ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....lankaflash@gmail.com

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, August 22, 2015

මහින්දව ගෙදර යවන්නට කෝටි ගණන් වියදම් කල ඉන්දියානුවෝ සැනසුම් සුසුම් හෙලති.

රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශික රාජතාන්ත්‍රිකයන්ගේ සැනසීමට හේතුවකි. ජනවාරි 08 වැනිදා මැදමුලන බලා ගිය රාජපක්‍ෂ යළි බලයට පත්වුවහොත් තමන්ට තර්ජනයක්‌ වන බව දිල්ලිය දැන සිටියේය. එම නිසාම කොළඹ මැතිවරණයට ඉන්දියානු රුපියල් කෝටි ගණනින් පොම්පවන්නට විය. 
ඉන්දීය පුවත්පත් වාර්තා කළේ රාජපක්‍ෂ පරාජය දිල්ලි ආණ්‌ඩුවට මහත් සහනයක්‌ ගෙනදුන් ආරංචියක්‌ වූ බවය. 

ජනවාරි 08 වැනිදා සිදුවූ දේදුනු විප්ලවයෙන් පසු බිහි වූ යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාකාරීත්වය නොනැවතී ඉදිරියට ගෙන යැම සඳහා අගෝස්‌තු 17 මහ මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට බලය හිමි වී ඇත. ඡන්ද 5098927 ක්‌ ලබා ආසන 106 ක්‌ ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වයෙන් යුත් එක්‌සත් ජාතික පක්‍ෂය සමත්ව තිබේ. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් තරග වැදුණු එක්‌සත් ජාතික නිදහස්‌ සන්ධානයට හිමිවූයේ ආසන 95 ක්‌ පමණි. ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයෙන් පරා ජය වී මැදමුලනට ගිය හිටපු ජනාධිපතිවරයා ජනතා ඉල්ලීම මත යළිත් කුරුණෑගලින් ඡන්ද සටනට පිවිසියේ සන්ධානයේ අගමැති අපේක්‍ෂක ලෙසය. නමුත් අගෝස්‌තු 18 වැනිදා ප්‍රතිඵල නිකුත් වන විට ජයග්‍රහණය දෝලනය වන්නේ එජාපය දෙසට බව පැහැදිළි විය. 

මේ මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාට වාසි දායක තත්ත්වයක්‌ නිර්මාණය වී තිබුණද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහ මැතිවරණයට දින කිහිපයක්‌ ඉතිරිව තිබියදී යළිත් වරක්‌ "මහින්දට අගමැතිකම නොදෙන්නේ යෑයි" පැවසීම නිසා සන්ධාන පාක්‍ෂිකයෝ අන්දමන්ද විය. එදා ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් ලක්‍ෂ 58 ක්‌ ඡන්දය ලබා දුන්නද මෙවර ලැබී ඇත්තේ ලක්‍ෂ 47 ක්‌ පමණි. ඉතිරි ඡන්ද ලක්‍ෂ දහයට කුමක්‌ වීද? ඔවුන් කලකිරී සිටීද? ජනපති මෛත්‍රීපාල සිරිසේන  යළි යළිත් මහින්දට ඉඩ නැතැයි කීම තුළින් මේ සන්ධාන ඡන්දදායකයෝ සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් වැළකුණාද? කවරක්‌ නමුත් ජනපති සිරිසේන  කැමැති වූයේ එජාප ආණ්‌ඩුවක්‌ බිහිවනු දැකීම මිස රාජපක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහිවීම නොවන බව ප්‍රකට කරුණකි. එම නිසාම ඡන්දයට ආසන්න දිනවලදී යළිත් මෛත්‍රී පාලනයක්‌ පිළිබඳ දැන්වීම් පළවනු අපට දක්‌නට ලැබිණි. දැන් ඉදිරි වසර පහේදී යහපාලන ආණ්‌ඩුවේ ක්‍රියාකාරීත්වය දැක ගැනීමට හැකිවනු ඇත.

ජය - පරාජය අතර ඇත්තේ සුළු පරතරයකි. ඒ පරතරය ඇති කිරීමට වඩා දායක වූ පුද්ගලයා කවුරුන්දැයි රටවැසියෝ හොඳින් දනිති. රාජපක්‍ෂවරුන්ට ඉතා දැඩි ලෙස පහර ගසමින් එජාපය සුරතල් කිරීමේ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළ ජනතා විමුක්‌ති පෙරමුණට නම් නියම පිළිතුරක්‌ ලැබී ඇත. ඉදිරි පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ බලය ලබා දෙන්නැයි අනුර කුමාර දිසානායක කොළඹ අළුත්කඩේදී මොර දෙන අයුරු අසන්නට ලැබිණි. එහෙත් ජනතාව මේ විපක්‍ෂයේ ප්‍රධාන බලවේගයට ලබාදී ඇත්තේ ආසන හයක්‌ පමණක්‌ වීම පුදුම සහගතය. ජවිපෙ නායකයා පවසන්නේ තමන් මෙයට වඩා ප්‍රතිඵලයක්‌ බලා පොරොත්තු වූ බවයි. එසේ නම් ජවිපෙ ඡන්ද අඩුවීමට බලපෑ කරුණ කුමක්‌ද? එජාප ප්‍රේමයද? උග්‍ර රාජපක්‍ෂ විරෝධී භාවයද? නැතිනම් ජවිපෙත් එජාපයත් එක්‌ව ගමන් කරන නිසා වඩා සුදුසුවන්නේ එජාපයට ඡන්දය දීම බව සිතූ නිසාද? 2000 වසරේදී ජනතා විමුක්‌ති පෙරමුණ ආසන 10 ක්‌ දිනා ගන්නා විට ලැබූ ඡන්ද ප්‍රතිශතය 5.99% ක්‌ වූ අතර මෙවර එය 4.87% දක්‌වා පහළ බැස ඇත.

අගෝස්‌තු 17 මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ආසන 16 ක්‌ දිනා ගැනීමට සමත් විය. මෙහිදී කොටි හිතවාදී කණ්‌ඩායම මෙහෙය වූ ගඡේන්ද්‍ර කුමාර්ගේ දෙමළ ජාතික මහජන පෙරමුණට කිසිදු අසුනක්‌ දිනා ගැනීමට නොහැකි වීම විශේෂ කරුණකි. කොටි ඩයස්‌පෝරාවේ මුදල් බලයෙන් සිය මැතිවරණ ව්‍යාපාරය ගෙන ගියද මොවුනට දිනාගත හැකි වූයේ ඡන්ද 15022 ක්‌ පමණි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටද යාපනයෙන් මෙම කොටි හිතවාදීන්ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක්‌ එනම් 17309 ක්‌ දිනා ගැනීමට හැකිවීම සුවිශේෂ කරුණකි. යාපනය මැතිවරණ දිස්‌ත්‍රික්‌කයෙන් දෙමළ ජාතික සන්ධානයට ආසන පහක්‌ දිනා ගැනීමට හැකිවීම සුවිශේෂය. එමෙන්ම මෙවර මහ මැතිවරණයට තරග කළ කොටි සාමාජිකයන් දස දෙනාම පරාජයට පත්වීම තුළින්ද උතුරේ දෙමළ ජනයාගේ මහජන කැමැත්ත පිළිබඳ වඩා හොඳ අවබෝධයක්‌ අපට ලබාගත හැකිවිය. මියගිය කොටි අවතාර යළි පණගැන්වීමට උත්සාහ දරන්නන්ට උතුරේ දෙමළ ජනතාව සහයෝගය දක්‌වා නැත. එය ඉතා වැදගත් අවස්‌ථාවකි. උතුරු මහ ඇමැති විග්නේශ්වරන්ද සහයෝගය පළකළේ දෙමළ සන්ධානයට නොව ජී. ජී. පොන්නම්බලම්ගේ මුණුපුරාගේ දෙමළ ජාතික මහජන පෙරමුණටය. නමුත් දෙමළ ජනතාව බෙදුම්වාදී, කොටි හිතවාදීන් පරාජය කර දකුණේ සිංහල ජනතාවටද යහපත් පණිවුඩයක්‌ ලබාදී ඇත. මේ ගැන අප වඩාත් සතුටු විය යුතුය.

අඟහරුවාදා දිනය දිල්ලියේ මහ ආණ්‌ඩුවටද සතුටුදායක දිනයක්‌ විය. ජනවාරි 09 වැනිදා සිරිසේන ජනාධිපතිවරයා බලයට පත්වූ විට මුලින්ම සුබපැතුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ය. එලෙසම සන්ධානය පරාජය කර රනිල් වික්‍රමසිංහ  ජයග්‍රහණය කළ අවස්‌ථාවේදීත් මුලින්ම සුබපැතුවේ භාරතීය ජනතා පක්‍ෂ රජයේ නායකයාය. රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය දිල්ලියේ විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශික රාජතාන්ත්‍රිකයන්ගේ සැනසීමට හේතුවකි. ජනවාරි 08 වැනිදා මැදමුලන බලා ගිය රාජපක්‍ෂ යළි බලයට පත්වුවහොත් තමන්ට තර්ජනයක්‌ වන බව දිල්ලිය දැන සිටියේය. එම නිසාම කොළඹ මැතිවරණයට ඉන්දියානු රුපියල් කෝටි ගණනින් පොම්පවන්නට විය. 

ඉන්දීය පුවත්පත් වාර්තා කළේ රාජපක්‍ෂ පරාජය දිල්ලි ආණ්‌ඩුවට මහත් සහනයක්‌ ගෙනදුන් ආරංචියක්‌ වූ බවය. ශ්‍රී ලංකාවේ මැතිවරණය ගැන ලිපියක්‌ ලියන මහාචාර්ය බ්‍රහ්මා චෙල්ලනී සටහන් කර තිබුණේ රාජපක්‍ෂ පරාජය චීනය ලැබූ රාජතාන්ත්‍රික පරාජයක්‌ බවයි. ජනවාරි 08 වැනිදා රාජපක්‍ෂ රෙජීමය පරාජය කිරීමට රෝ ඔත්තු සේවය දැවැන්ත කාර්යයක්‌ ඉටුකළ බව රහසක්‌ නොවේ. එනිසාම මේ මැතිවරණය ජාත්‍යන්තර දේශපාලන විචාරකයන් දුටුවේ දිල්ලි බීජින් ද්වන්ධ සටනක්‌ ලෙසය. හින්දු පුවත්පතද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මේ මැතිවරණයෙන් පරාජය වීම පිළිබඳව කතුවැකියක්‌ ලියා පළකර තිබිණි. එහි සඳහන්ව තිබුණේ එක්‌සත් ජාතික පක්‍ෂය කෙරෙහි සිංහල ඡන්දදායකයන් ගේ ආකර්ෂණයක්‌ ඇතිව තිබෙන බවයි. ඒ සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ග්‍රාමීය ඡන්ද පදනම බලපා ඇති බව හින්දු කතුවරයාගේ අදහසයි. හින්දු කතුවරයාගේ දැක්‌ම හා අපේ දැක්‌ම අතර පැහැදිළි වෙනසක්‌ ඇත. නමුත් ඒ ගැන සටහන් කරන්නට තවම කල් වැඩිය. 

චතුර පමුණුව 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.