ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 1, 2015

'අනේ බුදු රාළහාමි ගහන්න එපා මං හාවෙක් තමයි....!!!

ඌරා විදමන
අතීත කතාව -
පොලිස් ලොක්කෙක් ඈත පොලිස් ස්ථානයකට ගියේ ය. ටික වේලාවක් ගිමන් හළ ඔහු හැන්දෑවට සප්පායම් වීම සඳහා 'මොනවා හරි හොයන් එන' ලෙස පොලිස් පොඩ්ඩන් දෙදෙනෙකුට අණ කළේ ය. 'මොනව‍ා හරි' යන්න නො තේරුණු පොලිස් පොඩ්ඩන් දෙදෙනා එ් ගැන යළිත් ඔහු ගෙන් විමසූහ. 'ඔය හාවෙක් වගේ මොකෙක් හරි' යයි පොලිස් ලොක්කා කීවේ ය. කැලයට ගිය පොලිස් පොඩ්ඩන් දෙදෙනාට හාවකු දකින්නට නො ලැබිණි.

ඒ නිසා හාවා ම‍රා ගැනීමේ අදහස අත් හරින්නට ඔවුන්ට සිදුවිණි.
ආපසු එන අතරේ නරියකු දකින්නට ලැබිණි. එක් පොලිස් පොඩ්ඩකු එවිට කියා සිටියේ නරියා අල්ලා ගෙන, 'මං හාවෙක් තමයි' කියන තෙක් ඌට පහර දිය යුතු බවයි. පොලීසිය කිට්ටු වන විට නරියා මෙසේ කියමින් විලාප දෙන්නට වූයේ ය.

'අනේ බුදු රාළහාමි ගහන්න එපා මං හාවෙක් තමයි.'
අලුත් කතාව -
එක දිගට වෙහෙස මහන්සි වී සිටි ජනාධිපතිතුමා, ටික දවසක් ගිමන් හැරීම සඳහා ඈත කැලයක් මැද පිහිටි සර්කිට් බංගලාවකට රහසිගත ව ගියේ ය. අඩු වියදම්, අති සරල ජනාධිපතිතුමා තැනින් තැනට යද්දී ආරක්ෂාවට කැඳවා ගෙන ගියේ පොලිස් පොඩ්ඩන් දෙදෙනකු පමණි. ජනාධිපතිතුමන් ගේ කරුමයට මේ ගමනට අනුයුක්ත කර තිබුණේ 'හාවා වෙනුවට නරියා මරා ගෙන ආ' ‍පොලිස් පොඩ්ඩන් දෙදෙනා ය.

බංගලාවට ගිය විගස ඇගපත සෝදා ගත් ජනාධිපතිතුමා පොලිස් පොඩ්ඩන් දෙදෙනා කැඳවා හොඳින් ආරක්ෂක කටයුතු කරන ලෙස අණ කළේ ය. ඉන්පසු 'හැන්දෑවට කට්ටියක් එනවා, කුක්ට කියන්න මොනවා හරි හදන්න කියලා' යනුවෙන් ද පැවසුවේ ය.
ජනාධිපතිතුමා, 'මොනවා හරි' යන්නෙන් අදහස් කළේ තමා ගේ ප්‍රියතම ආහාරය වන ආප්ප වැනි දෙයකි. එහෙත් පොලිස් ‍පොඩ්ඩන් දෙදෙනා කල්පනා කළේ ජනාධිපතිතුමන් ද, පොලිස් ලොක්කා මෙන් '(හවසට එන අයට) බයිට් ලෑස්ති කරන්න' කී බව ය.
'මොකෙක් හරි මරන් එමු', එකෙක් අනෙකාට කීවේ ය.
ජනාධිපතිතුමන් 'සතෙක් මරන් ඇවිත් බයිට් හදන්න' කී බව කුක්ට පැවසූ පොලිස් පොඩ්ඩන් දෙදෙනා, අසළ කැලයට ගියහ. බොහෝ වේලාවක් කැලයේ කරක් ගැසූ ඔවුන්ට සතකු දකින්නට ලැබුණේ නැත‍. මහන්සියට ගසක් යටට වී හේත්තු වුණු දෙදෙනාම කෙටි නින්දකට වැටුණහ.
ඔවුන් දෙදෙනා නැවත ඇහැරෙන විට ජනාධිපතිතුමා ද බංගලාවේ සුව නින්දෙන් ඇහැරී සිටියේ ය. එවිටම වාහනයක් පැමිණිණි. එයින් හතර දෙනෙක් බැස ගත් හ.
ඔවුන් දුටු ජනාධිපතිතුමා සැකය මුසු බැල්මක් හෙඵවේ ය. 'සර් ලා කවුද?' ජනාධිපතිතුමන්ට පුරුදු වචන කියවිණි.
'හනේ ... හනේ ...ජනාධිපතිතුමා, අපි ව අඳුන ගන්න බැරි ද?' වාහනයෙන් බැස ගත් හතර දෙනා ගෙන් එක් අයෙක් ඇසුවේ ය.
'නෑ ..නෑ ....මං මේ ටිකක් භයානක හීනයක් දැක්කා ...ඒකයි එහෙම කියවුණේ, හිටං' ජනාධිපතිතුමා හඩ නගා සිනාසුණේ ය.
'මොකක්ද ජනාධිපතිතුමා ඒ හීනේ?' එසේ ඇසුවේ ඔවුන් අතර සිටි තට්ට පොර ය.
'හොරු හතර දෙනෙකුට මාව අහුවෙලා හිටිය නේ, හොඳ වෙලාවට ඔබතුමාලා ආවේ.' ජනාධිපතිතුමා නැවතත් කීවේ ය.
සැබැවින්ම ජනාධිපතිතුමන් මුණ ගැසෙන්නට එසේ පැමිණ සිටියේ, ආතල්-සෝක අබ්බගුණේ, නිමල් දේවාලසිරි, අඩුශුද්ධ ප්‍රණීත් සහ දඩබ්බර අමිල යන නම්වලින් හැඳින්වෙන පුද්ගලයන් හතර දෙනා ය.
දඩබ්බර අමිල යනු නමගිය මැරයෙකි. පසුව වැරැදි අවබෝධ කර ගෙන භාවනානුයෝගී ව වෙසෙන ඔහු තවමත් පුරුද්දට මෙන් යටට කලිසමක් අඳී.
ජනාධිපතිතුමන් ඔවුන් සමග ආ ගිය තොරතුරු විමසමින් ටික වේලාවක් කාලය ගත කළේ ය.
'මං රෑට ‍අාප්ප වගේ ‍මොනව හරි දෙයක් හදන්න කියලා තියෙන්නේ' කතාබස් කරන අතරේ ජනාධිපතිතුමා කීවේ ය. කට්ටිය තනි තනියෙන් තලු මරන්නට වූහ.
එවිටම කැලයෙන් නරියකු විලාප තියන හඩ ඇසිණි.
'අන්න මීමෙක් කෑ ගහනවා.' ආතල්-සෝක අබ්බගුණේ කීවේ ය.
'අන්න ගෝනෙක් කෑ ගහනවා' නිමල් දේවාලසිරි කීවේ ය.
'අන්න කුඵ හරකෙක් කෑ ගහනවා' අඩුශුද්ධ ප්‍රණීත් කීවේ ය.
'අන්න මුවෙක් කෑ ගහනවා' දඩබ්බර අමිල කීවේ ය.
'මාර වැඩක් නේ, හතර දෙනා හතරක් නේ කිව්වේ' ජනාධිපතිතුමා කීවේ ය.
'පෝස්ට් මොඩර්න් කාලේ එහෙම වෙන්න පුඵවන් ජනාධිපතිතුමා.' නිමල් දේවාලසිරි ජංගම දුරකථනයෙන් වෙලාව බලන ගමන් පැවසුවේ ය.
'එහෙම කොහොමද වෙන්නෙ?' ජනාධිපතිතුමාට ඉබේ කියවුණේ ය.
'ඔබතුමාටම මතක නෑනේ, දැන් බලන්න බකිංහැම් මාලිගාව තියෙන්නේ කොහේද? එංගලන්තෙ. හැබැයි ඔබතුමා කියනවා අමෙරිකාවෙ කියලා. ඒක නෑ කියන්න අපට අයිතියක් නෑ, ඒක තමයි පෝස්ට් මොඩර්න් යුගය කියන්නේ.'
ආතල්-සෝක අබ්බගුණේ, නිමල් දේවාලසිරිට ඕවර් ටේක් කර උත්තරයක් දුන්නේ ය. නිමල් දේවාලසිරි කරබා ගත්තේ ය.
'ඔයාලා කිව්ව, මීමා, ගෝනා, කුඵ හරකා, මුවා වගේ නෙවෙයි, මට වල් ඌරා කිව්වොත් නං ...'
ජනාධිපතිතුමා, වාක්‍යය අවසන් කරන්නට ප්‍රථම දඩබ්බර අමිල, කඩන් පැන්නේ ය.
'සර් ... කුඵ හරක ගේ මස් කන්නෙ නෑ නේද?' ප්‍රශ්නය පැහැදිලි නොවුණු නිසා ජනාධිපතිතුමා ඊට කිසිවක් කීවේ නැත.
‘නෑ ..නෑ ..මං ඌරා කියන්න තමයි හිටියේ, වැරදිලා මට කුඵ හරකා කියවුණා’, අඩුශුද්ධ ප්‍රණීත් නෝක්කාඩු ස්වරයෙන් පැවසුවේ ය. ජනාධිපතිතුමන් ගේ මුවින් ඉතා වැදගත් රහසක් පිටවුණු බව ඒ වන වි‍ට, අඩුශුද්ධ ප්‍රණීත්ටත් වැටහී තිබිණි.
එතැන් සිට වරින් වර හතර දෙනාටම චූ බර සැදිණි. ඒ අනුව ඔවුන් හතර පාරකට ටොයිලට් ගිය අතර, ඒ සෑම කෙනෙකුම ගොස් තිබුණේ මුඵතැන්ගෙයි උයමින් සිටි කුක් මුණ ගැසීමට ය.
‘ජනාධිපතිතුමා වල්ඌරු මස් කන්න ආසයි කිව්වා, රෑට උයන්න’ ඔවුන් වෙන වෙනම කුක්ට කියා තිබිණි. ඒ ලනුව කෑ කුක්, කැලේ දඩයමේ ගොස් සිටින පොලිස් පොඩ්ඩන් දෙදෙනාට සිය ජංගම දුරකථනයෙන් අමතා දන්වා සිටියේ ‘ඉක්මනට වල් ඌරෙකු මරා ගෙන’ එන ලෙස ය.
එතැන් සිට පොලිස් පොඩ්ඩන් දෙදෙනා විසින් අල්ලා ගන්නා ලද නරියාට, තමන් ‘වල් ඌරෙකු’ බව පිළිගන්නා තෙක් තඩි බාන්නට ඔවුහු පටන් ගත්හ.
මොහොතක් ගත වන වි‍ට ‘අනේ බුදු සර් ගහන්න එපා මම වල් ඌරෙක් තමයි’ යනුවෙන් ඈත කැලය මැද්දෙන් නරියා කෑ ගසනු සර්කිට් බංගලාවේ සිටි සියල්ලන්ට ඇසිණි.
‘අන්න සර් වල් ඌරෙක් මරලා’ ... ආතල්-සෝක අබ්බගුණේ, අඩුශුද්ධ ප්‍රණීත්, නිමල් දේවාලසිරි, දඩබ්බර අමිල පුදුමයකට මෙන් එක්වර එකම අදහසක් කියමින් කෑ ගැසූ හ.
‘වල් ඌරෙක්...? තුහ් විතරක්’ ජනාධිපතිතුමා ගෝරනාඩු කළේ ය. හතරදෙනාම තුෂ්ණිම්භූත වූ හ.
‘ඒ මොකක්ද ඒ?’ සියල්ලෝ හිත යටින් කල්පනා කරන්නට පටන් ගත්හ.
‘මට වල් ඌරෙක් කිව්වොත් නං ..’ කියා ජනාධිපතිතුමන්‍ට මුල් වතාවේ අවසන් කරන්නට නොහැකි වුණු වාක්‍යය නිහඩ ව සම්පූර්ණ කළ ඔවුහු, වාක්‍යයේ හැඩය අනුව එය අවසන් විය යුත්තේ, ‘කියලා වැඩක් නෑ’ වැනි අදහසකින් බවට හිත යටින් තම තමන්ටම තර්ක කර ගත්හ. එහෙත් එකි වාක්‍යය ජනාධිපතිතුමන් අවසන් කළේ මෙලෙසිනි.
‘මට වල් ඌරෙක් කිව්වොත් නං ..තුහ් විතරක්’
'පෝස්ට් මොඩර්න් කාලේ එහෙමත් වෙන්න පුඵවන් තමයි ජනාධිපතිතුමා, නිමල් දේවාලසිරි තමන්ටම කියා ගත්තේ ය.'
- කුමාර ලියනගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.