ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, August 20, 2015

චිත්‍රපටය 'ගොන්පාට්‌' ඇමතිතුමා 'රජපාට්‌'තිර කතාව 'ජිල්මාට්‌'

අමුතුම මාදිලියේ චිත්‍රපටයක්‌ රූපගත කරමින් තිබෙන බවට තොරතුරක්‌ "දිවයින" කාර්යාලයට. පසුගිය දවසක දැනගන්නට ලැබුණේය. මේ අමුතුම චිත්‍රපටයේ රූපගත කිරීම් කෙරෙන ආකාරයත් එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන නළුවා පිළිබඳවත් පුවත්පතට ලිපියක්‌ සකස්‌ කිරීම අවශ්‍ය විය.ඒ අනුව  මාධ්‍යවේදියකු සහ ඡායාරූප ශිල්පියකු මේ අමුතු චිත්‍රපටය රූගත කෙරෙන ස්‌ථානය වෙත යන්නේ දැඩි කුතුහලයකින් යුතුවය.
මාධ්‍යවේදීන් අදාළ ස්‌ථානය වෙත යනවිටත් එහි රූගත කිරීම් ආරම්භ කර තිබුණේය. ඒ වන විට දර්ශන තලයේ රූගත කෙරෙමින් තිබුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන දැවැන්ත උද්ඝෝෂණයක දසුන්ය.

මෙම උද්ඝෝෂණය සඳහා ප්‍රදේශයේ ස්‌වාමීන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයන් මෙන්ම ගම්වාසීන් විශාල පිරිසක්‌ද එක්‌ව සිටියහ. විවිධ සටන් පාඨ ලියූ පුවරු ඔසවාගත් පිරිස දැඩි ආවේගයෙන් කෑගසමින් සිටියහ.

මාධ්‍යවේදියා සහ කැමරා ශිල්පියා චිත්‍රපටයේ දර්ශන තලය වෙත කිට්‌ටු වුණේ එහි සිදුවන්නේ කුමක්‌දැයි පරීක්‍ෂා කිරීමේ බලාපොරොත්තුවෙන්ය.

"ගණිකා මඩම් අපේ ගමට එපා.....

360 හෝටලේ වසා දමනු....

ගමේ කොල්ලො විනාශයි.....

බේබද්දන්ගෙන් ගම බේරාගමු.....

යනුවෙන් විවිධ සටන් පාඨ ලියූ පුවරු ඔසවාගෙන සිටි පිරිස ගම දෙවනත් වන්නට කෑගසන්නට වූහ. මාධ්‍යවේදියා චිත්‍රපටයේ තිරයෙන් පිටුපස සිටින කාර්මික ශිල්පියකු වෙත කිට්‌ටු වුණේය.

මොකක්‌ද මෙතන අද රූපගත කෙරෙන්නෙ. කෝ µsල්ම් එකේ ප්‍රධාන නළුවා... මාධ්‍යවේදියා එහි සිටි කාර්මික ශිල්පියාගෙන් විමසුවේය.

මේ චිත්‍රපටයේ නම "ගොන්පාට්‌"

මේකෙ කතා සාරාංශය වෙලා තියෙන්නෙ ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන හෝටලයක්‌ වහලා දාන්න සටන් කරන දේශපාලනඥයෙක්‌ සහ ගම්වාසීන් පිරිසක්‌ ගැනයිs. චිත්‍රපටයේ හොඳ හොඳ සීන්ස්‌ ඉස්‌සරහට ෂූට්‌ කරනවා.....

කාර්මික ශිල්පියා කීවේය. මාධ්‍යවේදියා රූපගත කිරීම් දෙස තම තියුණු දැස්‌ යොමාගෙන බලා සිටියේය.

ඒ වන විට රූපගත කිරීම් ජයටම සිදුවෙමින් තිබිණි. චිත්‍රපට කතාවේ එන උද්ඝෝෂණය පාලනය කිරීමට පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ද පැමිණ සිටියහ. උද්ඝෝෂණය පාලනය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ වුණේ නැත. ඔවුන් පොලිසියටද චෝදනා කළේ හෝටලය පවත්වාගෙන යැමට සහය දෙන බව කියමින්ය.

චිත්‍රපටයේ ප්‍රධාන නළුවා දර්ශන තලයට ප්‍රවිෂ්ටවන්නේ මේ අතරතුරදීය. ඩිපෙන්ඩර් රථ පෙළක්‌ පිරිවරාගත් ප්‍රධාන නළුවාගේ භූමිකාවට පණ පොවන දේශපාලනඥයා රූපගත කිරීම් කෙරෙන ස්‌ථානය වෙත පාත් වුණේය.

මාධ්‍යවේදියාද තරමක්‌ කලබල වී සිටියේය. ඔහු දැඩි පරීක්‍ෂාවෙන් ජීප් රථය දෙස බැලුවේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන්නේ කව්දැයි යන්න සැකහැර ගැනීමටය. අඳුරු වීදුරු යොදා තිබූ ජිප් රථයේ සිටි නළුවා කව්දැයි පැහැදිලි නැත.

කවුද මේ... ගාමිණී  ෆොන්සේකාවත්ද, ඒත් එහෙම වෙන්නෙ කොහොමද? එතුමා අභාවප්‍රාප්ත වුණේ මීට අවුරුදු කීපයකට උඩදිනෙ. කවුරු වුණත් මෙයා සිනමාවෙ පතාක යෝධයෙක්‌ වෙන්න ඕන....මාධ්‍යවේදියා තනිවම සිතන්නට වුණේය.

චිත්‍රපටයේ දේශපාලනඥයාගේ චරිතයට පණ පොවන ප්‍රධාන නළුවා ඩිපෙන්ඩර් රථයේ ඉදිරිපස අසුනේ අඳුරු වීදුරුව පහත හෙලුවේය.

රැස්‌ව සිටි පිරිස ඔල්වරසන් හඬ නගන්නට වූහ.

ඇමැතිතුමාට ජය වේවා... ඇමැතිතුමාට ජයවේවා... ඒ හඬ මහා ඝෝෂාවක්‌ බවට පත්වුණේය.

ඇමැති නළුවා ජීප් රථය ඉදිරිපස අසුනේ සිට සොසේඡ් බන් එකක්‌ ගිලිමින් සිටියි.

මේ දර්ශන පෙළ දකිද්දී මාධ්‍යවේදියාගේ සිතට නැගුනේ දකුණු ඉන්දියාවේ දිගහැරෙන කසිකබල් දෙමළ චිත්‍රපටවල ජවනිකාවන්ය.

ඒ චිත්‍රපටවල බොහෝ විට දකින්නට ලැබෙන්නේ මදාවි දේශපාලනඥයන්ය. උන් හුඟක්‌ අහිංසක මිනිසුන් තලාපෙළා, පාගා වීරයන් බවට පත්වන චරිත ඒ චිත්‍රපටවල බහුලව දකින්නට ලැබෙන්නේය.

මේ චිත්‍රපටයේ දේශපාලනඥයාගේ චරිතයට පණ පොවන නළුවා මීට පෙර චිත්‍රපටවල දැක නැති බව මාධ්‍යවේදියා හඳුනා ගත්තේය. ඔහු නිතරම රූපවාහිනි වැඩසටහන්වල පෙනී සිටින ජනප්‍රිය රූපවාහිනි නළුවකු බව හඳුනාගන්නට මාධ්‍යවේදියාට අපහසු වුණේ නැත.

බනිස්‌ ගිලිමින් ප්‍රධාන නළුවා ජීප් රථයෙන් බැස ගත්තේය. ඔහු උද්ඝෝෂණයේ යෙදෙමින් සිටි ස්‌වාමීන් වහන්සේලා අතරට ආවේය.

කන්න බොන්නවත් වේලාවක්‌ නැහැ අපේ හාමුදුරුවනේ.. ඒ තරමට මහජන සේවය.. දැන් මොකක්‌ද මෙතන වෙලා තියෙන්නේ... මගේ වැයික්‌කියේ මොනව හරි වෙනවනම් මම ඒක දැනගන්න ඕනෙ....

ප්‍රධාන නළුවා බෙරිහන් දුන්නේය... මේ නළුවා වෙනදා පැළඳ සිටින තද කළුපැහැති අව් කණ්‌ණාඩිය එදා තිබුණේ නැත. සුදුවතින් නිතර සැරසී සිටින මේ නළුවාට ඕනෑම ජල්තරස්‌ වැඩක්‌ කිරීමට හැකියාව තිබුණේය.

සිය ගෝලබාලයන්ද පිරිවරාගත් නළුවා උද්ඝෝෂකයන් අතරට ආවේ මහා උජාරුවෙන්ය.

චිත්‍රපටයේ රූගත කිරීම් එක දිගටම සිදුවෙයි. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රධාන නළුවාට අවශ්‍ය අන්දමින් චිත්‍රපටයේ රූගත කිරීම් නොනවත්වාම සිදුකිරීමය.

ඇමැතිතුමා මේ හෝටලේ නිසා අපේ ගම විනාශ වෙලා. මේක ගණිකා මඩමක්‌, නන්නත්තාරෙ යන ජෝඩු මෙතනට එනවා. අපේ ළමයි හදාගන්න බැහැ. අපි හෝටලේ වහන්න පාරට බැස්‌සෙ ඒකයි.

උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිස අතර සිටි නවක නළුවකු ප්‍රධාන නළුවාට කීවේය. ප්‍රධාන නළුවා දැඩි කෝපයට පත් වූවකුගේ මුහුණ මවා ගත්තේය. මහජනතාවගේ කැමැත්ත මගේ කැමැත්ත. මිනිස්‌සු කැමති නැත්නම් මේවගේ හෝටලයක්‌ තියනවට මම ඒක වහලා දානවා. මම දකුණෙන් ආව මිනිහෙක්‌... මගේ වචන දෙකක්‌ නැහැ. මුළු හෝටලේම බිමට සමතලා කරලා දානවා...

ඇමැති නළුවා මහා වීරයකු මෙන් කෑ ගසන්න වුණේය. උද්ඝෝෂකයන්ගේ සතුට දොaරෙගලා යන්නට විය. ඔවුන් ප්‍රීතිඝෝෂා පවත්වමින් තම සතුට පිට කරන්නට වූහ.

හාමුදුරුවනේ මම ලොකු වැඩකට යන ගමන් මෙතනට ආවෙ. හෙට දවල් 12.00 ට මම පන්සලට එනවා. අපි හෝටලේ වහල දාමු. ඒක වහන එක මට කඡ්ජක්‌ නොවෙයි.

ඇමැති නළුවා ස්‌වාමීන් වහන්සේලාට වැඳ නමස්‌කාර කර එතැනින් පිටවුණේ පසුදා පැමිණෙන පොරොන්දුව මතය.

චිත්‍රපටයේ එදිනට යෙදී තිබූ රූගත කිරීම් නතර කරන්නට අධ්‍යක්‍ෂවරුන් තීරණය කළහ. පසුදා දහවල් විහාරස්‌ථානයේදී රූපගත කිරීම් සඳහා දින නියම කෙරිණි. පසුගිය කාලයේ රටේ ඉමහත් ජනප්‍රියත්වයක්‌ ලැබූ පාර්ලිමන්ට්‌ ජෝක්‌ස්‌ චිත්‍රපටය මාධ්‍යවේදියාගේ සිහියට ආවේය. ගොන්පාට්‌ Film එක පාර්ලිමන්ට්‌ ජෝක්‌ස්‌ Film එකටත් වැඩිය ජනප්‍රිය වෙයි. ඔහු තනිවම සිතුවේය. චිත්‍රපට කථාවේ හැටියට එහි ප්‍රධාන චරිතය වූ දේශපාලනඥයා මහා දඩබ්බරයෙකි. තමන්ට අවශ්‍ය දේ හොඳින් හෝ නරකින් ලබාගැනීම ඔහුගේ සිරිතකි.

චිත්‍රපට කතාවට අනුව මේ ඇමැතිවරයා සමග සිටින ගෝලබාලයන් අතර පාතාල සාමාජිකයන් කප්පම්කාරයන්, කුඩ්ඩන්, සල්ලාලයන්, මැරයන් බහුල බවද කියති.

උන් එකෙකුටවත් මොලයක්‌ නැහැ. ඇත්තේ කඳ සහ බඩ පමණයි. ඇමැති නළුවා කියන්නේ කුමක්‌ද එය ඉමහත් උඩින් කරදීමට මේ ගෝලබාලයන් සැදී පැහැදී සිටිති.

මාධ්‍යවේදියා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා මුණගැසුණේ ප්‍රධාන නළුවාගේ චරිතය පිළිබඳ තවත් විස්‌තර ලබා ගැනීම සඳහාය.

මේ චරිතය ටිකක්‌ සුවිශේෂී එකක්‌ බව පේනවා. මාධ්‍යවේදියාගේ පැනයට අධ්‍යක්‍ෂවරයා පිළිතුරු දුන්නේ බොහෝ බැරෑරුම් ආකාරයටය.

මේ චිත්‍රපට කතාවට අනුව ප්‍රධාන නළුවාගේ භූමිකාව බොහොම සියුම්ව ගොඩනඟන්න ඕනෙ.

මේ චිත්‍රපටයෙන් කියෑවෙන දේශපාලනඥයා කාලයක්‌ රටේ ජනප්‍රිය ප්‍රබල කෙනෙක්‌ වෙලා හිටියා. ඒත් එයාගේ චර්යාවන් නිසා ඒ බලය ජනප්‍රියත්වය ටිකෙන් ටික නැතිවෙලා ගියා.

දේශපාලනඥයාගේ පුතණ්‌ඩියත් තාත්තට දෙවැනි නැහැ. මිනිහා තාත්තාට වැඩිය දඩබ්බරයි. නයිට්‌ ක්‌ලබ්වලට යන එක තමයි මේ පුතණ්‌ඩියාගේ විනෝදාංශය, කොහේ හරි ගියොත් මිනිහා ලෙඩක්‌ දාගන්නවා.

පසුගිය දවසක මිනිහා කොළඹ පැත්තෙ නයිට්‌ ක්‌ලබ් එකකදී සුද්දියෙක්‌ උස්‌සගෙන යන්න ගිහින් ලෙඩක්‌ දාගත්තා. අන්තිමේදී මිනිහා හිරේ ගියා.

මේ පුතණ්‌ඩියත් චිත්‍රපටියෙ ප්‍රධාන පෙළේ සහාය නළුවකුගෙ චරිතය රඟපානවා.

පුතා හිරේ ගිය එකට දේශපාලනඥයා ලොකු කලකිරීමකින් ඉන්නෙ. බලය ගහලා ගිය එකයි ජනප්‍රියත්වය ටිකෙන් ටික අඩුවෙන එකයි නතර කර ගන්න එයා නොයෙකුත් උපක්‍රම අනුගමනය කරනවා.

ඒ දේවල් තමයි මේ චිත්‍රපටය පුරාවට දිගහැරෙන්නේ. මම හිතනවා මේ චිත්‍රපටය ආදායම් වාර්තා තියයි කියලා.

චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා මාධ්‍යවේදියා සමග කියාගෙන ගියේ ප්‍රධාන නළුවාගේ භූමිකාව පිළිබඳ විස්‌තරයන්ය.

අපි හෙටත් එනවා ෂූටින් බලන්න. මේක හරිම ආදර්ශමත් චිත්‍රපටයක්‌ වේවි.

චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාගෙන් සමුගත් මාධ්‍යවේදියා ආපසු කාර්යාලය වෙත ගියේ පසුදින නොවරදවාම රූපගත කිරීම් නැරඹීමට එන බව කියමින්ය.

චිත්‍රපට කථාවේ භූමියට ඇමැතිවරයා පසුදින විහාරස්‌ථානය වෙත එන්නේ නැත. එදින ගම්වාසීන් විහාරස්‌ථානය වෙත රැස්‌ව සිට හිස්‌ අතින් ආපසු යන්නේ ඇමැතිවරයාට දෙස්‌ දෙවොල් තබමින්ය.

එහෙත් ඊට පසුදින දහවල් ඇමැතිවරයා පන්සල වෙත ආවේය. චිත්‍රපටයේ වැදගත් දර්ශන රැසක්‌ම එදින රූපගත කිරීමට නිsයමිතව තිබුණේය.

මාධ්‍යවේදියාද සිය ඡායාරූප ශිල්පියා ද සමග රූපගත කිරීම් නැරඹීමට පැමිණියේය. ඔවුන් විහාරස්‌ථානය වෙත එන විටත් රූපගත කිරීම් ආරම්භ කර තිsබිණි.

ඇමැතිවරයාගේ චරිතයට පණ පොවන නළුවා සිය රංගන කුසලතාවන් පෙන්වමින් විහාරස්‌ථානය දෙවනත් කරමින් සිටියේය.

මට ඡන්දෙ දුන්න මිනිස්‌සු මේ ගම්වල ඉන්නෙ. ඒ අයට කරදරයක්‌ වෙනවනම් මට වුණා වගේ තමයි. මම හොඳින් හරි නරකින් මේ හෝටලය වහනවා.

රැස්‌ව සිටි පිරිස ජයඝෝෂා නගන්නට වූහ. ඇමැති නළුවා සිය ගෝලබාලයන් පිරිවරාගෙන විහාරස්‌ථානයට නුදුරින් තිබූ හෝටලය වෙත ගියේ අවසන් සටනට යන රණකාමියකු ලෙසය. චිත්‍රපටයේ කැමරා ශිල්පීන්ද තම කැමරා ආම්පන්න ඔසවාගෙන ඔහු පසුපස දුවන්නට වූහ.

ගාමිණී ෆොන්සේකාගේ රංගන ශෛලිය අනුගමනය කළ මේ නළුවා සරම එක්‌ පසකින් දණහිස දක්‌වා ඔසවාගෙන හෝටලයට කඩා පැන්නේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.