ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, August 24, 2015

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා


තම බිරිට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.

පසුගිය 22 වැනිදා රාත්‍රීයේ පුත්තලම - තබ්බෝවේදී මෙම පහර දීම සිදුවී ඇත.


සිද්ධියෙන් තුවාල සිදුවී ඇති වෙන්ඩා රොස්මරී ද සිල්වා වික්‍රමතිලක යන කාන්තාව මේ වන විට පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.ඇය‍ගේ මුඛයේ,අතක  සහ ශරීරයේ ස්ථාන කීපයක කැපුම් තුවාල ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

තම ස්වාමි පුරුෂයා වන කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන නීල් වීරසිංහ විසින් තමන්ට මේස පිහියකින් පහර දී තුවාල සිදු කළ බව රෝහල් ගත කර ඇති කාන්තාව පුත්තලම රෝහල් පොලීසියට පවසා ඇත.

පවුල් ආරවුලක් මත මෙම සිද්ධිය සිදුවී ඇති බව දැනට කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.





එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තර කර ජයග්‍රහණය ලබා දෙවරක් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා බවට පත්වූ සැකකාර නීල් වීරසිංහ මහතා පසුගිය දා ආණමඩුවේ පැවති රැස්වීමකදී දී එක්සත් ජාතික පක්ෂයට එකතු විය.ඒ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමෙනි.

ඉන් දින කීපයකට පසුව වස පානය කළ හිටපු සභාපතිවරයා නිකවැරටිය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා මැතිවරණයට දින කීපයකට පෙර නිවසට පැමිණ සිටියේය.හිටපු ඇමතිවරුන් මෙන්ම වත්මන් ඇමතිවරුන්ද තමන්ට නොසලකන බව වස පානය කළ අවස්ථාවෙදී ඔහු තම මිතුරන් හා පවසා තිබුණි. 

ජුඩ් සමන්ත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.