ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, August 23, 2015

එදා රුපියලයි. අද.......?

එකල මැතිවරණයකට ඉදිරිපත් වන සෑම අපේක්‍ෂකයකුම (දිනුවත් පැරදුනත්) මැතිවරණය අවසන් වී සති දෙකක්‌ ඇතුළත මැතිවරණ වියදම් ලැයිස්‌තු දිවුරුම් පෙත්සම් මගින් මැතිවරණ කොමසාරිස්‌වරයාට ඉදිරිපත් කළ යුතුය. එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එකල පැවැති නීතිය අනුව ඡන්ද දායකයන් තිදෙනකු වෙනුවෙන් අපේක්‍ෂකයකුට වියදම් කළ හැක්‌කේ රුපියලක්‌ පමණි. 

ඉකුත් 18 දා නිමාවට පත්වූ මෙරටේ පහළොස්‌ වැනි පාර්ලිමේන්තු මැතිවරණය නිරීක්‍ෂණය සඳහා දෙස්‌ විදෙස්‌ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් කිහිපයක සේවය ලබා ගැනීමට මැතිවරණ කොමසාරිස්‌ කටයුතු යොදා තිබුණි. එම නිරීක්‍ෂණ කණ්‌ඩායම් සිය නිරීක්‍ෂණයන් සමග නිර්දේශයන් කීපයක්‌ද ඉදිරිපත් කර තිබුණි. සියලුම නිරීක්‍ෂණ කණ්‌ඩායම් පොදුවේ ඉදිරිපත් කර තිබූ නිර්දේශයක්‌ කෙරේ අවධානය යොමු කිරීම වැදගත්ය.සියලුම මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායම් පොදුවේ නිර්දේශ කර තිබූ කාරණය වූයේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට මැතිවරණය සඳහා වියදම් කළ හැකි මුදල සීමා කළ යුතු බවය. එමගින් ඔවුන් අපේක්‍ෂා කළේ යහමින් මුදල් නැති අපේක්‍ෂකයන්ට ඡන්ද ව්‍යාපාරයේදී සාධාරණයක්‌ ඉටු කරන්නට විය හැකිය.






අපේ රටේ 1977 ට පෙර තිබූ මැතිවරණ ක්‍රම හා සීමාවන් පිළිබඳ මැතිවරණ නිරීක්‍ෂකයන්ට අවබෝධයක්‌ නොතිබුණා විය හැකිය. 1977 ට පෙර සෑම අපේක්‍ෂකයකුටම මැතිවරණයට වියදම් කළ හැකි මුදල්වල සීමාවක්‌ පනවා තිබුණි. 1931 - 1977 දක්‌වා මේ රටේ පැවැති සෑම මැතිවරණයක්‌ම ක්‍රියාත්මක වූයේ දැඩි නීති රීති මධ්‍යයේය. එකල මැතිවරණයකට ඉදිරිපත් වන සෑම අපේක්‍ෂකයකුම (දිනුවත් පැරදුනත්) මැතිවරණය අවසන් වී සති දෙකක්‌ ඇතුළත මැතිවරණ වියදම් ලැයිස්‌තු දිවුරුම් පෙත්සම් මගින් මැතිවරණ කොමසාරිස්‌වරයාට ඉදිරිපත් කළ යුතුය. එසේ නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එකල පැවැති නීතිය අනුව ඡන්ද දායකයන් තිදෙනකු වෙනුවෙන් අපේක්‍ෂකයකුට වියදම් කළ හැක්‌කේ රුපියලක්‌ පමණි. උදාහරණයක්‌ ලෙස ඡන්ද දායකයන් 45000 ක්‌ ඇති ප්‍රදේශයක අපේක්‍ෂකයකුට මැතිවරණයේදී වියදම් කළ හැකි මුදල රුපියල් 15,000 කි. එකල පෙට්‍රල් ගැලුමක්‌ රුපියල් එකයි ශත 35 කි. හාල් සේරුවක්‌ ශත 10 හෝ 15 කි. ඒ අනුව ගණනය කිරීමේදී මෙය විශාල මුදලකි.

එදා පැවැති මේ නීතිය කොතරම් දැඩිව ක්‍රියාත්මක වීද යන්න ගැන එක්‌ උදාහරණයක්‌ පෙන්වා දිය හැකිය. 1948 වර්ෂයේදී මහනුවර අතුරු මැතිවරණය පැවැත්වූයේ ටී. බී. ඉලංගරත්න හා රෙඩි ඩී. ද සිල්වා මහත්වරුන් අතරය. මෙම මැතිවරණයේදී ඉලංගරත්න මහතා ජය ගත්තේය. ඔහුට විරුද්ධව ඡන්ද පෙත්සමක්‌ අධිකරණයට ඉදිරිපත් විය. මෙවැනි අවස්‌ථාවලදී දක්‍ෂ නීතිඥයන් පැමිණිලි හා විත්ති පාර්ශ්වයේ දුර්වලකම්ද සොයා ගන්නේ නඩුවට සහය ලබා ගැනීමටය. මෙම නඩුව විභාගයේදී රෙඩි ඩී. ද සිල්වා  සාක්‍ෂි දෙන අතරේ නීතිඥ එස්‌ නඩේෂන් මහතා (ඉලංගරත්න ගේ නීතිඥ) ඔහුට යොමු කළ ප්‍රශ්නය ගැන මවිත විය. එම ප්‍රශ්නය වූයේ "ඔබගේ ඡන්ද ප්‍රකාශනය දෙමළ භාෂාවට පරිවර්තනය කිරීම සඳහා චෙක්‌ පතකින් ඔබ ඇස්‌. ගනේෂන් නමැත්තෙකුට රුපියල් 25 ක්‌ ගෙවා ඇත. එය ඔබේ වියදම් ලැයිස්‌තුවට එකතු කර නැති බව ඔබ පිළිගන්නවාද? රෙඩි ඩී. ද සිල්වාගේ පිළිතුර වූයේ එය සුළු ප්‍රමාද දෝෂයක්‌ බවය.

මෙම නඩුව විභාග කළ සී. නාගලිංගම් විනිසුරු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඉලංගරත්න ට අසුන අහිමි කළේය. ඔහුගේ ප්‍රජා අයිතියද වසර 7 කට තහනම් විය. ඒ අතර නාගලිංගම් විනිසුරු ප්‍රකාශ කළේ රෙඩි ඩී. ද සිල්වා මැතිවරණ වියදම් ප්‍රකාශන ඉදිරිපත් කිරීමේදී වරදක්‌ සිදුකර ඇති නිසා රෙඩි ඩී. ද සිල්වා ටද ඉදිරි තුන් වසර තුළ මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකි බවය.

මේ අනුව එදා රෙඩි ඩී. ද සිල්වා ගේ මැතිවරණ වියදම් ප්‍රකාශනයට රුපියල් 25 ක ගනුදෙනුව ඇතුළු නොවීම නිසා වසර තුනකට ඡන්දයකට ඉදිරිපත් වීම වැළකින. ඒ එදා නීතිය ක්‍රියාත්මක වූ ආකාරයයි. 1977 පෙර මෙවැනි ඡන්ද පෙත්සම් නිසා ප්‍රබල ඇමැතිවරුන්ටද ප්‍රජා අයිතිය අහෝසි විය. එවැන්නන් අතර මහනුවර ජෝර්ඡ් ඊ ද සිල්වා, මැද කොළඹ ඒ. ඊ. ගුණසිංහ, උතුරු කොළඹ දොස්‌තර සරවනමුත්තු, නුවරඑළියේ එම්. ඩී. බණ්‌ඩා යන මහත්වරුන්ද වූහ.

1977 දී බලයට පත් රජය එදා පැවැති මැතිවරණ ක්‍රමය සම්පූර්ණයෙන්ම සංශෝධනය කළේය. 

මෙම සංශෝධන ඉදිරිපත් කරමින් එදා එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේදී ඡේ. ආර්. ජයවර්ධන කළ කතාවෙන් කොටසක්‌ මෙහි සටහන් කිරීම වැදගත්ය.

මේ පවතින මැතිවරණ ක්‍රමය විශාල වෙනසක්‌ කළ යුතුය. ඡන්ද කොට්‌ඨාස කුඩා වීම නිසා දූෂණයට ඇති ඉඩකඩ වැඩි බව පෙනේ. 1943 වන විට මගේ කැලණි මැතිවරණ කොට්‌ඨාසය තොරණ හන්දියෙන් පටන් ගෙන නුවර පාරේ තිහාරිය දක්‌වාත් නැගෙනහිරින් බියගම දක්‌වාත් විහිදුනු එකකි. එහෙත් අද එම ප්‍රදේශය කැලණිය, මහර, බියගම මැතිවරණ කොට්‌ඨාස තුනකට වෙන්කර ඇත. මේ තත්ත්වය යටතේ සම්පූර්ණ දිස්‌ත්‍රික්‌කයක්‌ එක්‌ මැතිවරණ කොට්‌ඨාසයක්‌ විය යුතු බවත් පක්‍ෂවලට ලැබෙන ඡන්ද ප්‍රමාණය අනුව සමානුපාතිකව ආසන ක්‍රමය බෙදී යා යුතු බවත් මම යෝජනා කරනවා'.

තවදුරටත් ජයවර්ධන  කීවේ 'තවත් අපි තුරන් කළ යුතු දෙයක්‌ තිබේ. එනම් ආසනයක්‌ පුරප්පාඩු වූ විට අතුරු මැතිවරණ පැවැත්වීම මහ කරදරයකි. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ පුරප්පාඩු වන ආසනයට ඒ ආසනය නියෝජනය කරමින් එම පක්‍ෂයෙන්ම ඉදිරිපත් වූ අයෙක්‌ පත්කළ යුතු බවයි'.

ඡේ. ආර්. ජයවර්ධන  යෝජනා කළ මේ ක්‍රමය අනුව නීති සම්පාදනය විය. පළමුවෙන්ම පුරප්පාඩු වූ වත්තල මැතිවරණ කොට්‌ඨාසයට ජෝන් අමරතුංග  පක්‍ෂයේ මහ ලේකම් විසින් පත් කෙරිණි. වත්තල හිටපු මන්ත්‍රී තැපැල් ඇමැති ෂෙල්ටන් ජයවර්ධන ගේ මරණයෙන් වත්තල අසුන පුරප්පාඩු විය.

වෙස්‌මිනිස්‌ටර් සම්ප්‍රදාය අනුව අතුරු මැතිවරණවලට දී තිබුණේ වැදගත් ස්‌ථානයකි. එය පවතින රජය කෙරේ ජනතාවගේ ඇති ප්‍රසාදය හෝ අප්‍රසාදය පිළිබිඹු කරන අවස්‌ථාවක්‌ ලෙස සලකනු ලැබේ. ජෝන් අමරතුංග පළමුවෙන්ම පත් කරන ලද "චිට්‌" මන්ත්‍රීවරයා විය. එකල පළමු ඉරිදා ඇත්ත පත්‍රය ඔහු හැඳින්වූයේ "වත්තල පිංගෙඩිය" නමිනි. ඊට පසු පුරප්පාඩු වූ සෑම අසුනකටම මන්ත්‍රීවරු පත්කරන ලද්දේ පුරප්පාඩු වූ පක්‍ෂයේ ලේකම් විසිනි. එසේ පත් කරන බොහෝ අය හිටපු මන්ත්‍රීවරයාගේ ඥතීන් වීමද විශේෂත්වයකි. කරන්දෙණිය, දෙනියාය හා හේවාහැට ආදී බොහෝ ආසන එසේ මන්ත්‍රීවරුන් පත් කළ අසුන්ය.

ශ්‍රී ලනිපයෙන් එදා මේ ආකාරයට පත් වූයේ එක්‌ මන්ත්‍රීවරයකු පමණි. සිරිමාවෝ බණ්‌ඩාරනායක ගේ ප්‍රජා අයිතිය අහෝසි වීම නිසා හිස්‌ වූ අසුනට දිවුලපිටිය හිටපු මන්ත්‍රී ලක්‍ෂ්මන් ජයකොඩි පත් කළේය. දැනට පවතින මැතිවරණ ක්‍රමය අනුව පුරප්පාඩු පුරවන ලද්දේ මනාප ලැබූ අපේක්‍ෂකයන් අනුවය. 1992 දී දොaෂාභියෝගය ඉදිරිපත් වූ අවස්‌ථාවේදී එජාපයේ ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර යන ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් දස දෙනකු විනය නීති මත පක්‍ෂයෙන් නෙරපා හරින ලදී. ඔවුන්ගේ පුරප්පාඩුවට ඒ ඒ දිස්‌ත්‍රික්‌කවල වැඩිම මනාප ලැබ සිටි අපේක්‍ෂකයන් ලේකම්වරයා විසින් පත් කරනු ලැබීය.

අලුතින් හඳුන්වා දෙන ලද මෙම "බහුබූත" ඡන්ද ක්‍රමය යටතේ මුළු දිස්‌ත්‍රික්‌කයක්‌ම එක්‌ ඡන්ද කොට්‌ඨාසයක්‌ ලෙස පිළිගැනේ. උදාහරණයක්‌ ලෙස කොළඹ දිස්‌ත්‍රික්‌කය කොළඹ නගරය දකුණෙන් මොරටුවේ පාලම දක්‌වාත්, නැගෙනහිරින් අවිස්‌සාවේල්ල කෙළවර දක්‌වාත්, විහිදී යයි. අපේක්‍ෂකයකු මැතිවරණයකදී පාර්ලිමේන්තු හෝ පළාත් සභාවට යැම සඳහා දිස්‌ත්‍රික්‌කය පුරාම ප්‍රචාරක කටයුතු කළ යුතු විය.

එසේ වුවද 1958 දී බණ්‌ඩාරනායක රජය විසින් හඳුන්වා දෙනු ලැබූ මැතිවරණ නීතිය අනුව පෝස්‌ටර් කටවුට්‌ ප්‍රදර්ශනය තහනම් විය. 1982 ජනමත විචාරණය දක්‌වා ක්‍රියාත්මක වූ මෙම නීතිය එතැන් සිට අහෝසි විය. අද පෝස්‌ටර් කටවුට්‌ මැතිවරණයේ ප්‍රධාන අංගයකි. 

අද මැතිවරණ සඳහා රටේ විදේශ මුදල් සංචිතයෙන් විශාල ප්‍රමාණයක්‌ "ගිලගන්නා" බව නිසැකය. ඉන්ධන හා කඩදාසි ආනයනය නොකර මැතිවරණයක්‌ කළ නොහැකි තරම්ය. එක්‌ ඡන්දදායකයකුට එක්‌ එක්‌ අපේක්‍ෂකයාගෙන් ලැබෙන මුද්‍රිත ලියවිලි සංඛ්‍යාව කොතෙක්‌දැයි සෑම ඡන්ද දායකයකුම දන්නා කරුණකි.

එසේ වුවද තේරී පත්වන මන්ත්‍රීන් හමුවීම ජනතාවට ගැටලුවකි. උදාහරණයකට කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනකු කොළඹ පදිංචිකරුවන්ය. බොහෝ ඡන්ද කොට්‌ඨාසවලට මන්ත්‍රීවරයකු පත්වී නැත. මෙය පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයේ චිරාගත සම්ප්‍රදායන්ට පටහැනිය. මේ ක්‍රමය නිසා 1931 - 1977 දක්‌වා තිබූ පෙත්සම් ඉදිරිපත් කිරීමේ වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම අහිමි වී තිබේ. අප රටේ එදා පැවැති ඡන්ද ක්‍රමය හා වියදම් සීමාවන් අදට ගැළපෙන සේ සංශෝධනය කර ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය කරුණකි. අපට නිරීක්‍ෂකයන්ගේ නිර්දේශ නොතිබුණත් පැවැති ක්‍රමය අපේ රටට හා ජනතාවට කොතෙක්‌ දුරට ගැලපෙනවා දැයි සිතා බැලීමට කාලය එළඹ තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.