ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 15, 2015

එල්ටීටීඊයට හෙරොයින් ඇදපු ජාතිදෝහියා....

කරවල බෑගයකට ඉබි යතුරු දමා රැගෙන යනවා කිව්වොත් ඔබ අපට සම්ච්චලයට හිනාවනු ඇත. යුද හමුදාවේ කෝප්‍රල්වරයකුටත් මෙවැනි සිනහවක්‌ පහළ වූයේ 2006 වර්ෂයේ ජුනි 14 දිනයේදීය.
මේ කෝප්‍රල්වරයාගේ ප්‍රධානියකුවූ යුද හමුදා මේජර්වරයකු පේසාලේ ප්‍රදේශයට යායුතු යෑයි කියමින් කෝප්‍රල් සමඟ යතුරු පැදියකින් ගියේය. එවකට සාමාන්‍ය යුධ හමුදා සෙබලුන්ට පේසාලේ ප්‍රදේශයට යැමට අවසර තිබුණේ නැත. නමුත් කෝප්‍රල්වරයාට ඒ අවස්‌ථාව ලැබුණේ තම යතුරුපැදියෙන් මේජර් කෙනෙකු ගමන් කරන නිසාය. මේජර් හා කෝප්‍රල් පේසාලයට ආසන්නයේ පා පැදියකින් පැමිණි සාමාන්‍ය වැසියකු හමුවිය.

"කෝප්‍රල් ටිකක්‌ ඔහොම ඉන්න මම මේ මනුෂ්‍යයත් එක්‌ක උගේ ගෙදරට ගිහිල්ල එන්නම්" මේජර් එහෙම කියල සාමාන්‍ය වැසියා සමඟ ඔහුගේ නිවසට ගියේය. සැණෙකින් මේජර් ආපසු ආවේ ටිකක්‌ විශාල බෑගයක්‌ද කරේ දමාගෙනය.


"කෝප්‍රල් දැන් හරි ඉක්‌මණට යමු. වේලපු කරවල ටිකක්‌ හම්බ උනා" යෑයි කියමින් මේජර් කෝප්‍රල්ගේ යතුරු පැදියට නැග්ගේය. ඔවුන් දෙදෙනා යතුරු පැදියෙන් ආපසු එන ගමන් මේජර්ගෙන් කෝප්‍රල්ට තවත් නිල නොවන නියෝගයක්‌ ලැබුණි.

"කෝප්‍රල් ඉක්‌මණට යමු. මැඩම් හම්බවෙන්න මම කොළඹ යන්න ඕනේ" යෑයි මේජර් යතුරු පැදියේ යන ගමන් නියෝග ස්‌වරයෙන් සඳහන් කළේය.

මේජර්වරයාගේ නිල නොවන නියෝගයට අවනත වූ කෝප්‍රල්වරයා යතුරුපැදියේ වේගය මඳක්‌ වැඩි කළේය. ඒත් ඔවුන්ට පැමිණිය හැකිවූයේ තවත් ටික දුරක්‌ පමණි.

යතුරුපැදියේ එක්‌ ටයරයක හුළං ගියේය. ඔවුන්ට එය හදාගන්න ටිකක්‌ වෙලා ගතවිය. ඒ අතරතුර මේජර්වරයා ඔහුගේ කරමත තිබූ බෑගය බිම තබා ටිකක්‌ එහාට මෙහාට විය. ඒ අතරේ කෝප්‍රල්වරයා කරවල බෑගය "ඔබා" බලන්නට විය. එහෙත් කරවල බෑගය ඉබි යතුරු දමා ආරක්‌ෂා කර තිබුණි. කෝප්‍රල්වරයාට "කරවල" බෑගය ගැන සැක සිතුනි. ඔහු හීන් සීරුවේම මේජර්ගේ කරවල බෑගය ගැන යුද හමුදා මූලස්‌ථානයට දැන්වීය. හමුදා මූලස්‌ථානය මුරුක්‌කන් පොලිසිය අමතා එවකට එහි ස්‌ථානාධිපතිව සිටි උපුල් සෙනෙවිරත්නට සිද්ධිය ගැන දන්වමින් කළයුතු දේ ගැන උපදෙස්‌ද දුන්නේය.

එතැන් සිට මේජර් ගැන පොලිස්‌ ඇස්‌ යොමුවිය. ජුනි 14 දා පොලිසියට ඇමතුමක්‌ ලැබුණි. සැක කටයුතු මේජර් ගැන එයින් කියෑවිණි. වහා ක්‍රියාත්මක වී පරායානකුලම් පොලිස්‌ මුරපොළේදී මේජර් පැමිණි බස්‌ රිය සෝදිසි කළ පොලිසිය මේජර් බඩුත් සමඟ අත්අඩංගුවට ගත්තේය.

පේසාලෙන් ඉබි යතුරු දමාගෙන රැගෙන ආ කරවල හෙරොයින් වී ඇති බව පොලිසියට අවබෝධ වූයේ බෑගය පරීක්‍ෂා කිරීමේදීය. කිලෝ ග්‍රෑම් එක බැගින් වූ පාර්සල් 15 ක හොරොයින් කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 220 ක්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලදී තහවුරු කර ගැනිණි. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය රජයේ රස පරීක්‍ෂක වෙත යොමු කිරීමෙන් පසු මේජර් ළඟ තිබී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 14 ග්‍රෑම් 220 තුළ ඇති හෙරොයින් වල ශුද්ධ බර කිලෝග්‍රෑම් 5. ග්‍රෑම් 919 ක්‌ බව තහවුරු කර තිබිණි. මේජර්ට විරුද්ධව කොළඹ මහාධිකරණයේ නඩු පැවරිණි. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශනිල් කුලරත්න මහතා පැමිණිල්ල මෙහෙයවමින් කොමිෂන් ලත් යුධ හමුදා මේජර්වරයකු වූ විත්තිකරු කර ඇත්තේ සමස්‌ථ හමුදාවටම අපකීර්තියක්‌ හා අවනම්බුවක්‌ ඇති කරවන දේශදෝහී ක්‍රියාවක්‌ බව සඳහන් කළේය.

යුධ සමයේදී එල්. ටී. ටී. ඊ. යට මුදල් ලබා ගැනීම සඳහා හෙරොයින් ජාවාරම සිදුවූ බවට කෙරුණ චෝදනා හමුවේ අත්අඩංගුවට ගත් මේජර්වරයාද එවැන්නකට සම්බන්ධ බවට සැක මතුවන බවද නඩු විභාගයේදී කරුණු ඉදිරිපත් විය.

මෙම නඩු විභාගය දිගු කලක්‌ විභාග වීමෙන් පසු ඉකුත් සතියේ එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර විත්ති පක්‍ෂයේ කරුණු විමසීමේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා සඳහන් කළේ, තිදරු පියෙකු වන විත්තිකරු කෙරේ සානුකම්පිතව සලකා ලිහිල් දඬුවමක්‌ ලබා දෙන ලෙසය. ඔහු එසේ සඳහන් කළ යුතු නිසා එසේ කළද තම විත්තිකරුට එරෙහිව ඇති චෝදනා ඔප්පු වුවහොත් ලැබෙන දඬුවම ගැනද අවබෝධයෙන් ඉන්නට ඇත.

කෙසේ වුවද, කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය  විත්තිකරු බරපතළ වැඩසහිතව ජීවිතාන්තය දක්‌වා හිරේට නියම කළේය. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ "මේ විත්තිකරුට එරෙහිව ඇති චෝදනා සැකයෙන් තොරව ඔප්පු වී ඇති නිසා මරණ දඬුවම නියම කළ යුතු වුවත්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන අංශ අක්‍රීයව පවතින නිසා විත්තිකරුට ඉහත දඬුවම නියම කරන බව"ය.

චෝදනාවලට වරදකරු වී මෙම දඬුවම ලබා ගත්තේ තිදරු පියකු වූ ගාල්ල අම්පෙගම පදිංචි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවට සම්බන්ධව රාජකාරි කළ ඉංජිනේරු උපාධිධරයකු වූ කමල් ශාන්ත අම්පෙගම නම් වූ යුද හමුදාවේ හිටපු මේජර්වරයෙකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.