ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 6, 2015

කොහොමද ....රවීීන්ඳ්‍රන් කරුපයියා ගේ ටිකිරි මොළේ ....!!!

බ්ලූමැන්ඩල් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය සිත්ති නසීමා මහත්මියගේ පවුලේ සාමාජිකයන්ට නිවසක් පරිත්‍යාග කිරීම රවීීන්ඳ්‍රන් කරුපයියා අතින් (05) සිදු කෙරුණා. ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ නිවසක් ඔවුන් වෙත පරිත්‍යාග කෙරුණා.මේ නිවාසය මේ කරුපයියා දී ඇත්තේ උගේ අතින් මෙනී.නමුත් ඊට මේ කපටියාට තමුන්ගෙන් සතපහක් හෝ වැය නොවීය.
දුගී දුප්පත් ජනතාවට ලැබෙන සහන ගැනල වරප්‍රසාද ගැන යළිත් අවස්ථාවාදී දේශපාලනඥයන් සිය කතා බහ ආරම්භ කර තිබේ. මැතිවරණ වේදීකාවේ ඔවුන් බෙරිහන් දෙන්නේ මේ දුප්පතුන්ගේ ඡන්ද ඩැහැගැනීමට ම පමණක් බව බොහෝ දෙනා දනිති,
බ්ලූමැන්ඩල්ල කිඹුලා ඇළ ප්‍රදේශයේ පදිංචිව උන් සිත්ති නසීමා ඇතුළු ජනතාවට මේ දුප්පතුන්ට ලැබෙන බව කියූ සහන කිසිවක් ලැබුණේ නැත. ගුවන්තොටුපොළ ඉදි වෙද්දීල වරාය පුළුල් වෙද්දීල පාරවල්වල තාර ඇතිරෙදිදී නසීමලාගේ ජීවිත දෙස බලන්නට කිසිවකුත් සිටියේ නැත. ඔවුන්ට ඒ ගැන කියා ගන්නට කිසිවකු සිටියේ නැත.
නසීමාගේ ජීවිතයේ සිහිනය වූයේ නිවසකි. සංවර්ධන ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරමින්ල රූපවාහිනී සංවාදවල කතා කළ ඊනියා වියතුන් සිතුවේ පාරවල් හැදීම සංවර්ධනයට තවත් නමක් බවයි. ඒ සංවර්ධනයේ නිර්ණායකයන්ට නසීමලාව හසුවූයේ නැත.

නසීමලා දකිමින් සිටි නපුරු සිහිනය නිමවූයේ පසුගිය ජනවාරි 9 දා අලුයම ය. ඒ නවමු බලාපොරොත්තුවක් ඔවුන්ගේ සිත් තුළ මෝදු කරමිනි. ඉදිරි මහ මැතිවරණයල ඒ බලාපොරොත්තු යථාර්ථ බවට පත් කරනු ඇති නසීමලා දැන් උන්හ. පසුගිය අවුරුදු ගණනාවක කාලය තුළ විපක්ෂයේ සිටිය ද තමන් තනි නොකළ රවී කරුණානායක මන්ත්‍රීවරයා තම සිහින කවදා හෝ සැබෑ කරනු ඇතැයි නසීමා ඇදහුවා යග ඒ නිසා ම ඇය කෙසේ හෝ තම සිහින සැබෑ කර ගන්නා ජයග්‍රහණයේ හිනිපෙත්තට ම ගෙන ඒමට තමන්ට කළ හැකි සියල්ල ඉටු කළා ය. ඒ අනුව මුළු රට ම නව අපේක්ෂාවන් දල්වාගෙන සිටිද්දී නසීමා ද තමන් අදහන දේශපාලනය වෙනුවෙන් පෙරට ආවේ සිහින යථාර්ථයක් බවට පත් කර ගැනීමේ අපේක්ෂාවෙනි. එහෙත් දෛවය නසීමාට ඊට ඉඩ තැබු‍වේ නැතග ඇය ඒ වෙඩි උණ්ඩයට ගොදුරු වුණේ දරුවන් තුන් දෙනකු මේ ලෝකයේ තනි කර දමා ය.
වැඩිමහලු පිරිමි දරුවා වන මොහොමඩ් සබ්රිත්(17), ෆාතිමා සහීනා(12) සේ ම ෆාතිමා සෆීයා (6) දරු තිදෙනා ම මව නොමැති සාංකාවෙන් පෙළෙමින් සිටිති. පර්චස් දෙක හමාරක ඉදි කළ නිවසේ බිත්ති හතර මැද නසීමා ඇතුළු 19 දෙනෙක් දිවි ගෙවූහග නසීමාට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ වරද නම් ඉදිරි මහ මැතිවරණයේ දී තමන් අදහන දේශපාලන පක්ෂයක් බලයට පත් කර ගැනීම සඳහා පෙනී සිටීම පමණි.


රවීීන්ඳ්‍රන් කරුපයියා  ඇමැතිවරයාට නසීමා දිවි ගෙවූ සැටි අදහා ගන්නට බැරි තරම් විය. මව අහිමි දරුවන්ට සතියකින් දෙන්නට පොරොන්දු වූ නිවස දින හයක් ඇතුළත ලබා දෙන්නට අමාත්‍යවරයා කටයුතු කළේ ය. ඒ ඡන්දයක් නිසා නොව උතුරා ගිය මනුස්සකමේ ප්‍රතිඵලයක් ලෙස ය.

නසීමාගේ සිහිනය වූ ඒ නිවස (05) ඔවුන් වෙත පරිත්‍යාග කෙරිණි. ෆර්ගියුසන් පාර මුවදොර උයන නිවාස ව්‍යාපෘතියේ බිම් මහලේ නිවසක් නසීමාගේ පවුලේ අය වෙනුවෙන් පරිත්‍යාග කිරීම රවීීන්ඳ්‍රන් කරුපයියාගේ අතින් සිදු කෙරිණිග රුපියල් ලක්ෂ 75ක වටිනා මෙම නිවස පමණක් නොව රල ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ මෙන් මල මුළුතැන්ගෙයි උපකරණ පවා ඔවුන් වෙත ලබා දුන්හ. අද සිට මේ දරු පැටවුන්ට ඔවුන්ගේ ම නිවසක් හිමිය. ඒ සිය අම්මා වසර ගණනක් දුටු සිහිනය සැබෑ කරමිනි. එහෙත් වසර ගණනක් දුටු සිහිනය සැබෑ වෙද්දී නසීමා නිකම ගොස් අවසන් ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.