ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 31, 2015

එජාප සහ ශ‍්‍රීලනිප ඇමතිකම් ලැබෙන අය ගැන අලූත්ම ආරංචි මෙන්න..


රවීට භාණ්ඩාගාරය..
සුසිල්ට තෙල් සංස්ථාව..
චම්පිකට කොළඹ සිංගප්පූරුවක් කරන්න මෙගා පොලිස්..

මහ මැතිවරණය හමාර වී දැනට සති දෙකකි. ඉන් බිහිවන ආණ්ඩුවේ ඇමති තනතුරු ගැන තවම ඇත්තේ ප‍්‍රශ්නාර්ථයකි. ගෙවී ගිය දෙසතියේම මාධ්‍ය ඔස්සේ වරින් වර ඇමතිධූර ලැබෙනාහැටි වාර්තා විය. පසුගිය සතිඅන්තය ඇමති මණ්ඩලය දිවුරුම් දෙන්නට පෙර ආසන්නයේම එළඹි සති අන්තය විය හැකිය. සන්ඬේ ටයිම්ස්ල පුවත්පතේ දේශපාලන විශ්ලේශක පවසන පරිදි ඇමති මණ්ඩලය එක්සත් ජාතික පක්ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මෙසේ බෙදාගනු ඇත.


එක්සත් ජාතික පෙරමුණ

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍‍්‍රමසිංහ - ආර්ථික ප‍‍්‍රතිපත්ති,හා රටෙන් පරිබාහිර සම්පත්

රවී කරුණානායක - ආර්ථික කටයුතු (එම අමාත්‍යංශයට භාණ්ඩාගාරය,රේගුව,සුරාබදු දෙපාර්තමෙන්තුව, දේශීය ආදායම් දෙපාර්තමෙන්තුව යන ආයතනයන්ද පැවරෙ ඇත.*

කබීර් හෂීම් - ජාතික ව්‍යෘපාර සංවර්ධන (මෙම නව අමාත්‍යධූරයට රාජ්‍ය බැංකු, ශී‍‍්‍රලන්කන් ගුවන්සේවය, මිහින් ලංකා ගුවන්සේවය, පැලවත්ත හා සෙවණගල සීනි සමාගම්, ලිට්රෝ ගෑස් සමාගම යනාදී ආයතනයන් හා සමාගම්ද අයත්වනු ඇති.*

පාඨලී චම්පික රණවක - බස්නාහිර පළාත් විසල් නගර (මෙට‍‍්‍රාපොලිස්* හා නාගරික සංවර්ධන (බස්නාහිර පළාත් විසල් නගර නමින් නව අධිකාරියක් පිහිටුවීමට කෙටුම්පතක් ඉදිරිපත්කිරීමට නියමිතය. මහවැලිය හා සමානව කි‍‍්‍රයාත්මක වනු ඇති මෙම අධිකාරියේ කාර්යභාරය වන්නේ බස්නාහිර පළාතේ නගර එකිනෙක සම්බන්ධ කරමින් සිංගප්පූරුව, හොංකොං වැනි විසල් වෙළද කේන්ද‍්‍රයක් නිර්මානය කිරීම හා එම කේන්ද‍්‍රයේ සංවර්ධන කටයුතු සිදුකිරීමයි.*

රවුෆ් හකීම් - නගර සංවර්ධන හා ජලසම්පත් කළමනාකාර

මලික් සමරවික්‍‍්‍රම - අන්තර්ජාතික වෙළදාම් හා ආයෝජන ප‍‍්‍රවර්ධන

සජිත් පේ‍‍්‍රමදාස - නිවාස

රාජිත සේනාරත්න - සෞඛ්‍යය

රංජිත් මද්දුමබණ්ඩාර - මහජන පරිපාලන කටයුතු

තිලක් මාරපන - නීතිය හා සාමය

එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - බෞද්ධ කටයුතු

අර්ජුන රණතුංග - වරාය

චාන්දනී බණ්ඩාර - වනිතා කටයුතු

ලක්ෂ්මන් කිරිඇල්ල - මහා මාර්ග

ගයන්ත කරුණාතිලක - සංචාරක කටයුතු

අකිල විරාජ් කාරියවසම් - අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

නවීන් දිසානායක - වැවිලි කර්මාන්ත

ජෝන් අමරතුංග - ස්වදේශ කටයුතු

සාගල රත්නායක - මාධ්‍යය. ඊට අමතරව අගමැති ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍යධූරයක්ද වෙන්වී තිබෙන බව පැවසේ.

හරීන් ප‍‍්‍රනාන්දු - සන්නිවේදන

තලතා අතුකෝරල - විදේශ රැුකියා

වජිර අබේවර්ධන - රාජ්‍ය හා පළාත් පාලන

රිශාඕ බදුර්දීන් - ආර්ථික හා කර්මාන්ත

පලනි දිගම්බරම් - රාජ්‍ය සම්පත්

එම්.එච්.ඒ.හලීම් - තැපැල්

පී.හැරිසන්ට සහ මනෝ ගනේෂන්ටද අමාත්‍යධූර ලැබෙනා බව සඳහන් වේ.

ශී‍‍්‍රලංකා නිදහස් පක්ෂය

නිමල් සිරිපාල ද සිල්වා - ගුවන් හා අභ්‍යන්තර ප‍‍්‍රවාහන (ලංගමය,දුම්රිය සේවය,පෞද්ගලික බස් සේවය ඇතුළු අභ්‍යන්තර ප‍‍්‍රවාහන අමාත්‍යංශය යටතට අයත්වේ.*

ජෝන් සෙනෙවිරත්න - සමාජ සංවර්ධන පවතින සමෘද්ධි අමාත්‍යංශය,සමාජ සංවර්ධන අමාත්‍යංශය ලෙස වෙනස් කිරීම සිදුවනු ඇත.

සුසිල් පේ‍‍්‍රමජයන්ත - ඛනිජ තෙල් (පසුගිය රජය සමයේ ඛනිජ තෙල් සංස්ථාවේ සිදුවූ බවට තොරතුරු අනාවරණයව ඇති රුපියල් ලක්ෂ ගණනක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ අංශය විමර්ෂණ කටයුතු ආරම්භ කර ඇත. එම සමයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළේද සුසිල් පේම්ජයන්ත්ය.*

දුමින්ද දිසානායක - කෘෂිකර්ම

මහින්ද අමරවීර - ධීවර කටයුතු

සරත් අමුණුගම - උසස් අධ්‍යාපනය

මහින්ද සමරසිංහ - කම්කරු කටයුතු

ඩිලාන් පෙරේරා - කී‍‍්‍රඩා යන අමාත්‍යංශ හිමිවුනු ඇති බවට විශ්වාස කෙරේ.

පාර්ලිමෙන්තු කටයුතු,ආපදා කළමනාකරණ, යන අමාත්‍යංශන්ද වෙන්වී ඇති බව සඳහන් වන්නේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය වෙතටය. අනුර පි‍‍්‍රයදර්ශන යාපා මහතාටත්, චමල් රාජපක්ෂ මහතාටත් අමාත්‍යධූර ලැබීමට නියමිත බවද පැවසේ.පක්ෂයේ සභාපති ජනපති සිරිසේන යටතේ පරිසර, මහවැලි, හා ආරක්ෂක යන අමාත්‍යංශ 3 පවතී. මෙම අමාත්‍යංශ ජනපතිවරයා යටතට පත් කෙරුණේ 19 ඒ ව්‍යවස්වස්ථා සංශෝධනයෙනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.