ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 22, 2015

කුඩාපොල හිමියන් පාවාදුන් සිංහලයන් ....


1796 දී ඉංගී්‍රසීන් මෙරට මුහුදුබඩ ප්‍රදේශයේ අධිපතීන් බවට පත් වූයේ එවක එම පෙදෙස්‌ අත්පත් කරගෙන සිටි ලන්දේසි පෙරදිග වෙළෙඳ සමාගම හා කරන ලද සටන්වල ප්‍රතිඵලයක්‌ ලෙස ලන්දේසීන් යටත්වීම නිසාය. 1798 සිට 1802 දක්‌වා පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම ඉංගී්‍රසීන් හා එක්‌ව පාලනය කළ මේ ප්‍රදේශ 1801 සිට ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට භාරදෙනු ලැබීමෙන් පසුව 1802 සිට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි කිරීටයට යටත් ප්‍රදේශයන් බවට පත්විය. මේ ආකාර ලෙසට මුහුදුබඩ ප්‍රදේශ ඉංගී්‍රසි ආධිපත්‍යයට යටත් වූයේ නිරන්තරව සිදුකරන ලද යුද්ධ හේතුකොට ගෙන වුවද උඩරට රාජ්‍ය ඉංගී්‍රසීන්ට අයත් වූයේ එවැනිවූ යුද්ධ ජයග්‍රහණයක ප්‍රතිඵලයක්‌ වශයෙන් නොවේ.


උඩරට අත්පත් කරගැනීමේ නිල නිවේදනයේ ප්‍රාරම්භක වාක්‍ය වන "රදළ ප්‍රධානීන්ගේ ආරාධනයෙන් මෙහෙයුම් ලද බ්‍රිතාන්‍ය මහරජාණන් වහන්සේගේ හමුදාවෝ මහජනතාවගේ ජයඝෝෂා නාදය මැද පිළිගනු ලැබීමෙන් උඩරට රාජ්‍ය ප්‍රදේශයන්ට ඇතුළුව රාජධානියට වැදගත්හ."
... යන සඳහන අනුව උඩරට රාජ්‍යය ඉංගී්‍රසීන් යටතට පත් වූයේ අවසාන වශයෙන් කරන ලද යුද්ධයකින් ලබාගන්නා ලද ජයග්‍රහණයකින් නොවන බැව් පැහැදිලිය.
මෙසේ එකදු භටයකුගේවත් ජීවිත පූජාවකින් තොරව උඩරට රාජ්‍යයයේ අයිතිය ලබාගත් නමුත් ඒ සඳහා උපකාරී වූ මහජනතාවගේත් රදළ ප්‍රධානීන්ගේත් සහාය නීත්‍යානුකූලව ලබාගැනීමේ උපක්‍රමයක්‌ වශයෙන් දෙපාර්ශ්වයම ගිවිසුමකට එළඹීම මේ සඳහා වූ ඉංගී්‍රසීන්ගේ උපායමාර්ගය විය. ඒ අනුව 1815 මාර්තු 02 දින බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් රොබට්‌ බ්‍රවුන්රිග් ආණ්‌ඩුකාරයා ද උඩරට වැසියන් වෙනුවෙන් උඩරට ප්‍රධාන නිලමේවරුන් 14 දෙනකු විසින් ද අත්සන් කරන ලද එකඟතාව "උඩරට ගිවිසුම" ලෙස ප්‍රසිද්ධය.
1815 මාර්තු 02 වැනි දින රට පාලනය කිරීම සඳහා එකඟතාවයට එළඹී උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තිය අනුව "උඩරට මුලාදෑනින් හා වැසියන් අදහන බුද්ධ ශාසනයත්, දේවාගමත් කඩ නොකර පවත්වමින්, සංඝයා හා විහාරාදිය රැකීමට ඉංගී්‍රසි රජය පොරොන්දු වූ නමුත් ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවද චීවරය දරා සිටියදීම බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ම වෙඩි තබා ඝාතනය කරන ලද අවස්‌ථා රාශියක්‌ම පිළිබඳ තොරතුරු ඉතිහාසයේ සඳහන් වී ඇත.
ක්‍රි.ව. 1848 මාතලේ කැරැල්ල නමින් හඳුන්වන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ පීඩනයට එරෙහිව ඇරැඹි සිංහලයේ 02 වැනි නිදහස්‌ අරගලයේදී එයට සම්බන්ධවී යෑයි චෝදනා ලැබ වෙඩි තබා ඝාතනයට ලක්‌ කරන ලද කඩහපොළ හිමියන් සුදු පාලනයට නිරපරාදේ ගොදුරු වූ බෞද්ධ හිමිනමකි.
කඩහපොළ කුඩාඋන්නාන්සේ හා කුඩාපොළ උන්නාන්සේ යනුවෙන් ද හඳුන්වන දැනට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ, නාරම්මල කුලියාපිටියේ පිහිටි කඩහපොළ ඒ හිමියන් උපන්බිම ලෙස ඉතිහාසඥයෝ පෙන්නා දෙයි. 1848 දෙවැනි නිදහස්‌ සටන මාතලේ හා සත්කෝරළයේ ආරම්භ වී පැතිරී යන අවධියෙහි කඩහපොළ හිමියන් වැඩසිට ඇත්තේ මහනුවරට නුදුරු කාහල්ල නම් ස්‌ථානයේය. කැරැල්ලට ආධාර දුන් බවට චෝදනා කරමින් කඩහපොළ හිමියන්ව ඉංගී්‍රසීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙකී කාහල්ල නම් ස්‌ථානයේදීය. කැරැල්ලට ආධාර දුන් බවට චෝදනා කරමින් කඩහපොළ හිමියන්ව අත්අඩංගුවට ගන්නා ලද නමුත්, එයට හෝ කැරැලිකරුවන්ට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳ පැහැදිලි සාක්‍ෂි කිසිවක්‌ නැත.
ඒ හිමියන්ට එරෙහිව තිබූ එකම සාක්‍ෂිය වූයේ 1848 මාතලේ දෙවැනි නිදහස්‌ අරගලයෙන් රාජාභිෂේකය ලැබීමට නම් කර සිටි ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටි ස්‌ථානය පිළිබඳ තොරතුරු කඩහපොළ හිමියන් තමාට කියා සිටියේය යනුවෙන් අලම්කුඹුරේ බස්‌නායක නිළමේත්, ඔහුගේ පුත් කිරිබණ්‌ඩා හා වීදියවැල්ලේ විදානේ යන තිදෙනා ඉංගී්‍රසි නිලධාරීන්ට සපයන ලද සාවද්‍ය තොරතුරු පමණකි.
මේ තොරතුරු අනුව ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටි බවට සැක කළ මැදමහනුවර පිහිටි ගල්ලෙනක්‌ එවකට ආණ්‌ඩුවේ ඒජන්ත බුලර් ඇතුළු භට පිරිසක්‌ වටලන ලදී. නමුත් එම ගල්ගෙයි ගොන්ගාලේගොඩ බණ්‌ඩා හෝ වෙනත් සැකකටයුතු කිසිවකු හෝ සැඟවී සිට නැත. ගල්ගෙයි සැඟවී සිටි ගොන්ගාලේගොඩ ඇතුළු පිරිසට පලා යැමට අනතුරු අඟවා ඉඩකඩ සලසන ලද්දේ කඩහපොළ හිමියන් බවට ඉහතකී තිදෙනා ගල්ගෙය වටකරන ලද ආණ්‌ඩුවේ ඒජන්ත බුලර්ට ගතු කීහ. ඒ අනුව වැටලීම අසාර්ථක වී ආපසු එන ගමනේදී මැද මහනුවර කහල්ල නම් ස්‌ථානයේදී අත්අඩංගුවට ගත් කඩහපොළ හිමියන්ව මහනුවරට ගෙන යන ලදී.
එසේ මහනුවරට ගෙන ඒමෙන් පසු කැරලිකරුවන් හා එකඑල්ලේම හෝ අනියම් ආකාරයෙන් සම්බන්ධකම් පැවැත්වීම, රාජාභිෂේකය ලැබීමට නම් කර සිටි ගොන්ගාලේගොඩ බණ්‌ඩාව ඉවහල් විය හැකි සියලු තොරතුරු හෝ තොරතුරක්‌ නොසැපයීම, 1848 අගෝස්‌තු 17 දින එයට ආසන්න දිනකදී ගොන්ගාලේගොඩ බණ්‌ඩා සැඟවී සිටිනා ස්‌ථානය දන්නා බව ප්‍රකාශ කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගන්නා ලද දිනට පසු දිනම උන්වහන්සේව යුද්ධාධිකරණය හමුවට පමුණුවන ලදී.
කඩහපොළ හිමියන්ට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා විභාග කිරීමට පස්‌දෙනකුගෙන් සමන්විත යුද්ධ අධිකරණයක්‌ පත් කරන ලද අතර එහි සභාපති හැටියට මේජර් ඇෆ්. ලුෂින්ටන් කටයුතු කළ අතර කපිතාන් ටී. එච්. වින්ග් ෆිලිඩ්, කපිතාන් එච්. ශ්‍රිර්කන්, කපිතාන් එච්. සී. බර්ඩ් සහ ලෙප්ටිනන් ඡේ. ස්‌මිත් සෙසු සාමාජිකයෝ වූහ.
කැරලි නායක ගොන්ගාලේගොඩ බණ්‌ඩා අල්ලාදී ජීවිත දානය ලබාගැනීමට උන්වහන්සේට ඉඩකඩ තිබෙන බවද, යුද්ධ අධිකරණය කඩහපොළ හිමියන්ට වැඩිදුරටත් දැනුම් දෙන ලදී. අධිකරණය ඉදිරියේ කියවූ චෝදනා සම්බන්ධයෙන් තමන්වහන්සේ මුළුමනින්ම නිර්දෝෂි බැව් චෝදනාවලට පිළිතුරු දෙමින් එහිමියෝ ප්‍රකාශ කළ අතර රාජෙද්‍රdaහිවීම හෝ සතුරු රජකු සමග සබඳකම් පැවැත්වීම හෝ ඔහුගේ තොරතුරු කිසිවක්‌ තමන්වහන්සේ නොදන්නා බවත්, කැරලි නායකයා සැඟවී සිටින තැන් හෝ ඔහුගේ තොරතුරු කිසිවක්‌ තමන් නොදන්නා බවත්, එම කැරලි නායකයායි කියන තැනැත්තා තමන්වහන්සේ දැක ඇත්තේ එක්‌ වරක්‌ පමණක්‌ බවත්, උන්වහන්සේ මරණය පෙනි පෙනී සිටියදීත් චෝදනාවලට පිළිතුරු වශයෙන් වැඩිදුරටත් කියා සිටියහ.
1848 අගෝස්‌තු 25 වැනි දින ඇරඹි යුද්ධාධිකරණ නඩු විභාගයේදී පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේත්, ඔහුගේ පුත්‍රයාත්, බුටාවත්තේ කංකානම හා ගල්ගේවැටලීම මෙහෙයවන ලද මහනුවර ආණ්‌ඩුවේ ඒජන්ත බුලර් යන අය සාක්‍ෂි දුන් අතර නඩු විභාගය අවසානයේ එම සාක්‍ෂි මත කඩහපොළ හිමියන් වැරදිකරු බවට තීරණය කොට නඩු විභාගය ආරම්භ කළ දිනට පසු දින එනම් අගෝස්‌තු 26 වැනි දින උදේ 7.00 ට උන්වහන්සේට වෙඩිතබා ඝාතනය කිරීමට නියම කරන ලදී.
යුද්ධාධිකරණය පැවැත්වෙද්දී එහි සිටි නීතිඥයන් කිහිප දෙනකුම මේ තීරණය අසාධාරණ බැව් ආණ්‌ඩුවේ නීතිඥ තැනට දන්වා සිටියහ. සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි සියල්ලම සිතා මතා ගොතා කී බොරුවලින් පිරී ඇති බවත්, පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේගේ ඕනෑකම මත එම සිරකරු යුද්ධාධිකරණය වෙත පමුණුවා ඇති බවත් එවකට මහනුවර සුප්‍රසිද්ධ නීතිඥයකු වූ ස්‌මිත් පෙරකදෝරු මහතා විසින් ආණ්‌ඩුවේ නීතිඥ මහතා වෙත දන්වන ලදී. පසුවදාට නියමිත දඬුවම කල්තබා යළිත් වරක්‌ චෝදනා විභාග කිරීම ආරම්භ කළ යුතු යෑයි ස්‌මිත් මහතා මෙහිදී ආණ්‌ඩුවේ නීතිඥ එච්. සී. සෙල්මි මහතාගෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම අනුව දඬුවම කල් තැබීම පිණිස අවසර ගැනීමට ආණ්‌ඩුවේ නීතිඥ මහතා එවේලේම ආණ්‌ඩුකාරතුමා වෙත ගියේය. කරුණු කියා සිටි ආණ්‌ඩුවේ නීතිඥ සෙල්මි මහතා මහනුවර නීතිඥයන්ගේ නියම හැඟීම හා තීරණය ගැනද සඳහන් කළේය.
නීතිඥයන්ගේ කරුණු ඇසූ පමණින්ම කෝපයට පත් ටොරින්ටන් සාමිවරයා අත්ල දිගහැර වේගයෙන් සිය දණහිසට පහරක්‌ ගැසුවේය. "ලෝකයේම ඇති ඉතාමත්ම සාධාරණ අධිකරණය යුද්ධාධිකරණයයි. මට විරුද්ධව චෝදනාවක්‌ වෙතොත් එයත් යුද්ධාධිකරණයක්‌ ඉදිරියටම යා යුතුයි. නීතිඥයන්ගේ මතය අනුව ඔය හැම සිරකරුවකුම නිර්දෝෂි අය වෙති. ඔය සිරකරුවාගේ නිර්දෝෂිකම හෙට උදේ 7.00 ට ඔප්පු වේවි. මට ඒ ගැන කිසිම විස්‌තරයක්‌ ඕනෑ නෑයි" වේගයෙන් පැවැසීය. තමාගේ උත්සාහය නිශ්පල වූ බැව් දැනගත් සෙල්මි මහතා ආණ්‌ඩුකාරයාගෙන් සමුගෙන පිටත් විය. ආලින්දයට පැමිණි සෙල්මි මහතාට දක්‌නට ලැබුණේ අග්‍රවිනිශ්චයකාර සර් ඇන්තනි ඔලිපන්ට්‌ මහතාවයි. සර් ඇත්නනි ඔලිපන්ට්‌ අග්‍රවිනිශ්චයකාරතුමා එකවරටම සෙල්ම් මහතා අමතා ප්‍රශ්නයක්‌ නැඟීය. "ආ සෙල්මි හැබෑද හෙට හාමුදුරු නමකට වෙඩි තියන්න යනවයි කියන්නෙ? මොකද ඔය වැඩේ තේරුම? යනුවෙන් විචාළේය. සෙල්මි මහතා පිළිතුරු දුන්නේය. ආණ්‌ඩුකාරතුමාගේ කෝපය ගැනත්, තීරණය ගැනත් ඇසූ අග්‍රවිනිශ්චයකාරතුමා ආපසු හැරුණේය. "එහෙනම් එය වළක්‌වන්න බෑ" යනුවෙන් කියමින් එතැනින් පිටවී ගියේය. අගෝස්‌තු 26 වැනිදා උදේ 7.00 ට කඩහපොළ හිමියන් දෑතේ විලංගු සහිතව මහනුවර යුද්ධාධිකරණ පෝරකය වෙත ගෙනෙනු ලැබීය.
ඝාතක හමුදාංකය භාරව සිටි කපිතන් පෙන්වික්‌ පෝරක බිමේදී යළිත් වරක්‌ කඩහපොළ හිමියන්ගෙන් ඉල්ලීමක්‌ කළේය. "කැරළි නායකයා සැඟවී සිටින තැන දැන්වත් අපට කියන්නැ"යි කපිතන් පෙන්වික්‌ ඉල්ලා සිටියේය. කඩහපොළ හිමියෝ පිළිතුරු දෙමින් "මේ සම්පූර්ණ සත්‍යයයි. එක්‌ වරක්‌ පමණක්‌ මා ඔහු දැක තිබෙනවා. ඒ හැර කිසිම විස්‌තරයක්‌ මා දන්නේ නැහැ"යෑයි කීහ.
කපිතන් පෙන්වික්‌ගේ අණ නිකුත් විය. ඝාතක හමුදාංකයේ මාරක වෙඩි පහරවල් සියල්ලම කඩහපොළ හිමියන්ගේ සිරුර පසාරු කරගෙන යත්ම ඒ හිමියෝ බිම ඇදවැටුණි.
යුද්ධාධිකරණයේ තීරණය පරිදි 1848 අගෝස්‌තු 26 වැනි දින වෙඩි තැබීමෙන් කඩහපොළ හිමියන්ගේ ජීවිතය උන්වහන්සේට අහිමි වුණත්, ඒ පාපතර ක්‍රියාවේ දෝංකාරය එතැනින් අවසාන නොවීය. මේ ඝාතනය නිසා බොහෝ දුරට කලකිරීමට පත් වූ මහනුවර සිවිල් නීතිඥයෝ එංගලන්තයට කරුණු ලියා යෑවිය යුතු යෑයි තීරණය කළහ. පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේගේ කූටෝපාය ගැන සියලු විස්‌තර සොයාගත් මහනුවර ප්‍රසිද්ධ නීතිඥයකු වූ ඡේ. ඒ. දුනුවිල මහතා සන්දේශයක්‌ පිළියෙල කෙළේය. එය එංගලන්තයේ රාජ්‍ය භාර ලේකම්වරයා වෙත යවන ලදී. එහි පිටපතක්‌ රාජකීය කොමිෂන් සභා වාර්තාවට ද ඇතුළත් කරන ලදී. ඡේ. ඒ. දුනුවිල නීතිඥ මහතා විසින් ලියා යවන ලද සන්දේශය ටොරින්ටන් සාමිවරයාගේ රහස්‌ ලිපි තුළ තිබී හමු විය. එහි මෙසේ සඳහන් වී තිබිණි.
"ගොන්ගාලේගොඩ බණ්‌ඩා අල්ලා දෙන්නකුට ඉංගී්‍රසි රජයෙන් පිරිනැමෙන තාන්න මාන්න පිළිබඳ පොරොන්දුවක්‌ මහනුවර දිසාපති විසින් සිංහලේ කෝරාළවරුන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරවූ බැව් මම දනිමි. දුම්බර රටේ මහත්වරුන් වන මඩුගල්ලේත් හල්පේත් නිලයෙන් පහ කිරීමෙන් පසුව එම පුරප්පාඩු දෙක ඉල්ලමින් පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේත් ඔහුගේ පුතාත් මහනුවර දිසාපතිවරයා හමු වූ දිනය ද මම දනිමි. එදින ඔවුන් සමග එහි පැමිණියෙකුගේ ප්‍රකාශයක්‌ ද දැන් මා වෙත තිබේ. පල්ලමේ කුඹුරේ නිලමේත් මහනුවර දිසාපතිවරයාත්, මහනුවර සේනාධිනායක ඩ්රාප්ට්‌ වෙත ගොස්‌ වූ පොරොන්දුව ගැන ද විමසිලිමත් විය යුතුය.
දිසාපතිවරයා ඉදිරියේ වූ පොරොන්දුවෙන් පසුව ආපහු ගෙදර ගිය පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේ කළේ ගොන්ගාලේගොඩ බණ්‌ඩා ගැන තොරතුරු සෙවීමයි. එහෙත් එබඳු තොරතුරක්‌ ඔහුට ලබාගත නොහැකි විය. ඒ වෙනුවට වෙනත් ක්‍රමයක්‌ ඔහු කල්පනා කෙළේය. කාහල්ල කඳුකරයේ ගල් ලෙනක විසූ භික්‍ෂුන් වහන්සේ නමක්‌ ගැන අසා දැනගත් පල්ලමේ කුඹුරේ බස්‌නායක නිලමේ අලුත්ම කුමන්ත්‍රණයක්‌ ගැන කල්පනා කෙළේය. ඒ අනුව කාහල්ල කන්දට පණිවුඩයක්‌ යෑවූ පල්ලමේ කුඹුරේ නිළමේ එම භික්‍ෂුන් වහන්සේ සිය නිවෙසට කැඳවා ගත්තේය."
"භික්‍ෂුන් වහන්සේ එදා පල්ලමේ කුඹුරේ නිලමේගේ ගෙදරට එන විට සවස්‌ වී තිබුණි. ගෙයි ආසනයක්‌ පනවා එතුමාට එහි වැඩ හිඳීමට සැලැස්‌වූ පල්ලමේ කුඹුරේ නිලමේ සිය පුතාත් එහි කැඳවා ගත්තේ ය. වීදියේවැල්ලේ විදානේ නොහොත් බූටාවත්තේ කංකානමත් එහි පැමිණියේය. මේ තුන් දෙනා ම බණ පොතක්‌ ගෙන්වා ඒ මත අත් තබා රහස්‌ රැකීමේ දිවුරුමක්‌ ගත්හ. මේ සියල්ලම පුදුමයෙන් බලා සිටි භික්‍ෂුන් වහන්සේ ඒ පිළිබඳ තොරතුරු විචාළහ."
"අපිත් සිංහලේ රජු හා සමග එක්‌ වීමට කැමැත්තෙන් සිටිමු. සිංහලේ රජතුමා සැඟවී සිටින තැන ඔබතුමන්ගෙන් දැනගැනීමට අපි ඔබතුමා මෙහි කැඳවා ගත්තෙමු."යි පල්ලමේ කුඹුරේ නිලමේ කියා සිටියේ ය. මේ ඉල්ලීම ඇසූ භික්‍ෂුන් වහන්සේ පුදුමයට පත් වූහ. සිංහලේ රජු පිළිබඳ කිසි තොරතුරක්‌ දැන් තමා නොදන්නා බැව් එතුමෝ ප්‍රකාශ කළහ. එහෙත් පල්ලමේ කුඹුරේ එයින් සතුටට පත් නොවූයේය. යළිත් යළිත් එම ඉල්ලීම කරමින් කන්නලව් කිරීමට පටන් ගත්තේය. මඳක්‌ කල්පනාකාරීව සිටි භීක්‍ෂුන් වහන්සේ සිනාසුනහ. "එහෙනම් ඔන්න අහගන්නැ"යි එතුමෝ කතාව පටන් ගත්හ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ බලතල ලබා සිටින ශ්‍රේෂ්ඨතම රජතුමා දැන් කොළඹ කොටුවේ විශාල මැඳුරක ඉතා සුවයෙන් පසුවන්නේ යෑ"යි භික්‍ෂුන් වහන්සේ ඉතා දිග කතාවක්‌ කියන්නට පටන් ගත්හ. මේ කතාවෙන් එතුමා විසින් හඳුන්වා දෙනු ලැබූයේ ටොරිංටන් සාමිවරයා මිස අන් කිසිවකු නො වේ. පල්ලමේ කුඹුරේ නිලමේට එය හොඳටම ප්‍රමාණවත් විය."
"පසුවදා මහනුවරින් සේනාවක්‌ ගෙන ගොස්‌ කාහල්ලේ ගල් ලෙනක්‌ තුළදී සිර භාරයට ගනු ලැබුවේ මේ ඉහතින් දැක්‌වුණු භික්‍ෂුන් වහන්සේයි. යුද්ධාධිකරණය ඉදිරියේ සාක්‍ෂි දුන් පල්ලමේ කුඹුරේ නිලමේත් ඔහුගේ පුතාගේ සහ වීදියවැල්ලේ විදානේගේත් සාක්‍ෂීවලට මම පරීක්‍ෂාවෙන් ඇහුම්කන් දුන්නෙමි. ඔවුන්ගේ ඒ සාක්‍ෂි සියල්ලම සිතා මතා කියන ලද අමූලික බොරු බැව් මම ස්‌ථිරව ම කියමි. ඒ භික්‍ෂුන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බැව් මම දිවුරා කියන්නෙමි. එය ඔප්පු කිරීමට මා ළඟ සක්‍ෂි තිබේ. ඒ භික්‍ෂූන් වහන්සේ මරා දැමීම සම්පූර්ණම මිනිස්‌ ඝාතනයක්‌ බැව් දෙවියන්ගේ නාමයෙන් මම කියන්නෙමි. දෙවියන්ගේ රැකවරණය මට ලැබෙත්වා
මෙයට ඔබගේ යටහත් වැසි ඡේ. ඒ. දුනුවිල
මෙරට සිවිල් සේවයේ යෙදී සිටි ක්‍රිස්‌ටෝපර් විලියම් සහ ඒ. ඇම්. පර්ගියුසන්
උමංග බණ්ඩාර 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.