ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, August 19, 2015

මෙවර මැතිවරණය සමාලෝචනය...


එජාපෙ මන්ත්‍රී ආසන ( 93+13 ) 106
එජනිස මන්ත්‍රී ආසන ( 83+12 ) 095
දෙමළ ජාතික සන්ධානය (14+02 ) 16
ජවිපෙ ජනතා විමුක්‌ති පෙරමුණ (04+02 ) 06



අටවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීම සඳහා 17 වැනිදාපැවැති ඡන්ද විමසීමේදී එක්‌සත් ජාතික පක්‌ෂය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරනු ලැබීය.


සමස්‌ත මන්ත්‍රීධුර 225 න් 106 ක්‌ එක්‌සත් ජාතික පක්‌ෂය හිමිකර ගත් අතර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය මන්ත්‍රීධුර 95 ක්‌ද, දෙමළ ජාතික සන්ධානය මන්ත්‍රීධුර 16 ක්‌ද, ජනතා විමුක්‌ති පෙරමුණ මන්ත්‍රීධුර 06 ක්‌ද හිමි කරගත් අතර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය හා ඊ. පී. ඩී. පී. සංවිධානය මන්ත්‍රීධුර එක බැගින් හිමිකර ගත්තේය.

මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක්‌ ලබාගැනීමට කිසිදු පක්‌ෂයකට නොහැකිවීම විශේෂත්වයකි. එක්‌සත් ජාතික පක්‌ෂය ඡන්ද 5098916 ලබා ගත් අතර එම පක්‌ෂය හිමිකර ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 45.66 කි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඡන්ද 4732664 ලැබූ අතර එම පක්‌ෂය ලැබූ ඡන්ද ප්‍රතිශතය සියයට 42.38 කි.

ජනතා විමුක්‌ති පෙරමුණ ඡන්ද 543944 ලැබූ අතර එහි ප්‍රතිශතය සියයට 4.77 කි. ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‌ෂයට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 515963 කි. එහි ප්‍රතිශතය 4.62 කි.

සමස්‌ත මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22 න් 12 ක්‌ දිනා ගැනීමට එජාපය සමත් විය. බදුල්ල, මාතලේ, කෑගල්ල, පොළොන්නරුව, නුවරඑළිය, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම, ගම්පහ, කොළඹ හා මහනුවර එම දිස්‌ත්‍රික්‌ක වෙයි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය දිස්‌ත්‍රික්‌ 07 ක ජය හිමිකර ගත් අතර කුරුණෑගල, හම්බන්තොට, මොනරාගල, මාතර 

අනුරාධපුරය, කළුතර හා ගාල්ල එම දිස්‌ත්‍රික්‌ක වෙයි. දෙමළ ජාතික සන්ධානය වන්නි, යාපනය හා මඩකලපුව යන දිස්‌ත්‍රික්‌ක 03 ජයගනු ලැබීය. 
 සරත් ෆොන්සේකා ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂය හා බොදුජන පෙරමුණට මෙවර කිසිදු මන්ත්‍රී ධුරයක්‌ හිමිව නොමැත.

පසුගිය 2010 මැතිවරණය සමග සැසඳීමේදී එක්‌සත් ජාතික පක්‌ෂය මන්ත්‍රී ධුර 51 ක්‌ හිමිකරගෙන තිබූ අතර එය මෙවර මන්ත්‍රී 106 දක්‌වා වැඩි කර ගැනීමට සමත් වී තිබේ. එමෙන්ම 2010 දී ඡන්ද 2357057 ක්‌ ලබා සිටි එම පක්‌ෂය මෙවර ඡන්ද සංඛ්‍යාව 5098916 ක්‌ බවට පත් කරගෙන ඇත. එමෙන්ම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය 2010 දී ලබාගත් මන්ත්‍රී ධුර 127 මෙවර 95 දක්‌වා අඩු වී තිබේ. එම පක්‍ෂය එදා ලබාගත් ඡන්ද 4846388 මෙවර 4732664 දක්‌වා අඩු වී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සමග ජවිපෙ එක්‌ව 2010 දී තරග කර ඡන්ද 441251 ක්‌ හිsමිකර ගත් අතර ජවිපෙ මෙවර තනිවම තරග කර ඡන්ද 54,3944 ක්‌ ලබා ගත්තේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.