර්මල සිතින් ආරක්‍ෂා කරන්නා වූ මේ රටට ඒ සඳහා ආශිර්වාද කරන විශ්වයේ අදෘශ්‍යමාන බලවේගයක්‌ද තිබෙන බව අප අමතක නොකළ යුතුය. රට අරාජික තත්ත්වයට පත්වන විට එහි අවසාන තීරණාත්මක මොහොතේදී එම විශ්ව බලය චණ්‌ඩමාරුතයක්‌ සේ හමා එනු ඇත. මහා මේරු පර්වතය වුවද සෙලවිය හැකි එම මාරුතයේ, රටට එරෙහි බලගතු කුමන්ත‍්‍රණකාරී කුහකයන් නමැති රූස්‌ස ගස්‌ පවා මුලින් ඉදිරී පරඬැල් සේ ගසාගෙන යන විට අලූත් පරපුරේ සමනල සමනළියන් සේ පෙනී සිටින කැරපොත්තන්ට සිදුවන්නේ කුමක්‌දැයි අපට සිතාගත හැකි නොවේද?

මෙසේ ජාතික වීරයන්ට නිග‍්‍රහ කරන, රටට දිවිහිමියෙන් සාමය රැුගෙන දුන් සෙබළුන් අවඥවට ලක්‌ කරන, ත‍්‍රස්‌තවාදීන්ට ද, රණවිරුවන්ට සේ සමසේ සැලකිය යුතු යෑයි ප‍්‍රකාශ කරන, ලඅලූත් පරපුරල සහ එම තරුණ තරුණියන්ට උපදෙස්‌ දෙන උදවිය දැන්වත් පියවී සිහියට පැමිණිය යුතු කාලය එළඹ ඇත. මන්ද, ලෝකයේ  ඕනෑම රටක මෙන් අපේ රටේද දේශෙද‍්‍රා්හී බව නීතිය හමුවේ සනාථ වුවහොත් අධිකරණයෙන් මරණ ද`ඩුවම පවා දිය හැකි බැවිනි.


-රියර් අද්මිරාල් සරත් වීරසේකර-
-දිවයින-

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.