ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 1, 2015

පළිබෝධනාශක කොක්ටේල් සහ සුපිරි පළිබෝධකයෝ

මෙරට ‍ගොවිතැනට ඉසින පළිබෝධනාශකවලින් කොක්ටේල් (pesticide cocktails) සෑදීමේ කටයුත්තක් රටපුරා ජයට සිදු වෙමින් තිබේ. ඒවාට උපදෙස් දෙනු ලබමින් සිටින්නේ මේ මොහොතේත් අප රටේ මානව හිමිකම් වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන, සතියට දෙතුන් වතාවක් මෙහි ඇවිත් යන තක්කඩි බටහිරයන් ගේම බහුජාතික කොම්පැණිකාරයන් ගේ බැලයන් විසිනි.

එක් පළිබෝධ ගැටලුවක් සඳහා පළිබෝධනාශක මිලදී ගන්නට වස කඩවලට යන ගොවියාට, එකක් වෙනුවට දෙක තුනක් මිලදී ගැනීමේ වාසනාව ලැබේ. එ් අනුව ඔහුට උපදෙස් ලැබෙන්නේ, දෙතුන් වර්ගයක්, දෙතුන් පාරක් ඉසිනවාට වඩා, එක්වර, දෙතුන් වර්ගයක් මිශ්‍ර කර, ‍‍ගොවිතැනට ඉසින ලෙස ය. එය ලාභදායක බව ය.
සැබැවින්ම එයින් සිදු වන දීර්ඝකාලීන වාසිය යන්නේ රසායනික බෙහෙත් නිෂ්පාදනය කරන වස කොම්පැණිකාරයාට ය. දෙක තුනක් එක්වර මිශ්‍ර කර ඉසීමෙන් ඇති වන රසායනික ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස, එක් අවස්ථාවක මේ සියල්ලට ඔරොත්තු දෙන සුපිරි පළිබෝධකයකු (super pest) බිහි වෙයි. ඒ අනුව, සුපිරි පළිබෝධකයා නැසීමට එක්කෝ සාන්ද්‍රණය වැඩි කළ යුතු ය. නැත්නම් නව නිෂ්පාදනයක් වෙළෙඳපළට ගෙන්වා ගත යුතු ය.
අවසානයේ මේ සියලු වස ගිලිනු ලබන්නේ මිනිසුන් විසිනි. ඔවුන් නවතින්නේ එක්කෝ පිළිකා වාට්ටුවේ ය. නැත්නම් වකුගඩු වාට්‍ටුවේ ය. කනත්තේ ය.
මානව හිමිකම් පිළිබඳ ව කතා කරමින් ග්ලයිෆොසෙට් රටට නිදහස් කරන තක්කඩි මෙගා පොලිස්කාරයන් ගේ මානව භක්තිය මේ ආකාරයෙන් උතුරා යන්නේ ය. 'පුරවැසි බලය', 'අලුත් පරපුර' යනු මේ බටහිර ආක්‍රමණයට බැලකම් කරන තක්කඩියෝ ය. ඔවුන්ට මෙවැනි 'නිශ්ශබ්ද ඝාතන කලාප' (silent killing field) පිළිබඳ වගේ වගක් නැත.
ඒ තරමට රටට ආදරේ ය.
තක්කඩියනි, මෙරට කෘෂිකර්මාන්තයට ජහපාලනය කැඳවන්නේ කවදාද?
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.